Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket

නීත්‍යානුකූල ගබ්සා කිරීම්

Tuesday, December 11, 2012

පෙරවදන: 

නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!
හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ගබ්සා කිරීම් ගැන!

මොනවද මේ නීත්‍යානුකූල ගබ්සා කිරීම් කියන්නේ?
          ගර්භනීත්වය පවත්වාගෙන යාම තුලින් අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් සිදුවේනම් හෝ සිදු වේ යැයි විශ්වාසකරනවා නම් ඒ අවස්ථාවේදී මෙම ගබ්සා කිරීම සිදුකරනවා..

සිදු කරන්නේ කාටද?
  • ගර්භනීත්වය තුලින් සෞඛ්‍යයට හානි සිදුවන  මව් වරුන්ට
  • දූෂනයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදි
  • ඉපදෙන ළදරුවා නිරෝගී නොවන බවට තවුරු වු අවස්ථා වල
  • මානසික අවපාත තත්ත්ව වලදී(Depression)
  • සමාජීයමය හේතුමත(පවුල් සැලසුම් සේවා බිඳ වැටීම හේතු කරගෙන)
මවකගේ සෞඛ්‍යයට හානි වෙන අවස්ථා
  •  ගර්භාශ/ඩිම්බ කෝෂ පිලිකා ඇති අවස්ථා
  • මව අධික රුධිර පීඩනයෙන් පෙලෙන අවස්ථාවල හා අනෙකුත් හෘද රෝග වලින් පෙලෙන විට
  • පාලනයක් නැති දියවැඩියා තත්ත්ව වල
  • කලල සෛලවල පිලිකා තත්ත්ව වලදී
  • කළලය ගර්භාෂයෙන් පිට තැන්පත් වු විට
ඉපදෙන ළදරුවා නිරොගී නොවෙන අවස්ථා
  •  ගැබිනි මව පලවන මාස තුන තුල ජර්මන් සරම්ප වැනි හා ප්‍රබල වෛරස් ආසාධන වලට ගොදුරු වු අවස්ථාවල
  • ළදරුවා කායිකව අබාධිත අවස්ථාවල(ඇතැම් රටවල පමනයි)
  • ගර්භනී සමයේ ප්‍රබල ඖෂධ භාවිතා කරන අවස්ථාවල
  • මව විකිරන ප්‍රතිකාරවලට යොමු වන විට
  • මානසික ආබාධ සහිතව ඉපදීම සිදුවිය හැකි ව්ට
මානුෂීය හේතු..
  • දුෂනයන්ට ලක්වී ගර්භනී වූ අවස්ථාවල
සමාජීය හේතු
(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • උපත් පාලන ක්‍රම අසාර්ථක වු විට..(මෙය ඔප්පු කිරීමට අසීරු නිසා හා එවිට මුහුන පාන්නට සිදුවෙන ලැජ්ජාවීම් හා නෝන්ඩි වීම් නිසා බොහෝ කලාතුරකින් සිදුවේ)
  • ළමයා හඩාවඩා ගැනීමට ආර්ථිකමය හැකියාවක් නොමැති අවස්ථාවල(ඇතැම් රටවල පමනි)
සිදුකරන්නේ කවුද?කොහෙද?
  • ලියාපදිංචි රජයේ  වෛද්‍ය වරයෙක් රජයේ රෝහලක් තුල.
සපුරාලිය යුතු කොන්දේසි
  •  වෛද්්‍යවරයා සාධාරන සැකයකින් තොරව ඉහත විස්තර කල කොන්දේසි/තත්ත්වයන් වලින් මව පෙලෙන බව ස්ථිර කර ගත යුතු අතර තවත් වෛද්්‍ය වරයෙකුගේ මත විමසීමක් කල යුතුයි!
  •  ඇතැම් අවස්ථාවල අධිකරන අවසරයක් ලබා ගන්න සිදුවිය හැකියි!
Read Post | comments

ශ්‍රී ඥානෝදය විදුහල දෙවැනි වටයට

අන්තර් පාසල් අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘Q’ කාණ්ඩය යටතේ තරග වැදුණු දිවුලපිටිය ශ්‍රී ඥානෝදය ම.ම.වි එම කාණ්ඩයේ පෙරමුණ ගනිම්න් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය. 
 
පළමු වටයේ අවසන් තරගය ලෙසින් පසුගියදා පැවැති බාඳුරාගොඩ ධර්මාශෝක විදුහල අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ශ්‍රී ඥානෝදය -216- යුවන්ත චමෝද් 96, ලක්ෂාන් දරිජූ 35 (ඩී.පියුමන්ත 42/5)

බාඳුරාගොඩ ධර්මාශෝක-155/6 එම්.නදීෂාන් නොදැවී 75, එස්.කසුන් 30 (සත්සර මධුමාල් 35/3)
Read Post | comments

නිදන කාමරවලට එබිකම් කළ සිවිල් ආරක්‌ෂක භටයාට පහරදී ගස්‌ බැඳලා

කඳාන දකුණු බටගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක ආරකAෂාවට යොදා සිටි සිවිල් ආරක්‌ෂක බලකායේ සෙබළෙක්‌ එම විහාරස්‌ථානයේ දායිකාවකගේ නිවසකට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී නිදන කාමරයට එබිකම් කරමින් සිටියදී (09 දා) නිවැසියන් විසින් අල්ලා පහරදී ගසක බැඳ කඳාන පොලිස්‌ ස්‌ථානයට භාරදීමේ පුවතක්‌ කඳානෙන් වාර්තාවේ.

මේ පිළිබඳව වැඩිදුර විභාගය පැවැත්වූ කඳාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌a පරීකAෂක ලකී රන්දෙනිය මහතා සිවිල් ආරක්‌ෂක සෙබළාව රාත්‍රි නිවසකට අයුතු ලෙස ඇතුල්වීම යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබියදී අගතියට පත් පාර්ශ්වයෙන් සිවිල් ආරක්‌ෂක සෙබළා සානුකම්පිත ලෙස සමාව ඇයදූ නිසා දැඩි අවවාද කිරීම් මැද්දේ එවැනි වරදක්‌ යළි නොකරන බවට පොරොන්දු වූ පසු පොලිස්‌ ඇපමත නිදහස්‌ කරන ලදී. කඳාන පොලිස්‌ ස්‌ථානයට පැමිණි සිවිල් ආරක්‌ෂක බළකායේ නිලධාරීන් ඔහුව වහාම ඔහුගේ ගම් පළාත වන වව්නියාවට මාරුකර යවන බවට පොරොන්දු වීමෙන් සිද්ධිය දෙපාර්ශ්වය අතර සමතයකට පත්විය. කඳාන දකුණු බටගම ප්‍රදේශයේ නිවෙස්‌ කීපයක කාන්තා නිදන කාමරවලට රාත්‍රි කාලයේ මොහු එබිකම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.

කඳාන පොලිස්‌ ස්‌ථානයේ සැරයන් ප්‍රියන්ත (5333) මහතා මොහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
Read Post | comments

භික්ෂුන්ට තුවාල වීම ගැන මියන්මාරය සමාව යදී

චීනයේ සහායෙන් ක්‍රියාත්මක තඹ ආකරයකට එරෙහිව පැවැති ජන රැලියක් මර්දනය කිරීමේදි භික්ෂුන් වහන්සේට තුවාල සිදුවීම සම්බන්ධයෙන් මියන්මාර රජය නායක භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා ඇති බව රාජ්‍ය මාධ්‍යය පසුගියදා වාර්තා කළේය.

උතුරු මියන්මාරයේ මොනිවා ආකරය අසලදි ඇතිවූ මේ සිද්ධියේදී භික්ෂුන් වහන්සේලා 99 නමක් හා තවත් 11 දෙනකු දරුණු පිළිස්සුම් තුවාල හා වෙනත් තුවාල ලැබීම සම්බන්ධයෙන් රජය දැඩි සේ කනගාටුවට පත් වන බව ආගමික කටයුතු ඇමැති මයින්ට් මෝන් පවසා ඇත. 

එය මේ තුවාල සිදුවිම් සම්බන්ධයෙන් නැඟී ඇති ජනතා කෝපය සමනය කිරිමට දරන ලද ප්‍රයත්නයක් ලෙස සැලකේ.

නායක හිමිවරුන් සහභාගි වූ උත්සවයකදි , තුවාල ලත් භික්ෂුන් හා සාමනේර වහන්සේලා සම්බන්ධයෙන් සමා වන ලෙස ඔහු ඉල්ලා තිබුණේ බලධාරින්ගේ අකාර්යක්ෂමතාව ගැන දෝෂාරෝපණය කරමිනි.

එහෙත් මර්දන ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු සමාවක් ඉල්ලා නොතිබුණු අතර උද්ඝෝෂණ රැලිය දේශපාලන අරමුණු පෙරදැරි කරගත්තක් බව පවසා තිබිණ.
Read Post | comments

මාතලේ ඇට සැකිලි 53ක්,තවමත් නිගමනයක් නෑ

මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහල් භූමියේ සමූහ මිනී වලෙන් ( 11 ) දහවල් වනවිට මිනිස් ඇටසැකිලි කොටස් ඇති බවට සැලකෙන ස්ථාන 53 ක් සොයා ගෙන තිබේ. අද ( 11 ) දවසේද ඇටසැකිලි සෙවීමේ කැණිම් කළ අතර සමූහ මිනී වලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක පරීක්‍ෂණයක් සදහා කොළඹ සිට පැමිණි කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලූ කණ්ඩායම 11 දා අලූයම වනවිට ද පරීක්‍ෂණ පවත්වා කොළඹ බලා පිටත්ව ගොස් ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි. 

මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහලේ කසළ කළමනාකරණ ඒකකයේ නව ජීව වායු ඒකකය ඉදි කිරීමට කැණීමක් කරමින් තිබියදී 26 දා උදේ මෙම සමූහ මිණි වල සොයා ගැනීමට හැකිවූ අතර දිරාපත්වූ මිනිස් ඇට සැකිලි රැුසක ඇටකටු දක්නට හැකිවූ බැවින් සමූහ මිනී වල පිළිබදව වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා විසින් පොලිසියට කළ පැමිණිල්ල අනුව ස්ථානීය පරීක්‍ෂාවක් කළ මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත‍්‍රාත් මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝගය අනුව කැණීම් සිදු වෙමින් තිබේ. ඇටකටු සහිතව සමූහ මිනී වලෙන් ගොඩට ගත් පස් කදු 09,10 දිනවල සුදුගගට ගෙන ගොස් දත් වැනි ඇට කැබලි සෙවීම කළ බවත් අධිකරණ නියෝගය අනුව කැණිම් කටයුතු නොකඩවා නොනවත්වා කරන බවත් කැණිම් කටයුතු භාර අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා 11 දා උදේ ලක්බිමට පැවසීය. 

ඇටසැකිලිවල සංඛ්‍යාත්මක අගය හෝ මෙම සිරුරු මිහිදන් කළ කාලවකවානුව පිළිබදව හෝ මෙතෙක් නිශ්චිත නිගමනයකට එළඹ නැති බව පැවසූ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා විධිමත් විද්‍යාත්මක පරීක්‍ෂණයකට පෙර එවැනි අනාවැකි පළ කිරීම අනුමත කළ නොහැකි බවද කීය. උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙම සමූහ මිනී වල සම්බන්ධයෙන් ලක්බිම වගකීමෙන් පුවත් පළ කළ බවත් ඇතැම් මාධ්‍ය මගින් පළ කරන සාවද්‍ය පුවත් ගැටලූ සහගත බවයි.

හේවා පී . කරුණාරත්න - මාතලේ
Read Post | comments

ආවේශයෙන් දැරියක මරා දැමූ දෙහිඅත්තකණ්‌ඩියේ අඹුසැමි යුවළ ඇතුළු 9 ක්‌ රිමාන්ඩ්

පසුගිය 28 වැනිදා අලුයම දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර ප්‍රදේශයේ නිවසක ආවේශ වී 15 හැවිරිදි දැරියක ඝාතනය කර 7 හැවිරිදි දැරියක හා 19 හැවිරිදි එක්‌දරු මවක පුළුස්‌සා දැමීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ඇතුළු සැකකරුවන් 09 දෙනකු මේ මස 17 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ නියෝග කළේය. උසාවි පොලිස්‌ සැරයන් (28357) සරත් මහතා සමඟ බදුල්ල අධිකරණ නිලධාරීන් විසින් සැකකරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී
 
දිවයින ඇසුරින් පල කරන ලදී.
Read Post | comments

හලාවත සා.මරියා විදුහල අපරාජිතව දෙවැනි වටයට

හලාවත සාන්ත මරියා විදුහලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් පිලේ නායක අකලංක ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹ දස්කම් ‍හේතුවෙන් 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ පළමු වටයේ සහභාගි වූ තරගවලදී පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් ලබා අපරාජිතව දෙවැනි වටයට පිවිසීමට එම විදුහල් පිල සමත්විය.

වාරියපොල ශ්‍රී සුමංගල, වෙන්නප්පුව ජෝශප් වාස්, සඳලංකාව මැදි විදුහල සහ කොච්චික‍ඩේ ලොයොලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය වාර්තා කළ සාන්ත මරියා විදුහල් පිල මාරවිල සේවියර් සහ නාරම්මල මයුරපාද විදුහල සමග පැවැති තරග ජයපරාජයෙන් ‍තොරව නිමාවට පත්කළේය.

සාන්ත මරියා විදුහල් පිලේ නායක අකලංක මේ තරගවලදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමග ලකුණු 331ක් ලබාගැනීමට සමත්විය. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

හෙද නිලධාරී උපාධි සිහිනය සැබෑ වෙයි

හෙද නිලධාරීන්ගේ වසර ගණනාවක් තිස්සේ පැවැති උපාධි සිහිනය මල්ඵල ගන්වමින් ප්‍රථමවරට හෙද සේවාව සඳහා උපාධි පිරිනැමීමට රජය තීරණය කැර ඇතැයි සෞඛ්‍ය ඇමැති‍ මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ‍

මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා (6) පැවැත්විණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය මත කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස විද්‍යාලය හෙද උපාධිය පිරිනමන විශ්ව විද්‍යාල මණ්ඩපයක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය වන පරිදි ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කැර තිබේ. 

ප්‍රථමයෙන් මේ සඳහා වන විෂය නිර්දේශය සකස් කිරිමටත්, දැනට තිබෙන අඩුපාඩු හඳුනා‍ගෙන ඒවා සම්පූර්ණ කිරීමටත්, හෙද උපාධි අධ්‍යයන මණ්ඩපය සඳහා සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවාගැනිමේ ක්‍රමවේදය අනුගමනය කිරීමටත් තීරණයවී ඇත.

එසේම මේ කටයුතු කඩිනමින් අවසන් කර අවම වශයෙන් ලබන වසරේ සිට හෙද හෙදියන්ට වසර හතරක උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කළ යුතු බවට සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ. 

සෞඛ්‍ය ඇමැතිවරයාට අමතරව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක, වැඩබලන සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ඩබ්ලිව්.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ‍යේ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහත්වරුන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙකී සාකච්ඡාවට සහභාගීවී තිබේ. 

හෙද නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ හෙද සේවාවට උපාධිධාරී හෙද හෙදියන් බඳවා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, ඒ සඳහා විශ්ව විද්‍යාල අධ්‍යයන පීඨයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලීම් කැර තිබිණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම යටතේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබිණි. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

සිවිල් ආරක්ෂක එල්ලය නිසා ලකෂ ගානක කොල්ලය වරදී

රුපියල් 2,88,672 ක මුදලක් කොල්ලකා පලා යාමට ගත් උත්සාහයක් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ මැදිහත්වීම නිසා වැළකී ගිය පුවතක් කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ. කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් හාල්දඬුවනදී ඉකුත් 10 වැනි දින දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ල‍ය සිදුකිරීමට කොල්ලකරුවන් උත්සහ කර ඇත. 

දංකොටුව -බුබුල ප්‍රදේශයේ පවත්වාගෙන යන මසුන් සකස් කර විදේශ ගත කරන කර්මාන්ත ශාලාවක පුද්ගලින ආරක්ෂක අංශයක සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අදාල නිළධාරීන් බස් රථයකින් පැමිණ ඇත.ආරක්ෂක නිළධාරීන්ට වැටුප් ගෙවීමෙන් පසුව ඉතිරි මුදල්ද සමගින් අදාල නිළධාරීන් පිටත්ව පැමිණ බස් රථයක් පැමිනෙන තුරු හාල්දඬුවන මංසන්ධියට පැමිණ ඇත.

මෙම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මුදල් සහිත බෑගය කොල්ලකා පලා යාමට උත්සහ කර ඇත.එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති සිවිල් ආරක්ෂක කමිටුවට අනුබන්ධිත ත්‍රී රෝද රථ රියදුරන් එම ස්ථානයට ක්ෂණිකව කඩා වැදී එක් කොල්ලකරුවෙකුව අත් අඩංගුවට ගෙන ඇත.යතුරු පැදියේ සිටි කොල්ලකරු පලා ගොස් ඇත.

පසුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ අත්අඩංගුවට පත් සැකකරු කොල්ල කෑ මුදල් බෑගයද සමග කොස්වත්ත පොලීසියට බාර දී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි නාවුක හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු බවට පොලීසිය තහවුරු කරගෙන ඇත‍.යතුරු පැදිය පැදවූ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්වත්ත පොලීසිය පරීක්ෂණ කරගෙන යයි.

හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී චන්ද්‍ර කුමාර රණසිංහ,හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වීරසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඕෂිත සිල්වා,පොලිස් පරීක්ෂක ජයමහ උප පොලිස් පරීක්ෂක ජයනාත යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී 

Read Post | comments

කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී

කොළඹ ප්‍රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක්‌ වුවද 2012 පූර්ව සංගණන තොරතුරු අනුව 24% දක්‌වා පහළ බැස ඇත. කොළඹ දෙමළ ප්‍රතිශතය 33% ක්‌ වන අතර මුස්‌ලිම් ජනගහනය 40% කි.

1971 දී කොළඹ මුස්‌ලිම් ජනගහනය 19% ක්‌ වූ අතර එය 2012 දී 40% දක්‌වා වර්ධනය වී ඇත. 1971 දී දෙමළ ප්‍රතිශතය 24.5 ක්‌ වූ අතර එය අද 33% කි.

2012 දී කොළඹ වෙසෙන සිංහලයන් ප්‍රමාණය 79468 ක්‌ වන අතර දෙමළ ජනගහනය 106325 කි. මුස්‌ලිම් ජනගහනය 126345 කි.

දිවයින ඇසුරින් පල කරන ලදී.
Read Post | comments

සිරියාවේ කොටුවුණු ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ මෙහෙයුමක්‌

සිරියාවේ දමස්‌කස්‌ අගනුවර කොටුවී සිටින ශ්‍රී ලාංකිකයන් විසිදෙනකු බේරා ගැනීම සඳහා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න මහතා විසින් මෙහෙයුමක්‌ අරඹා ඇත. දමස්‌කස්‌ ගුවන්තොටුපල වසා දැමීම හා කැරලිකරුවන්ගේ ප්‍රහාර උණුසුම් වීම නිසා මෙම ශ්‍රී ලාංකිකයන්ට තමන් සේවය කරන විදේශ තානාපති කාර්යාලවලින් පිටතට ඒමට නොහැකි වී තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ක්‍රියා කළ යුතු සිරියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයාද අතුරුදන්වී ඇති අතර ඔහුට සිදුවූයේ කුමක්‌ද යන්න ගැන මෙතෙක්‌ හෙළිවී නැත.

දමස්‌කස්‌ නුවර කොටුවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිරියානු, ලෙබනන් මාර්ගය ඔස්‌සේ බීරූට්‌ නුවර වෙත ගෙන ඒම සඳහා ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාකරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

දමස්‌කස්‌ සිටින ශ්‍රී ලාංකිකයන් වසර 15 ක්‌ තිස්‌සේ එරට තානාපති කාර්යාලවල සේවය කරන අය බවද හෙළිවී ඇත.

දිවයින ඇසුරින් පල කරන ලදී.
Read Post | comments

ඇ‍ෆ්ගනිස්තානයේ දී පැහැර ගත් දොස්තර බේරා ගැනෙති

නැඟෙනහිර ඇ‍ෆ්ගනිස්තානයේ දී පැහැරගෙන යනු ලැබූ අමෙරිකා වෛද්‍යවරයකු බේරා ගැනී මට අමෙරිකා සෙබළුන් පෙරේදා සමත්වු බව නේටෝ හමුදාවෙන් ප්‍රකාශ කරයි. 

මෙහිදි ඔවුන් තලේබාන් සටන්කාමින් 7 දෙනකු ඝාතනය කර ඇති අතර අමෙරිකානු විශේෂ බළකායේ කොමාන්ඩෝ භටයකු ද ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ බේරා ගැනීමේ මෙහෙයුම පවත්වා ඇත්තේ පෙරේදා අලුයම් කාලයට පෙරාතුවය.

දිලිප් ජෝශප් නම් මේ වෛද්‍යවරයාගේ ජීවිතයට ක්ෂණිකව ම අනතුරක් වීමේ හෝ ඔහුට තුවාල සිදු කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම මෙහෙයුම දියත් කරන ලද බව නේටෝ අන්තර්ජාතික ආරක්ෂක සහායක බළකාය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

තලේබාන් සටන්කාමින් විසින් මේ වෛද්‍යවරයා පැහැර ගෙන යන ලද්දේ දෙසැම්බර් 5 දා කාබුල් පළාතේ සුරෝබි දිස්ත්‍රික්කයේදිය.

ඇෆ්ගනිස්තානයේ සායන ‍පැවැත්වීමේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සමඟ ඔහුගේ ඇෆ්ගන් සගයකු ද පැහැරගෙන ගොස් තිබුණු නමුදු පසුගියදා කප්පම් මුදලක් ගෙවීමෙන් පසු මුදා හැර තිබිණ. ඔවුන් පැහැරගෙන ගොස් තිබුණේ සායනයක් නැරඹීමට යාමේදීය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

ගලිගමුව ඉන්ධන පිරවුම් හලෙන් ලක්‍ෂ 4 1 / 2 ක් කොල්ල කාලා

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලකට ඊයේ (10) අලුයම 2ට පමණ පැමිණි සොරුන් දෙදෙනෙකු විසින් එහි මුදල් සේප්පුවේ තිබූ රුපියල් හාරලක්‍ෂ හැත්තෑ හතර දහසක මුදලක් (474000/-) මංකොල්ල කා පලාගොස් තිබේ.

මේ තෙල් පිරවුම්හල ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පවත්වාගෙන යන්නකි. මෙයට පෙර අවස්ථා දෙකකදී මුදල් සොරකම් සිදුවූ අතර 2010 වසරේ ජුනි මාසයේ පොම්පකරුවකු කපාකොට ඝාතනය කර ද තිබුණි. මුදල් සේප්පුව තබා තිබූ කාමරයේ ජනේලය ගලවා ඇතුළු වූ සොරුන් නිදා සිටි සේවකයින් දෙදෙනාට පහරදී දෑත් පිටුපසට කර බැඳ දමා මේ සොරකම කර ඇත.

‘ගලිගමුව නගරයේ ඇති මේ ඉන්ධන පිරවුම්හලට නිසි ආරක්ෂාවක් නැති බව වසර ගණනක සිට ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළද අද තුන්වන වතාවටත් ලොකුම හොරකම සිදුවුණද අද වන තෙක් නිසි ආරක්ෂාවක් නොලැබී ඇති බව‘ ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති වජිර ප්‍රභාත් ජයසූරිය මහතා දිනමිණට කීය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

වඩිනාගල හෙල්ලෙන්නේ ඇයි කියල තවම දන්නේ නෑ

අම්පාර, වඩිනාගල අවට ප්‍රදේශයේ සිදුවන අබිරහස් භූ චලන පිළිබඳව පරික්ෂණ පවත්වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමට, භූ කම්පන කිහිපයක් පමණක් සයහන් කර ගැනීමට හැකි වි ඇතැයි පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි භෞතික භූ විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය. එහෙත් ඒවා ස්වභාවික කම්පන නොවන බවත් සඳහන් කළේය. 

කෙසේ වෙතත් එම භූචලන පිළිබඳව නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට තවමත් එම කණ්ඩායමට නොහැකි වී ඇත. භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ දිනවල වඩිනාගල ප්‍රදේශයේ නැවතී සිට පරික්ෂන ආරම්භ කර ඇති අතර අභිරහස් ශබ්ද ඇතිවන්නේ කෙසේද කුමන ප්‍රදේශයක දැයි අනාවරණය කර ගැනීමට තවමත් නොහැකි වී ඇත. 

මේ වන විට ස්ථාන තුනක භූ කම්පන තරංග මැණීමේ උපකරණ ස්ථානගත කොට පරික්ෂණ කෙරෙමින් තිබේ. ඒ අනුව අවස්ථා කිහිපයක දී පමණක් සමහර කම්පන ඒවායේ සටහන් වූ බවද මහින්ද සෙනෙවිරත්න මහතා පැවසීය. එම කම්පන ස්වභාවික කම්පන නොවන බවත් ස්වභාවික කම්පනයක් ශබ්දයක් සමගින් පිපිරිම් හඩක් මතුවිය නොහැකි බවත් ඒ මහතා පැවසීය. ජනතා තොරතුරු මතක් පරික්ෂණ සටහන් අනුවත් ඉදිරි පරික්ෂණ කටයුතු ආරම්භ කරන බව පරික්ෂණ කණ්ඩායම පවසන අතර පරික්ෂණ ආරම්භ කළාට පසුව දිකට සිදුවන පිපිරීම් වාර ගනන අඩුවී ඇති අතර ශබ්ද අඩුවී ඇති බව මහනිද සෙනවිරත්න මහතා පැවසීය.
 
සමන් මානික්ක ආරච්චි - අම්පාර
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Read Post | comments

යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 'වැලිකන්දේ රඳවලා'

පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා භියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

මේ තත්ත්වය යටතේ බොහෝ සිසුන්විශ්ව විද්‍යාලය හැර යාමට සහ ඇතැම් විට රට අත්හැර යාමට පවා පෙලැඹී සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් පවසන්නේ.

ශිෂ්‍ය නායකයන් ඇතුළු යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 10 දෙනකු පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද අතර ඒ අතරින් ශිෂ්‍යයන් හය දෙනකු සඳුදා නිදහස් කොට තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයන් පිරිස කොළඹට ගෙන ගොස් ඉන්පසුව ඔවුන් වවුනියාවේ රඳවා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගිය සතියේ සංදේශයට පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත

ඉතිරි ශිෂ්‍යයන් සිවු දෙනා වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටින බව බලධාරීන් විසින් දෙමාපියන්ට දැනුම් දෙනු ලැබ තිබේ.

පවතින වාතාවරණ පිළිබඳව ශිෂ්‍යයන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් පවා තැති ගැනී සිටින බව බීබීසී සංදේශයට පැවසූ ආචාර්ය සංගම් සභාපතිවරයා, සියලුම ශිෂ්‍යයන් වහාම නිදහස් කරන මෙන් තම සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු බලධාරීන්ගෙන් මේ වනවිටත් කිහිප වතාවක්ම ඉල්ලා තිබෙන බව ද සඳහන් කළේය.

බලධාරීන් සිය ඉල්ලීමට කන් නොදෙනු පමණක් නොව ආරක්ෂක නිලධාරීන් තවමත් නම් ලැයිස්තු රැගෙන ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට පැමිණ ඔවුන් පිළිබඳව සෝදිසි කරමින් සිටීම නිසා යාපනයම තැති ගෙන සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් මාධ්‍යවේදී දිනසේන රතුගමගේට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය.

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
Read Post | comments

ගාල්ල කොටුව කඩේ අසලිනුත් ඇටකටු මතුවේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල කොටුව කඩේ අසල කළ කැනීමකදී සොහොනක් හා ඇටකටු කිහිපයක් හමුවී ඇත. ඕලන්ද පාලනය පැවති සමයේ උසස් නිලධාරියෙකුගේ ඇටකටු යැයි සැකයක් පවතින බව වාර්ථා වේ. මීට පෙර මාතලෙන් සමූහ මිනී වලක් මතු වූ අතර එහි කැනීම් කටයුතුද අද නැවත පටන්ගෙන තිබේ.කෙසේ වෙතත් ගාල්ල කොටුවේ කඩෙන් මතුවූ ඇට සැකිලි පිළිබඳව තවමත් නිෂ්චිත නිගමනයකට ආ නොහැකි බව වාර්තා වේ. 

මේ කැනීම සිදුකළ ස්ථානය මේ වන විට පුද්ගලික හිමිකරුවෙකුගේ ඉඩමකි.එහෙත් එය ඉපැරණි ගාල්ල කොටුව කඩේට අයත් වූවකි.ඉඩම් හිමිකරු ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා අසවර ඉල්ලා තිබූ නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉඩම කැනීම් කිරීමට තීරණය කොට තිබේ.මේ ඇටසැකිලි හමුවීම පිළිබදව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඇතුල් වීම අවහිර කිරීමට නිලධාරිනියක් ඇතුලු පිරිසක් උත්සාහ කළද ගාල්ල නගරාධිපති මෙත්සිරි සිල්වා හා පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඊට ඉඩ ලැබිණි.
 
කමල් විජේහේවා, දිලාන් වැලිගමගේ
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Read Post | comments

Neth Roo Eye Care Center නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම බොරලැස්ගමුවේදි

Neth Roo Eye Care Center ආයතනයේ 05 වන සංවත්සරය නිමිත්තෙන් එහි සභාපති P.S.R. පතිරණ මහතා විසින් නොමිලේ ඇස් කණ්නාඩි 200 සහ ඇස් කණ්නාඩි රාමු 100 ක් ලබා දිමේ ප්‍රජා සත්කාරක සේවය පසුගිය ඉරු දින බොරලැස්ගමුව ප්‍රධාන ශාඛාවේදි පැවැත්විණි. 

මෙහිදි මෙම ප්‍රජා සත්කාරක සේවාව සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා විසිනි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහභාගි විය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

තිලක් සේනාසිංහගේ ‘අවතාර ලුහුබැඳ’ එළිදකී

‘ජනකාන්ත මිථ්‍යා මත’ ‘කෙම්මුර තැන්න’ සහ ‘මනරංජන මිථ්‍යා කතා’ යන හේතුවාදී ගවේෂණ කෘතීන් සම්පාදනය කළ තිලක් සේනාසිංහගේ අළුත්ම හේතුවාදී ගවේෂණ එකතුව ‘අවතාර ලුහු බැඳ’ ග්‍රන්ථය දැන් නිකුත් වී ඇත. හොල්මන් අවතාර ඇතුළු නූතන සමාජයේ පැතිර පවත්නා මිථ්‍යා විශ්වාස කිහිපයක් සම්බන්ධයෙන් කතුවරයා‍ විසින් කරන ලද විමර්ශන ඇසුරින් කරන ලද මෙය පොදු ජනතාවගේ මානසික නිරෝගීතාවය තහවුරු කිරීමට ඉවහල් වන කෘතියක් වශයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා මෙහි පසුවදනෙහි සඳහන් කර ඇත. පන්නිපිටිය, මාකුඹුර, හියිලෙවල් පාරේ, අංක 469 හි කිංකිණි ‍ක්‍රියේෂන්ස් ප්‍රකාශනයක් වන ‘අවතාර ලුහුබැඳ’ කෘතියේ මිල රුපියල් තුන්සියයකි. 
 
තිලක් සේනාසිංහගේ අවතාර ලුහුබැඳ පිළිගැන්වුණු මොහොත

‘ජනකාන්ත මිථ්‍යාමත’, ‘කෙම්මුර තැන්න’, ‘මන රංජන මිථ්‍යා කතා’, යන හේතුවාදී ගවේෂණ කෘතීන් සම්පාදනය කළ තිලක් සේනාසිංහගේ සිව් වන හේතුවාදී ගවේෂණ කෘතිය ‘අවතාර ලුහුබැඳ’ පසුගිය දෙසැම්බර් 04 අඟහරුවාදා කොළඹ මහංන පුස්ථකාලීය ශ්‍රවණාගාරයේදී කල එළි දක්විණි. තම හේතුවාදී ගවේෂණ සඳහා උපකාර කළ දිවංගත ‍මෝහන ශාස්ත්‍රඥ ආචාර්ය නෙවිල් ද සිල්වා ගේ නමට පුද කර තිබූ එම කෘතිය කතුවරයා විසින් ආචාර්ය සිල්වා මහතා ගේ පුත් මොහාන් මනෝජ් නෙවිල් ද සිල්වා මහතා වෙත ප්‍රධානය කළ අයුරු, කිංකිණි ක්‍රියේෂන්ස් අධිපති ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී ධර්මරත්න පෙරේරා මහතා ද ඡායාරූපයේ සිටියි. 

ලක්බිම ඇසුරින් පලකරන ලදී
Read Post | comments

බ්‍රිතාන්‍ය හෙදියගේ මරණය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන්ගේ කම්පාව

බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ ගර්භනී බිරිඳ රෝහල් ගත කරනු ලැබ සිටියදී රැජින සහ චාර්ල්ස් කුමරු හැටියට එම රෝහලට ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි මාධ්‍යවේදියා සහ මාධ්‍යවේදිනිය, එම දුරකතන ඇමතුම් මුල්කර ගනිමින් හෙදියක මරණයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කම්පාව පළ කළහ.

එම ව්‍යාජ දුරකථන ඇමතුම් රැජිනගේ සහ චාර්ල්ස් කුමරුන්ගෙන් යයි රැවටී ඊට පිළිතුරු දුන් හෙදිය ඉන් දින තුනකට පසුව හදිසියේම මරණයට පත් වූ අතර, එය ලොවපුරාම බලවත් කම්පාවකට හේතු විය.

එම සිද්ධියෙන් අනතුරුව පළමු වතාවට සාකච්ඡාවකට සහභාගි වූ ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් දෙදෙනා කඳුලින් යුතුව කියා සිටියේ ජසින්තා සදන්හා (Jacintha Saldanha) හෙදියගේ මරණය ඇසීමෙන් තමන් බලවත් කම්පාවට පත් වූ බවයි.

ඇය බ්‍රිතාන්‍යයේ සේවය කළ ඉන්දීය සම්භවයකින් යුත් හෙදියක්.

තම ක්‍රියාව මෙවැනි ඛේදවාචකයකට හේතු වෙතැයි කිසිදාක නොසිතූ බව කියා සිටි මාධ්‍යවේදීන් දෙදෙනා, තමන්ගේ ව්‍යාජ දුරකථන ඇමතුම කේම්බ්‍රිජ් ආදිපාදවරිය වෙත යොමු කරනු ලැබීමට පෙර රෝහල් කාර්ය මණ්ඩලය විසින් එය විසන්ධි කරනු ඇතැයි තමන් සිතූ බව ද පැවසූහ.

Read Post | comments

ඉදිරි පැය 48 ඇතුළත හිමාෂගේ දඬුවම තීරණය කරනවා

  • කෙටිදුර ධාවන ශූරයාගේ තහනම් උත්තේජක පරීක්ෂණය
  • මලල ක්‍රීඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර කියයි
තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ලැබ සිටින කෙටිදුර ධාවන ශූර හිමාෂ එෂාන්ට දඬුවම් පැමිණවීම ඉදිරි පැය 48 තුළදී සිදු කිරීමට තීරණයකට එළැඹුණු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා අනාවරණය කළේය. පසුගිය 90 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ හිමාෂ එෂාන්ගේ මුත්‍රා “ඒ” සාම්පලයේ තහනම් උත්තේජක අඩංගු වී ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ මැ‍ලේසියාවේ රසායනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විසින් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානීන් වෙත දන්වා තිබුණි. 

තහනම් උත්තේජක චෝදනා පිළිබඳව කටයුතු කරන විශේෂ කවුන්සලය ඊයේ (10දා) පස්වරුවේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී රැස් වූ අතර, අදාළ චෝදනාවට ලක්වී සිටින හිමාෂ එෂාන් සහ ඔහුගේ පුහුණුකරුවාද එම කවුන්සලය හමුවට කැඳවා තිබුණි. වෛද්‍ය මයියා ගුණසේකර ප්‍රධානව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය රෝහිණී ප්‍රනාන්දුපුල්‍ලේ, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ මලල ක්‍රීඩා සංගමයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර යන මහත්ම මහත්මීන් මෙම පරීක්ෂණ කවුන්සලයට ඇතුළත් වී සිටියහ. 

ඊයේ පස්වරුවේ ඔවුන් හමුවේ පෙනී සිටි මලල ක්‍රීඩක හිමාෂ එෂාන් තහනම් උත්තේජක ඔහුගේ මුත්‍රා සාම්පලයේ අන්තර් ගත වී ඇති බව පිළිගෙන තිබේ. හිමාෂ සහ ඔහුගේ පුහුණුකරු වූ චමින්ද පෙරේරා යන දෙදෙනාම එම තහනම් උත්තේජක ඇතුළත් ශක්ති ජනක පානය ලබාගත් ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක්ද පරීක්ෂණ කවුන්සලය හමුවේ ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව කරුණු සලකා බැලූ එම පරීක්ෂණ කවුන්සලය “බි” සාම්පලයක් පරීක්ෂා කිරීම පවා ප්‍රතික්‍ෂේප කරමින් දන්වා සිටි කරුණු අනුව තහනම් උත්තේජක අදාළ ක්‍රීඩකයා විසින් කුමන ආකාරයකින් හෝ ලබා ඇති බවට කරුණු සනාථ වී ඇති බව සඳහන් කර සිටී. 

මේ පිළිබඳ තමන්ට ඊළඟට පැවරී ඇති කාර්යය වන්නේ ක්‍රීඩකයාගේ එම වරද පිළිබඳව දඬුවමක් පැමිණවීම බවද, එම පනවන දඬුවම කිනම් ආකාරයකින් කළ යුතුදැයි සාකච්ඡා කර තීරණයට එළැඹිය යුතු බවද එම කවුන්සලයේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් හිමාෂ එෂාන් වෙත පවසා තිබේ. කෙසේ වුවද කවුන්සලය ගනු ලබන තීරණය ඉදිරි පැය 48ක් ඇතුළත ප්‍රකාශ කරන බව එම කවුන්සලයේ සාමාජිකයෙක් වූ සුනිල් ජයවීර මහතා සඳහන් කර සිටියේය.

සුනිල් අභයවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Read Post | comments

බලපත් නැතිව යතුරු පැදියක ගිය කොස්තාපල් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර නොමැතිව පොලිස් නිල ඇඳුමෙන් යතුරු පැදියක් ධාවනය කළ පොලිස් කොස්තාපල්වරයකු පන්විල නගරයේදී සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මහනුවර රථවාහන හා පන්විල ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් භාර සහකාර පොලිස් අධිකාරි චාමික ප්‍රේ්මසිරි මහතා පන්විල නගරයේ නිල රාජකාරියක යෙදී සිටියදී අදාළ යතුරු පැදිය හා කොස්තාපල්වරයා පරීක්ෂා කිරීමේදී ඔහුට රියැදුරු හා ආදායම් බලපත්‍ර නොමැති බැව් අනාවරණය කරගෙන ඇත.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආදර්ශය පෙන්වමින් මේ පිළබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පන්විල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කැර තිබේ.

ඉන්දික පොල්කොටුව
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

කටුගෙයි සොරකම බිත්තිවල හා සැකකරුගේ ඇඟිලි සලකුණු සමානයි

ජාතික කෞතුකාගාරයේ තිබූ කෞතුක වස්තු සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන ලන්සාගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් 'කනේ ගෙඩියාගේ' ඇඟිලි සලකුණු සොරකම වූ දිනයේදී කෞතුකාගාරයේ බිත්තිවල තිබූ ඇඟිලි සලකුණු සමග සමවන බව අනාවරණය වී තිබේ. සොරකම සිදුවූ දිනයේදී කෞතුකාගාරයේ බිත්තිවල තිබූ ඇඟිලි සලකුණු විස්සක් පමණ ‍පොලීසිය විසින් හඳුනාගෙන තිබූ අතර, ඒවා සමග අත්අඩංගුවට පත්ව සිටින සැකකරුගේ ඇඟිලි සලකුණු සමග සැසදීමේදී සමවන බව ‍පොලීසිය පවසයි. 

 කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු හඳුනාගැනීම සඳහා ‍පොලීසිය සැකයට භාජනය වූ පුද්ගලයින් පන්සීයයක් පමණ කැඳවා ඇඟිලි සලකුණු පරීක්ෂා කර තිබුණි. එහෙත් එම ඇඟිලි සලකුණු හා කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු සමවී තිබුණේ නැත. එමෙන්ම ‍පොලිස් ඇඟිලි සලකුණු කාර්යංශයේ තිබෙන සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලක්ෂ පහක් සමග කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඒවාද සමවී තිබුණේ නැත.
  
ගයාන් කුමාර වීරසිංහ, සංජය නල්ලපෙරුම
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Read Post | comments

ගුණාත්මක නිෂ්පාදනයන් ලබා දීම අපේ අරමුණයි

දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයන් ලබා දෙන කර්මාන්තයක් තහවුරු කිරීමසිය අමාත්‍යාංශයේ අරමුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා පැවැසීය.එබැවින් මරුවැල් පන්නය හා වෙනත් හිතකර පන්න දිරිගන්වමින් විනාශ කාරී පන්න ක්‍රම අධෛර්යමත් කරන්නට කටයුතු කරන බවද ඔහු කිය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැත්වු බෙංගාල බොක්ක ආශ්‍රිතව සාගර විද්‍යාව පිළිබඳ පළමු සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. එහිදී ඹහු මෙසේද පැවසුවේය. 

ශ්‍රී ලංකාව වාර්ෂිකව මිලියන 190 ක් පමණ වටිනා මුහුදු අහාර නිෂ්පාදන මෙට්‍රික් ටොන් 19,000ක් පමණ අපනයනය කරනවා.මෙයින් 60%ක් ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයටයි. අනෙක් වැදගත් වෙළෙඳ පොළ වන්නේ ජපානය හා එක්සත් ජනපදයයි . ගැඹුරු මුහුදේ මෙන්ම නො ගැඹුරු මුහුදේ ද ධීවර කර්මාන්තය පුළුල් කිරීමේ සැලසුම්වලින් අපනයන අංශය තවත් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.එමෙන්ම අපේ නිෂ්පාදනයන් ජපාන ,ඇමරිකා ,චීන,නැඟෙනහිර යුරෝපා හා සෙසු වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් විවිධාංගිකරණය කිරීමට ද අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් අපේ ඉලක්කය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම පමණක් නොවේ.දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මක හා ආරක්ෂිත මත්ස්‍ය නිෂ්පානයන් ලබා දීම සඳහා වූ ධීවර කර්මාන්තයක් ස්ථාපිත කිරීම අපේ අරමුණයි. මේ නිසා මරුවැල් පන්නය සහ වෙනත් හිතකර පන්න ක්‍රම දිරි ගන්වමින් විනාශකාරී පන්න අධෛර්යමත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.අප රට ටූනා ඇතුළු සාගරික සම්පත්වල තිරසාරත්වය ගැන දැඩි සේ විශ්වාසය තබා ඇති බැවින් නීති වි‍රෝධී, වාර්තා නොවන මසුන් නෙලීමේ ක්‍රම අනුගමනය කරමින් ඉන්දියානු සාගර ටූනා මත්ස්‍ය කොමිසමේ යෝජනාවන්ට අනුගත වෙමින් කටයුතු කිරීමට සිදුවනවා.එමෙන්ම ප්‍රෝටීන අවශ්‍යතා සපුරා ගැනීමට මුහුදු ආහාර මත යැපෙනජ නතාවක් හා ප්‍රබල ධීවර සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට සමුද්‍රික සම්පත් සම්බන්ධයෙන් අයිතියක් පවතින බව මගේ විශ්වාසයයි.මෙම කලාපයේ මැනවින් තහවුරු වූ ටූනා මත්ස්‍ය කර්මාන්තයක් පවතින්නේ ශ්‍රී ලංකාවේ . 

අපේ සාගරික මත්ස්‍ය අස්වැන්නෙන් 1/3 ට ආසන්න ප්‍රමාණයක් ටූනා හා ටූනා වර්ගවල මසුන්ගෙන් සමන්විතයි. වසර 2011 දී එය මෙට්‍රික් ටොන් 4,45,000ක් වූවා. ඉදිරි වර්ෂවලදී මෙම තත්ත්වය තව තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. අප අමාත්‍යංශයේ කඩිනම් ධීවර සංවර්ධන සැලසුම් යටතේ 2014 වසර වන විට සාගරික මසුන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5,70,000 දක්වා වර්ධනය කිරීම ඉලක්කයයි. 

මෙම අවස්ථාවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නේවාසික නියෝජිත පැට්‍රික් එවන්ස්, ඉන්දියානු සාගර ටූනා මත්ස්‍ය කොමිසමේ මහ ලේකම් අල්ජැන්ඩ්‍රෝ අන්ගනුසී,ආචාර්ය මෙහොමඩ් අයුබ් (අධ්‍යක්ෂ ඉන්ෙෆාෆිෂ්) . මහත්වරුද සහභාගී වූහ. 

බුද්ධිකා ඉඹුලාන
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

වෙ‍ලේ සුදා සමග සබඳතා පැවැත්වූ කොස්තාපල් රිමාන්ඩ්

රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'වෙ‍ලේ් සුදා' සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකුව අත්අඩංගුවට ගත් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කඩුවෙල අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත. 

එම ‍පොලිස් කොස්තාපල්වරයා ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේම සේවය කරන ඇති නිලධාරියෙකි. මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙ‍ලේ සුදාගෙන් මුදල් සහ ත්‍යාග ලබාගනිමින් ඔහුට එරෙහිව කළ ‍පොලිස් මෙහෙයුම්වල තොරතුරු පවා මෙම නිලධාරියා වෙ‍ලේසුදාට ලබාදී ඇතැයි ‍පොලීසිය සැකකරයි. වෙළේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සඳහන් කෝටි ගණනක දේපළ පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම්කොට ඇත.

ඉන්දියාවට පලාගොස් සිටින වෙ‍ලේ සුදා එරට රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව ‍පොලීසිය කියයි. එම ජාවාරම ගැන විමර්ශන පැවැත්වීමේදී ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ ‍පොලිස් කොස්තාපල්වරයා ගැන තොරතුරු හෙළි වී තිබෙන බව සඳහන්ය. ඒ අනුව එම නිලධාරියාව මෙයට සතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
 
ගයාන් කුමාර වීරසිංහ
Read Post | comments

සම්බන්ධන්ගේ ප්‍රකාශයට කොටි ඩයස්‍පෝරාවේ විරෝධය

එල්.ටී.ටී.ඊ. ය මානව හිමිකම්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකළ නිසා විනාශ වූවායැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව ජාත්‍යන්තර කොටි සංවිධාන විරෝධය පළ කිරීමට පටන්ගෙන ඇත. 

සිංහල රජයට එරෙහි ජාත්‍යන්තර බලපෑම් මර්දනය කිරීමට මෙම ප්‍රකාශය හේතුවක් වනු ඇතැයි සඳහන් කරමින් සෙයිදි වෙබ් අඩවිය ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී වෙබ් අඩවි කිහිපයක් ආර්. සම්බන්ධන් මහතාට විරෝධය පළකරමින් විවිධ ප්‍රවෘත්ති පළකර තිබේ. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධව ආර්. සම්බන්ධන් මහතාගේ මෙම ප්‍රකාශය හෙළා දකින බව අදාළ කොටි හිතවාදී වෙබ් අඩවි සඳහන් කර ඇත. 

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ විවාදයකට එක්වෙමින් ඉකුත් 7දා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා මෙම ප්‍රකාශය කර ඇති අතර, ඔහුගේ මිතුරන් පවා එල්.ටී.ටී.ඊ.ය ඝාතනය කළ බවද සඳහන් කර තිබේ. මෙයට අමතවර එල්.ටී.ටී.ඊ.ය ඉවර කළ පමණින් දෙමළ ජකතාවගේ ගැටලු ඉවත් නොවන බවද ආර්. සම්බන්ධන් මහතා එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
 
රමේෂ් වරල්‍ලේගම
 ලක්බිම ඇසුරින් පලකරන ලදී
Read Post | comments

ජාතික සෞඛ්‍ය සැලැස්ම ජනපතිට අද බාර දෙයි

පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (11) සිදුකෙරේ.

සෞඛ්‍ය අංශයේ ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි මේ සැලැස්ම සකස් කර ඇති අතර වසර 2013 සිට 2017 දක්වා මේ පස් අවුරුදු ජාතික සැලැස්ම ක්‍රියා‍ත්මක කෙරේ.

එක් එක් වසරවලදී ළඟා කර ගත යුතු ප්‍රගතිය හා ඉලක්කයන් ද ඒ සඳහා ගත යුතු පියවරයන් මොනවාද යන්න ද මේ සැලැස්මෙහි අන්තර්ගත වේ.

ජාතික සෞඛ්‍ය සතියේ සමාරම්භක උත්සවය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණ. එම අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. සේවාවට වගකීමෙන් කැපවීමේ ප්‍රතිඥාව ඊයේ (10) උදෑසන 8.30 ට ලබාදෙමින් රට පුරා සෞඛ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී කටයුතු ආරම්භ කෙරිණ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව දෙසැම්බර් මාසයේදී ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ. දෙසැම්බර් මාස් කන්නයේදී ලැබෙන අධික වර්ෂාවත් සමඟ රට පුරා ප්‍රදේශවල විවිධ රෝග පැතිර යාමේ අවදානමක් පවතියි. 

සාර්ථකව ඒ සඳහා මුහුණදීමේ අරමුණෙන් ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරේ. වසර අවසානයේදී සහ අලුත් වසරක් ආරම්භ වීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවකයන්ගේ උද්යෝගය ඇති කිරීම ද මේ සතියේ තවත් අරමුණකි. ජාතික සෞඛ්‍ය සතියේ සමාරම්භක උත්සවයට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුජාතා සේනාරත්න, ඩී.එම්.ආර්.බී. දිසානායක මහත්ම මහත්මීහු සහභාගී වූහ.

සන්ධ්‍යා කරුණාරත්න
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

ලංගම විශ්‍රාමිකයන්ගේ උද්ඝෝෂණය හෙට

ශ්‍රී ලංගම විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂික මුදල් නොදීමට විරුද්ධව හෙට (12) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ශ්‍රී ලංගම විශ්‍රාමික සේවක එකමුතුව පවසයි. පාරිතෝෂික මුදල් නොලබා ශ්‍රී ලංගම විශ්‍රාමිකයන් 2165 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වී තිබෙන බවද එම සේවක එකමුතුවේ. 

කැඳවුම්කරු කේ. එස්. මුණසිංහ මහතා කීය. ශ්‍රී ලංගම සේවකයකු විශ්‍රාම ගිය පසු, මාසයක් ඇතුළත ඔවුන්ට හිමි පාරිතෝෂික මුදල් ලබා දිය යුතු වුවත්, වසර 10ක් පමණ ඉක්ම යන මේ මොහොතේ විශ්‍රාම  ගොස් ඇති සේවකයන්ට එම මුදල සම්පූර්ණයෙන් ලබා දී නොමැති බවද ඒ මහතා චෝදනා කරමින් කියා සිටි. 

පාරිතෝෂික මුදල් ලබා දීම සඳහා රුපියල් මිලියන 4000 ක් පමණ අවශ්‍යව ඇති අතර, එම මුදල 2013 අයවැයෙන් ලබා දෙන ලෙසට සිය වෘත්තීය එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද ඒ මහතා කීය. නමුත් ලැබි ඇති තොරතුරුවලට අනුව ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර නැති බවද ඒ මහතා සඳහන් කළේය. එම තත්ත්වය තුළ විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂික මුදල් ලබාදෙන බවට, අමාත්‍යංශ ‍ලේකම්වරයාගේ ලිඛිත ‍පොරොන්දුවත් ගැනීම සඳහා අනිද්දා (12) දහවල් 12.00ට කොටුව  දුම්රියපළ ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වන බව ද ඒ මහතා කීය.
 
පද්මිණි මාතරගේ
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Read Post | comments

ණය නිසා ජීවිතය අත්හරී

තව මිතුරාගෙන් ලබා ගත් ණය මුදලක් පියවා ගැනීමට නොහැකි වීම මහත් සිතු තැවුලකට පත් වූ දුම්රිය දෙපාර්තුමේන්තුවේ කණිෂ්ඨ සේවකයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ අනුරාධපුර දුම්රිය දෙපාර්තුමේන්තුවට අනුයුක්ත සේවය කළ අනුරාධපුර පදිංචිව සිටි 38 හැවිරිදි තිදරු පියෙකි. මිය ගිය පුද්ගලයා තම මිතුරාගෙන් රුපියල් 82500/- ක මුදලක් ලබාගෙන ඇති අතර එය මිතුරාට ගොවීමට නොහැකි වීම සම්බන්ධයෙන් මහත් සිතු තැවුලකට පත් වී ‍ඊයේ (10) සවස දුම්රිය නිල නිවසක දී ගෙල වැලලාගෙන සිය දිවි හනි කරගෙන සිටියදී පොලිසිය ඔහුගේ සිරුර සොයාගෙන ඇත. 

 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී .
Read Post | comments

මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමට හොර රහසේ ගෙන්වූ කන්ටේනරයක් රේගු දැලේ

ඩුබායි සිට මෙරටට හොර රහසේ ගෙන්වූ රුපියල් කෝටියකට වඩා වටිනා සිගරට් සුවඳ විලවුන් හා සපත්තු අඩංගු කන්ටේනරයක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ කන්ටේනරය මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙන්වා ඇත.

කන්ටේනරය විවර කළ පසු 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

නේපාල ව්‍යවස්ථා අවුලෙන් අධිකරණය කඩා වැටේ

නේපාල මැතිවරණය පැවැත් විමට මෙන්ම පශ්චාත් යුද ව්‍යවස්ථාව සැකසීමට බාධාවක්ව ඇති දේශපාලන අක්‍රීයත්වය එරට නීති පද්ධතිය හා ජන ජීවිතයේ වැදගත් පැතිකඩ අඩපණ කිරී‍මේ අවදානමක් මතු කර තිබෙන බව විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ. 

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්දෙනකුගේ ධුර කාලය ඉකුත් සතියේ අවසන් වීමෙන් පසු එහි විනිසුරුධුර අඩක්ම පාහේ පුරප්පාඩු වි ඇති අතර මැතිවරණ කොමිසමට අදාළ ඉතිරි දෙදෙනා ද ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිත බව හා දැනටමත් තිදෙනකු විශ්‍රාම ගොස් ඇති බව පැවැසේ.

එහෙත් මේ වැදගත් තනතුරු පිරවීමට කිසිසේත් කළ නොහැකි වන බව නීති විශේෂඥයන් පවසන්නේ ඔවුන් ගේ පත්විම් සහතික කිරීමට බලපාන නිත්‍යනුකූල පාර්ලිමේන්තුවක් එරට නොපවත්නා බව පෙන්වා දෙමිනි.

මේ අතර රජයේ තීරණ සම්බන්ධයෙන් නීතිමය විග්‍රහ ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය හා අපරාධ අභියාචනාධිකරණයේ නඩු ‍ගොඩ ගැසී ඇති බවත් දිනකට නඩු 200ක් පමණ විභාග කෙරෙන බවත් පැවැසේ.

ඉදිරි 7 මාසය සඳහා අය-වැයක් සම්මත කරගෙන ඇතත් මාර්ග පාසල් හා රෝහල් ආදිය සඳහා දැ‍ඩි අවශ්‍යතාවක්ව පවතින රටක සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම් නොමැති වීම අර්බුදයක් වී පවතී. දානපති රටවල් පවසන්නේ ඔවුන් ස්ථිරසාර රජයක් යටතේ ආධාර ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බවය.

ඉකුත් මැයි මාසයේ නේපාලයේ මාඕවාදීන්ගේ නායකත්වයෙන් යුත් රජය බිඳ වැටීමෙන් පසු එහි බාරකාර රජයක් පවතින අතර දෙසැම් බර් මස මැද පැවැත් වීමට නියමිත මහ මැතිවරණයට පූර්වයෙන් පවත්නා බාධක සමනය කරගත යුතුව ඇතැයි පැවැසේ. 

කත්මන්දු -ඒ.එ‍ෆ්.පි  
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Read Post | comments

ජාතික බොක්සිං ශූරතාවලිය 14දා

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන 86වැනි ජාතික කාන්තා සහ පිරිමි බොක්සිං තරගාවලිය මේ මස 14වැනිදා සිට 18 දින දක්වා මහනුවර ලීනියා ජිම්නාස්ටික් ක්‍රීඩා ශාලාවේ දී පැවැත්වේ.

ජාතික බොක්සිං තරග ඉතිහාසයේ කොළඹ නගරයෙන් පිට තරගාවලියක් පැවත්වෙන පළමු අවස්ථාව මෙයවේ. තරගාවලියට අනුග්‍රහය දක්වනු ලබන මාස් ‍හෝල්ඩිංග්ස් සමාගමට අනුබද්ධිත සියලු පහසුකම්වලින් සම්පූර්ණ වූ ලීනියා ජිම්නාස්ටික් ක්‍රීඩා ශාලාවේ බොක්සිං තරග පැවැත්වීමට ස්ථාන 2ක් ඉදි‍කොට ඇත. 

වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමේ අරමුණින් සහ තරගාවලියට නව අත්දැකීමක් එක්කිරීමේ අදහසින් මෙවර තරගාවලියේ අවසන් මහා තරග මහනුවර සිටි සෙන්ටර් ශාලා‍වේ ඉහළ මාලයේ පැවැත්වීමට නියමිතය. 

මෙවර ජාතික බොක්සිං තරගාවලියේ එක් එක් බරපන්ති යටතේ ජය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ මාර්තු මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවසන් තේරීම් තරගවලට සහභාගිවිමේ අවස්ථාව උදාවේ. 

මෙවර තරගාවලියට ස්ලිම් ලයින්, යුද, නාවික, ගුවන්, පොලිසිය, යුනිචෙලා, සිලුවෙටා, මාස් සදර්න් ක්‍රීඩා සමාජ මෙන්ම විද්‍යාර්ථ, කිංග්ස්වුඩ්, විද්‍යාරත්න සහ රාජකීය වැනි පාසල් කණ්ඩායම් ද තරග වදිති.

මාස් සදර්න් ‍බොක්සිං ක්‍රීඩා සමාජයේ නිල්මිණි ජයසිංහ පසුගිය වසරේ තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසත්, ගුවන් හමුදාවේ ටී.ඩී.එන්.ටී. ජයකොඩි හොඳම ‍බොක්සිං ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනා ගත්හ. 

මාස් සදර්න් 'ඒ' පිල ‍තරගාවලියේ දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි සම්මානය දිනූ අතර හොඳම කණ්ඩායමට හිමි සම්මානය දිනාගනු ලැබුවේ යුද හමුදා කණ්ඩායම විසිනි.

මෙරට කාන්තා බොක්සිං තරග වළල්ලේ විශිෂ්ටතම ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සිය බොක්සිං තරග දිවියේ අවසන් වරට සහභාගි වන තරගාවලිය වන අතර අන්තර් ජාතික බොක්සිං ශූර මංජු වන්නිආරච්චි සිය වසර 2ක තරග තහනමෙන් පසුව යළි බොක්සිං වළල්ලට අවතීර්ණ වන තරගාවලිය ලෙස ද මෙවර ජාතික බොක්සිං තරගාවලිය වැඩිදෙනාගේ අවධානයට පාත්‍ර වනු ඇත. 

මෙවර තරගාවලියේ අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ෆවුස් මොහොමඩ්
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Read Post | comments

අම්පාර-දමන ප්‍රදේශ රැසක ඊයේත් භූ චලන 2 ක්‌

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දේවාලෙහිඳ, කෙත්සිරිගමුව, ගල්කන්ද, වඩිනාගල, පල්ලන්ඔය, කිව්ලේගම ආදී ප්‍රදේශවලට ඊයේ (10 දා) උදෑසන පෙ.ව. නමයයි තුනට (9.03) හා පෙ.ව. දහයයි දහතුනට (10.13) භූ කම්පන දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ ද මේ අයුරින් භූකම්පන දෙකක්‌ (02) මෙම ප්‍රදේශයේ සිදුවී තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම භූ චලන 31 කට වැඩි ප්‍රමාණයක්‌ සිදුවූ බව ද මෙම ජනතාව පවසති.

"එකපාරටම සද්දයක්‌ එක්‌ක තමයි මේ ආකාරයෙන් පොළොව දෙදරලා ගෙදර පුටු මේස වහළ සෙලවිලා යන්නේ. එහෙත් එය තත්පර කිහිපයක්‌ තුළ අවසන් වෙනවා. මේ වනවිට දේවාලේගම ග්‍රාමසේවා වසමේ පමණක්‌ නිවාස තිහකට (30) අධික ප්‍රමාණයක බිත්ති පිපිරිලා ඉරි තලලා. ඇතැම් නිවාසවල කොන්ක්‍රීට්‌ බාල්ක පවා පුපුරලා. බොහෝ දෙනකු රෑට නිදාගන්නේ හරිම බයෙන්. කොයි වේලාවේ ලොකු භු චලනයක්‌ වෙලා ගෙවල් කඩා වැටෙයිද කියා බයෙන් ඉන්නේ. මේ පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණයක්‌ කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා" යෑයි දේවාලේහිඳ ග්‍රාමසේවා නිලධාරී සුසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.

"දැනට අපි මේ ප්‍රදේශයේ තාවකාලික භූකම්පන මාන 3 ක්‌ සවිකර පරීක්‍ෂණ කටයුතු කරගෙන යනවා. 8 වැනිදා රාත්‍රියේ සිදුවූ භූකම්පනය අපේ උපකරණවල සටහන් වී තිබෙනවා. එය ස්‌වාභාවික භූකම්පනයක්‌ නොව මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ නිසා සිදුවූ භූ චලනයක්‌ බව අප 90% ක්‌ අනුමාන කරනවා. ඊයේ උදෑසන සිදුවූ භූ චලනයන් ද අපගේ උපකරණවල සටහන් වී තිබෙනවා. එම කම්පනයන්ට බලපෑ හේතුව කුමක්‌දැයි මේ වන විට පරීක්‍ෂණ කරනවා. ඉදිරි පරීක්‍ෂණවලදී මේ පිළිබඳ නිවැරැදි තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත. 

සුසන්ත අමරබන්දු - අම්පාර
දිවයින ඇසුරින් පල කරන ලදී.
Read Post | comments

අත්‍යවශ්‍ය බඩු සඟවන වෙළෙඳුන්ට වැට බඳී

ආහාර ද්‍රව්‍ය සඟවා තබා උත්සව සමයේදී මිල වැඩි කර විකිණීමට ඇතැම් වෙළඳුන් කටයුතු කරන බවට ලැබී ඇති තොරතුරු මත සඟවන ලද අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සොයා පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබේ.
 
සහල්, පිටි, සීනි, සැමන්,කුකුල් මස් , අල , පරිප්පු, කරවල, බිත්තර ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය වෙළඳුන් සඟවා තැබීමට කටයුතු කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

රට පුරා පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් දෙසීයක් පමණ මෙහෙයුම් සිදු කරති. උත්සව සමයේදී අත්‍යාවශ්‍ය සෑම පාරිභෝගික භාණ්ඩයක්ම මිලදී ගැනීම සඳහා ස.තො.ස.තුළ සියලු පහසුකම් සලසා තිබේ. දැනට වෙළඳපොළේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් වෙනුවෙන් යොදවා ඇති පාලන මිලට වැඩියෙන් කිසිදු ආහාර ද්‍රව්‍යයක් අලෙවි කිරීමට ඉඩ නොතබන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විජයානි එදිරිසිංහ
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Read Post | comments

වැඩ වර්ජනය දිනයේත් දුම්රියට ලක්‍ෂ 45ක ලාභයක්

දුම්රිය වැඩ වර්ජනය දිනයේ දුම්රිය ධාවනය අඩාල වුවත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්‍ෂ හතළිස් පහක ලාභයක් ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එසේ ලාභ උපයාගත හැකිවී ඇත්තේ දුම්රිය ධාවනය සඳහා දිනකට වැයවන රුපියල් ලක්‍ෂ අනූවක ඉන්ධන ඉතිරියත්, රියදුරු නියාමක ඇතුළු සේවකයින්ගේ අතිකාල හා යැපුම් ගාස්තු සඳහා වැයවන රුපියල් ලක්‍ෂ විසිපහක වන මුදලින් බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

වැඩවර්ජනය දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්‍ෂ හැත්තෑවක ප්‍රවේශපත්‍ර හා බඩු ප්‍රවාහනය වෙනුවෙන් ආදායමක් අහිමිව තිබිණ. එසේ ආදායම් අහිමි වූයේ දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමත්, දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය නොවීමත් නිසාය.

දුම්රිය වැඩ වර්ජනය දෙසැම්බර් මස 7 දින පැවැත්විණ. දිනකට මගීන් ලක්‍ෂ තුනක් පමණ ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කිරීමට පුරුදුවී සිටිති. වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන්ද ලක්‍ෂ තුනක් පමණ සිටිනු ඇතැයි වාර්තාවෙයි.

දුම්රිය ධාවනය කෙරෙනුයේ රටේ පොදු ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහායි. එහෙත් ලක්‍ෂ ගණන් දුම්රියේ ගමන් කිරීමට පුරුදුවී සිටිනුයේ ඉක්මනින් ගමන් යාම සඳහායි. දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය අඩාල වූයෙන් මගීන් දැඩි අපහසුතාවන්ට පත්වූහ. නමුත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභයක් ලැබිණි.

නිමල් රාජපක්‍ෂ
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Read Post | comments

අ.පො.ස. සා.පෙළ අද

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (11 වැනිදා) ආරම්භ කෙරේ.

මධ්‍යස්‌ථාන 4048 ක දී ආරම්භ කෙරෙන මෙම විභාගය සඳහා මෙවර අයෑදුම්කරුවෝ 542260 ක්‌ පෙනී සිටිති. ඒ අතරින් 387593 ක්‌ පාසල් අයෑදුම්කරුවෝය. 

පෞද්ගලික අයෑදුම්කරුවන් සංඛ්‍යාව 154667 කි.

විභාගයට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ තැපැල් හැඳුනුම්පත අනිවාර්ය කිරීමට විභාග දෙපාර්තමේන්තුව කලින් තීරණය කළ ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පවතින තදබදය නිසා සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක්‌ ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අයෑදුම්කරුවන්ට පහසුකම් සලසා ඇත. පාසල් අයෑදුම්කරුවන් එම ඡායාරූප දෙක විදුහල්පතිවරයාගේ නිලමුද්‍රdව සහිතව සහතික කර ගත යුතු අතර පෞද්ගලික අයෑදුම්කරුවන් ග්‍රාමනිලධාරීවරයාගේ නිලමුද්‍රdව සහිතව සහතික කර ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ලබා ගැනීම අවශ්‍ය වේ.

විභාග අපේක්‍ෂකයන්ට මෙන්ම නිරීක්‍ෂකයන්ට ද විභාග ශාලාව ඇතුළත ජංගම දුරකථන භාවිතය තහනම් කරමින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

විභාග වංචා පිළිබඳ තොරතුරු 1911 අංකයට දැනුම් දිය හැකිය.

නිලන්ත මදුරාවල
දිවයින ඇසුරින් පල කරන ලදී.
 
Read Post | comments

අපේක්ෂක-නිරීක්ෂක දෙපිරිසටම ‘හලෝ’ බෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට ජංගම දුරකථන ගෙනයාම අපේක්ෂකයන් නිරීක්ෂකයින් දෙපිරිසටම තහනම් කොට ඇත.

රාජකාරි නිලධාරීන්, විදුහල්පති හැර පිටස්තර අයට විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. විභාග මධ්‍යස්ථාන සඳහා දැඩි නීති පද්ධතියක් මෙවර ක්‍රියාත්මක කිරීමටත් විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නීති කඩකරන අයට එරෙහිව 68 – අංක 25 දරන විභාග පනතට අනුව කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

ජංගම පොලිස් රථ මෙන්ම විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට ආයුධ සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අනුයුක්ත කර ඇත. විභාග සම්බන්ධව පැමිණිලි ඇතොත් එම අවස්ථාවේම විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථන අංක 1911, 0112785212 අමතන ලෙසද ෆැක්ස් අංක 0112785220 ෆැක්ස් මඟින් දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දේ.

සුභාෂිනි සේනානායක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

සාග් ක්‍රීඩා උළෙල කුමන රටක තිබුණත් අපි ඊට සූදානම්

- ක්‍රීඩා ඇමැති කියයි

සාර්ක් කලාපය තුළ පැවැත්වීමට නියමිත මීළඟ ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රවේශය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා “ලක්බිම” සමග සඳහන් කර සිටියේය. ඉන්දීය ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම පිළිබඳව ගත් තීරණයක් මත ජගත් ඔලිම්පික් කමිටුව විසින් පසුගියදා ඉන්දීය ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක් කර තිබුණි. 

ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත 12 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වයක් සාර්ක් කලාපයේ රටවල් තුළ පැතිරී තිබේ. මේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ලබන සාග් ක්‍රීඩා උළෙල කොහේ පැවැත්වුණත් කවදා තිබ්බත්, කමක්නැහැ. මීළඟ සාග් ක්‍රීඩා උලෙල සඳහා අපි ලැබූ සූදානම එලෙසින්ම පවත්වාගෙන යනවා. මීළඟ ක්‍රීඩා උළෙලට යෝජිත ක්‍රීඩා 21ක් සඳහා අපි අදාළ ක්‍රීඩා සම්මේලන සමග සාකච්ඡා කරල ජාතික පුහුණු සංචිත පිහිටුවීමට කටයුතු කළා. අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමට කටයුතු කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් මෙන්ම ඔවුනට යැපීමට මාසික දීමනාවක්ද ලබා දීමට කටයුතු කළා. වෙනදා මෙන් ක්‍රීඩා අමාත්‍යංශයට ලැබුණ මුදල් මෙවර අයා‍ලේ යාමට ඉඩ තිබ්බේ නැහැ. 

ඒ මුදල් රටේ ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට ප්‍රබල මෙහෙයුමක් දියත් කරලයි තියෙන්නේ. මේ සඳහා දැන් කොළඹ වෙනමම “සාග් මෙහෙයුම” නමින් කාර්යාලයක්ද ක්‍රියාත්මක වෙනවා. එක අතකින් සාග් ක්‍රීඩා උළෙල ටිකක් කල් ගිය එක ගැන මම සතුටු වෙනවා. ඇයි අපේ ලමයින්ට පදක්කම් ජයග්‍රහණ සඳහා අවශ්‍ය පුහුණුව නිසි පරිදි නොඅඩුව ලබා දීමට අපට හැකි වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මේ පිළිබඳව තවත් කරුණු දැක්වූ අමාත්‍ය අලුත්ගමගේ මහතා, “සාග් ක්‍රීඩා උළෙල කල් ගියාට ඒ ඒ ක්‍රීඩා සඳහා ආසියාතික ශූරතාවයන් ලබන වසරේ පැවැත්වෙනවා. 

අපේ සූදානම හරහා අපිට පුළුවන් තවත් ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙන්න. දැනටමත් ක්‍රීඩා අටක් සඳහා විදෙස් පුහුණුකරුවන් කැඳවා තිබෙනවා. ඉදිරියේදී තවත් ක්‍රීඩා කීපයකට පුහුණුකරුවන් කැඳවනවා. අපේ සූදානම ඒ විදියටම ක්‍රියාත්මක කරනවා යැයි ඇමැතිවරයා පැවැසීය.
 
සුනිල් අභයවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Read Post | comments

රඡවැල්ලෙදී සෙල්ලම් දැමූ මාතලී රක්ෂිතේට

මහනුවර දිගන ප‍්‍රදේශයේ රාඡකාරී කරමින් සිටියදි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකරගෙන ගිය ටිපර්රථ රියදුරෙකු තෙල්දෙනිය මහේස්ත‍්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත. දිගන රඡවැල්ල ප‍්‍රදේශයේ මාර්ග බාධකයක රාඡකාරියේ යෙදි සිටියදී 07 වන දින රාත‍්‍රි මෙම අනතුර සිදුව ඇත. 

මෙම රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය කියයි. අනතුරට ලක්වූ පොලිස් නිළධාරීන් තිදෙනෙකු මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මෙම ටිපර් රථය නැවැත්වීමට පොලිස් නිළධාරීන් අණ කළ අවස්ථාවේදී එහි රියදුරු පොලස් නිලධාරීන් යටකරගෙන පලායාමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි. ස්ද්ධිය පිළිබඳව බලගොල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
 
ගයා වන්නිආරච්චි
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all