Photobucket

Tuesday, December 11, 2012

කටුගෙයි සොරකම බිත්තිවල හා සැකකරුගේ ඇඟිලි සලකුණු සමානයි

ජාතික කෞතුකාගාරයේ තිබූ කෞතුක වස්තු සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන ලන්සාගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් 'කනේ ගෙඩියාගේ' ඇඟිලි සලකුණු සොරකම වූ දිනයේදී කෞතුකාගාරයේ බිත්තිවල තිබූ ඇඟිලි සලකුණු සමග සමවන බව අනාවරණය වී තිබේ. සොරකම සිදුවූ දිනයේදී කෞතුකාගාරයේ බිත්තිවල තිබූ ඇඟිලි සලකුණු විස්සක් පමණ ‍පොලීසිය විසින් හඳුනාගෙන තිබූ අතර, ඒවා සමග අත්අඩංගුවට පත්ව සිටින සැකකරුගේ ඇඟිලි සලකුණු සමග සැසදීමේදී සමවන බව ‍පොලීසිය පවසයි. 

 කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු හඳුනාගැනීම සඳහා ‍පොලීසිය සැකයට භාජනය වූ පුද්ගලයින් පන්සීයයක් පමණ කැඳවා ඇඟිලි සලකුණු පරීක්ෂා කර තිබුණි. එහෙත් එම ඇඟිලි සලකුණු හා කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු සමවී තිබුණේ නැත. එමෙන්ම ‍පොලිස් ඇඟිලි සලකුණු කාර්යංශයේ තිබෙන සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලක්ෂ පහක් සමග කෞතුකාගාරයේ තිබූ ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඒවාද සමවී තිබුණේ නැත.
  
ගයාන් කුමාර වීරසිංහ, සංජය නල්ලපෙරුම
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all