Photobucket

Tuesday, December 11, 2012

ගුණාත්මක නිෂ්පාදනයන් ලබා දීම අපේ අරමුණයි

දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයන් ලබා දෙන කර්මාන්තයක් තහවුරු කිරීමසිය අමාත්‍යාංශයේ අරමුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා පැවැසීය.එබැවින් මරුවැල් පන්නය හා වෙනත් හිතකර පන්න දිරිගන්වමින් විනාශ කාරී පන්න ක්‍රම අධෛර්යමත් කරන්නට කටයුතු කරන බවද ඔහු කිය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැත්වු බෙංගාල බොක්ක ආශ්‍රිතව සාගර විද්‍යාව පිළිබඳ පළමු සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. එහිදී ඹහු මෙසේද පැවසුවේය. 

ශ්‍රී ලංකාව වාර්ෂිකව මිලියන 190 ක් පමණ වටිනා මුහුදු අහාර නිෂ්පාදන මෙට්‍රික් ටොන් 19,000ක් පමණ අපනයනය කරනවා.මෙයින් 60%ක් ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයටයි. අනෙක් වැදගත් වෙළෙඳ පොළ වන්නේ ජපානය හා එක්සත් ජනපදයයි . ගැඹුරු මුහුදේ මෙන්ම නො ගැඹුරු මුහුදේ ද ධීවර කර්මාන්තය පුළුල් කිරීමේ සැලසුම්වලින් අපනයන අංශය තවත් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.එමෙන්ම අපේ නිෂ්පාදනයන් ජපාන ,ඇමරිකා ,චීන,නැඟෙනහිර යුරෝපා හා සෙසු වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් විවිධාංගිකරණය කිරීමට ද අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් අපේ ඉලක්කය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම පමණක් නොවේ.දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මක හා ආරක්ෂිත මත්ස්‍ය නිෂ්පානයන් ලබා දීම සඳහා වූ ධීවර කර්මාන්තයක් ස්ථාපිත කිරීම අපේ අරමුණයි. මේ නිසා මරුවැල් පන්නය සහ වෙනත් හිතකර පන්න ක්‍රම දිරි ගන්වමින් විනාශකාරී පන්න අධෛර්යමත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.අප රට ටූනා ඇතුළු සාගරික සම්පත්වල තිරසාරත්වය ගැන දැඩි සේ විශ්වාසය තබා ඇති බැවින් නීති වි‍රෝධී, වාර්තා නොවන මසුන් නෙලීමේ ක්‍රම අනුගමනය කරමින් ඉන්දියානු සාගර ටූනා මත්ස්‍ය කොමිසමේ යෝජනාවන්ට අනුගත වෙමින් කටයුතු කිරීමට සිදුවනවා.එමෙන්ම ප්‍රෝටීන අවශ්‍යතා සපුරා ගැනීමට මුහුදු ආහාර මත යැපෙනජ නතාවක් හා ප්‍රබල ධීවර සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට සමුද්‍රික සම්පත් සම්බන්ධයෙන් අයිතියක් පවතින බව මගේ විශ්වාසයයි.මෙම කලාපයේ මැනවින් තහවුරු වූ ටූනා මත්ස්‍ය කර්මාන්තයක් පවතින්නේ ශ්‍රී ලංකාවේ . 

අපේ සාගරික මත්ස්‍ය අස්වැන්නෙන් 1/3 ට ආසන්න ප්‍රමාණයක් ටූනා හා ටූනා වර්ගවල මසුන්ගෙන් සමන්විතයි. වසර 2011 දී එය මෙට්‍රික් ටොන් 4,45,000ක් වූවා. ඉදිරි වර්ෂවලදී මෙම තත්ත්වය තව තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා. අප අමාත්‍යංශයේ කඩිනම් ධීවර සංවර්ධන සැලසුම් යටතේ 2014 වසර වන විට සාගරික මසුන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5,70,000 දක්වා වර්ධනය කිරීම ඉලක්කයයි. 

මෙම අවස්ථාවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නේවාසික නියෝජිත පැට්‍රික් එවන්ස්, ඉන්දියානු සාගර ටූනා මත්ස්‍ය කොමිසමේ මහ ලේකම් අල්ජැන්ඩ්‍රෝ අන්ගනුසී,ආචාර්ය මෙහොමඩ් අයුබ් (අධ්‍යක්ෂ ඉන්ෙෆාෆිෂ්) . මහත්වරුද සහභාගී වූහ. 

බුද්ධිකා ඉඹුලාන
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all