Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි

පාකිස්තානුවෝ වි:20 න් ඉහළ නගිති

Monday, September 28, 2015

පකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ හරාරේ නුවරදී  (27 දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ පකිස්තානය ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

මේ වසරේදී පකිස්තානය සහභාගි වූ හය වැනි විස්සයි විස්ස තරගය මෙය වූ අතර එහිදී පිට පිටම ජයගත් පස්වැනි තරගය මෙය වේ. වසර ආරම්භයේදී විස්සයි විස්ස ශ්‍රේණියේ හය වැනි ස්ථානයේ සිටි පකිස්තානුවන් මෙම ජයග‍්‍රාහී රැුල්ලත් සමග ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා තිබේ. පකිස්තානුවන් අදාළ ශ්‍රේණියේ දෙවැනි වන්නේ ප‍්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින ශ‍්‍රී ලංකාවට පමණි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ බංග්ලාදේශයේදී කඩුලූ හතක පරාජයක් ලැබූ පකිස්තානුවන් අනතුරුව සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක් සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව තරග දෙකක් ජය ගනිමින්, සිම්බාබ්වේ බලා පිටත් වූයේ කලගුණ සැලකීමේ තරගාවලියකට සහභාගි වීම සඳහාය.

කිසිම රටක ජාතික කණ්ඩායමක් පකිස්තානයේ තරග නොකිරීමට තීරණය කර තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ඉකුත් මැයි මස පකිස්තානයට ගොස් එක්දින තරගාවලියකට සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි විය. එම තරගාවලියට සිම්බාබ්වේ පැමිණීම හේතුවෙන් පකිස්තානුවන් මෙම සංචාරයට සහභාගි වීමට එකගත්වය පළ කර තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තද ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ අටක් අහිමිව ලකුණු 136 ක් පමණි.

විස්සයි විස්ස තරගයකදී පකිස්තානයට එරෙහිව කිසිදු ජයග‍්‍රහණයක් නොලද සිම්බාබ්වේ පිතිකරුවන්ට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු 25 දී කඩුලූ තුනක් අතැතිව ලකුණු 47 ක් ලබා ගැනීමට තිබුණි. එහිදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 2 ක් දැවී යන විට ලකුණු 33 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග‍්‍රාහී සිහිනය බොඳ කර දැමූ 26 හැවිරිදි වමත් දග පන්දු යවන්නා වූ ඉමාඞ් වසීම් ලකුණු 11 කට කඩුලූ 4 ක් බිද දැමුවේය. දුවද්දී දවා ගැනීම් දෙකකට දායක වූ ඉමාඞ් අභියෝගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයට පාත‍්‍ර විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලූ පහ ලකුණු 66 කට දැවී යද්දී ඉන් කඩුලූ හතරකම අයිතිකරුවා වූ ඉමාඞ් වසීම් පකිස්තානු විස්සයි විස්ස කි‍්‍රකට් ඉතිහාසයේ හයවැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය. කෙසේ වෙතත් ඉමාඞ් මෙම තරගයට සහභාගි වීමට පෙර සහභාගි වූ විස්සයි විස්ස තරග තුනකදී ලබා තිබුණේ කඩුල්ලක් පමණි.

පකිස්තානු ඉනිමේ පළමු කඩුලූ තුන ලකුණු 29 දී දැවී ගියද පළමුව දැවී ගිය  පිතිකරුවා වූ අහමඞ් ෂෙශාඞ් මිනිත්තු 20 කදී මුහුණ දුන් පන්දු 19 න් හතරේ පහර තුනක් සමග ලකුණු 17 ක් ලබා ගත්තේය.

අංක හතර පිතිකරු ලෙස පැමිණි ෂොයිබ් මලික් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (35) ලාභියා ලෙස පස්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වන විට පකිස්තානු ලකුණු පුවරුව පන්දු  ඕවර 14.2 කදී ලකුණු 87 ක් ලෙස සටහන් විය.

පකිස්තානුවන්ගේ කඩුලූ රකින්නා වූ මොහොමඞ් රිස්වාන් අංක හය පිතිකරු ලෙස පැමිණ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගනිද්දී අංක හත පිතිකරුවා වූ ඉමාඞ් වසීම් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා නොගන්නට තරගයේ තීරණය වෙනස් කිරීමට සිම්බාවේ පිතිකරුවන්ට හැකියාවක් තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි අංක අට පිතිකරු ලෙස පැමිණියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි. පන්දු යැවීමේදීද අසාර්ථක වූ අෆ්රීඩි යවන ලද පන්දු  ඕවර තුනේදී ලකුණු 23 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.

පකිස්තාන් පන්දු යවන්නන්ට සටනක් දුන් ආරම්භක පිතිකරු හැමිල්ටන් මස්කඞ්සා පන්දු 25 කදී හතරේ පහර දෙකක් සමග ලකුණු අතරට පැමිණෙමින් සිටියදී සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය. ඉන්පසු සිම්බාබ්වේ ලකුණු පුවරවට කැපී පෙනෙන දායකත්වය සැපයූ නායක එල්ටන් චිගුම්බුරා පන්දු 28 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (31) ලාභියා වෙමින් තමාගේ පිල ජයග‍්‍රහණය පෙනෙන නොපෙනන තරම් දුරකට ගෙන ආවේය.

චිගම්බුරා අවසන් පන්දු  ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යාමට පෙර සිම්බාබවේට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු හයෙන් ලකුණු 16 ක් ලබා ගත යුතුව තිබුණි. එහිදී චිගුම්බුරා නව වැනි කඩුල්ල ලෙස 20 වැනි පන්දු  ඕවරයේ පළමු පන්දුවටම දුවද්දී දැවී ගියේය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ලබන 29 වැනිදා හරාරේ නුවරදී පැවැත්වේ.

පකිස්තානය පන්දු  ඕවර 20 කදී කඩුලූ 8ට ලකුණු 136 යි.
(අහමඞ් ශේෂාඞ් 17, ෂොයිබ් මලික් 35, උමාර් අක්මාල් 14, මොහොමඞ් රිස්වාන් නොදැවී 33, ඉමාඞ් වසීම් 19, චමූ චිබාබා 18/3 යි)

සිම්බාබ්වේ පන්දු  ඕවර 20 කදී කඩුලූ 9ට ලකුණු 123 යි.
(හැමිල්ටන් මස්කඞ්ෂා 25, සීන් විලියම්ස් 14. එල්ටන් චිගම්බුරා 31, ඉමාඞ් වසීම් 11/4 යි)
Read Post | comments

පෞද්ගලික වෛද්‍ය විදුහල් ගැටලුවට විසඳුම් නැද්ද?

අපට ඇත්තේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයකි. ලෝකයේ ඕනෑම රටක්‌ මුහුණ දී ඇති තත්ත්වය ද එයයි. මේ තරගය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයන් ඇතිවන්නා සේම පරිහානියන් ද ඇති වන බව අපි අත්දැකීමෙන් ම දනිමු. තරගයේදී ඇතිවන හා ඇතිවිය හැකි හානි වළකා ගැනීම සඳහා රාජ්‍ය මට්‌ටමින් ප්‍රතිපත්ති සකස්‌ වීම අත්‍යවශ්‍යය.

අපේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තිබෙන තරගය පිළිබඳ විවිධ කථා බහ ඇති වුවද ඒවා නිසා සිසුන්ට හානියක්‌ නැත. නමුත් වෛද්‍ය විෂයයට අදාළව මෑත කාලීනව ඇති වූ තරගකාරී අධ්‍යාපනය මේ වන විට සමාජයේ විවිධ මට්‌ටම්වල කතාබහට ලක්‌ව ඇති කාරණයකි. වෛද්‍ය විෂය හදාරන්නන් සමාජගත වන්නේ වෛද්‍යවරුන් ලෙසය. ඒ නිසා ඔවුන්ගෙන් සමාජයට විය හැකි බලපෑම තක්‌සේරු කළ නොහැක.

ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විෂයය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වූයේ අද ඊයේක නොවේය. අපේ රටේ වෛද්‍ය වෘත්තියේ නියෑලී සිටින අය අතර ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් උගෙන උපාධිය දිනා ගත්තෝ සිටිති. යමක්‌ කමක්‌ ඇති අයගේ දරුවන්ට විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලව අධ්‍යාපනය ලැබීම ගැටලුවක්‌ නොවේ. නමුත් අපේ රටේ බොහෝ දෙමාපියන්ට ඒ ශක්‌තිය නැත. පාසලේ උසස්‌ පෙළ විෂයධාරාව සමත් වී විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට ලකුණු කීපයක්‌ අඩු වන සිසුන් ප්‍රමාණය කොතරම් ද? කලා විෂය ධාරාවන්ගෙන් උගත් දරුවන්ට ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග හා අධ්‍යාපන ආයතන ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට එවන් අවස්‌ථා අපේ රටේ විරලය.

මේ පසුබිම තුළ විවිධ අභියෝග හා හැල හැප්පීම් සමඟ මෑතක පිහිටු වූ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා දොරගුළු විවිර කළේය. ඒ සඳහා රජයේ අනුමැතිය ද ලැබී ඇති අතර දැනටමත් සිසුන් 887 දෙනෙකු බඳවා ගෙන අධ්‍යයන කටයුතු කරගෙන යමින් සිටිති. එසේ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ඇතැම් පිරිස්‌ සඳහන් කිරීම නිසා මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ද ගැටලුවකට මුහුණ දී සිටිති.

මේ සම්බන්ධයෙන් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ද විටින් විට මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කර තිබුණි. මීට අදාළව අධිකරණය ඉදිරියේ පැවැති නඩුවක්‌ රාජ්‍ය පාර්ශ්වයෙන් සමථයකට පත් කර ගෙන ඇත්තේ ද මෙම වෛද්‍ය විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අදාළ පහසුකම් සලසන බවට එකඟ වීමෙනි.

එහෙත් ගැටලුව එකතැන පල්වෙමින් මෙම විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා සිසුන් මානසික කම්පනයකට පත් කර ඇති බව පෙනෙන්නට තිබේ.

සමාජය තුළ උද්ගත වන ඇතැම් ගැටලු තත්ත්වයන්හිදී මාධ්‍යයන්ට ද උඩුගම් බලා පීනන්නට සිදු වේ. මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තත්ත්වය ද එසේමය. ඒ කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් විරෝධතා දක්‌වන පාර්ශ්වයන් හා රජය ද රටේ මහජනතාව ද මෙම ප්‍රශ්නයට විසඳුම් සොයන මාර්ගයකට යොමුකරවීම වගකිවයුතු මාධ්‍ය ආයතනයක යුතුකම සේ අප සලකමු.

මේ නිසා අප මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සැබෑ තත්ත්වය සොයා ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළෙමු. 2009 ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ලියාපදිංචි කර ඇති මෙම වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ද පිළිගෙන ඇති බව 2011.08.30 දිනැති අංක 1721/19 ගැසට්‌ නිවේදනයෙන් ද පැහැදිලිය. මෙම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබන වෛද්‍ය සිසුන් සඳහා එම්. බී. බී. එස්‌. (MBBS) උපාධි ප්‍රදානය ද 2013.09.26 දිනැති අංක 1829/36 දරන ගැසට්‌ නිවේදනයෙන් පිළිගෙන ඇත.

මේ තත්ත්වය තුළ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් මතු වූ දුෂ්කරතා මඟහරවා ගැනීමේ අපේක්‍ෂාවෙන් 2013 අප්‍රේල් මස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල ද ආරම්භ කර තිබේ.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලින් ප්‍රදානය කරන උපාධිය පිළිගැනීමට හෝ එසේ උපාධි ලබා ගන්නා අයට වෛද්‍ය වෘත්තියේ නියෑලීමට ඉඩදීම සම්බන්ධයෙන් විටින් විට විවිධ ගැටලු මතුකර ඇත. අදත් ඔවුන් එම ස්‌ථාවරයේම සිට කටයුතු කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් 60 - 70 ක්‌ පමණ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එමෙන්ම මෙරටේ මෙන්ම විදේශීයව ද විවිධ ක්‍ෂේත්‍රවල නියෑලී නිපුණතා ඇති විද්වතුන් බොහෝ දෙනකු මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙගුරුන්ය.

රජයේ අනුමත ක්‍රමවේදයන්ට හා ඒ සීමාවන් යටතේ මෙම වෛද්‍ය විදුහලට සිසුන් ඇතුළත් කර ගන්නා අතරම වසර පහක කාලයක්‌ සඳහා එක්‌ ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල රුපියල් මිලියන 9 ක්‌ පමණ වේ. මෙය මුදල්a ඉපයීමේ ජාවාරමක්‌ ලෙස චෝදනා කරන්නට අපට නොහැකි වී ඇත්තේ මේ වන විටත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 172 දෙනකුට මෙම විදුහලේ වෛද්‍ය උපාධිය හදාරන්නට ශිෂ්‍යත්ව ලබාදී ඇති බැවිනි.

පෞද්ගලික වෛද්‍ය විදුහලක අධ්‍යාපනය ලබන සිසුqන්ට ඒ සඳහා පහසුකම් තිබීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව අප අවධානය යොමු කළ අතර මෙම විද්‍යාලයේ යටිතල පහසුකම් ද සෑහීමකට පත් විය හැකි මට්‌ටමක පවතින බව පෙනේ. දේශන ශාලා 23 ක්‌ පංති කාමර 21 ක්‌ රසායනාගාර 11 ක්‌ විභාග ශාලා 03 ක්‌ අධ්‍යයන ප්‍රදේශ 03 ක්‌ පරිගණකාගාර 2 ක්‌ ඇතුළු පහසුකම් ද මෙම වෛද්‍ය විද්‍යාලයට ස්‌ථිර මහාචාර්යවරු 15 ක්‌ ද වෙනත් මහාචාර්යවරු 7 ක්‌ ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු (ස්‌ථිර) 40 ක්‌ ද වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු 26 ක්‌ ද කථිකාචාර්යවරු (ස්‌ථිර) 41 ක්‌ හා වෙනත් තාවකාලික කථිකාචාර්යවරු 21 ක්‌ ද අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති. මේ අනුව සිසුන් 7.7 කට එක්‌ ගුරුවරයෙක්‌ බැගින් සිටීම ද හොඳ මට්‌ටමක්‌ සේ පිළිගැනේ.

අප දැන් අවධානය යොමු කළ යුත්තේ මේ පසුබිම තුළ වෛද්‍ය විදුහල පිළිගත නොහැකිද? එසේ පිළිගත නොහැකි නම් එය පිළිගත් තත්ත්වයට පත් කළ හැක්‌කේ කෙසේද යන්නය. අපේ රටේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ අය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යාව හදාරා අපේ රෝහල්වල වෛද්‍යවරු ලෙස සේවය කරන බව අපි දනිමු. එසේ නම් අපේ රටේ මුදල් පිටරටට ඇදී යැම නවතා අපේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ දරුවන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනීමට අවස්‌ථාව සැලසීම අගය කළ යුතුය. නමුත් ඒ උගත් දේ සම්පූර්ණ වීමට අවශ්‍ය අනපනත් සකස්‌ කිරීම හා සහයෝගය ලබා දීම රජයේ වගකීමය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ප්‍රතිපත්තියක්‌ ලෙස පිළිගන්නා බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ප්‍රකාශ කර ඇත. එසේ නම් මෙම විදුහලට බාධාවක්‌ ඇති විය නොහැක. කළ යුත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මැදිහත් වී ඔවුන් අපේක්‍ෂා කරන වෛද්‍ය උපාධිධාරීන් මෙම පෞද්ගලික රෝහලින් බිහිකරවා ගැනීමට සහාය වීමය. රටට ආදරය කරන රටේ දියුණුවට කැමැති අපේ දරුවන්ගේ අනාගතය සරු කරන්නට අතහිත දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යයක්‌ වීම මෙම විද්‍යාලය ඉදිරියට ගෙන යැමට ඇති මඟය.

අඩුපාඩුකම් දුර්වලකම් පෙන්වා දී ඒවා සම්පූර්ණ කරන්නේ දැයි විමසීමෙන් බලා අංග සම්පූර්ණ වෛද්‍යවරයකු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිකර ගැනීමෙන් සිදුවන්නේ අපද තරගකාරී ලෝකයේ ඉදිරියට ගමන් කිරීම නොවේද? දැනටමත් උපාධිය නිම කර ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන්ට නේවාසික වෛද්‍ය පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් මේ උපාධිධාරී ශිෂ්‍යයෝ අපේක්‍ෂා කරති. ඒ පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද නොකළ යුතු කාර්යයක්‌ යෑයි අපි සිතමු.
Read Post | comments

මක්කම ඛේදවාචකය

වර වාර්ෂික මක්කම වන්දනා සමය අවසන් වූයේ මහා ඛේදවාචකයකිනි. තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 717ක් බව තහවුරු කොට තිබේ. එහෙත් සිකුරාදා දිනය වන විටත් සෞදි අරාබි ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තවමත් මළ සිරුරු ගණන් ගනිමින් සිටින බවයි. මක්කම වීදි දිගේ මළ සිරුරු අතුරා තිබූ අතර මිනා හි ප්‍රධාන මාර්ගවල සුදු පැහැ ඇඳුම් සහ පෑගී තැළී ගිය වතුර බෝතල් දහස් ගණන් දක්නට ලැබී තිබේ.

මෙවර හජ්ජි වන්දනා සමය මුස්ලිම් බැතිමතුන්ට එතරම් සුබදායී ‍නොවන බවට ඉඟි ලැබුණේ පසුගිය 11වැනිදා මක්කම දී දොඹකරයක් පෙරළීමෙන් සීයකට අධික පිරිසක් මිය ගිය අවස්ථාවේදී ය. හජ් වන්දනා සමය අවසන් වන මිනා හි යක්ෂයාට ගල් ගැසීමේ අවස්ථාව යනු සාමාන්‍යයෙන් වන්දනාකරුවන් තෙරපීමට ලක් වන ස්ථානයකි. මීට පෙර 2006 වසරේදීද මිනා හිදී තෙරපීමෙන් වන්දනාකරුවන් 364ක් මිය ගිය අතර 1990දී වන්දනාකරුවන් 1426ක් මියගොස් තිබේ.
ඒ අනුව මෙවර ව්‍යසනය වසර විසිපහකට පසුව සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙසින් ඉතිහාසයට එක් වී තිබේ. මිනා මක්කම සිට කිලෝමීටර් 3ක දුරින් පිහිටා ඇති අතර වන්දනාකරුවන් මිනා වෙත පැමිණෙන්නේ හිමිදිරියාමයේ ය. සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන 9 පමණ වන විට තිබී ඇත්තේ අධික උණුසුමකි.

වාර්තාවන අන්දමට එය සෙල්සියස් අංශක 46කි. මේ හේතුවෙන් වන්දනාකරුවන් දැඩි පීඩාවට සහ නොරිස්සුම්සහගත බවකින් පසුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එසේ වුවද වන්දනාකරුවන් චෝදනා කරන්නේ සෞදි බලධාරීන් වන්දනාකරුවන්ට නිසි පහසුකම් ලබා නොදුන් බවයි.

වන්දනාකරුවන් සිටියදීම පොලීසිය විසින් මාර්ග වසා දැමූ බවට ඇසින් දුටු සාක්ෂීද ලැබී තිබේ. එමෙන්ම මේ හේතුවෙන් වන්දනාකරුවන්ට නිසි පරිදි වන්දනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවටද සෞදි බලධාරීන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී.
Read Post | comments

චීනය විනිවිද පෙනෙන එල්ලෙන වීදුරු පාලමක් හදයි

විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත. දිගින් අඩි 984 ක් වන මෙම පාලම පිහිටා තිබෙන්නේ පොළවේ සිට අඩි 590 ක් ඉහළිනි.
පහළින් තිබෙන්නේ මහා ප්‍රපාතයකි. පොළොව විනිවිද පෙනෙන සුළු නිසා මෙය මතින් යන සෑම කෙනෙක්ම ගමන් කරනුයේ බියෙන් සැලෙමින්ය. නමුත් ත්‍රාසය සොයන්නන් අතර මෙම පාලම ඉතාම ජනප්‍රිය බව සඳහන්ය.
මෙහි නිර්මාපයකින් පවසන්නේ පොළොව වීදුරු වලින් තනා ඇතත් එය කඩා වැටේයැයි කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. මෙම වීදුරු සාමාන්‍ය භාවිතයේ පවතින සවිමත් වීදුරු වලට පවා 25 ගුණයකින් පමණ ඝණකම් බවද, විවිධ පරිසර තත්ත්ව හමුවේ වුවත් ඒවාට හානි නොවන බවද ඔවුන් කියයි.
පාලම මතින් ගමන් කළ යුතුවන්නේ විශේෂයෙන් තැනූ පාවහන් පැළැඳගෙනය. මෙම ස්ථානයේ අතීතයේ සිටම පාලමක් තිබී ඇති අතර ලී වලින් තනා තිබූ එය ඉවත් කර දමා මෙම නව පාලම ඉදිකර තිබෙන්නේ මෑතකදීය.





Read Post | comments

Tele Actress Kaveesha Hemasiri's Birthday

 Kaveesha Hemasiri's Birthday











Read Post | comments

බලපත් නැති බසයකට දඩය ලක්ෂයයි

මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බස් රථවලට පනවා ඇති රුපියල් 10,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රුපියල් 10,000ක දඩ මුදල ප්‍රමාණවත් නොවන බවත් එම නිසා අවශ්‍ය පනත් සංශෝධන කඩිනමින් ගෙන එනු ලබන බවත් ඇමැතිවරයා කීය.

රජයේ නිලධාරීන්ගේ මෙන් ම දේශපාලනඥයන්ගේ ද බස් රථ රැසක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බවත් මේ වන විට උතුරු පළාතේ බස්රථ 90ක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බව හඳුනාගෙන තිබේ. එම බස් රථ වහාම අත්අඩංගුවට ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
Read Post | comments

ජපානයෙන් විශාලතම පෙරළියක්

න්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ දී ලෝක කුසලාන තරගාවලියන් දෙකක් පැවැත්වෙයි. ඒ රග්බි සංගම් සහ රග්බි ලීග් වශයෙනි. රග්බි සංගම් සහ රග්බි ලීග් ක්‍රීඩාවන්හිදී කණ්ඩායමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රමාණය සහ සමහර නීති රීති වෙනස් වේ. මින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව වඩාත්ම ජනප්‍රියතම වන්නේ රග්බි සංගම් ක්‍රීඩාවයි. මේ වන විට පැවැත්වෙන්නේ රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියයි.

මෙවර පැවැත්වෙන්නේ එහි 08 වැනි තරගාවලියයි. රග්බි ඇතුළුව ජනප්‍රිය ක්‍රීඩා කිහිපයක්ම ලොවට හඳුන්වා දුන් එංගලන්තය මෙවර තරගාවලියේ සත්කාරක රට වේ. ඔවුන් ලෝක කුසලාන රග්බි සංගම් තරගාවලියක සත්කාරකත්වය 1991 වසරේදී ද දරනු ලැබීය.

08 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 18 සිට ලබන ඔක්තෝබර් මස 31 දක්වා පැවැත්වීමට නියමිතය. ඊට සුදුසුකම් ලබා තිබෙන රටවල් ගණන 20 කි. මේ අතරින් ආසියාව නියෝජනය කරන එකම රට වන්නේ ජපානයයි. මේ දක්වා පැවැති තරගවලදී විශාලතම පෙරළිය සිදු කිරීමට සමත්වූයේද ජපානයයි. ඒ මුල් වටයේ තරගයකදී ප්‍රබල දකුණු අපි‍්‍රකාව ලකුණු 34 - 32 කින් පරාජය කරමිනි.

වත්මන් අන්තර්ජාතික කණ්ඩායම් වර්ගීකරණයේ දී දකුණු අප්‍රිකාවට අංක 03 සහ ජපානයට අංක 13 ස්ථානයන් හිමි වී තිබේ. එමෙන්ම 1995 සහ 2007 දී ලෝක ශූරයෝ වූයේද ඔවුන්මයි. ඔවුන් ජපානය හමුවේ තරගයක් පරාජය වූයේත් පළමු වතාවටයි. මෙම විශිෂ්ට ජයග්‍රහණය ලැබීමට පෙර ලෝක කුසලාන රග්බි තරගාවලියන්හිදී ජපානයට පිට පිටම තරග 18 කම ජයක් ගැනීමට හැකි වූයේ නැත. ඔවුන් අවසන් වරට ජයග්‍රහණයක් ලැබුවේ 1991 දී සිම්බාබ්වේට එරෙහිවය. ඒ ලකුණු 52 - 08 ක් වශයෙනි.

මෙවර තරගාවලියේ ප්‍රථම තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 35 - 11 කින් ෆීජි පරාජය කරමිනි. එංගලන්තය උත්සාහ කරන්නේ රග්බි සංගම් ලෝක කුසලාන ශූරතා 02 ක් ජය ගත් සිවුවන රට බවට මෙවර පත්වීමටයි. කෙසේ වෙතත් මේ වන විට ජපානයට අමතරව පෙරළිකාර ජයක් ලැබූ තවත් රටක් වේ. ඒ ජෝර්ජියාවයි. ඔවුන් ලකුණු 17 - 10 කින් ටොංගා කණ්ඩායම පරාජය කරන ලදී. ජෝර්ජියාව සහභාගි වන සිව්වන ලෝක කුසලාන තරගාවලියත් එහිදී ඔවුන් ජයගත් තෙවන තරගයත් මෙය වේ. මීට පෙර ඔවුන් 2007 දී නැමීබියාවත් 2011 දී රුමේනියාවත් පරාජය කරනු ලැබූහ.

ටොංගා සමඟ පැවැති තරගයට ක්‍රීඩා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ජෝර්ජියාවේ 18 හැවිරිදි වැසිල් ලොබ්ස්හානිඩ්සේ සමත් වූයේය. එනම් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයා වීමයි. මීට පෙර වාර්තාව 2007 තරගාවලියේදී පිහිටුවා තිබුණේ ඇමෙරිකාවේ ට්‍රොටොන් පැලැමෝ විසිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 19 දින 08 කි.

මේ අතර ගියවර ශූරයෝ වන ඕල් බ්ලැක්ස් නමින් ප්‍රකට නවසීලන්තය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදී ලකුණු 26 - 16 ක ජයක් ලැබුවේ ආර්ජන්ටිනාව හමුවේදීය. එම තරගය සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී නැරැඹූ පිරිස 89,000 ඉක්මවීය. එයත් වාර්තාවකි. එනම් ලෝක කුසලාන රග්බි තරගයක් නැරැඹූ වැඩිම පිරිස එය වීමෙනි. මීට පෙර වාර්තාව වූ 82,957 ක පිරිසක් 2003 අවසන් මහ තරගය නරඹා තිබුණාහ.

තවමත් ලෝක ශූරතාවක් හිමිකර ගැනීමට හැකි වී නැති ප්‍රංශය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදිම අසල්වැසි ඉතාලිය ලකුණු 32 - 10 කින් පරාජය කළහ. මෙම දෙරටේම ප්‍රධාන පුහුණුකරුවන් වන්නේ ප්‍රංශ ජාතිකයන්මයි. ප්‍රංශයට ලෝක කුසලාන අනුශූරතා 03 ක්ම හිමි විය. වත්මන් ලොව අංක 01 හිමි නවසීලන්තය මෙවර තරගාවලියත් ජයගතහොත් පිට පිට රග්බි සංගම් ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රථම රට බවට නව වාර්තාවක් පිහිටුවනු ඇත.
Read Post | comments

‘හයිබ්‍රිඩ්’ අධිකරණය අහෝසියි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව මඟින් සිදුකෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අයත් එකක් බවත් මෙමඟින් හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වි ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ප්‍රකාශ කළේ ය.

මේ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු බව ද කෙරී මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව එම මානව හිමිකම් යෝජනාවට අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය අගය කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ යෝජනාව මඟින් මෙතෙක් විසඳුම් නොමැති ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශීය විමර්ශන ක්‍රියාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල රටවල් අතර එකඟතාවක් ඇති වී තිබෙන අතර ඒ යටතේ ආසියාතික රටවල් කිහිපයකට ද දේශීය යන්ත්‍රණය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේ ය‍.මේ හරහා හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් වුණු යෝජනාවට තවත් වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ එක්වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම අවසන් යෝජනාව ලබන 30 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඒකමතිකව සම්මත කිරීමට නියමිත ය.
Read Post | comments

වෑන් රියක් ගිය මග

දියතලාව ඉදිරියගොල්ල සුසාන භූමිය අසල දී අද අළුයම 1.30ට පමණ වෑන් රියක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළී වැන්රියේ රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා ඇත. විනෝද ගමණක් යාම සදහා පිරිසක් ගැනීමට යමින් සිටි මෙම රථය රියදුරුට නින්ද යාම නිසා අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කරයි. රථය පෙරලුනු නිවස තුල ඒ අවස්ථාවේ නිවසියන් සිට නැත. තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.




Read Post | comments

සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය මගෙ රංගන ජීවිතය වෙනස් කළා

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය. නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි. හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.
ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

“ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැ‍ලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

“වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට  දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා. කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්‍රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට, දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා. එහෙත් වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

“දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ‍ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ‍ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.
Read Post | comments

ඩී.එන්.ඒ වාර්තා එනතුරු පාසල් සිසුවාත් යළි රිමාන්ඩ්

කොටදෙණියාවේ, බඩල්ගම සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාසල් සිසුවා ඇතුළු මුල් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (28) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොටදෙණියාව පොලිසියද රහස් පොලිසියද යන ප්‍රශ්නය මහේස්ත්‍රාත්වරයා මතු කළේය. අද රහස් පොලිසිය උසාවියට පැමිණ සිටියේ නැත.

නොපැමිණීමට හේතුවක්ද දක්වා තිබුණේද නැත. ළමයා ඇප මත මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි දස දෙනෙක් පමණ නීතිඥවරු ඉල්ලා සිටියහ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඊට විරුද්ධ විය. ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තා ලැබී නැතැයිද ලැබෙනතුරු ඔවුන්ට ඇප නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නීතිඥවරුන් එවිට කියා සිටියේ එසේ නම් ජාන පරීක්ෂණ සඳහා ලේ ලබාගත් සෙසු සැකකරුවන්ද රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත්ද යන්නයි. මෙම දෙදෙනාව දින තුනක් පොලිසියේ රඳවාගෙන පහරදී ඇතැයි නීතිඥවරු කීහ. ඔවුන් වහාම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත යොමු කර වාර්තාවක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පොලිසිය හා ජනමාධ්‍ය මේ සිද්ධියේදී ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේ නොකළ හොත් සැකකරුවන්ට තදබල අසාධාරණයක් සිදුවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. තමාට ඇප දීමේ බලයක් නැතැයිද තමාට කළ හැක්කේ සාක්කි නැත්නම් මුදා හැරීම පමණක් යැයිද මහේස්ත්‍රාත් කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක්ද රිමාන්ඩ් කර සිටියි.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all