Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts
Showing posts with label සාහිත්‍ය/කලා. Show all posts

සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය මගෙ රංගන ජීවිතය වෙනස් කළා

Monday, September 28, 2015

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය. නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි. හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.
ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

“ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැ‍ලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

“වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට  දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා. කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්‍රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට, දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා. එහෙත් වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

“දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ‍ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ‍ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.
Read Post | comments

ඔස්කා තරුව සම්මානය දැක දැක ඇද වැටෙයි

Monday, March 11, 2013

මෙවර ඔස්කා සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ජෙනිෆර් ලෝරන්ස්. ඒ ඇය ‘සිල්වර් ලයිනින්ස් ප්ලේ බුක්’ චිත්‍රපටයේ නිරූපණය කළ චරිතය වෙනුවෙන්.

ජෙනිෆර් තම සම්මානය ලබා ගැනීමට වේදිකාවේ පියගැට පෙළ මතින් ගමන් කරද්දී ඇද වැටුණා. නමුත් ඇයට කිසිදු තුවාලයක් සිදුවුණේ නැහැ. සම්මානය දෝතට ගත් ඇය පේ‍්‍රක්ෂකාගාරය අමතමින් පැවසූ වචන කිහිපයේ දී සැලකිය යුතු අත්වැරදීමක් සිද්ධ වුණා. ‘සිල්වර් ලයින් ප්ලේ බුක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ඕ. රසල්ට සහ එහි නිෂ්පාදක හාවේ වීන්ස්ටීන් හට තම ස්තුතිය පුද කරන්නට ඇයට අමතක වුණා.

කොහොම වෙනත් ඉන් පසුව ඇමරිකානු මාධ්‍ය ඇමතූ ඇය චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාට ස්තුතිය පළ කර සිටියා. තවමත් 22 වැනි වියෙහි පසුවන ජෙනිෆර් පැවසුවේ හොඳම නිළියට හිමිවන ඔස්කා සම්මාන දිනා ගත් මොහොතේ දී තමන්ට කිසිවක් සිතා ගන්නට නොහැකි වූ බවයි.
Read Post | comments

රණ්ඩු වෙවී යාළු වෙවී...

රොබට් පැටින්සන් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් යුවළ ද විරසක වූ පෙම් යුවළක්. පසුගිය දා පැවැත්වුණු ඔස්කා සම්මාන උලෙළට දෙදෙනාම සහභාගි වුණා. නමුත් එකට සහභාගි වුණේ නැහැ. මේ සිනමා සම්මාන උලෙළේදී රොබට් නිවේදකයෙකු ලෙස ද කටයුතු කළා. ක්‍රිස්ටීන් ඔහු දෙස බලා සිටියා. සම්මාන උලෙළින් පසුව ක්‍රිස්ටීන් ඔහුව දුටුවේ නැහැ.

ඇයට අවශ්‍ය වුණේ කෙසේ හෝ රොබට් වෙත ඇමතුමක් දෙන්නයි. ඇයගේ උත්සාහය සඵල වුණා. ඇය අමතන විට ඔහු සිටියේ ඔස්ට්‍රේලියාවේ. ඒ ‘ද රෝවර්’ නම් වූ චිත්‍රපටයේ රූපගත කිරීම්වල යෙදී සිටිද්දීයි. ක්‍රිස්ටීන් ගෙන් ලද දයාබර ඇමතුම ඔහු මුළු හදවතින්ම පිළිගත්තා. ඇය සමඟ සෑහෙන වේලාවක් කතා කළා.

රොබට් ඒ මොහොතේ නුදුටු විශේෂ දෙයක් තිබුණා. ඒ තමයි ක්‍රිස්ටීන් ගේ ඇඳුම. ඇය ඔහුට දුරකථනයෙන් අමතද්දී ඇය හැඳී සිටියේ ඔහුගේ ටී ෂර්ට් එකක්. සමහරවිට පසුව මේ බව රොබට් දැනගන්න ඇති. ක්‍රිස්ටීන්ගේ ආදරයේ තරමත් තේරුම් ගන්න ඇති.
Read Post | comments

සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි

Sunday, March 10, 2013

ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ   සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ. හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ වීමෙනි. සජීවී ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයට ලාංකික හඬ එකතු කරන්නට ඔහුට හැකි වීම අප සැම ලැබූ භාග්‍යයකි. ඒ දක්වා කරුණාරත්න අබේසේකරයන් විසින් ආනන්ද නාලන්ද මහා තරගයේ අවසන් දිනයේ විනාඩි 45ක කාලයක් සජීවී ප්‍රචාරය ලබා දී තිබුණි. 1960-1962 වර්ෂවල නාලන්ද පළමු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ පාලිත පළමුවෙන්ම සජීවී ප්‍රචාරයක් ගෙන එන්නේ 1963 දී කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ සිට ආනන්ද නාලන්ද තරගයකදීමය. ආනන්ද විදුහ‍ලේ ගණිත  ගුරුවරයෙකු වූ රගුනාත් වීරසිංහ මහත්මා ඔහුගේ අනෙක් සිංහල නිවේදකයා විය. එම තරගයේ ආනන්ද විදුහ‍ලේ නායකත්වය දැරුවේ අශෝක පෙරේරාය. නාලන්දයේ නායකයා වූයේ සරත් විමලරත්නය.

එතෙක් කල් ගුවන් විදුලියෙන් ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රිකට් ඇසූ ලාංකිකයන්ට නවමු සිංහල වදන් සමගින් ඔහු කළ වික්‍රමය මහත් සතුටක් ගෙන දුන්නේය.  1963 වසරේ එදා එම පළමු විස්තර ප්‍රචාරයට සවන් දුන් අය අතර “ලක්බිම” ප්‍රධාන කර්තෘ වන සුන්දර නිහතමානි ද මැල් මහතා වෙයි. එතුමා තම 8 වසරේ ඉගෙනුම ලබන අයියා සමග එය අසද්දී පුදුමයට පත් වූ බවත්, 5 වසරේ ඉගෙනුම් ලබමින් සිටි ඔහු එය ඇසුවේ පිලිප්ස් වර්ගයේ වෑල්ව් රේඩියෝවකින් බවත් පසුගිය සතියේ ඉරිදා ලක්බිම කතු වැකියේ සඳහන් කර තිබුණි.

එදා 1963 ඕවල් ක්‍රීඩාංගණයේ දර්ශන තිරය පසෙකින් පකිස් පෙට්ටියක් මත පුටුවක් තබාගෙන පාලිත විසින් කථනය කරද්දී අව් රශ්මියෙන් වැළකීමට කුඩය ඔසවාගෙන සිටියේ නිවේදක රගුනාත්ය. ඉන්පසු රගුනාත්ට සෙවණ දුන්නේ පාලිත ඔසවාගෙන සිටි කුඩයයි. දෙමළ හෝ ඉංග්‍රීසි නිවේදන නොතිබුණු අතර පුරා දෙදිනක් පැය 12ක කාලයක් ඔවුන් දෙදෙනා නොකඩවා තරගය පිළිබඳ සජීවි ප්‍රචාරය ගෙන ගියේ අද මෙන් විශේෂ වායුසමීකරණ කුටි හෝ වේදිකාවක් හෝ නොමැතිවය.

එම ක්‍රීඩා විචාරයට වසර 9ක් සම්පූර්ණ වෙද්දී ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයට ප්‍රේමසර ඈපාසිංහ යන වටිනා නිවේදකයා 1972 සම්බන්ධ වන්නේ රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී පාලිත සමගිනි. මොවුන් දෙදෙනා යටතේ මේ වන විටදී බිහිවී ඇති දක්ෂ නිවේදකයින් බොහෝ දෙනෙක් අද ලාංකිකයන්ගේ සවනට නිරතුරුවම සජීවී ක්‍රිකට් ප්‍රචාරයන් ගෙන එති.

ගම්බද ප්‍රදේශයකදී පාලිත දකින වැට මායිමේ ඇති දර්ශනය සමගින් “කඩුල්ල” යන වචනය සිංහල ක්‍රිකට් විස්තර විචාරයට එකතු කරද්දී තවත් වචන ගණනාවක් සජීවී ප්‍රචාරයට ගෙන එන්නේ ලාංකික අනන්‍යතාවයක් ක්‍රිකට් භාෂාවට  එකතු කරමින්ය. එයින් ලද ජීවය දේශීය අසන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් සමීප කරලීය. ගමෙන් නගරයට ක්‍රිකට් ගෙන යන්නට ඔවුන් කළ මෙහෙය වැදගත්ය.

කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අට්ටාලයක හිඳ හේනේ අට්ටාලයට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යන්නට ගුවන් තරංගවලට තම හඬ මුසු කළේ හෙළ ජන සාහිත්‍යයේ අපූරු සුන්දර වැකි යොදා ගනිමිනි. අද මෙන් රූපවාහිනිය වටා රොක් වී අනවශ්‍ය ලෙස කාලය නොගෙවූ ක්‍රීඩාලෝලීන් විස්තර ප්‍රචාරද අසමින් තම ෙදෙනික කටයුතුවල නිරත වූහ.

කිසිදු දිනක ක්‍රිකට් ක්‍රීඩා පිටිය නොදුටු ඈත පිටිසර ගැමි ජනතාවගේ හදවත් තුළ “ක්‍රිකට් පිටියක් තැනීමට” ඔහුට හැකි වූයේ සරල සුගම වචන සමග දේශීයත්වයේ හඬ අව්‍යාජව, ගුවන් තරංග තුළ  මුසුකළ බැවිනි. ඔහුගේ භාෂා දැනුම, උගත්කම තුළ ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩා විචාරයකු ලෙස ගමන් කිරීමට තිබූ අවස්ථාවද ලාංකික අප වෙනුවෙන් කැප කළ බව සිතේ.

ක්‍රිකට්වලින් නොනැවතුන ගුවන් විදුලිය, එල්‍ලේ, වොලිබෝල්, මෙන්ම සෑම ක්‍රීඩා ඉසව්වකටම තම සජීවීකරණ හඬ එකතු කරන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට සමීප වෙමින්ය. වෙල්යායක හෝ ක්‍රීඩාංගණයක අඩි 15 පමණ උසට තට්ටු 02කින් පමණ තැනූ ලී අට්ටාලයේ සිට ගුවන් විදුලි තරංග ඔබ නිවසට පා කර එවීමට ඔවුන් වෙහෙස විය.

විදේශීය තරග සංචාරයන් හිදී ද ශ්‍රී ලාංකික දස්කම් අප වෙතට ගෙන ඒමට කළ සේවයට අප සැමගේ කෘතගුණතාවය ඔවුනට හිමි විය යුතුය. 1980 දශකයට පෙර ගුවන් විදුලිය නොවන්නට එවන් දසුන් සජීවීව මවන්නට වෙනත් මාධ්‍යයක් නොමැති විය. ගුණාත්මක කථනයන් උදෙසා ඔවුන් දැරු වෙහෙස කතෛක්ද, යත් ආකර්ෂණීය ගුවන් විදුලි හඬ රූපවාහිනියේ දසුන් සමග නැරඹීමට ප්‍රේක්ෂකයින් අද ද පුරුදු වී සිටින්නෝය.

මා මේ වටිනා කාර්යභාරයේ නියමුවා වූ අදටත් ක්‍රිකට් සමග සජීවීව සම්බන්ධ පාලිත පෙරේරා සොයා එස්.එස්.සීයට පිය නැගුවේ ඔහුගේ සුවිශේෂී කාර්යභාරයේ සටහන් ඔබ වෙත රැගෙන ඒමටය. මියුසියස් විදුහ‍ලේ ගුරුතුමියක් වූ දයාබර බිරිඳ ලීලා පෙරේරා මහත්මිය සමග පිටියට පැමිණ සිටියදී පාලිත පෙරේරා හමුවීම සුවිශේෂී විය.

නාලන්දාවේ නලින් අ‍පොන්සුගේ ආරාධනයෙන්, පාලිතයන් සමග මා අට්ටාලයට පිය නැගුවෙමි. ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයේ ආනන්දයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සටහන් කරමින් පන්දුවෙන්  පන්දුවට විස්තර සජීවීව ගෙන එමින් මේ ඔහු සටහන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ 50 වසරක සිංහල ක්‍රිකට් විස්තර විචාරයේ කඩඉමයි. වසර 70 වන ඔහුගේ දිවියේ 50 වසරක නොනිමි මෙහෙවර ක්‍රීඩාලෝලීන් සතුටින් ගුවනින් අසද්දී ඓතිහාසික අවස්ථාවට එකතු වන්නේ ගුවන් විදුලියේ කැලුම් විජේසිංහ, ඕවිරි කුරුප්පු මෙන්ම පාලිත පෙරේරාම බිහි කළ නාලන්දයේ නලින් අ‍පොන්සුය.

නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙස මා ද අයි.ටී.එන්. හි වීඩියෝ ශිල්පියාද ලබාගත් දසුන් අද ඔබ අප සැමගේම වටිනා සිහිවටනයන්ය. වසර 08 පමණ කුඩා ශිෂ්‍යයකු ලෙස ඔහුගේ ක්‍රීඩා විචාරය ඇසූ පළමු කාලයේ සිට අද දක්වා නොනැවතී එක ලෙස ගලා යන අව්‍යාජ ස්වරය සහ ජීවය මැදි වයසේ දී ඔහු ළඟටම වී ඇසීමට මා පිං ලදිමි. මා 4 වසර ශිෂ්‍යයෙකුව සිටියදී පළමුවෙන් ක්‍රිකට් තරග ඇසුවේ රේඩියෝව සෙල්ලම් ගෙදර තුළ තබාගෙනය. ගසක අට්ටාලයක් තනා ඒ තුළට රේඩියෝව රැගෙන ගොස් ඇසුවේ අම්මාගෙන් බැණුම් අසමිනි.

නෙතඟ වෑහෙන සතුටු කඳුළු සමග ඔහුගේ වචන එක දිගට ආයාසයකින් තොරව ගලා යයි. පාලිතගේ ආරක්ෂණීය වදන් මාලාවේ හඬ ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට සැමදා අවැසි විය. ඔහුට ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද එක ලෙස  ඇළුම් කළහ.  පර්සි අබේසේකරත්, පාලිත පෙරේරාත් තරගයකදී මෑතකදී හමු වූ විටදී මා ඇසුයේ ඔබලා  මෙතරම් තරුණ ලෙස ජීවත් වන්නේ කෙලෙසද යන්නයි. “සිතිවිලි යහපත් නම් නිරෝගී නම් ජීවිතය ලස්සනයි” 
පාලිතගේ  පිළිතුර විය. සිතුණ දෙය අපට දුන් සැම විටම නොබියව පෑන හැසිරවූ ඔහුගෙන් විවිධ වූ ක්ෂේත්‍රයන් ‍පෝෂණය විය.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාපිටියේ 2013 මාර්තු 03 දින තේ පානයෙන් පසුව, අප ආදරය දිනූ පාලිත පෙරේරා සිය 50 වසරක ක්‍රිකට් මතක සටහන් අවදි කරමින් සාරාංශ ගත කරන ලද ගුවන් විදුලියේ සජීවී ප්‍රචාරක ඉතිහාසයට සවන් දුන් සැවොම, ගුවන් විදුලියේ සැම කළ සේවයට නිහඬව ගෞරවය පුද කරනු නොඅනුමානය. පාලිතයන්ගේ අඩසියවසක දැවැන්ත මාධ්‍ය මෙහෙවර අගය කරමින් ආනන්ද-නාලන්ද ඒකාබද්ධ කමිටුව සජීවී ක්‍රිකට් විස්තර ප්‍රචාරයක් සඳහා ඔහුට ආරාධනය කිරීම   පිළිබඳ සැමගේ ස්තූතිය ඔවුනට හිමිවිය යුතුය. නොසිතූ ලෙස තරගය තේ පානයෙන් පසු නතර කරනු ලැබූවත් එයට පෙර මාධ්‍ය දිවියේ  වඩාත් ආදරය කළ සජීවි ක්‍රිකට් ප්‍රචාරය අප වෙනුවෙන් ගෙන ඒමට ස්වභාවධර්මය ඔහුට ආශීර්වාද කළේය. පුරා වසර 50ක් අඛණ්ඩව ක්‍රිකට් සිංහලෙන් ගෙන එන්නට ඔහු කළ කැපවීම පිළිබඳ සමස්ත ක්‍රීඩාලෝලීන් තුළ ඇත්තේ අපමණ ගෞරවයකි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන ඔහු අද ද මාධ්‍යකරණයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැප වෙයි. සංවේදී හදවතක් හිමි මානව දයාවෙන් පිරිපුන්, නිහතමානී කලාකරුවෙකු ඔහු තුළින් බිහිවීමට ඉඩ හසර හෙළිකළ ලක් මවට ඔහු පෙරළා යුතුකම් ඉටුකර හමාරය. අද දින මාධ්‍යකරණයේ යෙදෙන අප සැමට ඔහු වැනි ගුරුවරයෙකුගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය.

“මේ දක්වා මාගේ 50 වසරක සජීවි ක්‍රිකට් ප්‍රචාරයේදී මා හා එක්වුණු ශ්‍රී ලංකාවේ සතර  දිසාවේ ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ වෑල්ව් හෝ ට්‍රාන්සිස්ටර් රේඩියෝවක තුළින් මගේ හඬ ඇසුවා නම්, මට ආදරය කළා නම් එයට මා ණයගැතියි. ඔබ සියලුම දෙනාට ස්තූතියි” කියමින් එදා මෙදා තුර සහය දුන් සමස්ත ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට ද ස්තූති කරමින් සතුටු කඳුළු පිරි දෙනෙතින් පාලිත පෙරේරා ක්‍රීඩා අට්ටාලයෙන් නික්මිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ යුග මෙහෙවර අගය කරමින් පාලිත පෙරේරා ඇතුළු සමස්ත නිවේදකයින්ට ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රණාමය පුද කරමු. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට පාලිත පෙරේරා කළ කැපවීම තුළින් ඔහු ලද ආදරය, ඉතිහාසයේ නොමැකී පවතින නිහඬ උපහාරයක් වනු ඇත.
Read Post | comments

සෙලීනා ආයෙත් අලුත් වෙලා

ජස්ටින් බීබර් සහ සෙලිනා ගෝමස් යොවුන් පරපුර අතර ඉහළම ජනපි‍්‍රයත්වයක් දිනාගත් සුපිරි ගායක ගායිකා දෙපළක්. මේ දෙදෙනා සැබෑ ලොව පෙම්වතුන් ලෙසින් කාලය ගත කළා. මෑතක සිට දෙදෙනා විරසක වී සිටින බව රහසක් නොවෙයි. 

කලකට ඉහත දී සෙලිනා සමඟ ගී ගැයූ සංගීත කණ්ඩායම ද ඇයගෙන් වෙන් වුණා. දැන් නැවතත් මේ සංගීත කණ්ඩායම සෙලිනා සමඟ එක්වී සිටිනවා. සංගීත කණ්ඩායම ඇය වෙතින් ඉවත් වුණේ ඇය ගී ගැයීමට වඩා සිනමා රංගනය දෙසට සිත යොමු කිරීම නිසයි.

“දැන් අපි ආයෙමත් එකතු වෙලා. ඒක මගේ සංගීත ජීවිතයටත් රසික රසිකාවියන්ටත් සතුටුදායක කාරණයක්. මම මේ හැමෝටම ආදරෙයි.” සෙලිනා මේ බව සටහන් කර තිබුණේ තමන්ගේ ට්විටර් වෙබ් පිටුවේ.

නුදුරු දිනයක දී තමන්ගේ තවත් ගීත එකතුවක් නිකුත් වන බවත් සෙලීනා සටහන් කර තිබුණා. මේ ගීත එකතුවත් සමඟම සෙලීනා නවතාවකින් යුතුව රසික පරපුර අතරට එක්වේවි දැයි කවුරුත් විමසනවා.
Read Post | comments

මෙරිල් ස්ට්‍රීප් මන්තර කාරියක් වෙයි

සම්මාන ලාභී ප්‍රවීණ නිළි මෙරිල් ස්ට්‍රීප් ළඟදීම අලුත් චිත්‍රපටයක රඟපාන්නට බලාපොරොත්තු වන බවයි හොලිවුඩ්පුරෙන් දැනගන්නට ලැබුණේ. ජනපි‍්‍රය වේදිකා නාට්‍යයක් වන ‘ඉන් ටු ද වුඩ්ස්’ ඇසුරෙන් එනමින්ම නිර්මාණය වන මේ චිත්‍රපටයේ මෙරිල් ස්ට්‍රීප් නිරූපණය කරන්නේ මන්ත්‍රකාරියකගේ චරිතයක්.

ඇය සමඟ තවත් ප්‍රධාන චරිතයක් රඟපාන්නේ ප්‍රවීණ නළු ඩේවිඩ් ක්‍රේන්. ඔහු මීට පෙර මෙරිල් සමඟ රඟපා තිබෙනවා. ඒ 1977 දී තිරගත වූ ‘හැපි එන්ඩ්’ චිත්‍රපටයේ. ඉන් පසුව අවුරුදු 36 කට පසුවයි ඩේවිඩ් ක්‍රේන්, මෙරිල් ස්ට්‍රීප් සමඟ චිත්‍රපටයක රඟපාන්නට සූදානම් වන්නේ.

“ඩිස්නි චිත්‍රපට සමාගමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. මම එහි සම්බන්ධීකරණ කටයුතු කරනවා. 1977 දීයි මෙරිල් ස්ට්‍රීප් එක්ක අන්තිමට මම රඟපෑවේ.”

ඩේවිඩ් ක්‍රේන් තව දුරටත් පැවසුවේ මේ වන විට 63 වැනි වියෙහි පසුවන ඔස්කා සම්මානලාභී නිළියක වන මෙරිල් ස්ට්‍රීප් සමඟ නැවතත් රඟපෑමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි.
Read Post | comments

මම ණයත් නෑ බයත් නෑ

Saturday, March 9, 2013

- ආදරණීය ගායන ශිල්පී නිහාල් නෙල්සන්
අවුරුදු පනහක්‌.... සුළු කාලයක්‌ද... කලාකරුවෙක්‌ අවුරුදු පනහක්‌ තිස්‌සේ එක සේ ජනප්‍රියත්වය ලබමින්... ක්‌ෂේත්‍රයේ රැඳී සිටිනවා නම් ඒ කිහිප දෙනෙක්‌ පමණයි.

ලස්‌සනට පිපුණ වනමල් ගල්
පිරෙන දියවැල්
මං ආස කරන මැණික්‌ කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්‌සන මගෙ කිරිල්ලි සුරතල්...

අවුරුදු පනහකට කලින් ගැයූ මුල්ම ගීය... එදා මෙන්ම අදත් එලෙසම ගයන ගායකයෙක්‌ සිටී නම්... ඒ නිහාල් නෙල්සන්ම පමණි.

නිහාල් නෙල්සන් ගී ලොවට ආවේ සරත් මුණසිංහ ලියා ආර්. ඒ. චන්ද්‍රසේනයන් සංගීතවත් කළ "ලස්‌සනට පිපුණ වන මල් ගල්" ගීයෙනි. එහි තනුවද නිහාල්ගේය. එදා මේ ගීය ලියූ සරත් මුණසිංහ අද මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් පැවිදිවී ගිරිඋල්ල මහා විහාරයේ වැඩවසති. එදා සිට මේ දක්‌වා නිහාල් නෙල්සන් ගැයූ ගීත සංඛ්‍යාව පන්දහසකට අධිකය.

මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ සහ මොරටු මහා විද්‍යාලයේ ශිල්ප හැදැරූ කාලයේ පටන් කවි ගීත ගැයූ නිහාල් නෙල්සන්ට එක්‌තරා දිනෙක මංගල උත්සවයකදී ඒ. ඡේ. කරීම් ප්‍රවීණ ගායන ශිල්පියා හමුවිය. එම මංගල සාදයේදී නිහාල් ගී ගැයුවේ කරීම්ගේ සංගීතයටය.

නිහාල් කෙරෙහි පැහැදුණු කරීම් කැන්ඩි ලේක්‌ ක්‌ලබ්හි ප්‍රසංගවල ගී ගයන්නට ඔහු කැඳවාගෙන ගියේය. එම ප්‍රසංගවල නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකරයන්ය. ඔහු නිහාල්ට ගුවන්විදුලියේ ගී ගයන්නට ඉඩකඩ විවර කර දුන්නේය. ඒ අනුව ලස්‌සනට පිපුණ ගීය ගැයිණි. ඒ 1963 මාර්තු 31 දා ඒ ගීය පළමුවරට ගුවන්විදුලියේ ප්‍රචාරය විය.

එදා සිට අද දක්‌වා ගතවූ කාලය වසර පනහකි. මේ වන විට ජන හදවත්වල ලැගුම් ගෙන සිටින නිහාල් ගැයූ කරුණා සුවඳ තවරාලූ... හදපියුමේ... මවු ගුණ ගීය, ඔරු පදින්න, සල්ලි මිටි ගණන්, ඇරපන් කරාමේ, කුක්‌කු කූක්‌ කූ... වැනි ගීත රැසක්‌ ඉතා ජනප්‍රිය විය. "ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ..." ඔහු ගැයූ ඒ ගීය එකල බොහෝ සේ කතාබහට ලක්‌විය.

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස්‌ මිනිසුන් වාගේ
එපා එපා මස්‌ කන්නට කිරි අම්මාගේ...

නිහාල් මේ ගීය ගැයූ පසු ගවමස්‌ කෑම අත්හැරි පිරිස ඉතා විශාලය.

නිහාල් නෙල්සන් යනු කෙළින් කතා කරන හිත හොඳ මිනිසෙක්‌ බව ප්‍රකටය. ගතවූ වසර පනහ තුළ සාධාරණ මෙන්ම අසාධාරණ විවේචනයන්ටද මුහුණ දෙමින් ඉදිරියටම ගමන් කරන නිහාල් නෙල්සන් "ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී" ගීයේ සඳහන් මාලි සමඟ විවාපත් වූවේය. නිහාල්ගේ එකම පුතා කාංචන තරංග නෙල්සන් ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකවරයෙකි.... ගැයුමට හා සංගීතයට දස්‌කම් දක්‌වන්නෙකි.

නිහාල් නෙල්සන් ගායකයෙකු පමණක්‌ද... නැත... ඔහු ගීත නිබන්ධකයෙකි. සං ගිතඥයෙකි. නිහාල් නෙල්සන්... තමන්ට වඩා ප්‍රවීණයෙකු බව ප්‍රවීණ සංගීතඥ, ගායක වික්‌ටර් රත්නායකයෝ නිහතමානිව පවසති. එදා නිහාල්ගේ පළමු ගීයට වයලිනය වයමින් වික්‌ටර්ද සහභාගි වී ඇත.

නිහාල් නෙල්සන් ක්‍ෂේත්‍රයට පැමිණ වසර පනහක්‌ නිමිත්තෙන් "වසර පනහයි නිsහාල් ඇවිත්" නමින් ප්‍රසංගයක්‌ මෙම 15 වැනිදා සවස 6.00 ට මියුසියස්‌ විද්‍යාලයීය රඟහලේදී පවත්වනු ලබයි. සංගීතවත් කරන්නේ 'සන්µaලවර්'ය. කථනය තිලක්‌ කුමාර රත්නායකය. ප්‍රසංග පිටපත ආනන්ද පද්මසිරිය. වේදිකා පරිපාලනය රෝහණ හෙට්‌ටිආරච්චිය. "ටොරානා" අධිපති සරත් කොතලාවල විසින් මෙදින නිහාල් නෙල්සන් ගැයූ නවතම ගී ඇතුළත් සංගීත තැටියද එළිදක්‌වනු ලබයි. වසර පනහයි නිහාල් ඇවිත්... ප්‍රසංගය ඉදිරිපත් කරන්නේද සරත් කොතලාවලය.

තමන්ටම ආවේණික ශෛලියක්‌ හදාගත් නිහාල් නෙල්සන්... මාධ්‍ය සමග කවදත් සමීප ඇසුරක්‌ පවත්වන්නෙකි. මාධ්‍ය හිරිහැරයක්‌ කර නොගත් නිහාල් මාධ්‍යටද හිරිහැරයක්‌ නොවන්නෙකි. මේ නිහාල් නෙල්සන් ප්‍රවීණ ශිල්පියා සමග කළ සාකච්ඡාවකි.

ගතවූ අවුරුදු පනහ ගැන මොනවද හිතෙන්නේ?

මේ තරම් කාලයක්‌ එකම විදිහට ජනප්‍රියත්වය රඳවාගැනීමට වාසනාව ලැබුණා... ඒ මගේ ගීතවලින් රසිකයා අවංකවම සතුටක්‌ වින්ද නිසා. ලස්‌සනට පිපුණ වනමල්... මගේ පළමු ගීය දැන් ඒ ගීයටත් අවුරුදු පනහයි... ඒත් ඒ ගීය අද දක්‌වා පරම්පරා කීපයක්‌ රසවිඳීම තරම් සතුටක්‌ තව තියෙනවද...ඒ තමයි රසිකයා මට දක්‌වන ආදරය. ඒ ආදරය ගතවූ අවුරුදු පනහම වින්දා. ඉදිරියේදීත් රසිකයා මට ආදරය කරන බවට සැකයක්‌ නෑ...

මේ ශාලාවක්‌ තුළ ඔබ පවත්වන පළමු ප්‍රසංගය?

ශාලාවක විතරක්‌ද... මගේම කියලා ගීත ප්‍රසංගයක්‌ කරන පළමු අවස්‌ථාව... එළිමහන් ගීත ප්‍රසංගනේ මගේ මහගෙදර. ශාලාවක කරන නිසා හොඳින් කළ යුතුයි. අපේ සමාජයේ ඉන්නා විවිධ කලාකරුවන් සහ ජනතාව මේ ප්‍රසංගය රසවිඳින්න එනවා... මා ගැන මෙතෙක්‌ නොදැන සිටි අයත් ඒවි.

ශාලාවක හිඳ රසවිඳිය හැකි ගීතද නිහාල් නෙල්සන් ගයා තිබෙන්නේ කියා කවුරු හරි ඇහුවොත්?

මම එහෙම ගීතත් ගයලා තිබෙනවා. මගේ ගීත එළිමහන් ප්‍රසංගවල විතරක්‌ නොවේ ශාලාවලත් ගයන්න පුළුවන් කියලා මට පෙන්නුම් කරන්න ඕනේ. එළිමහන් ප්‍රසංග වේදිකාව පහත් කර සලකන්න එපා කියා මම ඉල්ලනවා... එළිමහන් ප්‍රසංගයත්, ශාලාවක්‌ තුළ පවත්වන ප්‍රසංගයත් වෙනසක්‌ නෑ... ඒ බව මට පෙන්වන්න වුවමනායි. ගීයක්‌ විඳින්න එන අයට ඕනෑම තැනක එය රසවිඳින්න පුළුවන්.

ඔබේ ගීතවලට එළිමහන් ප්‍රසංගවලදී තරුණ පිරිස්‌ නටනවා. ඒ විදිහටම මෙහිදීත් සිදුවේ. ඒක එහෙම වුණොත් මට කරන්න දෙයක්‌ නෑ..

ඒ විදිහට ගී රසවිඳිය හැකිද?

රසවිඳින කෙනාට සද්ද බද්ද ඝෝෂා තිබුණත් නියම රසය විඳින්න පුළුවන්. සවස පහට පිටකොටුව බෝගහ අසල කොතරම් සෙනඟක්‌ ගැවසෙනවද කියලා ඔබට කියන්න ඕනෑ නැහැ නේ. ඒ වෙලාවට එතැන ඉඳලා මට ගීයක්‌ ලියලා මෙලඩි එකක්‌ දාලා ගායනා කරන්න මට පුළුවන්. ඒ ගීය ජනප්‍රිය වෙන බවත් විශ්වාසයි. ඒක තමයි විඳීම.

ඔබ කෙළින් කතාකරන ගායකයෙක්‌... බය නැද්ද?

මොනවට බය වෙන්නද... මම බය නෑ....

ඒ නිසා ඔබට පාඩුවක්‌ වෙලා නැද්ද?

පාඩු වුණත් නැතත්, මම කිව යුතු දේ කෙළින්ම කියන කෙනෙක්‌... පාඩු ලාභ මට වැඩක්‌ නෑ. නිතරම මම බලන්නේ සත්‍ය හෙළිකරන්න.

මේ නිසා ඔබ සමග අමනාප වෙන අය ඇති නේ?

මම යම් වරදක්‌ පෙන්වූවාම ඒ වෙලාවේ අමනාප වේවි.... ඒත් මා සමග තවම එහෙම කිසිම කෙනෙක්‌ අමනාප වෙලා නෑ.... පසුව ඔවුන් හරි වැරැද්ද තේරුම් ගන්නවා.. වරද දුටු තැන නිකං ඉඳලා මට පුරුද්දක්‌ නෑ. කවුරු හරි මගේ වරදක්‌ කිව්වොත් මම ඒ ගැන හොඳට හිතනවා. ඇත්තටම මම වැරදි නම් ගෞරව පූර්වකව ඒ වරද හදාගන්නවා... වරද පෙන්වා දුන් පුද්ගලයාට එළව එළවා පහර දෙන සිරිත් මගේ නෑ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මාන්නය මගේ ළඟ නෑ... තමන්ගේ ප්‍රතිපත්තිය නිවැරදි බව සහතික නම් කිසිම ලොක්‌කෙක්‌ ළඟ ඇඹරෙන්න වුවමනා නෑ.

ඔබේ පුතා කාංචන ගී ගයනවාට විරුද්ධ නැද්ද?

නෑ... ඒත් එයා ගායනා කරලා නෑ... මම කියන්නේ ගායනා කරනවා නම් මගේ ගීත ගයන්න එපා... අනෙක නිහාල් නෙල්සන්ගේ පුතා කියමින් රසිකයන් අතරට යන්නත් එපා කියලා. හේතුව මට ප්‍රිය නොකරන පිරිසක්‌ අපේ රටේ ඉන්න නිසා. ඒ අය මගේ ළමයා එක්‌කත් තරහා වේවි... ඒ වගේම මා සමඟ ඉන්න අය... මගේ පුතා නිසාම එයාව අගය කරනවා... වැරදි විදිහට ගායනා කළත් හොඳට ගයනවා කියලා කියයි.... ඒ නිසා මම පුතාට කියන්නේ ගීත ගයනවා නම් අලුත් නිර්මාණ කරන්න.... එතකොට මිනිස්‌සු ආදරය කරයි... මගේ පුතා මම කියන දේ අහනවා. මම අතිජාත පුත්‍රයෙක්‌ මිසක්‌ අවජාත හෝ අනුජාත පුතෙක්‌ හදලා නෑ.

පියාගේ ගී ගයන පුත්තුන්ට ඔබ දොස්‌ කියනවද?

නෑ.... අද අනන්තවත් තාත්තලාගේ ගීත පුත්තු ගයනවා. දොස්‌ කියන්න බෑ... ඕනෑම මවක්‌ සහ පියෙක්‌ කරන්නේ දරුවන් උදෙසා ධනය රැස්‌කිරීම සහ ඒ රැස්‌කළ ධනය දරුවන්ට ඉතිරි කර යැමයි. ඉතින් කලාකරුවෙකුගේ ධනය තමයි ඔහු හෝ ඇය කළ නිර්මාණ. ඒවා දරුවන්ට අයිතියි... ඒත් ඒ දරුවෝ කල්පනා කළ යුතුයි ඒ ධනය විනාශ කරනවද නැද්ද කියලා... ඒ ධනය යහපත් ලෙස පාවිච්චි කළොත් හොඳයි.

අද තරුණ පරපුර ගැන....

හොඳයි නරක නෑ... මා එක්‌ක හැම කෙනෙක්‌ම හොඳයි. නූතන පරපුරට ප්‍රවීණ අය උදව් කළ යුතුයි. ප්‍රවීණයනුත් අලුත් පරපුරට හොඳ උපදෙසක්‌ ලබා දෙනවා නම් නොපැකිළිව එය භාරගත යුතුයි.

අද කලා ක්‌ෂේත්‍රය ගැන ඔබට සතුටුද?

ගායක ගායිකාවන්ට කලාකරුවන්ට විශ්‍රාම වැටුප්, අර්ථසාධක නෑ... ස්‌ථිර ආදායම් මාර්ග නෑ... ඒත් රජයට ගෙවිය යුතු ගෙවීම් ඔවුන් හිඟ නැතිව මාසිකව ගෙවනවා... ලයිට්‌ බිල්, වරිපනම්, වතුර බිල් දුරකථන බිල් නොපමාව ගෙවනවා. කෑම බීමට, බේත් හේත්වලට ගෙවනවා... කලාකරුවන් කිසි කෙනෙක්‌ ලයිට්‌ කපා ගත්තේ නෑ... වතුර බිල් නොගෙවා වතුර කපා ගත්තේ නෑ. අපි ආණ්‌ඩුවට සලකන්නේ එහෙමයි.... ඒත් කලාකරුවාට... කලා ක්‌ෂේත්‍රයට මොනවද වෙලා තියෙන්නේ... කලා ක්‌ෂේත්‍රයට යමක්‌ කළොත් එහි ප්‍රතිලාභ ඉබේම කලාකරුවාට ලැබේවි.

ඔබ තෘප්තිමත්ද?

ඔව්... මම කලා ක්‌ෂේත්‍රය තුළ බයත් නෑ.... ණයත් නෑ... මගේ ගමන පාඩුවේ යනවා.... මා කළ යුතු දේ කර තිබෙනවා.
Read Post | comments

රතු හැට්‌ටකාරි බල අධිකාරියත්, ජනතාවත් අතර ඇති සදාකාලික ගැටුම පෙන්නුම් කරනවා

Friday, March 8, 2013

අපේ වේදිකාවට දැන් සිරිදෙව්දුව වඩින කාලය උදා වී ඇත. ඒ දිනය ඈතක නොවේ. ළඟ ළඟමය...

දී කිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

රතුහැට්‌ටකාරී යළි වේදිකාවට එන්නීය. හැත්තෑව දශකය මුලදී වේදිකාව ආලෝකවත් කළ වේදිකාවට ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කළ රතුහැට්‌ටකාරී අවුරුදු තිස්‌තුනකට පසු වේදිකාවට පා තබන්නීය.

රතුහැට්‌ටකාරී නොදුටු පරපුරක්‌ ඇත. ඒ පරපුරත් රතු හැට්‌ටකාරී දුටු පරපුරත් යළි ඈ දැක ගැනීමේ ආශාවෙන් සිටිති. ලූෂන් බුලත්සිංහල ප්‍රවීණ ශිල්පියා ඒ සඳහා සූදානම්ව සිටී. රතුහැට්‌ටකාරී යළි වේදිකාවට කැන්දාගෙන එන ලූෂන් බුලත්සිංහල සිනමා කලා සංග්‍රහය සමඟ කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

රතුහැට්‌ටකාරී ආයෙත් පෙන්වන්න හිතුවේ ඇයි?

හැත්තෑ හතරෙදි තමයි රතුහැට්‌ටකාරී මුලින්ම කළේ. දර්ශන වාර රැසක්‌ ප්‍රදර්ශනය කළා. ඒත් අසූඑකේදී "තාරාවෝ ඉගිලෙති" වේදිකාවට ගෙන ඒමත් සමඟම "රතුහැට්‌ටකාරී" නතර කළා. හැත්තෑහතරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය රචනය, නළුවා සහ සංගීතය වෙනුවෙන් සම්මාන හිමිවුණා. මගේ මිතුරන් බොහෝ දෙනෙක්‌ පෙළඹෙව්වා යළි "රතුහැට්‌ටකාරී" කරන්න කියලා. සෙරනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ වෙනුවෙන් එම්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්‌ඩාර ඇහැලියගොඩ යන සහෘදයන් මුදල් වියදම් කරන්න කැමැත්ත පළ කළා. ඒ මහත්වරුන් මුදල් වියදම් කරන්න කැමැත්ත පළකිරීමත් සමඟම පිබිදීමක්‌ ඇතිවුණා. මොකද මට තනිව මෙවැනි කාර්යයක්‌ කරන්න හැකියාවක්‌ නෑ.


රතුහැට්‌ටකාරී අදටත් වලංගුද?

ඒ කාලේ සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන වැනි ප්‍රවීණ නාට්‍යකරුවන් පවා රතුහැට්‌ටකාරී දැක්‌කේ අකාලික නාට්‍යයක්‌ ලෙසයි. මෙය තාත්වික ස්‌වාභාවික නාට්‍ය ශෛලියට යන එකක්‌ නොවේ. මායාව බිඳින බ්‍රෙෂ්ට්‌ගේ න්‍යායට හැදූ සංකේතමය නාට්‍යයක්‌. හැම චරිතයක්‌ම සංකේතයක්‌. එනිසා ඕනෑම කාලයක පෙන්වන්න පුළුවන්. "රතුහැට්‌ටකාරී" තේමාව හැත්තෑ හතරට වගේම අදටත් ඔබින අකාලික තේමාවක්‌. ජනකතා, මිථ්‍යා කතා, ආගමික හා ඉතිහාස කතා "රතුහැට්‌ටකාරී" තුළ මම වියමන් කළා. ඒ නිසා "රතුහැට්‌ටකාරී" කියන්නේ ජනනාට්‍යයක්‌. සංගීතයත් ජන සංගීතයේ සහ දක්‍ෂිණ භාරතයේ සංගීත මූලයන් ඇසුරු කරගනිමින් ඔස්‌ටින් මුණසිංහ ප්‍රවීණ ශිල්පියා නිර්මාණය කළා.

ඔබ සංකේත ගැන ප්‍රකාශ කළා. මේ සංකේතවලින් අද සමාජයේ අපි දකින චරිතත් උලුප්පා දක්‌වනවාද?

ඔව්. සමාජයේ සියලුම සංස්‌ථා මේ නාට්‍යයේ චරිතවලින් නියෝජනය වෙනවා. අපේ රටේ පීඩිත ජනතාව තමයි රතුහැට්‌ටකාරීගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ. රජු අපේ බල අධිකාරියත් සෙබළා හැමදාම රජුට හේත්තු වී පොදු ජනතාවත් රජුත් අතර සිටින අතරමැදියා සංකේතවත් කරනවා. පූජකයාගෙන් නියෝජනය වන්නේ පාලනාධිකාරිය පවත්වාගෙන යැම සඳහා අනියම්ව රජුට සහාය දෙන අය. මේ සංකේත තමයි "රතුහැට්‌ටකාරී" නාට්‍යයේ මායාව බිඳින උපක්‍රම සමඟ පාවිච්චි කරන්නේ. හැමදාම බොරුව සහ මායාව පෙන්වමින් සිටින බව මේ චරිත ඔස්‌සේ තහවුරු කරනවා. මෙය බල අධිකාරිය සහ ජනතාව අතර පවත්නා සදාකාලික ගැටුම පෙන්වන නාට්‍යයක්‌.

"රතුහැට්‌ටකාරී" ට පසු ඔබේ නාට්‍ය සම්මාන උළෙලවලට ඉදිරිපත් නොකළේ ඇයි?

"රතුහැට්‌ටකාරී" නළුවාගේ කාර්ය සඳහාම ලියූ නාට්‍යයක්‌. තාත්විකත්වයේ මායාව බිඳගෙන ගොස්‌ ප්‍රේක්‍ෂකයාට කෙළින්ම අමතන රංගනයක්‌ සඳහා නාළුවාට ඉඩකඩ සලසා දී තිබෙනවා. හැත්තෑහතරේදී ජයලත් මනෝරත්නට හොඳම නළුවා සම්මානය රාජ්‍ය නාට්‍ය උළෙලේදී ලැබුණා. හොඳම නාට්‍ය රචනයට හිමි සම්මානයත් ලැබුණා. ඔස්‌ටින් මුණසිංහට හොඳම සංගීතයට පුදන සම්මානයත් හිමිවුණා. ඒත් ඒ උළෙලේදී සාම්ප්‍රදායික බල අධිකාරියේ අත්තනෝමතිකත්වය ඉදිරියට ආවා. වසරේ හොඳම නිළියක්‌ නැති බව නිවේදනය කරමින් "රතුහැට්‌ටකාරී"ට අසාධාරණයක්‌ කළා. එකල සම්මාන දෙන්නේ අවසන් නාට්‍ය රංගගත කළ දවසේ රාත්‍රියේදීමයි. අවසන් දවසේ "රතුහැට්‌ටකාරී" රංගගත කළා. ඒත් පෙර වසරවල නොවූ ලෙසින් එදා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට ප්‍රමාද වුණා. විනිශ්චය මණ්‌ඩලයේ සිටි සාමාජිකයන් දෙදෙනෙක්‌ වූ මහාචාර්ය විමල් දිසානායක සහ එවක රාජකීය විදුහලේ කනිෂ්ඨ අංශයේ විදුහල්පති ඒ. එච්. පියසේන යන මහත්වරු නේපත්‍යාගාරයට ඇවිත් මාව හමුවුණා. "අපි දෙන්නා විනිශ්චය මණ්‌ඩලයෙන් අයින් වුණා. මේ සම්මාන ප්‍රදානයට අපි සම්බන්ධ නෑ" කියා ඔවුන් කිව්වා. මම "ඇයි" කියා ඇහුවා. "මේක බුලත්සිංහල නාට්‍ය උත්සවයක්‌ වෙන්න දෙන්න බෑ" කියා කතාවක්‌ මතුවුණා. එනිසා අපි ඉවත්වෙලා යනවා කියමින් ඔවුන් දෙදෙනා දැඩි සිත් තැවුලකින් මට සමුදුන්නා. එදායින් පසුව මගේ නාට්‍යයන් රාජ්‍ය නාට්‍ය උළෙලකට ඉදිරිපත් කළේ නෑ.

"රතුහැට්‌ටකාරී" අපේ පාලක පැලැන්තියට පහර එල්ල කිරීමක්‌ද?

පහරගැසීමට වඩා ඒ දේ දිහා උපහාසයකින් බලන්න පොළඹවනවා. යම් යම් දේ ගැන මිනිසුන්ගේ යටි හිතේ හැඟêමක්‌ ඇති කරවනවා. අපේ දේශපාලන සමාජ වටපිටාව ගැන ඇස්‌ ඇරීමක්‌ සිද්ධ කරනවා. පහර ගැසීම් නම් මම කොහොමත් කරලා නෑ. පහර ගහන්න බෑ. රාජ්‍යය කියන්නේ කවදත් රාජ්‍යය. පක්‍ෂ වෙනස්‌ වුණත් රාජ්‍යය එකයි. හැමදාම ක්‍රියාත්මක වෙන්නේ එකම බල අධිකාරියයි. අවුල් සහගත බව ගැටුම්කාරී බව කොහොමටවත් වෙනස්‌ වෙන්නේ නෑ.

අපේ ප්‍රවීණ ශිල්පීන් ඇයි අලුත් නාට්‍ය නොකර පැරණි නාට්‍යයම කරන්නේ?

මගේ සිතිවිල්ල නම් පරණ නාට්‍යයක්‌ කිරීම නොවේ. නාට්‍ය කවදාවත් පරණ වෙන්නේ නෑ. අදත් ශේක්‌ස්‌පියර්ගේ, ඉබ්සන්ගේ නාට්‍ය කොහේ හරි තැනක නිපදවනවා. නාට්‍ය නාට්‍යමයි. සමහර කෘතීන් කාලීනත්වය නැති වුණාම මැකී යනවා. ඒත් එසේ නොවන නාට්‍ය ඕනෑම කාලෙක පෙන්වන්න පුළුවන්.

"රතුහැට්‌ටකාරී" එදාට වඩා අද වෙනස්‌ද?

නෑ රංගන වින්‍යාසය වෙනස්‌. පිටපත ඒකමයි. රතුහැට්‌ටකාරී සාමාන්‍ය නාට්‍යයකට වඩා වෙනස්‌ ශෛලියක නාට්‍යයක්‌ නිසා මම පරණ කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. මනමේ, සිංහබාහු ශෛලිය එකක්‌. තාරාවෝ ඉගිලෙති තවත් ශෛලියක්‌. ශෛලීන්වල විවිධත්වයත් රසිකයාට විඳගන්න ඉඩදිය යුතුයි." නාට්‍ය ශෛලීන් කොතරම් තියෙනවාද කියා දන්නේ අපේ රටේ ඉතාම අතළොස්‌සයි.

අලුත් පිටපතක්‌ පාදක කරගන්න අලුත් නාට්‍යයක්‌ කරන්න ඔබ සූදානම් නැද්ද?

මම හුඟක්‌ කැමැතියි, එහෙම කරන්න. ඒත් අපිට දැන් අනුග්‍රහයක්‌ හරි ලැබෙන්නේ කීර්තිය නිසා. රතුහැට්‌ටකාරිට, තාරාවෝ ඉගිලෙති නාට්‍යයට කීර්ති නාමයක්‌ තියෙනවා. එනිසා වියදම් කළාට කමක්‌ නෑ කියා අනුග්‍රාහකයෝ හිතනවා. අලුත් නාට්‍යයකට කෙනෙක්‌ නම්මාගැනීම අසීරුයි. අද තත්ත්වය අනුව රුපියල් ලක්‍ෂ අටක්‌ දහයක්‌ විතර වියදම් කරන්න වෙනවා. සෙරනින් එන්ටර්ටේන්මන්ට්‌ ඒ අභියෝගය සතුටින් භාරගත්තා.

අද නාට්‍ය බලන්න ප්‍රේක්‍ෂකයන් එනවද?

එක්‌තරා කාලයක එළියට යන්න බැරි, සැන්දෑවක්‌ ගතකරන්න බැරි තත්ත්වයක්‌ රටේ තිබුණා. ඒ භීෂණකාරී සිතිවිල්ල නැති වූ පසුව යා හැකි තැන් මිනිසුන් සොයනවා. ඒත් එහෙම තැන් නෑ. නාට්‍ය කලාව රටේ සුව පහසු තැන් නොවේ. ප්ලාස්‌ටික්‌ පුටුවක ඉඳගෙන පැය දෙක තුනක්‌ නාට්‍යයක්‌ බලන්න පුළුවන්ද? ඒත් එහෙම බලලත් රස විඳින පිරිසක්‌ ඉන්නවා. මේවා නාට්‍ය ශාලා නොවේ. එක්‌කෝ නගර ශාලාවක්‌ නැත්නම් රැස්‌වීම් ශාලාවක්‌. නාට්‍ය පෙන්වීම සඳහා වූ ගොඩනැඟිලි ලංකාවේ නෑ. වැදගත් නාට්‍ය ශාලාවකට තවමත් තියෙන්නේ ලයනල් වෙන්ට්‌ඩ් රඟහල විතරයි. ඒකත් අවුරුදු හැත්තෑවකටත් වඩා පරණයි.

රතුහැට්‌ටකාරී සමඟ මෙවර එක්‌වන ශිල්පීන් කවුද?

ඉෂාර වික්‍රමසිංහ, පින්සර සමරසේකර, සුබුද්ධ ලක්‌මාල්, රන්දිමා තිළිණි, ජයනාත් බණ්‌ඩාර, නිරෝෂන් විඡේසිංහ, අසිඳු මිහිරාන්, ප්‍රාර්ථනා සමාධි, නිශාන්ත අජිත් කුමාර, තිලාන් වර්ණජිත්, බුද්ධික ප්‍රේමතිලක, කේ. නාලක සේනාරත්න, නාමල් කොළඹමුදලි වගේම ප්‍රවීණ ශිල්පීන් වන ගාමිණී සමරකෝන් සහ අනුර බණ්‌ඩාර රාජගුරු රඟපානවා. නව සංගීත සංයෝජනය හර්ෂ බුලත්සිංහල. වෙස්‌ නිර්මාණය නිමල් රාජපක්‍ෂ සහ බුද්ධදාස ගලප්පත්ති, පසුතල නිර්මාණය උපාලි හේරත්, ඇඳුම් සම්පාදනය සුවිනීතා සුභසිංහ, වේදිකා පරිපාලනය නිව්ටන් ගුණසේකර, නිෂ්පාදනය එම්. ඩී. ප්‍රේමසිරි, බන්ධුල ඒකනායක, බණ්‌ඩාර ඇහැලියගොඩ සහ චන්න ප්‍රනාන්දු.

රතුහැට්‌ටකාරී යළිත් වේදිකාවේ රඟන අයුරු දැකබලා ගැනීමට හැත්තෑව දශකයෙන් පසු පරම්පරාවට ඉඩකඩ ලැබී ඇත. ඒ සඳහා ප්‍රේක්‍ෂකයන් හයසිය දෙනකුට නොමිaලේ අවස්‌ථාවක්‌ ලබාදීමට ද සෙරනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ සූදානම්ය. නුගේගොඩ හෝ කොළඹ අවට ඇති සරසවි පොත්හලකින් පොතක්‌ මිලට ගන්නා හයසිය දෙනකුට මෙම 11, 12 සහ 13 යන දිනවල ලයනල් වෙන්ට්‌ඩ්හිදී "රතුහැට්‌ටකාරී" නැරඹීමට නොමිලේ ප්‍රවේශ පත්‍රයක්‌ ලබාගත හැකිය. "රතුහැට්‌ටකාරී" සමඟ නාට්‍ය කණ්‌ඩායම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර විඳීමට කැමැත්තෙන් පසුවේ.

යස ඉසුරු පිරුණු තැනා
සිරිදෙව්දුව වඩින තැනා
ළඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ...
Read Post | comments

තරගයට මා සූදානම්

පුෂ්පිකා සඳමාලි

2011 වසරේ දෙරණ වීට් ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජන ලෙස කිරුළ පැළඳි සුරූපිනිය, ‘පුෂ්පිකා සඳමාලී’ නැවතත් ජාත්‍යන්තරය හමුවේ තම මවුබිමට කීර්තියක් අත්පත් කරදීමට සූදානම් වන්නීය. ඒ මාර්තු මස 16 සිට 31 දක්වා ඊජිප්තුවේ අල් ගුවානා හී පැවැත්වීමට නියමිත ලොව දක්ෂතම නිරූපිකාව හෙවත් Top Model of the World 2013 තරගාවලියෙනි.

මේ දිනවල ඒ සඳහා ඇප කැපවී සිටින පුෂ්පිකාගේ කාර්ය බහුල දින කිහිපයෙන් එක් විවේකී මොහොතක තම නවතම අත්දැකීම අප හා බෙදා ගැනීමට පිළිසඳරට එක්වූවාය.

පුෂ්පිකා ඔබ දැන් තරගයට මුහුණ දීමට සූදානම්ද?
ඔව්. මේ දිනවල මම හොඳින් ඒ සඳහා සූදානම් වෙනවා. ඉදිරි දිනවලදී ඉන්දියාවට ගිහින් සති දෙකක විශේෂ පුහුණුවක් ලබාගැනීමටත් මම කටයුතු කරමින් ඉන්නවා.

මේ තරගාවලිය ගැන විස්තර කියමුකෝ?
’ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ්’ තරගාවලිය මුල් වරට පැවැත්වුණේ 1993 මියාමිවලදී. 20 වැනි සංවත්සරයයි මෙවර ඊජිප්තුවේ අල් ගුවානා හි පැවැත්වෙන්නේ. මේ තරගය සංවිධානය කරන්නේ ‘වර්ල්ඩ් බියුටි ඕර්ගනයිසේෂන්’ නම් වූ ජාත්‍යන්තර ආයතනයයි.

මේ තරගාවලියේ විශේෂත්වය කුමක්ද?
මේක වෘත්තිකයන්ගේ තරගාවලියක් යැයි කීම නිවැරැදියි. තමන් නියැළෙන නිරූපණ වෘත්තියේ උපරිමයෙන්ම වෘත්තිය දක්ෂතා පෙන්වා ඒ දක්ෂතාවයෙන් ලොව අංක එකේ නිරූපිකාව ලෙස අභිසෙස් ලබන්නට පුළුවන්. රටවල් 60ක් පමණ නියෝජනය කරන මේ තරගාවලියේ දී ස්වාභාවික රූ සපුව, වර්තමාන විලාසිතාවකට කොතරම් ගැළපෙනවාද සහ ෆොටෝජෙනික් යන අංශ තුනකින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකරනවා. මේ ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තරගකාරියන් ඉදිරිපත් වන්නේ ප්‍රථම වතාවටයි.

මේ තරගාවලිය නියෝජනය කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කෙසේද?
දෙරණ රූපවාහිනිය හරහා තමයි මට මේ අවස්ථාව උදාවුණේ.

මේ ඔබේ පළමු ජාත්‍යන්තර අත්දැකීම නොවෙයි නේද?
නැහැ. මීට කලින් 2011 දී ලෝක රූ රැජන තරගාවලියට සහභාගි වෙන්නට මට වරම් ලැබුණා. එහිදී ‘බියුටි විත් ද පර්පස්’ අංශයෙන් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණා.
ඉන්පසු සංචාරක රූ රැජන තරගාවලියේ දී ‘හොඳම ජාතික ඇඳුමට’ හිමි කිරුළ දිනා ගැනීමට මට හැකියාව ලැබුණා.

මෙවැනි වෘත්තීය මට්ටමේ ජාත්‍යන්තර තරගයන් සඳහා ලාංකේය නිරූපණ ක්‍ෂේත්‍රයේ පවතින පහසුකම් සහ වෘත්තීය දක්ෂතා ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?
ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ නියැළී සිටින නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ඉතාමත් දක්ෂයි. ඔවුන්ගේ හැකියාව සහ පළපුරුදු භාවය ඔවුන්ම ඔපමට්ටම් කරගනිමින් තමයි මේ තත්ත්වයට පැමිණ සිටින්නේ. නමුත් ජාත්‍යන්තර නිරූපණ ක්‍ෂේත්‍රයට අභියෝගයක් වෙන්නට අපිට හැකියාව තිබුණත් අපේ නිරූපිකාවන්ට ෆෝමල් ට්‍රේනින් එකක් අවශ්‍යයි. මොකද මා පෙර කියූ පරිදි මෙය වෘත්තීයක් නියෝජනය කරන තරගයක් නිසා අප ඒ වෘත්තීය මට්ටමට පැමිණිය යුතුයි.

මේ තරගාවලියේ දී ඔබේ අරමුණ?
මනා පුහුණුවකින් සහ ඉතාමත් හොඳින් තරගයට මුහුණ දී ඒ දක්ෂතාව හරහා මගේ රටට ජාත්‍යන්තර කීර්තිය අත්පත් කර දෙන්නයි. 

ඒ වගේම ලොව දක්ෂතම මෙන්ම ජනප්‍රියතම නිරූපණ ශිල්පිනියන් අතරට යෑමේ මගේ සිහිනය සැබෑ කරගන්නත් මේ තරගය ඔස්සේ මගේ වෘත්තීය දක්ෂතා ඉස්මතු කර පෙන්වන්නත් මම කැප වෙනවා.

මෙවැනි වෘත්තීය මට්ටමේ තරගාවලියක් නියෝජනය කරන ඔබ වෘත්තීය නිරූපණ ශිල්පිනියක්ද?
නැහැ. මම අපේ පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ ආයතනයක අධ්‍යක්ෂවරියක ලෙසයි මම රැකියාව කරන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට මා ඉතාමත් කැමැතියි, ආදරෙයි.
කුඩා කල සිට මගේ හීනය වුණේ රටක රූප රාජිනියක් වීමයි. ඒ වගේම ලොව දක්ෂතම නිරූපණ ශිල්පිනියක වීම ඒ සිහිනයේ තවත් කොටසක්.

ඔබේ ඉදිරි බලාපොරොත්තුව?
අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයට එන්න කැමැති, නිරූපණයට දක්ෂතා දක්වන දරුවන් බොහොමයක් ඉන්නවා.
එවැනි අයට අත දෙමින් ඔවුන්ගේ වෘත්තීය දක්ෂතා පුහුණු කරවමින් ඔවුන් ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයට අභියෝග කළ හැකි ලාංකේය සුපිරි නිරූපණ ශිල්පීන් පිරිසක් බවට පත් කිරීමයි මාගේ බලාපොරොත්තුව.
Read Post | comments

‘ෆ්‍රෙන්ඩ්ස්’ නළුවාගේ සුවිසල් මැදුරට හොඳ මිලක්

Thursday, March 7, 2013

ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී තමන් සතු සුවිසල් නිවෙස විකුණා දැමීමට තීරණය කරලා. හොලිවුඩ්පුරයේ පිහිටි මේ මන්දිරය මිල කර ඇත්තේ ඩොලර් මිලියන 4.6 කටයි.

1955 දීයි මේ නිවස ඉදිකර තිබෙන්නේ. වසර 58 ක් පමණ පැරණි වුව ද මෙහි නවීනතම අංගෝපාංගයන් ඇතුළත් වී තිබෙනවා. වර්ග අඩි 4093 ක වපසරියක ඉදිකර ඇති මේ මන්දිරයට යාබදව පිහිනුම් තටාකයක් ද තිබෙනවා. නවීන තාක්ෂණය මුසුවූ සිනමා ශාලාවක් ද මැතිව් ගේ මේ නිවෙසෙහි ස්ථාපිත කර තිබෙනවා.
මේ වනවිට 43 වැනි වියෙහි පසුවන මැතිව් පෙරී වඩාත් ජනප්‍රිය වුණේ ‘90 දශකයේ දී ලොව පුරා රටවල් රැසක විකාශය වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ නම් වූ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ රඟපෑමෙන්. (මේ ටෙලිනාට්‍ය මාලාව එම කාලයේදීම ජාතික රූපවාහිනියෙන් ද විකාශය වුණා.)
Read Post | comments

රියැදුරා ජෙනිෆර්ට නඩු දමයි

සුපිරි ගායිකා ජෙනිෆර් ලෝපෙස්ට එරෙහිව ඇයගේ රියැදුරු වශයෙන් සේවය කළ හාකොබ් මනොන්කියන් පසුගියදා නඩු පවරා තිබුණා. ඇයගේ රියැදුරු ලෙස සේවය කරද්දී තමන්ට ගෙවීමට පොරොන්දු වූ වැටුප් ප්‍රමාණය නොගෙවූ බවට ඔහු චෝදනා කර තිබුණා. ජෙනිෆර් සහ ඇයගේ පෞද්ගලික සමාගමක් වන නුයොරිකන් ප්‍රඩක්ෂන් ආයතනයත් ජෙනිෆර් ගේ කළමනාකරු බෙනි මෙඩිනා ද මේ නඩුවේ චූදිතයන් වී සිටියා.

මේ චෝදනාවෙන් ප්‍රකාශ කර තිබූ නොගෙවූ වැටුප් ප්‍රමාණයට අයත් ඉතිරි මුදල් රියැදුරා හාකොබ් හට ගෙවීමට ජෙනිෆර් පසුව එකඟ වී තිබුණා. හාකොබ් තවදුරටත් පවසා තිබුණේ පසුගිය වසරේ දී තමන්ට රැකියාවෙන් අස්වන ලෙස ජෙනිෆර් බලපෑම් කළ බවයි. කෙසේ වෙතත් ජාකොබ් හට හිමිවිය යුතු ඩොලර් 72000 ක වාර්ෂික වැටුප් ප්‍රමාණය අනුව ඉතිරි මුදල් ගෙවීමටයි ජෙනිෆර් සහ බෙනි මෙඩිනා එකඟ වුණේ.

ඉන් පසුව ජෙනිෆර් විසින් නඩුවක් පවරනු ලැබුවේ හාකොබ්ටයි. ඒ ඔහු තමන්ගේ මුදල් බලහත්කාරයෙන් ලබාගත්තැයි චෝදනා කරමින්. නමුත් ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණා.
Read Post | comments

සුපිරි නළුවා වන සතුන්ට පෙම් බඳී

Tuesday, March 5, 2013

සුපිරි නළු ලෙනාඩෝ ඩි කැප්රියෝ ලෝක වන සත්ව අරමුදලේ වැඩ කටයුතු වලට උදව් කරන්නට ඉදිරිපත් ව සිටිනවා. වන සතුන්ගේ අයිතිවාසිකම් රැක ගන්නටයි, ඔහු, තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. ලෝකයේ බොහෝ රටවල වන සතුන්ගේ ජීවිත මිනිසුන් විසින් විනාශ කරනු ලබන්නේ ඔවුන්ගේ ශරීරාංග ලබා ගැනීමටයි. විශේෂයෙන් ම ව්‍යාඝ්‍රයින්, රයිනෝසිරස්, ඇතුන් වැනි සතුන්ගේ සම, දළ සහ අං ලබා ගැනීම සඳහායි මෙවැනි කෲර ඝාතන සිදුවන්නේ. මෙය වළක්වා ගැනීමේ අටියෙන් තම සහාය ලෝක වන සත්ව අරමුදලට ලබාදෙන බව ලෙනාඩෝ පසුගියදා ප්‍රකාශ කළා. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන, වැඩසටහන නම් කර ඇත්තේ’Hand off My Parts’  යනුවෙන්.

පසුගිය දිනවල ලෝක නායකයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන්ට ඊ - මේල් පණිවුඩ යවමින් මේ වැඩසටහනට ආධාර කරන්නැයි ලෙනාඩෝ ඉල්ලා සිටියා. ඒ අතර තායිලන්ත අගමැති යින්ග්ලක් ෂිනවාත්‍රාට යැවූ පණිවුඩයෙන් ලෙනාඩෝ ඉල්ලා සිටියේ තායිලන්තයේ සිදු කෙරෙන ඇත්දළ ජාවාරම වහාම තහනම් කරන ලෙසයි.
Read Post | comments

මැඩෝනාට අතදුන් මාක් සමුගනී

Monday, March 4, 2013

සුප්‍රකට ඩී.ජේ. (DJ) ශිල්පියෙකු සහ ගීත තැටි නිෂ්පාදකයෙකු වූ මාක් කැමින්ස් පසුගියදා මෙලොවින් සදහටම සමුගත්තා. මෙක්සිකෝවේදී ඔහු මිය ගියේ හෘදයාබාධයකින්. මියයන විට ඔහු 57 වැනි වියෙහි පසුවුණා.

මේ DJ ශිල්පියා සුපිරි ගායිකා මැඩෝනාගේ පැරණි පෙම්වතකු බවයි පැවසෙන්නේ. මාක් මිය ගිය පුවත ඇසූ මැඩෝනා බෙහෙවින් ශෝකයට පත්වුණා. “මාක් නොහිටියානම් මම අද ගායිකාවක් නෙමෙයි. සංගීත ක්ෂේත්‍රයට මම ආපු මුල් ම කාලෙදි කාටවත් කලින් මගේ හැකියාවන් හඳුනා ගත්තෙ එයයි. මගේ මුල් ම ගීතය වුණේ ‘එච්රිබොඩි’ ඇතුළත් ගීත තැටිය නිෂ්පාදනය කළේ මාක්. මම එයාට ණය ගැතියි. මාක්, සමාදානයේ සැතපේවා කියල මම ප්‍රාර්ථනා කරනවා” මැඩෝනා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
Read Post | comments

හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ ඒත් හදවත ලංකාවේ

ඇය අංජනී පෙරේරා. මේ දිනවල තිරගත වන “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන්නේ අංජනීය. ඇය ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේය. එහෙත් ඇය ලංකාවට දක්වන්නේ පුදුම ආදරයකි. පසුගිය දිනෙක අංජනී අපට හමුවූයේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය තිරගත වීම ඇරඹීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

ඔබ ලංකාවේ පුරවැසියෙක්ද?
මගෙ තාත්තගෙ ගම කුරුණෑගල. අම්මගෙ ගම ගල්කිස්ස. මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර. මම නීත්‍යානුකූලව ඇමෙරිකන් පුරවැසියෙක්. ඒත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ. මමත් නංගිත් ඇමෙරිකාවේ හැදුනත් මගේ අම්මටයි තාත්තටයි ඕනෑ කළේ සිංහලකම තියෙන විදියට අපි දෙන්නව හදන්න.

ඔබ කොහොමද රංගනයට යොමු වුණේ?
පුංචි කාලෙ ඉඳලම මම රඟපාන්න ආසයි. නමුත් මගෙ තාත්ත කිව්වෙ ඉගෙනීමේ කටයුතුවලට මූලිකත්වය දෙන්න කියලයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම Talant Agency එකකට සම්බන්ධ වුණා. ඒක ලොස් ඇන්ජලීස්වල තිබෙන හොඳම ආයතන 10 න් එකක්. එම ආයතනයට ඇතුළත් වෙන්න ලැබුණු පළමු සිංහල කාන්තාව මම. ඒ ගැන මට ආඩම්බරයි.

ඔබ චිත්‍රපට කීයක පමණ මේ වනවිට රඟපාලා තියෙනවද?
චිත්‍රපට 3 ක රඟපාල තියෙනව. ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ මගේ පළමු සිංහල චිත්‍රපටය. ඊට අමතරව මම ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී දැන්වීම් කීපයකටම දායක වෙලා තියෙනව.

රංගනයට අමතරව ඔබ සතු වෙනත් හැකියාවන් මොනවාද?
මම කරාතේ සටන්වල නිල් පටිය ලබාගෙන තියෙනව. මෝටර් සයිකල්, මෝටර් රථ පදවන්න, ඉලක්කයට වෙඩි තියන්න මට හැකියාව තියෙනව. ඉලක්කයට වෙඩි තැබීමේ තරගවලින් මම ජයගෙන තියෙනව.

ඔබ බෞද්ධ ද?
මගෙ අම්ම තාත්ත දෙන්නම බෞද්ධ. මමත් හොඳ බෞද්ධයෙක්. මට හැකි උපරිමයෙන් බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනව. මම ඉපදෙන්න ඉන්න අවස්ථාවෙ පියනන්ද හාමුදුරුවෝ අපේ නිවෙසට වැඩල අම්මට පිරිත් කියල තියෙනව.

එතකොට ඔබ කොහොමද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු වන නවීන් ගුණරත්න තමයි මට කතා කළේ මේ චිත්‍රපටයට. ඔවුන් මාව තෝරා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතයට.

මෙවැනි ඓතිහාසික චිත්‍රපටයක ඓතිහාසික චරිතයක් රඟපාන්න ලැබීම ගැන ඔබට මොකද හිතුණේ?
කුඩා කාලෙ ඉඳල මම බෞද්ධ චරිත ගැන කියවල තියෙනව. මහා ප්‍රජාපතී ගෝතමිය කියන්නේ සිදුහත් කුමාරයාගේ සුළුමව. සිදුහත් කුමාරයාව හදාවඩා ගන්නේ ඇයයි. ඇය සිදුහත් චරිතයට ඉතාම සමීප චරිතයක්. මේ චිත්‍රපටය තුළත් මේ චරිතය ප්‍රබල චරිතයක්. මම හිතන විදියට මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය යශෝධරාවගේ සහ මහාමායාදේවියගේ චරිතවලට වඩා මේ චිත්‍රපටය තුළ ප්‍රබල අභියෝගාත්මක චරිතයක් කියල. ඉතින් ඉතාම ආශාවෙන් තමයි මේ ඓතිහාසික චරිතය නිරූපණය කරන්න මම බාරගත්තේ. ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ.

කොහොමද මේ චරිතයට ඔබ සූදානම් වුණේ?
චිත්‍රපටයේ තිර පිටපත ලැබුණාම මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය වඩාත් හොඳින් අවබෝධ කරගන්න මම උත්සාහ කළා. පොත් පත් ගොඩක් කියෙව්වා. මගේ සිංහල දෙබස් උච්චාරණය ඒ තරම් සාර්ථක නැති නිසා දිනකට පැය කීපයක් ම දෙබස් උච්චාරණය හුරු වුණා. මම බොහොම ගෞරවයෙන් තමයි මේ චරිතය රඟපාන්න සූදානම් වුණේ.

ඉදිරියටත් සිංහල චිත්‍රපටවලට ආරාධනයක් ලැබුණොත්?
මම හරිම ආසයි සිංහල චිත්‍රපටවල රඟපාන්න. චරිතය මට ගැළපෙනවා නම්, එහි මට යමක් කළ හැකි නම් මම ඒ චරිතය බාර ගන්නවා.

ඔබ වඩාත් කැමැති ඇමෙරිකාවේ ජීවත් වෙන්නද? ලංකාවේ ජීවත් වෙන්නද?
මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ. නමුත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ. ලංකාවේ කෑම බීමවලට ඇඳුම් පැලඳුම් වලටත් මම හරිම ආසයි.

සිංහල ටෙලිනාට්‍යයක රඟපාන්න ඔබ කැමැති නැද්ද?
හොඳ කතාවක් තිබුණොත් ඒක බාර ගන්නවා.

ඔබේ පවුලේ තොරතුරු මෙ3නවාද?
අම්මයි තාත්තයි නංගියි මමයි තමයි අපේ පවුලේ ඉන්නේ. මගේ නංගිත් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රඟපානවා. ඇය රඟපාන්නේ දෙව්දත්ගේ මවගේ චරිතය.

තව කවුද ඔබේ ලංකාවේ ඉන්නේ?
මගේ ආච්චි අම්මා කුරුණෑගල ඉන්නවා. ඒ මගේ තාත්තගේ අම්මා. මගේ අම්මගෙ ඥාතීන් ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශවල ඉන්නවා. මම හරිම ආසයි කුරුණෑගල වෙල් යායේ ඇවිදින්න.

මොන වගේ බලාපොරොත්තුද ඔබට තියෙන්නේ?
මම ශ්‍රී ලංකාවට හරිම ආදරෙයි. විශාල යුද්ධයකට පස්සෙ දැන් ශ්‍රී ලංකාව නිවැරදි පාරේ යනව කියල මම හිතනව. ඒ ගමනට මටත් කිසියම් උදව්වක් දෙන්න පුළුවනි නම් ඒක මගේ බලාපොරොත්තු ඉටුවීමක්.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?
තවම නැහැ. මගේ ජීවිතය තව ගොඩනඟාගන්න තියෙනව. මම කැමැති නෑ ගෘහිණියක් පමණක් වෙන්න. ඒ නිසා ජීවිතයට සහකරුවෙක් සොයාගන්න මට තව කල් තියෙනව.

කවදාද ඔබ නැවතත් ඇමෙරිකාවට යන්නේ?
තවම දිනයක් නෑ. තවම ඒ ගැන හිතනව.
Read Post | comments

තාමත් මම ලැජ්ජයි ...බයයි

වැරදුණ තැනුත් තිබ්බා.
ඒත් මට හරිගියා මිසක් වැරදුනේ නෑ.- මූතූ තරංගා

මුතු තරංගා ජනප්‍රිය නිළියක් දැන් ඇය ජනප්‍රිය ගායිකාවක් කිව්වත් වැරද්දක් නෑ. රංගනයෙන් ගායනයෙන් මුතූට හරිගියත් ඇගේ ජීවිතයෙත් වැරදුණු තැන් තිබුණාලූ. ඇය මෙවර සති අන්ත පුවත්පතකට ඇගේ විස්තර මේ විදියට කියල තිබුනා....

මොනවද මේ දවස්වල වැඩ කටයුතු ?
ඉදිරියේදී ස්වර්ණවාහිණියේ විකාශය වන මැද ගෙදර ටෙලි නාට්‍යයේ රූගග කිරීම් කරනවා. ඊට අමතරව නම් පසුගිය දවස්වල ප්‍රසංගයකට කොරියා ගියා. ඉදිරයේත් බාර ගත් විදෙස් ප්‍රසංග කීපයක්ම තියෙනවා.
මුතු තරංගා කියන්නේ මොනවගේ චරිතයක්ද ?
බොහොම සාමාන්‍ය කෙනෙක්. ඒ වගේම පොළවේ පය ගහලා ජීවත්වන කෙනෙක්.

නිරූපිකාවක් වෙන්න ගත්ත තීරණේ හරි කියලා හිතෙනවාද ?
අපෝ ඔව්..... කැටි විතරක් දැනගෙන මම නිරුපිකාවක් වුණේ නෑ. මම දැනුමත් එක්කයි නිරූපණ ක්ෂේත්‍රයට පය හැහුවේ. නික් ජයමහට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මං හිතන්නේ නිරූපිකාවක් වෙලත් මට වැරදුණේ නැත්තේ ඒ නිසා.

මුතූ නිළියක් වුණෙ ඇයි ?
ඒක පෙර වාසනාවකට සිද්ධ වෙච්ච දෙයක්. මගේ තාත්තගේ සහය නොලැඛෙන්න කවදාවත් මට නිළියක් වෙන්න ලැඛෙන්නේ නැහැ.

නිළියක් වෙලා ජීවිතේ කොතැනකවත් වැරදුණේ නැද්ද ?
අපෝ නැහැ. හරි ගියා මිසක වැරදුණේ නම් නැහැ.

ඒක් සමහරුන්ට නම් වැරදෙනවා ?
වෙන්න ඇති ඒත් මට එහෙම වුණේ නැහැ.

පුංචි කාළේ හීන දැක්කේ කවුරු වෙන්නද ?
ගායිකාවක් වෙන්න .

නිළියක් වෙලා ඒ හීනෙට නම් වැරැද්දක් වෙලා වගේ ?
දැන් නම් ඒ හිනෙත් ටික ටික හැබෑ වෙනවා. වෘත්තියෙන් ගායිකාවක් නොවුණත් දැන් ප්‍රසංග වලටත් ආරාධනා ලැඛෙනවානේ.

මුතූ පාසල් කාලේ මොනවගේ චරිතයක්ද ?
ගායනයට, නර්තනයට දක්ෂයි. ක්‍රීඩාවටත් දක්ෂයි. නෙට්බෝල් විතරක් නෙවෙයි එල්ලේත් ගහලා තියනවා. හැබැයි හරිම ලජ්ජාශීලියි. ගෙදරට නෑදැයෙක් ආවත් මුළුගැන්විලා ඉන්නේ.

ලැජ්ජා බය නැති වුණෙ නිළියක් වුණාට පස්සේද ?
තාමත් මගේ ලැජ්ජා බය නැති වෙලා නැහැ. මම මැරෙනකම්ම ඒ ලැජ්ජා බය නැති වෙන්නේ නම් නැහැ. එහෙම වුණානම් රංගනයෙන් වුණත් මම මීට වඩා ඉදිරියට ගිහින්.


අධ්‍යාපනයට නම් වැරැද්දක් වුණා නේද ?
ඔව් නේ. පාසල් කාලේ වැඩිපුරම හිටියේ නැටුම් කාමරේ. නැත්නම් සංගීත කාමරේ. මම සාමාන්‍ය පෙළ සමත් වුණත් මම හිතන් හිටපු තරමට උසස් ප්‍රතිඵල ගන්න බැරි වුණා. සිස්ටර්ට මුහුණ දෙන්න බැරි කමට ප්‍රතිඵල කියන්නවත් පාසලට ගියේ නැහැ. එතැනින්ම අධ්‍යාපනෙත් අවසන් වුණා.

ප්‍රේමයේ වැරදුණ තැන් ඇති ?
ඒක වැරදුන තැනකට වඩා මට හරිගිය තැනක් කියලයි දැන් හිතෙන්නේ. ඒක හරි ගියා නම් නොගැලපෙන විවාහයක් නිසා ජීවිතේම විදවන්න වේවි.

ජීවිතේ ගත්ත වැරදිම තීරණය මොකක්ද ?
ප්‍රථම ප්‍රේමය තමයි. මව්පියන් විරුද්ද වෙද්දීම මම ඒ සම්බන්ධයට පැටඵණේ. ඒත් කාලයාගේ අවෑයමෙන් ඒ සම්බන්ධය දුරස් වුණා.

දැන් ප්‍රේමය ගැන තෘප්තිමත්ද ?
නැත්නම් . දැන් අපේ ප්‍රේමයට අවුරුදු 08 යි.

ඒත් දවසින්දවස ඔබේ විවාහය කල් යනවා. එහෙම වෙන්න කොතැනද වැරදුණේ ?
පසුගිය අවුරුද්ද අවසානයේ විවාහ මංගල්‍යය ගන්නයි සැලසුම් කරලා තිබුණේ. ඒත් නවසීලන්තයේ සංචාරයකට ගිය නිසා ඒක තව ටිකක් කල් ගියා. බොහෝ වෙලාවට මේ අවුරුද්ද අවසානයේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙයි.

හිටි හැටියේ නවසීලන්තවට ගියේ ඇයි ?
සංචාරයකට.

පදිංචියට නෙවෙයිද ?
නැහැ. කැමැත්තක් තිබුණත් බාර ගත්ත වැඩ අතරමග දාලා යන්න බැහැනේ .

විදෙස් සංචාරයක් වෙනුවෙන් විවාහ මංගල්‍යය කල් දාන්න ගත්තු තීරණය හරිද ?
වැරැද්දක් නැහැ. නිශාන්තයි මමයි ඒ රටට හරි ආසයි. ආපහු යන්න අවස්ථාවක් ලැබුණොත් ගිහින් එන්න යනවා.

මුතූට ක්ෂේත්‍රයේ හොද යාළුවෝ නෑ කියන්නේ ඇත්තද ?
මම හැමෝ එක්කම කතා කරනවා. හිනා වෙනාවා. හැබැයි ඕනෑවට වඩා කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍රයෙන් පිටත් බඩ බැදගෙන ආශ්‍රය කරන යාළුවෝ මට නැහැ.

එහෙම වෙන්න කොතැනද වැරදුණෙ ?
ඕනෑවට වඩා සම්බන්ධතා තියනකොට අපි ඒ ජීවිත වලට කිට්ටු වෙනවා. අපේ අඩුපාඩු එයාලා දකිනවා. ඒ දේවල් වලින් අවස්ථාව ලැබුණහම ප්‍රයෝජන ගන්නවා. එහෙම වුණාම හිත රිදෙනවා. මම මගේ හිත රිදවා ගන්න කැමති නැහැ.

අත්දැකීමෙන්ද කියන්නේ ?
ඔව් අත්දැකීම් නැත්තෙත් නැහැ.

මෙගා ස්ටාර් ගිහින් වැරදුණා නේද ?
වැරදුණ තැනුත් තිබ්බා. හරි ගිය තැනුත් තිබ්බා. මට ගායනා කරන්න පුළුවන් කියලා ගොඩක් අය දැන ගත්තේ මෙගා ස්ටාරි නිසා.

අනාගතය ගැන දකින හීන මොනවද ?
කවදාවත් මම හීන දැකලා නැහැ. හීන පස්සේ දුවලා හීන සැබෑ නොවුනහම හිත රිදවා ගන්නවාට වඩා හීන නොදැක ඉන්න එක හොදයි.
Read Post | comments

මුලදී කැමති වුණේ නැහැ

Sunday, March 3, 2013

රී ලංකික කලා ක්‍ෂේත්‍රයේ අන්ත දෙකක ප්‍රවීණයන් දෙදෙනකු වන ලක්‍ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රා කළුආරච්චි යුවළගේ දයාබර දියණිය අමා ශාක්‍යා විජේසේකර බොහෝ කාලයකට පසුව කලා කටයුත්තකට අවතීර්ණ වී සිටින්නීය. ඒ ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිගේ "අන්ගාරා ගඟ ගලා බසී" වේදිකා නාට්‍යයේ ලරීෆා නම් චරිතය ඔස්‌සේය. කලෙකින් ඇය පුවත්පත් සාකච්ඡාවකට යොමු වන පළමු අවස්‌ථාව මෙය වීමද විශේෂත්වයකි. කාලය කෙටි වූවත් අතේ ඇඟිලි ගණනට සමාන සංඛ්‍යාවක්‌ නිර්මාණවලට ඉතා කලාතුරකින් සම්බන්ධ වන නිසාම අමා පිළිබඳ ප්‍රේක්‍ෂක හා පාඨක මතකයද බොහෝ ඈතට දිව යනු ඇත.

අමා.... ඒ මුල්ම අතීතය මතකද...?

අනේ ඔව්, අද ඊයේ වගේ මතකයි. මට වයස හරියට ම අවුරුදු...... අනේ .... වයස නම් මතක නැහැ. අම්ම වේදිකාවේ රඟපෑවා. මට කරන්න තිබුණේ වේදිකාවේ එක තැනක ඉඳගෙන සෙල්ලම් කර කර ඉන්නයි. උඩින් පාට පාට ලයිට්‌ දාලා තිබුණා. ඉස්‌සරහා පැත්ත හරියට රෑ වෙලා වගේ. හොඳටම කරුවලයි. කරුවල නිසා මම පැත්තවත් බැලුවේ නැහැ. අම්මා සැරෙන් වගේ මොන මොනවදොa කාත් එක්‌කද කතා කර කර හිටියා. ඊට පස්‌සේ අතින් අල්ලගෙන මාව වේදිකාවෙන් පහළට එක්‌කගෙන ආවා. මට කතා කරන්න කියලා එක වචනයක්‌ වත් තිබුණේ නැහැ.

ඒ මුල්ම වේදිකා රංගනය ද...?

ඔව්... ඒක රංගනයක්‌ කියලා කියන්න බැහැ ඉතිං. කිව්ව විදිහට හිටියා. අම්මත් ළඟම හිටියානේ.

නමුත් ඔබ රූපවාහිනිය හරහා බොහෝ දෙනකු හඳුනාගත්තා නේද....?
ප්‍රසන්න ජයකොඩිගේ "නිසල විල" ටෙලි නාට්‍යයේ සුමේධා කියන චරිතය නිසා බොහෝ දෙනකු මාව හඳුනාගත්තා.

ඒ ඔබේ පළමු ටෙලි රංගනයද...?

නැහැ. ටයිටස්‌ තොටවත්ත මහතාගේ "මනෝ පුබ්බං ගමා දම්මා" නම් වූ ඒකාංගික ටෙලි නාට්‍යයේ පොඩි ළමයකුගේ චරිතයකට පෙනී සිටියා. එතකොට මට වයස අවුරුදු 5 යි.

මේ වන විට ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවාද?

පස්‌සෙ ගෙනා මනමාලි, ගැහැනු ළමයි, විලම්භීත වගේ ටෙලි නාට්‍ය පහක හයක විතර නම් රඟපාලා ඇති.

එකම පිරිසක්‌, එකම කාලයකදී නිර්මාණ ගොඩකට දායකවෙද්දි ඔබ ඉඳලා හිටලා එකක රඟපාන්නේ ඇයි...?

අනේ.... කවදටත් මම එකම කාලෙක දෙක තුනකට සම්බන්ධ වුණේ නැහැ. මම එහෙම කැමතිත් නැහැ. කොහොමටත් රඟපාන්න ලොකු කැමැත්තකුත් නැහැ. ලැබෙන ආරාධනා අනුව, හොඳට හිතලා බලලා, මට විවේක තියෙන විදිහට අහම්බෙන් එකක්‌ විතර තෝරාගෙන රඟපානවා.

ඒ කියන්නේ රඟපාන්න විවේකයක්‌ නැද්ද?

විවේකය කියලා අමුතු දෙයක්‌ නැහැ. ඉගෙන ගන්න කාලේ කොහොමටත් විවේකයක්‌ තිබුණේ නැහැ. නමුත් රඟපාන්න අවස්‌ථාවක්‌ සහ ඒ ලැබෙන අවස්‌ථාව ලබාගැනීමට කැමැත්තක්‌ ඇති වුණා නම් රඟපෑවා. අධ්‍යාපනය බාධාවක්‌ වුණේ නැහැ.

දැන් ඔබ විවේකයෙන් ද...?

එහෙමට ම විවේකයක්‌ නැහැ. ඉතාම අහම්බෙන් "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යයේ රඟපාන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඉතිං දැන් රඟපානවා.

ඒ අහම්බය මොකක්‌ද?

මම ඇඳුම් නිර්මාණකරණයට යොමු වූ සහ ඒ කෙරෙහි ලොකු උනන්දුවක්‌ දක්‌වන කෙනෙක්‌. ස්‌විනීතා සුභසිංහ නම් වූ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය සමඟ එකතුවෙලා අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා මම ගියා. එතැනදී තමයි මේ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක්‌ රඟපාන්න අහඹු ලෙස මට සිදුවුණේ.

ඔබ රඟපෑවේ අකැමැත්තෙන්ද...?

මුලදී කැමැති වුණේ නැහැ. පස්‌සෙ කැමැත්තක්‌ ඇති වුණා.

ඔබ දිගටම වේදිකාවේ රැඳේවිද...?

මේ රඟපෑමත් එක්‌ක වේදිකාවට ලොකු කැමැත්තක්‌ නම් ඇති වුණා. නමුත් දිගටම රැඳේවිද කියලා කියන්න බැහැ. විවේක තියෙන විදිහට, ලැබෙන චරිත ගැන හිතලා බලලා රඟපාන්න ඉඩ තියෙනවා.

මේ නාට්‍යයේ ගායන වෘන්දයටත් ඔබ සම්බන්ධයි නේද...?

ඔව්, "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යයේ සංගීතයට මම ගොඩාක්‌ කැමැතියි. ප්‍රේමසිරි කේමදාස ශූරීන් තමයි මේ නාට්‍යයේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්‌සන ගීත කිහිපයක්‌ම නාට්‍යයට ඇතුළත් වෙනවා.

ඔබ වැඩියෙන්ම කැමති රඟපාන්නද.... ගීත ගයන්නද...?

මම වැඩියෙන්ම කැමති ඇඳුම් නිර්මාණකරණයටයි. ටෙලි නාට්‍ය, වේදිකා, නර්තන, චිත්‍රපට මේ කියන සෑම අංශයකම ඇඳුම් නිර්මාණකරණයට මම ගොඩාක්‌ කැමැතියි. දැනටමත් මම ඒ අංශයෙන් බොහෝ නිර්මාණවලට දායක වී තිබෙනවා. ඒ අංශයෙන් වැඩිදුර හදාරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මේ දිනවල සුවිනීතා සුභසිංහ සමඟ එකතු වෙලා ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්‌ටකාරී නාට්‍යයේ ඇඳුම් නිර්මාණකරණයටත් මම දායක වී සිටිනවා. එයින් මම ලොකු සතුටක්‌ ලබනවා.
Read Post | comments

කලාව ගැන කතා කරනකොට බල්ලොත් බුරනවා

මගේ ගාණ ලැබෙනවා නම් ඕනෑම නිර්මාණයක මම රඟපානවා

"ඒ දවස්‌වල නාරාහේන්පිට තලකොටුව වත්තේ අපේ තිප්පොලක්‌ තිබුණා. හැමදාම වගේ අපි එතැනට එකතුවෙනවා. ඉතිං අපි අඩි පුඩි ගහනවා, ශාස්‌ත්‍රීය දේ කතා කරනවා. ඒ ජීවිතේ ගෙවුණේ එහෙමයි... එහෙම දවසක ධර්මසේන පතිරාජ මාව කාමරේකට දාලා දොර වැහුවා.

එයා එහෙම කළේ බඹරු ඇවිත් චිත්‍රපටයේ තේමා ගීතය ලියන්න කියලයි. ඔහු මට කලින් කියලා තිබුණත් ඒක මගේ අතින් කෙරුණේ නෑ. එයා මට කිව්වේ බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන්ගේ චරිතය ඉස්‌මතු වන විදියට ගීතය ලියවිය යුතුයි කියලයි.

දැන් මම කාමරේ ඇතුලේ ඉඳන් සිංදුව ලියන්න පටන් ගත්තා.

පින්ගුත්තර දිවුල් කඩන් කාලා උදුම්බරාව ගහට නග්ගලා වටේට කටු හිටවපු මිනිහෙක්‌. දිවුල් ගෙඩි හැදෙන්නේ මල්වලින් නෙමෙයි. "බඹරු ඇවිත්" චිත්‍රපටයේ හෙලනුත් එහෙමයි. එයා වැල්ලේ ඉපදිලා, හැදිලා කල වයස යන්නත් කලින් නගරයෙන් ආපු සෙල්ලක්‌කාරයකු අතින් සල්ලන් වෙනවා. ඇය මලකින් ගෙඩියක්‌ වුණු එකියක්‌ නෙවෙයි.

මේ අදහස මගේ ඔලුවට කොහෙන් ආවාද මන්දා... මං ලිව්වා. ඒක දොරට යටින් පතිරාජට ඇරියා. එයා හොඳ නෑ කියලා ආපහු දොරට යටින් ඒක එව්වා. මෙහෙම දහතුන්වතාවක්‌ ලියලා දාහතර වැනි වතාවේ දොර ඇරුණා. ගීතය හොඳටම ලියෑවිලා තිබුණා."

මේ සොඳුරු කතන්දරය කියන්නේ ඩබ්ලිව්. ජයසිරි. එදා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට රංගධරයෙක්‌... ඊට වඩා යමක්‌ ඔහු ගැන හඳුන්වන්න කියන්න ඕන නෑ. හැබැයි ඔහු ගීත රචකයෙක්‌. ලේඛකයෙක්‌. මේ කවුරු වුණත් අපි දකින "ජයසිරි" තරමක්‌ අසාමාන්‍ය චරිතයක්‌. සමහරවිට ඔහු කියන දේවල් ක්‍ෂේත්‍රයේ සෑහෙන්න කතාබහට ලක්‌වෙනවා. හැබැයි ජයසිරි ඉතාම "නිදහස්‌" ජීවිතයක්‌ ගත කරන කෙනෙක්‌.

"කලාකාරයකුගේ ජීවිතය සාම්ප්‍රදායික වෙන්න ඕන නෑ. සාම්ප්‍රදායික ජීවිතයක්‌ ගත කරනවානම් එයා කලාකාරයෙක්‌ නෙවෙයි. එයාගේ කාර්යය වෙන්න ඕන මේ සාම්ප්‍රදායික ලෝකය වෙනස්‌ කරන්න උත්සාහ කිරීමයි. මම දන්නේ නෑ මගේ ජීවිතයට නම් අච්චුවක්‌ නෑ. අහවල් අවුරුද්දේ වාහනයක්‌ ගන්නවා... ගෙයක්‌ හදනවා... ඒ වගේ ප්ලෑන් මගේ ළඟ නෑ. මේ ජීවිතේ කවදාහරි මරණයෙන් කෙළවර වෙනවා. ඒ නිසා අච්චු හදාගෙන රාමු හදාගෙන මේ ජීවිතේ ගැන නහින්නේ නැතුව හොඳින් නිදහසේ කාලය ගත කරන්න ඕන."

මෙන්න මේ සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණු කතා බහ නිසාම අපි ඔහු එක්‌ක කාලයකට පස්‌සේ කතා කළා. ඒ මෙන්න මේ විදියට.

ඔබ කලාකරුවෙක්‌ද?

මොනවා කරන්නත් කලින් මම මනුස්‌සයෙක්‌.

කලා ක්‍ෂේත්‍රය ගැන මොන වගේ විග්‍රහයක්‌ද තියෙන්නේ.

මොනම විග්‍රහයක්‌වත් අදහසක්‌වත් නෑ. අද කලාව කියන්නේ මොකක්‌ද? මොන වගේ තැනකද තියෙන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නය. කලාව කියලා, මේ වෙනකොට කලාකාරයෝ කියන අය අඳුනාගෙන තියෙන්නේ මොකක්‌ද? ඒකත් ප්‍රශ්නයක්‌.

එහෙම කිව්වම ප්‍රශ්නයක්‌ මතුවෙනවා ඔබ මේ ක්‍ෂේත්‍රය තුළ මොනවද කරන්නේ කියලා.

මම මගේ භූමිකාව කරනවා. මම කරන දේට අවංක වෙනවා. මම නිර්මාණයකට දායක වෙනවානම් ඒකට අවංකව වැඩ කරනවා.

අනෙක්‌ අය අවංකව වැඩ කරන්නේ නැද්ද?

අනෙක්‌ අය ගැන කියන්න මම දන්නේ නෑනේ. මම කිව්වේ මගේ ගැන. මම ඔයාගෙන් අහන්නේ පහුගිය අවුරුදු විස්‌සක විතර කාලයක්‌ ඇතුළත කලාකාරයෙක්‌ කියලා කවුද බිහිවෙලා ඉන්නේ. (බල්ලකුගේ බිරුම් හඬ අසමින්) කලාව ගැන කතා කරනකොට බල්ලොත් බුරනවා.

ඔබ කියන්නේ එහෙම කවුරුත් නිර්මාණශීලී අය බිහිවෙලා නෑ කියන එකද?

අපෝ නෑ. කොච්චර ඉන්නවද? මම නිකං උදාහරණ දෙන්නම්. දැන් දොළහක්‌ නාට්‍යයේ මම රඟපාපු නිසා කියනවා නෙවෙයි. ඇත්තටම ඒක හොඳ නාට්‍යයක්‌.

ඔව්... නාට්‍යය හොඳයි. එතකොට පුද්ගලයා.

පුද්ගලයා හොඳ නැත්නම් ඒක වේදිකාවට පේන්නේ නෑනේ. අතුල ජයසිංහ කියන්නේ නිර්මාණශීලී, හොඳ දෙයක්‌ කරන තරුණයෙක්‌. දැන් මම කියන්නේ අපි පහුගිය අතීතය දෙසට ගියොත්, ඒ වගේ කීප දෙනෙක්‌ හැරුණුකොට කවුද ඉන්නේ. ධර්මසිරි බණ්‌ඩාරනායක වගේ මිනිස්‌සු බිහිවෙන්නේ ඉතාම කලාතුරකින්. ඒකයි මම කියන්නේ.

හරි... එහෙම අර්බුදයක්‌ තියෙනවනම් මොකක්‌ද ඒක විසඳගන්න ගන්න ඕන පියවර...

අපි අවංක වෙන්න ඕන. තමන් කරන දේ නිවැරදිව කරන්න ඕන. වෙන පරමාර්ථ එක්‌ක වැඩ කරන්න හොඳ නෑ.

වෙන වෙන පරමාර්ථ කීවේ "මාකට්‌" කරන එකද?

ඔව්... මාකට්‌ කරන එකත් එක ප්‍රශ්නයක්‌ තමයි. ඊළඟට ප්‍රශ්නයක්‌ මතුවෙනවා ඇත්තටම මේ කලාකාරයන්ට රජයෙන් හරි දෙයක්‌ ලැබෙනවද කියන එක.

ඒ කියන්නේ මේ ක්‍ෂේත්‍රයේ ප්‍රශ්නවලට ඒක සෘජුවම බලපානවා කියන එකද?

ඔව්.

මම ආපහු අහන්නේ, දේශපාලනය මේ අර්බුදයට සෘජුවම බලපානවද?

ඔව්... එහෙම කිව්වත් හරි. ඕකට ඕන තරම් උදාහරණ එක්‌ක කරුණු දෙන්න පුළුවන්. නමුත් මම එකක්‌ විතරක්‌ කියන්නම්. අපේ නාට්‍ය දෙකක්‌ ඉන්දියාවට ගියා. ඒ නාට්‍ය දෙක ඉන්දියාවට අරන් යන්න රජයෙන් කිසිම උදව්වක්‌ ලැබුණේ නෑ. ඒ කොල්ලෝ බොහොම අමාරුවෙන් තමයි සල්ලි හොයා ගත්තේ. අඳුරන අයගෙන් ඉල්ලගෙන, ගෙවල් දොරවල් වලින් ඉල්ලගෙන හරි දුකක්‌ විඳගෙන ඒ නාට්‍ය ඉන්දියාවට ගෙනිච්චා.

හරිනම් ආණ්‌ඩුව සතුටුවෙලා මේවාට අවශ්‍ය කටයුතු සලසලා දෙන්න එපායෑ. ඉතිං ඔය වගේ විවිධ කාරණාවලදී මේ මැදිහත්වීම කියන එක වැදගත්. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.

ඉතිං ඒවා ආණ්‌ඩුවටම භාරදීලා අතපිහදගන්න පුළුවන්ද?

බෑ... අපිත් එකට දායක වෙන්න ඕන.

එහෙම ක්‍රියා මාර්ගයකට යන්න තරම් ක්‍ෂේත්‍රයේ අයගේ එකමුතුවක්‌ නෑ කිව්වොත් පිළිගන්නවද?

ඒකත් එක කාරණයක්‌. මම කිව්වනේ විවිධ හේතු මේකට බලපානවා කියලා. දැන් ඉස්‌සර තිබුණා නාට්‍ය කරන අය අතරේ කණ්‌ඩායම්. අපි ගත්තොත් සුගතපාලද සිල්වා ඇතුළු "අපේ කට්‌ටිය" කියන කණ්‌ඩායම. විශිෂ්ට නිර්මාණ රැසක්‌ ඒ තුළින් බිහිවුණා. ඒ විතරක්‌ නෙවෙයි... බොහෝම ශාස්‌ත්‍රීය සංවාද, වාද විවාද මත, ගොඩනැඟුණා. ඒ තුළින් වඩාත් හොඳ දේ බිහිවුණා. සාහිත්‍යමය නිර්මාණ, වේදිකා නාට්‍ය මේ ආදී වශයෙන් බොහෝ දේ බිහිවුණේ ඒ තුළින් අද එහෙම එකක්‌ තියෙනවද?

ඔබ මේ ක්‍ෂේත්‍රයේ බොහෝ දේ "මාකට්‌" කරන්න වෙන බව කිව්වා. ඒක හරිද?

ඔව් මේ වෙලාවේ හැම දෙයක්‌ම මාකට්‌ වෙනවා. ඒක වළක්‌වන්න බෑ.

ඔබ වුණත්....

ඔව්... මම වුණත් මාකට්‌ වෙනවා.

එතකොට ඔබ කියපු "නිර්මාණයට අවංක වීම" යි මේ කාරණයයි ගැලපෙන්නේ නෑනේ.

නෑ... ගැලපෙන්නේ නෑ... ඒක හරි... ඒක ගැලපෙන්නේ නෑ. නමුත් එහෙම වෙනවා. මේක ධනවාදයටත් නැති, මොකකටවත් නැති මොකක්‌ද එකක්‌. ඒකේ ඕන දෙයක්‌ කුණු ගොඩක්‌ වෙනවා.

එතකොට නිර්මාණයක හොඳ නරක තෝරගෙන...

(ප්‍රශ්නය අසා නිමවීමට පෙර) තෝරාගෙන රඟපාන්න බෑ. ඒක පැහැදිලිවම ඇත්ත. මම ඕන එකක රඟපානවා. ඒක මගේ වෘත්තීය. මම හොඳ නරක හොය හොයා ඉන්නේ නෑ. මගේ ගාන ලැබෙනවනම් මම රඟපානවා.

මට කියන්න එතකොට ඔබ නිර්මාණයට අවංක වීමේ පරමාදර්ශී කලාව ගොඩනගන්න ඕන තැනින් ඉවත් වෙනවද කියන එක..

ඔය ප්‍රශ්නයම වැරදියි. කොහෙද එහෙම පරමාදර්ශී කලාවක්‌ තියෙන්නේ. එහෙම එකක අංශු මාත්‍රයක්‌වත් දැන් තියෙනවද? මම කිව්වේ මම අවංක වෙනව කියන එකයි. ඕනෑ එකක රඟපනාවා කියපු පමණින්ම අවංක නෑ කියලා තර්කයක්‌ මතු කරන්න බෑනේ. මම මේ කුණුගොඩේ කුණු නොවී ඉන්න උත්සාහ ගන්නවා.

ඔබ කරපු ප්‍රකාශ සමහරක්‌ විවාදයට ලක්‌වුණා.

ඔව්. ඇත්ත කිව්වම එහෙම වෙනවා. ඇත්ත කිව්වම රිදෙන අයට රිදෙනවා. බොරු කරන අයට ඇත්ත කියනකොට ඒක ටිකක්‌ අහගෙන ඉන්න අමාරුයි.

ලිංගික කාරණා සම්බන්ධයෙන් ඔබේ මතවාද ගැන...

ඔව්... ඒ ගැන තමයි කතා ඇතිවුණේ. මම ඉතිං ඇත්තනේ කියන්නේ. බොරු සුචරිතවාදී මූණක්‌ පෙන්නගෙන ඉන්න අයට ඉතිං තරහා යනවා තමයි...

ඔබේ ගීත රචනා කලාව එක තැනකදී නතර වෙනවා.

එක තැනකදී නතර වෙනවා නෙවෙයි, එක දිගට ලියන්නේ නෑ. "බඹරු ඇවිත්" චිත්‍රපටයේ ගීතය ලිව්වෙත් මම. ජිප්සීස්‌ සුනිල් පෙරේරාගේ "ලොරෙන්සෝද අල්මේදා" ගීතය ලිව්වෙත් මම. ඉතිං ඒ දෙකම අහපු අය පිළිගත්තා.

නමුත් මේ දෙක අතර තිබෙන වෙනස ගැන කතා බහ කෙරෙනවා.

ඔව්... "බඹරු ඇවිත්" ගීතය ක්‌ලැසික්‌... ලොරෙන්සෝද අල්මේදා බයිලා... ඕකනේ කියන්නේ. ඒ වුණාට ඒ ගීත දෙකම හොඳයි.

නමුත් මේ බෙදීම තුළම කලාකාරයෙක්‌ ගැන යම් තක්‌සේරුවකට එනවා නේද?

ඒක ඉතිං එහෙම තීරණ ගන්න අයගේ ප්‍රශ්නයක්‌නේ.. ඒක මට අදාළ නෑ. මම නිර්මාණ කරනවා. කට්‌ටියක්‌ කියනවා කැන්ටාටා ඔපෙරා හොඳයි කියලා. තව කට්‌ටියක්‌ කියනවා බයිලා හොඳයි කියලා. ඕක තමයි තත්ත්වය. ඒත් නිර්මාණාත්මකව ගත්තොත් මේ දෙකේම තියෙන හොඳ ගැනයි අපි කතා කරන්න ඕන.

ඔබ ලේඛකයෙක්‌...

ඔව්... ඒකත් මේ කරන දේවල් එක්‌කම කරගෙන යනවා. පත්තරවලට ලියන්න කියනවා. විවේකයක්‌ හොයාගෙන ලියනවා.

ඔබ මේ දිනවල දායකවෙලා ඉන්න නිර්මාණ මොනවද කියලත් දැනගන්න කැමතියි.

ධර්මසේන පතිරාජගේ චිත්‍රපටයකට දායක වෙලා ඉන්නවා. ඒ වගේම තව මම රඟපෑ චිත්‍රපට කිහිපයක්‌ම එන්න තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. පරණ ටවුම ටෙලි නාට්‍ය හොඳ ටෙලි නාට්‍යයක්‌... වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.
Read Post | comments

ගෙදරට කොච්චර චණ්‌ඩිකම් දැම්මත් ඉස්‌කෝලෙදි මම හරි ලැජ්ජයි....

Saturday, March 2, 2013

ලොකු ඉස්‌කෝලේ මහත්තයාලගේ ගෙදර තමයි ඉස්‌සර පාන් බෙදන්නේ. එක්‌කෙනෙකුට දෙන්නේ පාන් කාලයි. පෝළිමේ ගිහින් තමයි පාන් කාල ගන්නේ. සතියකට දවස්‌ දෙකක්‌ හරි තුනක්‌ හරි තමයි ගමට පාන් ගේන්නේ. ලොකු ඉස්‌කෝලේ මහත්තයා උදෙන්ම ඉස්‌කෝලෙට යන නිසා මමයි නිහාල්, නන්දන, උදය යාළුවෝ ටික පාන් එනකන් ඉඳලා පානුත් අරගෙන මගදිගට කකා තමයි ඉස්‌aකෝලෙට යන්නේ. ඒ හැම දවසකම වගේ ඉස්‌කෝලේ පටන් අරගෙන. පරක්‌කු වුණේ ඇයි කියලා ඇහුවහම පාන් එන්න පරක්‌කු වුණා කියලා බොරු කියලා පන්තියට දුවනවා...

ඉස්‌කෝලේ ජීවිතේනම් ඒ වගේ සුන්දර වූ මතකයන් පෙළක්‌ සිහිකරන්න පුළුවන්. එතරම් රසබර වූ අතීත මතකයන් තමයි මගේ කුඩා කල තිබුණේ. මගේ නම සරත් කොතලාවල වුණාට ඉස්‌කෝලේ යාළුවෝ මට කතා කළේ සරා කියලා. අපි අතර තිබුණු තවත් පුරුද්දක්‌ තමයි ඉස්‌කෝලේ ගිය හැම දවසකම වගේ දීපන්ගොඩ ඇළෙන් නාලා හවස තමයි ගෙදර එන්aනේ. හැබැයි හය පහුවෙන්න කලින් කොහොම හරි ගෙදර එනවා. මොකද හය පහුවුණොත් තාත්තාගෙන් ගුටි කන්න වෙන නිසා.

තාත්තා රස්‌සාවට කළේ රබර් ආශ්‍රිත ව්‍යාපාරයක්‌. අම්මා උදේට රබර් කිරි කපනවා. මට මතකයි අවුරුදු දහය වෙද්දි රබර් කිලෝ පනහ හැට පුට්‌ සයිකලේ තියාගෙන හෝමාගම පිහිටි මාගම්මන අපේ ගමේ ඉඳලා කිලේ මීටර් හතරක්‌ විතර එහා තියෙන කහතුඩුවට ගෙනියනවා. වැඩිමනක්‌ උවමනාවෙන් බයිසිකලේ පැද්දේ තාත්තා දෙන රුපියල් පහ අරන් ඉස්‌කෝලේ යන දවසට කඩචෝරු කන්න.

මගේ කුඩා කාලේ බොහෝ විට ගතවුණේ රබර් වතු, කුඹුරු, පොල් වතු මැද්දේ. මට මතකයි රබර් ඇට එකතුකරලා කරත්ත හදනවා. මට ඉන්නේ අක්‌කා කෙනෙක්‌ විතරයි. ඉස්‌කෝලේ චන්ඩියෙක්‌ නොවුණට අක්‌කත් එක්‌ක උපරිම රණ්‌ඩු අල්ලනවා. දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය තමයි මගේ මුල්ම පාසල වුණේ. මට මතකයි ඉස්‌කෝලේ ගිය මුල්ම දවසේ හොඳටම ඇඬුවා. පස්‌වෙනි පන්තියෙදි බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයට මාරු වුණා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ඒ ඉස්‌කෝලෙන්. ඒ කාලේ උපරිමයෙන්ම ඉගෙනීමට තමයි යොමු වෙලා හිටියේ.

ගොයම් කපන කාලෙට අපිට පුදුම සතුටක්‌ තිබුණේ. මඩවනවා, ඉපනැල්ලේ එල්ලේ ගහනවා. මට හොඳට මතකයි රබර් වත්තේ බඹ තුනක්‌ විතර උස රබර් ගහක්‌ තිබුණා. පුරුද්දට වගේ හැමදාම ඔය ගහේ නැගලා සෙල්ලම් කරනවා. දවසක්‌ අත්තක්‌ ගඩාගෙන බිමට වැටිලා හක්‌ක පැනලා බාප්පා කෙනෙක්‌ තමයි වෙදකම් කරලා හක්‌ක දැම්මේ. මෑතක්‌ වෙනකම් කට කට ගාන සද්දේ තිබුණා.

මේධානන්ද ඉස්‌කෝලෙට යද්දි හවස එනගමන් අවට තිබුණු වතු සුද්ද කරගෙන තමයි ගෙදර එන්නේ. හැමදාම වගේ වරකා නම් කරන්න ලැබෙනවා. ගෙදරට කොච්චර චණ්‌ඩි පාට්‌ දැම්මත් ඉස්‌කෝලේදි මම හරි ලැඡ්ජයි. සිකුරාදට තමයි ඉස්‌කෝලේ සාහිත්‍ය රුස්‌වීම තියෙන්නේ. කවදාවත් කිසිම ඉදිරිපත් කිරීමක්‌ කරන්නේ නැති නිසා මට හොරෙන් පන්ති භාර ගුරුතුමිය මගේ නම දාලා තිබුණා සිංදුවක්‌ කියන්න. නම කිව්ව නිසා ස්‌ටේඡ් එකට උඩට නැගලා විනාඩි පහක්‌ විතර ඇඹරි ඇඹරි ඉඳලා බලන් හිටපු හැමෝම හිනාවෙන නිසා බැහැලා ගියා. එදා ඉඳලා හැම සිකුරාදටම වගේ මම ස්‌කෝලේ ගියේ නැහැ. ඒ කට හරියන්න සඳුදට ගිහින් ගුටිකෑවා. ඒ තරම් සබකෝලයක්‌ තිබුණු ළමයෙක්‌ මම. නමුත් ක්‍රීඩාවට පොඩි කැමැත්තක්‌ තිබුණා. උස පැනලා තමයි වැඩිම සහතික තිබුණේ.

සාමාන්‍ය පෙළ එක විෂයක්‌ ඇරෙන්න අනෙක්‌ විෂයන් හතම පාස්‌වුණ නිසා 1987 දී උසස්‌ පෙළ කරන්න නුගේගොඩ සුභද්‍රරාම පිරිවෙනේ පටන් ගත්ත උදේ ඉස්‌කෝලෙට ගියා. වාණිජ විෂයන් තමයි මම තෝරගත්තේ. මට මතකයි ඉකෝන් ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන. පිරිවෙනේ තිබුණ උත්සවයකට එවකට අධ්‍යාපන ඇමැතිව හිටිය ආනන්ද තිස්‌ස අල්විස්‌ මහතාට ආරාධනා කරලා තිබුණා. ලොකු උත්සවයක්‌ නිසා උත්සවය තිබුණු දවසට කලින් දවසේ රෑ එළිවෙනකම් උසස්‌ පෙළ පන්තිවල හිටිය ළමයි එකතුවෙලා තොරණක්‌ ගැහුවා. පිරිවෙන් වත්තට ඉස්‌සරහා පොල් වත්තක්‌ තිබුණේ. කොහොමහරි රෑ හොර පොල් කඩන්න ගිහින් ජීවිතේ පළවෙනි වතාවට පොලිසියට අහුවුණා. වාසනාවට පොඩි ළමයි වුණ නිසා අවවාද කරලා පොලීසියට යන්න කලින් අපිව මගදි බැස්‌සුවා.

පොඩි කාලේ ඉඳලම චිත්‍රපට බලන පිස්‌සුවක්‌ තිබුණා. උසස්‌ පෙළ පන්තිවල ඉන්න කාලෙදි යාළුවොත් එක්‌ක චිත්‍රපට බලන්න යනවා. ජෝ මහත්තයාගේ චිත්‍රපට නම් බලන්න අමතක කරන්නෙ නැහැ.

උසස්‌ පෙළ විභාගෙ ලිව්වට විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු දෙකක්‌ මදිවුණ නිසා ගෙදර ඉඳන් රස්‌සාවල් හොයපු කාලයක්‌ මගේ ජීවිතේ තිබුණා. ඔය අතරේ පුද්ගලික ආයතනයක ඩිලවරි කරන රස්‌සාවක්‌ ලැබුණා. සුදුසුකම් අනුව ඒ රස්‌සාව ලැබෙන එකක්‌ නැතිවෙයි කියලා හත පාස්‌ කියලා තමයි ඒ රස්‌සාවට ගියේ. ටික කාලයක්‌ යද්දී මගේ ඇත්ත සුදුසුකම් ආයතනයෙන් දැනගෙන ස්‌ටෝ කීපර් කෙනෙක්‌ හැටියට පත්කළා. අවුරුදු තුනක්‌ ඒ රස්‌සාව කළා. ඔය අතරේ තමයි ගමේ පන්සලේ පුස්‌තකාලයක්‌ හදන්න මුදල් හොයාගන්න නාට්‍යයක්‌ හදලා පෙන්නමු කියලා ගමේ තරුණයෝ ටික එකතුවුණේ. අන්තිමේදි "යක්‌ෂාභි භවනය" කියලා නාට්‍යයක්‌ අපි නිර්මාණය කරලා රඟදැක්‌වුවා. මමත් ඒ නාට්‍යයේ එක චරිතයක්‌ කළා. නොකිව්වට මොකද රඟපාන්න පුංචි ආසාවක්‌ ටික කාලෙක ඉඳලා හිතේ තිබුණට අවස්‌ථාවක්‌ ලැබෙයි කියලා හිතුවේ නැහැ. අන්තිමේදි ඒ චරිතය ලැබීමත් එක්‌ක රංගනය ගැන හදාරන්න අසාවක්‌ ඇතිවුණා. 1990 වෙනකම් තරුණ සේවා සභාව, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින් මෙහෙයවපු වැඩමුළු හොයාගෙන ගිහින් ඉගෙන ගත්තා.

ඒ අතරේ ආරංචියක්‌ ලැබුණා ජයලාල් රෝහණයන්ගේ අලුත් වීදි නාටය කණ්‌ඩායමට සාමාජිකයන් බඳවා ගන්නවා කියලා. "දිරිය කැදල්ල" නමින් පටන්ගත්ත ඒ වීදි නාට්‍යය කණ්‌ඩායමට එකතුවෙලා අවුරුදු හයක්‌ විතර මම වැඩ කළා. 1994 දී රාජ්‍ය කෙටි නාට්‍යය උළෙලට සම්බන්ධ වෙන්න ලැබුණා මලගම වේදිකා නාටය හරහා. එතැනදි මේ ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පිරිසක්‌ මට හඳුනගන්න ලැබුණා. ඔය අතරේ රාජ්‍ය නාට්‍යය උළෙලට ඉදිරිපත් කරපු හේමන්ත ප්‍රසාද්ගේ වේදිකා නාට්‍යය තුළින් හොඳම නළුවා සම්මානය ජීවිතේ පළවෙනි වතාවට ලැබුණා. ඒ සමගම වගේ ෂෙල්ටන් පයාගල මහත්මා මුණගැහුණා. ඔහුගේ මගපෙන්වීම මතින් කලාව තුළ සියලු තතු ඉගෙන ගත්තා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ජයලත් මනෝරත්නයන්ගේ මිනිස්‌සු ඒකාංගික ටෙලිනාට්‍යය.

ඒ වෙනකොට කරපු හැම රස්‌සාවකින්ම අයින් වෙලා රංගනය මගේ වෘත්තිය කරගෙන තිබුණා. ඔය අතරේ තමයි 2002 අවුරුද්දේදි යෝජිත විවාහයක්‌ මගින් පුෂ්පා සමන්ති මගේ බිරිඳ දැන ඇඳිනගෙන අපේ විවාහය සිද්ද වුණේ. අද අපිට දුවයි පුතුයි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.

ජීවිතේ ගැන සන්තෝෂයි. මේ විෂය තුළ අලුත් අලුත් දේ හොයමින් ආවේ. ඒ තූළ ඉගෙන ගෙන තියෙනවා සහ මගේ ජීවිතේ ටාගට්‌ තියෙනවා. එහෙම කියලා කවුරුවත් තල්ලු කරගෙන ආපු ගමන් මට නැහැ. අද වෙනකම් කරපු හැම දෙයක්‌ම උපරිමයෙන් කළා කියලා හිතනවා.
Read Post | comments

තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කැපවෙන්න ගියොත් විවාහය අසාර්ථක වෙනවා

දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ දක්ෂ නර්තන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙසයි. ඇය ක්ෂේත්‍රයට ආ කාලයේ බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කතා කළේ ඇයගේ රංගන දක්ෂතාවයන් පිළිබඳවයි. රංගන ශිල්පිනියක් ලෙසින් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් දිල්හානි නර්තන හැකියාවන්ගෙන් යුක්ත තරු අතරින් සුපිරිතරු තේරීමේ වැඩසටහනකට එක්වී සිටිනවා. දිල්හානි “රිද්ම” සමගින් ඇයගේ තොරතුරු පවසන්නට මේ අයුරින් එක්වුණා.
 
ඔබ රියැලිටි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සමගයි. මේ වැඩසටහන තෝරාගැනීමට හේතුව මොකක්ද?
සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහන එක්ක එකතුවෙන්න හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි අපේ අදහස්වලට දෙරණ නාලිකාව එකඟ වීම. නියම දක්ෂයා කවුද කියලා මේ වැඩසටහනේදී තෝරා ගන්නේ එස්.එම්.එස්. මගින් නෙවේ. විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුවයි. දෙරණ ගත් මේ තීරණ නිසා මම සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනට එක්වුණා.

ඔබට මීට කලින් මෙවැනි වැඩසටහනකට ආරාධනා ලැබුණෙ නැද්ද?
මීට කලින් එක නාලිකාවක් මට රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. මාත් ඒකට එකඟවෙලා හිටියේ. නමුත් මට දන්වලා තියෙන දිනය වෙනතුරුත් ඒ අය කිව්වෙ නැහැ වැඩසටහන නතර කරලා කියලා. ඇඳුම් පහක් මහලා, මේකප් කරන අයටත් කිව්වටත් පස්සෙ මට පාඩුව බාර ගන්න වුණා. මට ඒ ආරාධනය කරලා මඟ ඇරියේ සාමාන්‍ය නාලිකාවක් නෙවේ, ලංකාවේ ප්‍රධානම නාලිකාවක්. දෙරණ මට මේ වැඩසටහනට ආරාධනා කළා. ඔවුන් බොහොම වැදගත් විදියට මේ වැඩසටහන මේ වන විට කරගෙන යනවා.
 අපි යම් කටයුත්තකට දායක වෙද්දී වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන. සත්තු වගේ වැඩ කරන්න වෙනවා නම් එවැනි වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැහැ. මේ වැඩසටහනේදී චන්නට, මට, කෙවින්ට ආයතනය හොඳින් සලකනවා. ඇඳුම්, පැළඳුම් ගැන පවා ඔවුන් උනන්දුවෙන් කටයුතු කරනවා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ නිර්මාණ අතර නිතරම දකින්නෙ නැහැ කියලා ප්‍රේක්ෂකයන් කියනවා?
මම රංගනයෙන් එක්වුණ චිත්‍රපට හය හතක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. ධවල දූවිලි, තරු අතර මං, දළදා ගමන වගේ තවත් චිත්‍රපට කීපයක් තියෙනවා. ඒ වගේම වීදිය බණ්ඩාර කියන ටෙලිනාට්‍යයේ රූගතකිරීම්නුත් සිදුවෙමින් පවතිනවා. පහුගිය දවස්වල ඇතිවුණ අවිවේකී බව නිසා රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

ක්‍ෂේත්‍ර්‍රයට ආ මුල් කා‍ලේ ඔබ ඔබේ වයස කිව්වා. දැන් ඔබ ඔබේ වයස කියන්න කැමැතිද?
ඔව්, කියන්න අකමැති නැහැ. නමුත් දැන් ඒ දේවල් කීම අදාළ නැහැ කියලා හිතෙනවා. සමහර වෙලාවට මම මගේ සැබෑ තොරතුරු කිව්වහම මගේ හිතවත් අය අහනවා ඇයි ඔය දේවල් කියන්නෙ, ඒවා අවශ්‍ය නැහැ කියලා.

ඔබ ලොකුපුතෙක් ඉන්න අම්මා කෙනෙක්. තාමත් ඔබේ හැබෑ වයස පේන්නෙ නැහැ. මොකක්ද ඒකෙ රහස?
ඒකෙකිසිම රහසක් නැහැ. මගේ හැබෑ වයස ඒ විදියටම පේනවා. පුතා එක්ක ඉදිද්දී මගේ වයස කොහොමත් හොඳට පේනවා. දැන් පුතා උසස්පෙළ පන්තිවල ඉගෙන ගන්නෙ. වයසට යෑම නොපෙන්න ඉන්න විශේෂ දෙයක් අපට කරන්න බැහැ. ඇත්තට මුහුණදෙන්න අපට සිදුවෙනවා.

පුතාටත් ඔබට වගේ රංගන හැකියාවන් තියෙනවද?
එයාගෙ දක්ෂතාවයන් තියෙන්නෙ සංගීතය පැත්තට. සීයා, තාත්තා වගේ සංගීතයට ගොඩක් ලැදියි.

පුතා ඒ පැත්තෙන් ඉදිරියට යනවට ඔබ කැමතිද?
මම කලාවට කැමැතිකෙනෙක්නේ. එයා හරියට සංගීතය භාවිතා කරනවා නම් සංගීතය පැත්තෙන් ඉදිරියට ගියාට කමක් නැහැ. මුල්ම දේ අධ්‍යාපනයට මුල්තැන දීම. ඉන් පස්සෙ සංගීතය කරනවා නම් හරි විදියට ඒ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පටන් ගන්න ඕන.

සිනමාවට ඇවිත් ටික කාලයකින් විවාහ වීම වෘත්තීය ජීවිතයට බලපෑවේ මොන විදියටද?
විවාහ වීම මගේ වෘත්තීය ජීවිතයට බාධාවක් හෝ බලපෑමක් වුණේ නැහැ. මම හිතන්නෙත් නැහැ විවාහය වෘත්තීය කටයුත්තකට බාධාවක් කියලා. ක්ෂේත්‍රයේ සමහර අය විවාහය හංගනවා. ඒ අයට ලැබුණු දරුවන් පවා මාධ්‍යයෙන් නොපෙන්වා හංගනවා. එහෙම හංගගෙන ජීවත්වෙන අය දිහා බැලුවහම ඒ අය බලා‍පොරොත්තුවෙන විදියට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නවද කියලත් හිතනවා. විවාහය, දරුවන් ලැබිම සැඟවිය යුතු දෙයක් නොවේ.

ඔබ ඔබේ ජීවිතයේ තීරණ නිසි කාලයට ගත්තා කියලා හිතනවද?
විවාහය වගේ තීරණ මම නිසි කාලයට කළා කියලා හිතෙනවා. මගේ ජීවිතයේ බොහෝ තීරණ මම නිසි කාලෙට වෙලාවට ගත්තා කියලා හිතනවා. සමහර වෙලාවට වැරදුන තැන් ඇති.

ඔබේ සැමියා(ප්‍රියංකර පෙරේරා) කාලයක් රංගනයටත් සම්බන්ධවෙලා හිටියා. දැන් ඔහු රංගනයට දායක වෙන්නෙ කලාතුරකින් නේද? ඊට හේතුව?
ප්‍රියංකරට ගීත ගායනා කරන්න තියෙන්නේ රෑට. රූගත කිරීම්වලට බොහෝ වෙලාවට සම්බන්ධවෙන්න තියෙන්නෙ රෑට. දවල්කාලෙත්, රාත්‍රියෙදිත් දිගටම වැඩ කරන්න අමාරුයි. එයා මූලිකත්වය දුන්නෙ ගීත ගායනයට. රංගනයට අපි වගේ කැපවෙලා කටයුතු කරන්නෙ කැමැත්තක් ප්‍රියංකරට නැහැ.

ඔබ වෘත්තීය ජීවිතයට වගේම ගේ දොර වැඩකටයුතුවලටත් වෙලාව වෙන් කරන කෙනෙක්. මේ දෙකම සමබරව කරගත්තෙ කොහොමද?
සමහර වෙලාවට වෙහෙසක් දැනෙනවා. මගේ ගෙදර උයන්නවත් කවුරුත් නැහැ. අපිම තමයි ඒ වැඩකටයුතු කරන්නෙ. මටත් පුළුවන්කම තිබිලා තියෙනවා හැම දෙයක්ම එකම විදියට කර ගන්න. ඒ නිසා කරන්න වෙන වැඩ ප්‍රමාණයත් වැඩියි. මම ටිකක් සැරට උයනවා. ප්‍රියංකර සැරට කන්න කැමැති නිසා උයන පිහන කටයුතුත් මටම පැවරෙනවා. ගෙදර හිටියොතින් ගේ දොර වැඩකටයුතුවලට සෑහෙන්න කාලය වෙන් කරනවා. ෂූටිංවලට ගියාම තමයි මම ඒ කටයුතුවලින් නිදහස්වෙන්නෙ. ෆෝන් එකෙත් ස්විච් ඕෆ් කරගෙන මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මම දැන් රූගත කිරීම්වලට ඉස්සර වගේ දුර යනවා අඩුයි. තව අවුරුදු දෙක, තුනකින් පුතාගේ අධ්‍යාපන කටයුතු අවසන් වේවි. ඊට පස්සෙ වෘත්තීය කටයුතු කරන්න ටිකක් නිදහස ලැබෙයි කියලා හිතනවා.

වර්තමානයේ දක්ෂ නර්තන ශිල්පියෙක් එක්ක නර්තන ජවනිකා වැඩි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්?
දැන් අපට නටන්න බැහැ. අවුරුද්දකට සැරයක් රිදී රැයක් ප්‍රසංගයට නර්තනයෙන් දායක වුණාට ඒ හැර වෙනත් නිර්මාණයක් වෙනුවෙන් මම නර්තනයේ යෙදෙන්නෙ නැහැ. හොඳට පුහුණුවෙන්නෙ නැතිව නර්තනයේ යෙදෙන්න බැහැ. ඒ කා‍ලේ උදේ ඉඳන් රෑ දහය විතර වෙනකන් නර්තනය පුරුදු වුණා. දැන් මම ඒ කැපකිරීම නර්තනය වෙනුවෙන් කරන්නෙ නැහැ. 

අද රංගනයට සම්බන්ධ බොහෝදෙනෙක් විවාහ වෙනවා. ඒ එක්කම බොහෝ දෙනෙක් ඉක්මනින් විවාහය දික්කසාදයකින් කෙළවර කර ගන්නවා. ඔබට විවාහ ජීවිතය රැකගන්න පුළුවන් වුණේ කොහොමද?
ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. පවුල් ජීවිතයක් රැකගන්න නම් ඉවසීම කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අනික විවාහ වෙනවා නම් හොඳට කේන්දර බලලා බඳින්න ඕන. ගැහැනියක් ගුණදම් රැකගෙන ජීවත්වෙනවා නම් අමාරුවෙන් වුණත් ජීවත්වෙන්න පුළුවන්. විවාහ වෙලා ළමයි ලැබුණට පස්සෙ බොහොම පරිත්‍යාගශීලීව කටයුතු කරන්න ඕන. තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කටයුතු කරන්න ගියොත් විවාහ ජීවිතය අසාර්ථක වෙනවා.
Read Post | comments

අන්තිමට අපිට මහපාරට වැටෙන්න වුණා

Friday, March 1, 2013

ශ්‍රී ලාංකේය සංගීතය තුළ විශේෂයෙන්ම සිනමා සංගීතය තුළ නොමැකෙන  සලකුණක් තැබූ ග්‍රේෂන් ආනන්ද කලකට පෙර අපිට අහිමි වුණා. නමුත් ජීවිතයෙන් යන්නට පෙර ග්‍රේෂන් අපට වටිනා තෑගි ගොඩක්ම දුන්නා. ඒ ඔහුගේ හඩින් ගැයූ මනහර ගීත සමුච්චය. ඒ සෑම ගීයක්ම සදාකාලික තිළිණයන් විදියට අප ළඟ තියේවි. මීට අමතරව ග්‍රේෂන් තවත් වටිනා තිළිණයක් කලා ලොවට හිමිකරලයි ජීවිතයෙන් සමුගත්තේ. ඒ වටිනා තිළිණය ඔහුගේ පුතු මාරියෝ ආනන්ද. මාරියොත් අද වන විට සංගීත ක්‍ෂේත්‍රයට එකතු වී සිටිනවා. පියාගේ ගීත ඔහුගේ ගමනට දොරටුවක් වුවත් එතැන නොරැඳී තමාගේම ගීත තුළින් ගමනක් යාමට මාරියෝ දැන් සූදානම්. ඒ වගේම මේ කඩවසම් නව යෞවනයා ගැන අලුත්ම ආරංචියක් අපට ලැබුණා. ඒ තමයි ඔහු නළුකමට එකතු වී තිබෙනවා කියන පුවත. ඒ අලුත් ආරංචිය ගැන අහන්නයි, ගායන ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැනගන්නයි අපි මාරියෝට කතා කළේ.
 
මාරියෝ ආනන්ද නළුකමට එකතු වීම තුළින්ම මේ කතාබහ ආරම්භ කරමු?
(හිනැහි) සාරංග මෙන්ඩිස් මහතාගේ නවතම ටෙලි නාට්‍යය “ශ්වේත කුසුම්” ටෙලි නාට්‍යය තුළින් තමයි මම රඟපෑමට එකතු වන්නේ. මම එහි රඟපාන්නේ “මාලන්” කියලා නව යොවුන් පාසල් ශිෂ්‍යයෙකුගෙ චරිතයක්. මාලන් සංගීතයට ළැඳි ඒ තුළින් ඉදිරියට යාමට ගීත මවන අධ්‍යාපනය හා සංගීත සිහිනය අතර මැදි වූ චරියක්. ඒක වෙනස්ම විදියෙ ටෙලි නාට්‍යයක්. ඉදිරියේදී විකාශය වේවි.

දිගටම නළුකමේ යෙදී ඉන්නද කල්පනාව?
මම මේ නාට්‍යයටත් මුලදී කැමති වුණේ නැහැ. රඟපෑමේ අදහසක් කවදාවත් මට තිබුණෙ නැහැ. “ශ්වේත කුසුම්” විකාශය වූවාට පසු මටම මගෙ රඟපෑම් ගැන තීරණය කරන්න පුළුවන්නේ. ඉන් පසුව තමයි දිගටම රඟපානවාද කියල තීරණය කරන්නේ.

“ශ්වේත කුසුම්” සාර්ථක වුණොත් දිගටම රඟපානවා?
ලැබෙන ආරාධනා අනුව පිටපත බලල තමයි තීරණය කරන්නේ.

පියාගේ ගීත ගායනා කරමින් ක්‍ෂේත්‍රයට ආවත් මාරියෝ දැන් චිත්‍රපට සහ ටෙලි නාට්‍යය පසුබිම් ගායකයෙක්?
රවින්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලි නාට්‍යයේ “කියාදෙන්න සිනහව“ කියන පසුබිම් ගීය ගායනා කරන්නේ මමයි උරේෂා රවීහාරි දෙන්නා. ඒ වගේම ජයසේකර අ‍පෝන්සු මහතාගේ “සීතා මං ආවා” චිත්‍රපටයේ උරේෂා සමගම යුග ගීයක් ගායනා කරනවා.

බොහෝ ගායක ගායිකාවන්ගේ දූ දරුවෝ පුංචිම කා‍ලේ සංගීතයට එනවා. ඒත් ග්‍රේෂන් ආනන්දගේ පුතාව රටම හඳුනා ගත්තේ ඔහු මියගිය පසුවයි?
පුංචි කාලෙදීත් අපේ ගෙදර සංගීත පසුබිමක් තිබුණා. ඒත් මට ගායකයකු වීමේ අදහසක් තිබුණේ නැහැ. මගේ හීනය වුණේ කවදහරි සංගීත අධ්‍යක්ෂවරයෙකු වීම. බෑන්ඩ් එකක් හදා ගැනීමේ හීනයක් හිතේ තිබුණා. ඒත් පාසල් අවධියේ සංගීතයට එනවට තාත්තා කැමති වුණේ නැහැ. මට මතකයි පුංචි කාලෙදී මම ඩ්‍රම් සෙට් එකක් තාත්තාගෙන් ඉල්ලුවත් තාත්තා ඒක අරගෙන දුන්නෙ නැහැ. කොහොම හරි මම පස්සේ කාලෙක ගායනයට එකතු වුණා. ඒත් ඒකත් අහම්බෙන් වගේ සිදුවූ දෙයක්.

එදා තාත්තා ගත්තු තීරණය ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම තාත්තට මට වඩා ජීවිතය ගැන දැක්මක් තියෙනවා කියලා අද වැටහෙනවා. ළමා කාලයේදී ජනප්‍රිය චරිතයක් වුණොත් ඒක විඳදරා ගන්න බැරිව පස්සෙ කාලෙක  ඉබේම යටපත් වී යන්නත් පුළුවනි.

මාරියෝ ගායනයට ආවේ අහම්බෙන් කිව්වා. ඒ සිදුවීම දැනගන්න කැමතියි...
2011 රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී එය සංවිධානය කළ උපාලි ආරියසිරි  මහතා තමයි මාව “ලතා වල්‍පොල” මහත්මිය සමග ‘හිමරේණු’ ගීතය ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ. එය දැකලා බුද්ධික ජයරත්න මහතා “සිහින අහසේ වසන්තේ” කියලා මගෙ ප්‍රසංගයක් කළා. ඉන්පසුව සී. විව් හෝටලයේ අධිපති ශිරාන් විජේගුණවර්ධන මහතා “මාරියෝ ආනන්දනීය ගීත රාත්‍රිය” නමින් මගෙ දෙවැනි ප්‍රසංගයක් කළා. ඒ විදියට මමත් ක්‍ෂේත්‍රය තුළට ටිකින් ටික එකතුවෙලා මගේම ගී ගායනා කළා.

ජීවිතයේ අවසාන කාලයේදී ග්‍රේෂන් ආනන්ද හුදකලා වී සිටි බවත් මාරියෝ ඇතුළු පවු‍ලේ අය බොහෝ අර්බුදවලට ලක්ව සිටි බවත් අප දන්නවා.
තාත්තා පවුලට පුදුමාකාර විදියට ආදරේ කළ හොඳ ගතිගුණ ගොඩක් තිබුණු කෙනෙක්. එයාගෙ තිබුණු එකම නරක දේ බිමත්කම විතරයි. හැම ගැටලුවකටම මුල වුණෙත් ඒක. අවසාන කාලයේදී අම්මයි තාත්තයි  වෙන් වී සිටියත් මම තාත්තව බලන්න ගියා. තාත්තා වටා හිටපු කිසිම යාළුවෙක් ඒ වන විට තාත්තා ළඟ හිටියේ නැති නිසා මම තාත්තට යාළුවෙක් වුණා. “රනඹ” කියල නීතිඥ මහත්තයෙක් ළඟ තමයි තාත්තා අන්තිමට හිටියේ. මමයි අම්මයි අක්කයි තුන්දෙනත්  ඒ කා‍ලේ නොයෙක් අර්බුදවලට මුහුණ දුන්නා. අන්තිමට අපිට මහ පාරට වැටෙන්න වුණා.  ඒ වෙලාවේ චමිලා ෆොන්සේකා මහත්මිය (ගාමිණී ෆොන්සේකා මහතාගේ වැඩිමල් දියණිය) හා එතුමියගෙ සැමියා වසන්ත ජයසූරිය මහතා අපිට නිවසක් දුන්නා. අද අපි වැටිලා ඉන්නේ ඒ නිවසේ. ඒ දෙදෙනාගේ “ජේසන්ස්” ආයතනයේ මගේ අක්කා රැකියාවක් කරනවා. අක්කා තමයි මෙච්චර කාලයක්  අපි තුන්දෙනාගේ ජීවිත ගැටගහ ගන්න හම්බ කළේ.  කවදාහරි හොඳ ආර්ථිකයක් ගොඩනගාගෙන අපේම නිවසක් හදාගෙන අම්මයි අක්කයි දෙන්නගෙ ජීවිත සැපවත් කිරීම තමයි මගෙ ලොකු අරමුණ.

මරියෝ වගේ කඩවසම් නව යොවුන් යෞවනයකුගේ ආදරය ගැන  කතා නොකළොත් ඒක ලොකු අඩුවක්?
(හිනැහි) මට පෙම්වතියක් ඉන්නවා. දෙපාර්ශ්වයේම අයගේ ආශිර්වාදය අපට ලැබිල තියෙනවා. මම මුලදී රඟපාන්න ටිකක් මැලි වුණත් මම ප්‍රේම ජවනිකා රඟපානවා දකින විට ඇගේ හිත රිදෙයි කියලා. මට හැමදේටම වඩා වටින්නේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න. ඒත් ඇය මම රඟපානවාට විරුද්ධ වුණේ නැහැ. ආශිර්වාද කළා.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all