රී
ලංකික කලා ක්ෂේත්රයේ අන්ත දෙකක ප්‍රවීණයන් දෙදෙනකු වන
ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රා කළුආරච්චි යුවළගේ දයාබර දියණිය
අමා ශාක්‍යා විජේසේකර බොහෝ කාලයකට පසුව කලා කටයුත්තකට අවතීර්ණ
වී සිටින්නීය. ඒ ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිගේ
"අන්ගාරා ගඟ ගලා බසී" වේදිකා නාට්‍යයේ ලරීෆා නම් චරිතය
ඔස්සේය. කලෙකින් ඇය පුවත්පත් සාකච්ඡාවකට යොමු වන පළමු
අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. කාලය කෙටි වූවත් අතේ ඇඟිලි
ගණනට සමාන සංඛ්‍යාවක් නිර්මාණවලට ඉතා කලාතුරකින් සම්බන්ධ වන
නිසාම අමා පිළිබඳ ප්‍රේක්ෂක හා පාඨක මතකයද බොහෝ ඈතට දිව යනු
ඇත.
අමා.... ඒ මුල්ම අතීතය මතකද...?
අනේ ඔව්, අද ඊයේ වගේ මතකයි. මට වයස හරියට ම අවුරුදු...... අනේ .... වයස නම් මතක නැහැ. අම්ම වේදිකාවේ රඟපෑවා. මට කරන්න තිබුණේ වේදිකාවේ එක තැනක ඉඳගෙන සෙල්ලම් කර කර ඉන්නයි. උඩින් පාට පාට ලයිට් දාලා තිබුණා. ඉස්සරහා පැත්ත හරියට රෑ වෙලා වගේ. හොඳටම කරුවලයි. කරුවල නිසා මම පැත්තවත් බැලුවේ නැහැ. අම්මා සැරෙන් වගේ මොන මොනවදොa කාත් එක්කද කතා කර කර හිටියා. ඊට පස්සේ අතින් අල්ලගෙන මාව වේදිකාවෙන් පහළට එක්කගෙන ආවා. මට කතා කරන්න කියලා එක වචනයක් වත් තිබුණේ නැහැ.
ඒ මුල්ම වේදිකා රංගනය ද...?
ඔව්... ඒක රංගනයක් කියලා කියන්න බැහැ ඉතිං. කිව්ව විදිහට හිටියා. අම්මත් ළඟම හිටියානේ.
නමුත් ඔබ රූපවාහිනිය හරහා බොහෝ දෙනකු හඳුනාගත්තා නේද....?

ප්‍රසන්න ජයකොඩිගේ "නිසල විල" ටෙලි නාට්‍යයේ සුමේධා කියන චරිතය
නිසා බොහෝ දෙනකු මාව හඳුනාගත්තා.
ඒ ඔබේ පළමු ටෙලි රංගනයද...?
නැහැ. ටයිටස් තොටවත්ත මහතාගේ "මනෝ පුබ්බං ගමා දම්මා" නම් වූ ඒකාංගික ටෙලි නාට්‍යයේ පොඩි ළමයකුගේ චරිතයකට පෙනී සිටියා. එතකොට මට වයස අවුරුදු 5 යි.
මේ වන විට ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවාද?
පස්සෙ ගෙනා මනමාලි, ගැහැනු ළමයි, විලම්භීත වගේ ටෙලි නාට්‍ය පහක හයක විතර නම් රඟපාලා ඇති.
එකම පිරිසක්, එකම කාලයකදී නිර්මාණ ගොඩකට දායකවෙද්දි ඔබ ඉඳලා හිටලා එකක රඟපාන්නේ ඇයි...?
අනේ.... කවදටත් මම එකම කාලෙක දෙක තුනකට සම්බන්ධ වුණේ නැහැ. මම එහෙම කැමතිත් නැහැ. කොහොමටත් රඟපාන්න ලොකු කැමැත්තකුත් නැහැ. ලැබෙන ආරාධනා අනුව, හොඳට හිතලා බලලා, මට විවේක තියෙන විදිහට අහම්බෙන් එකක් විතර තෝරාගෙන රඟපානවා.
ඒ කියන්නේ රඟපාන්න විවේකයක් නැද්ද?
විවේකය කියලා අමුතු දෙයක් නැහැ. ඉගෙන ගන්න කාලේ කොහොමටත් විවේකයක් තිබුණේ නැහැ. නමුත් රඟපාන්න අවස්ථාවක් සහ ඒ ලැබෙන අවස්ථාව ලබාගැනීමට කැමැත්තක් ඇති වුණා නම් රඟපෑවා. අධ්‍යාපනය බාධාවක් වුණේ නැහැ.
දැන් ඔබ විවේකයෙන් ද...?
එහෙමට ම විවේකයක් නැහැ. ඉතාම අහම්බෙන් "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඉතිං දැන් රඟපානවා.
ඒ අහම්බය මොකක්ද?
මම ඇඳුම් නිර්මාණකරණයට යොමු වූ සහ ඒ කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ස්විනීතා සුභසිංහ නම් වූ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය සමඟ එකතුවෙලා අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා මම ගියා. එතැනදී තමයි මේ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපාන්න අහඹු ලෙස මට සිදුවුණේ.
ඔබ රඟපෑවේ අකැමැත්තෙන්ද...?
මුලදී කැමැති වුණේ නැහැ. පස්සෙ කැමැත්තක් ඇති වුණා.
ඔබ දිගටම වේදිකාවේ රැඳේවිද...?
මේ රඟපෑමත් එක්ක වේදිකාවට ලොකු කැමැත්තක් නම් ඇති වුණා. නමුත් දිගටම රැඳේවිද කියලා කියන්න බැහැ. විවේක තියෙන විදිහට, ලැබෙන චරිත ගැන හිතලා බලලා රඟපාන්න ඉඩ තියෙනවා.
මේ නාට්‍යයේ ගායන වෘන්දයටත් ඔබ සම්බන්ධයි නේද...?
ඔව්, "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යයේ සංගීතයට මම ගොඩාක් කැමැතියි. ප්‍රේමසිරි කේමදාස ශූරීන් තමයි මේ නාට්‍යයේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්සන ගීත කිහිපයක්ම නාට්‍යයට ඇතුළත් වෙනවා.
ඔබ වැඩියෙන්ම කැමති රඟපාන්නද.... ගීත ගයන්නද...?
මම වැඩියෙන්ම කැමති ඇඳුම් නිර්මාණකරණයටයි. ටෙලි නාට්‍ය, වේදිකා, නර්තන, චිත්‍රපට මේ කියන සෑම අංශයකම ඇඳුම් නිර්මාණකරණයට මම ගොඩාක් කැමැතියි. දැනටමත් මම ඒ අංශයෙන් බොහෝ නිර්මාණවලට දායක වී තිබෙනවා. ඒ අංශයෙන් වැඩිදුර හදාරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මේ දිනවල සුවිනීතා සුභසිංහ සමඟ එකතු වෙලා ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරී නාට්‍යයේ ඇඳුම් නිර්මාණකරණයටත් මම දායක වී සිටිනවා. එයින් මම ලොකු සතුටක් ලබනවා.

0 comments:
Post a Comment