පාසල් ක්‍රීඩා උත්සව සඳහා දරුවන් ක්‍රීඩා පිටියට යොමු කිරීමට පෙර ඔවුන්ගේ
ශාරීරික යෝග්‍යතාව පරීක්‍ෂා කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස
ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමැතිට උපදෙස් දී ඇත. අරණායක රිවිසඳ ජාතික පාසලේ
ශිෂ්‍යාවක් මැරතන් තරගයකට සහභාගි වී සිටියදී ඇදවැටී මිය යාම, එවැනි
උපදෙසක් දීමට හේතු වූ ආසන්නම සිද්ධිය ලෙස සැලකේ. මීට පෙර අවස්ථාවක හලාවත
ආනන්ද විදුහලේ සිසුවියක් ද මෙවැනි ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නාය.
මේ වසරේ
මාස දෙකක් ඇතුළත ක්‍රීඩා තරගවලට සහභාගි වෙමින් සිටියදී සිසුවියන් දෙදෙනකු
අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙන් ජනාධිපතිතුමා දරුවන්ගේ ශාරීරික
යෝග්‍යතාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.
අතීතයේ දී නම් ගමේ පාසලේ කොල්ලො කෙල්ලෝ නොකා නොබී හරිම සතුටින් තරගවලට එක්වූහ.
ගමේ කොල්ලන් කෙල්ලන් බොහෝ දුරට පාසල් එන්නේ එක්කෝ බඩ පිරෙන්නට හීල්බත් ටිකක් කුසට
දමාගෙනය. ගෙදර ගියාම දවාලට කොස්, පොළොස්, අල, බතල සහිත ආහාර වේලක් ගැනීමට
පුරුදු වී සිටින්නේ එය ඇඟට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ලෙසය.
දැන් කාලයේ දරුවන්
පුරුදු වී ඇත්තේ පැටිස්, කට්ලට්, සැන්විචස් වැනි අරුමෝසම් කෙටි ආහාර ගෙන
කුසගින්න නිවා ගැනීමටය.
ඇඟට බර ආහාර වැටුණාම දරුවන්ට වැඩ කිරීම අමාරු බව සමහරු කියති. සැහැල්ලු
ආහාරයක් ඇඟට වැටුණාම තරගවලට එක්වීම නිදිමත නැති සෞඛ්‍යයට හිතකර මාර්ගයක්
බව ද තවත් අය කියති. එදා නම් කොල්ලො කෙල්ලො කෑවත් නොකෑවත් ඇෙඟ් හයියට දුවති.
පනිති. කාට කාටත් පින්සිදුවන්නට එදා දරුවන්ට අසනීපයක් තිබුණේ නැත. ගමේ
වැඩිහිටියන්ම කියන විදියට අපේ එකාට ඉහෙන් බහින රෝගයක්වත් නැත. අද රට වෙනස්ය.
ආහාර රටාව අමුතුය.
ළමාකමට මතු නොවන රෝග වැළඳී තිබෙන්නට පුළුවන. තරගවලට
සහභාගි වෙන්නට ඇති ආශාව නිසා සමහර දරුවෝ අසනීප සඟවති. ඒ තත්ත්ව යටතේ
ජනාධිපතිතුමා යෝජනා කර ඇත්තේ අතිශයින් කාලෝචිත වූත්, වැදගත් වූත්
වැඩපිළිවෙළකි. ක්‍රීඩා පිටියට යවන්නට පෙර දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ
සහතිකයක් නිකුත් කිරීම අතිශයින්ම කාලෝචිතය. මවුපියන් නිස්කාරණේ
වැළපෙන්නේ නැත. දරුවෙකුට කරදරයක් නොවන තාක් කල් ඕනෑම ක්‍රීඩාවකට සහභාගි
කරවන්නට මවුපියන්, ගුරුවරුන් කැමතිය. ඒ නිසා දරුවන්ගේ ශාරීරික යෝග්‍යතා
ගැන ගුරුවරුන් සෑහීමකට පත්විය යුතුමය.
0 comments:
Post a Comment