ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන හා
සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා 8වැනි වරටත් නිතරගයෙන් තේරී පත්විය. එමෙන්ම
ලේකම් සුසිල් රණසිංහ භාණ්ඩාගාරික ලෙස රොහාන් සෝමවංශ යන මහත්වරුද නැවත එම
තනතුරුවලට නිතරගයෙන් තේරී පත්ව සිටිති.
වෙලිබෝල් නිලවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණු අතර උප සභාපති, නියෝජ්‍ය භාණ්ඩාගාරික හා
ස්වාධීන සාමාජිකයන් තෝරා ගැනීම වෙනුවෙන් තරගයක් නිර්මාණයවී ඇත.
උප සභාපති තනතුරු 6ක් සඳහා හත්දෙනෙකු තරග කරන අතර නියෝජ්‍ය භාණ්ඩාගාරික ධුරයට
දෙදෙනෙක් තරග කරති. ස්වාධීන සාමාජිකයන් එකොලොස් දෙනෙකුට 15ක් නාමයෝජනා
භාරදී තිබේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා වසර 2005 සිට
එම තනතුරේ කටයුතු කරන අතර වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට සමත්විය. ලේකම්
සුසිල් රණසිංහ හා භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ යන මහත්වරුද බොහෝ කලක් සිට
වොලිබෝල් පරිපානයේ කැපී පෙනෙන චරිත බවට පත්ව සිටිති.
මෙවර පත්වන නිලධාරි පිරිසට වසර දෙකක නිල කාලයක් හිමිවන අතර නිලවරණය රහස්
ඡන්දයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නාමයෝජනා මෙසේය.
සභාපති-ඩිලාන් පෙරේරා (නිතරගයෙන්), ලේකම්-සුසිල් රණසිංහ (නිතරගයෙන්),
භාණ්ඩාගාරික-රොහාන් සෝමවංශ (නිතරගයෙන්), උප සභාපතිවරු (6)- රොහාන්
පතිරගේ, දිලුම් අමුණුගම, කරුණාරත්න වික්‍රමසිංහ, මහින්ද බණ්ඩාර, කාංචන
ජයරත්න, ශාන්ත බණ්ඩාර, ලලිත් පියුම් පෙරේරා. නියෝජ්‍ය ලේකම් (2)-මහේෂ් අබේරත්න,
සී.සී.රත්නමුදලි, නියෝජ්‍ය භාණ්ඩාගාරික (1)-ප්‍රියන්ත ජයකොඩි, එන්.ඩී.ගුණසේන,
ක්‍රීඩා පිටි ලේකම්-ඒ.එස්.නාලක (නිතරගයෙන්), ප්‍රධාන සංවිධායක-නලීන් ගම්ලත්
(නිතරගයෙන්), ස්වාධීන සාමාජිකයන් (11)-රාමසාමී මුනිඅයියා, මධුකා සනාතනී,
රන්තිලකා ජයවීර, සමන් අබේවර්ධන, සරත් ජයසිංහ, ක්‍රිෂාන්ති ජයවර්ධන,
ආරියදාස ලියනගේ, ස්වර්ණා මල්කාන්ති, නිමල් පෙරේරා, කාන්තසිරි මීගමුවගේ,
කේ.මනෝහරන්, එච්.කේ.ජයසේකර, බී.පොල්ගම්පල, එස්.කේ.අබේසිරිවරධන,
කේ.යෝගරත්නම්.
0 comments:
Post a Comment