Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label ව්‍යාපාරික පුවත්. Show all posts
Showing posts with label ව්‍යාපාරික පුවත්. Show all posts

වකුගඩු රෝගය හා ආසාත්මිකතා රැසකට පිළියම් කළ ජලය පිරිසිදු කිරීමේ උපකරණ ලිලීගා සමාගම හඳුන්වා දෙයි

Tuesday, September 22, 2015


මෑත කාලයේදී ශ්‍රී ලාංකීය ජනතාව වඩාත් පීඩාවට පත් කළ වකුගඩු රෝගය ඇතුළු තවත් අසාත්මිකතා රැසකට පිළියමක්‌ ලෙස ජලය පිරිසිදු කිරීමේ උපකරණ නිපදවීමේ ප්‍රමුඛ ආයතනයක්‌ වන ලිලීගා සමාගම (lileega) සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට සැරසේ.

දැනට මෙරට වෙළෙඳපොළේ ඇති වතුර පිරිසිදු කිරීමේ උපකරණ (Water Filters) බොහෝමයකින් අපේක්‍ෂිත අරමුණු ඉටුනොවන බව පෙන්වා දෙන ලිලීගා සමාගමේ සභාපති ලීලානන්ද රණතුංග මහතා සිය නිෂ්පාදන තුළින් ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය ඉතා පිරිසිදු ජලය බවට පත් කිරීමේ ඇති හැකියාව පිළිබඳ සහතික වෙයි.

දැනට වෙළෙඳපොළේ පවතින බොහෝමයක්‌ වතුර පිරිසිදු කිරීමේ උපකරණ මෙරටට ආනයනය කරන ඒවා. ඒ නිසා අපේ රටේ ජලයට මිශ්‍ර වී ඇති අපද්‍රව්‍ය හා බැක්‌ටීරියා නිසි ලෙස අවශෝෂණය කරගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාව එම උපකරණවලට නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ ඉතා ගැඹුරින් පරීක්‍ෂණ පවත්වා විවිධ පළාත්වල ජල නියෑදි පරීක්‍ෂා කොට ඒ ඒ පළාත්වලට අවශ්‍ය පරිදි වතුර µsල්ටර්ස්‌ නිර්මාණය කිරීම ආරම්භ කළා යෑයි ලීලානන්ද මහතා පවසයි.

එසේම දැනට වෙළෙඳපොළේ පවතින µsල්ටර්වල මිල ගණන්වලට වඩා ඉතා සහනදායී මිලකට සිය නිෂ්පාදන ලබාදිය හැකි බවද හෙතෙම පවසයි. විශේෂයෙන්ම දැනට වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන රජරට කලාපයේ රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් හා නිවාස ආදියට සිය සේවාව ඉතා සහනදායී මිලකට ලබාදිය හැකි බව ලිලීගා සමාගම පවසයි. රෝහල්, පාසල් ආදියට මෙම ජලය පිරිසිදු කිරීමේ උපකරණ අවශ්‍ය ධාරිතාව අනුව සකස්‌ කිරීමට ද එම සමාගම සූදානමෙන් සිටී. අදාළ ආයතනයන්හි ජල සාම්පල පරීක්‍ෂා කොට ඊට ගැළපෙන පරිදි මෙම උපකරණ ඉදිකිරීමේ හැකියාව හා තාක්‍ෂණය ලිලීගා සමාගම සතුය.

මට අවශ්‍යයි මේ රටේ ජනතාව පීඩාවට පත්ව සිටින වකුගඩු රෝගය අවම කිරීමට කිසියම් දායකත්වයක්‌ ලබාදීමට. ඒ නිසයි මම මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්ත කරන්න තීරණය කළේ යෑයි ලීලානන්ද මහතා පවසයි.

ලිලීගා සමාගමේ ජලය පිරිසිදු කිරීමේ උපකරණ මගින් අදියර හතරක්‌ යටතේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.

පළමුව සිලිකා වැලි හරහා ජලයට මිශ්‍ර වී ඇති යම් ඝන ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කෙරෙන අතර දෙවනුව සක්‍රියතාවන් පෙරණය මගින් ශරීරයට අහිතකර රසායනිකයන් ඉවත් කිරීම සිදුකරනු ලැබෙන අතර ඉන් අනතුරුව තෙවන අදියර යටතේ ක්‍ෂුද්‍ර පෙරණය මගින් මයික්‍රෝන් 1 සිට 10 දක්‌වා වන ක්‍ෂුද්‍ර කොටස්‌ ඉවත් කෙරෙන අතර අවසාන වශයෙන් පිඟන් මැටි පෙරණය තුළින් මයික්‍රෝන 01 ට වඩා අඩු වඩාත් ක්‍ෂුද්‍ර කොටස්‌ පෙරණය වී දීප්තිමත් ජලය ලබාදීම සිදු වේ.

ඊටත් අමතරව පාරජම්බුල කිරණ පෙරණය මගින් ජලයට මිශ්‍ර වී ඇති ජීවී කොටස්‌ (ඇල්ගී වැනි), බැක්‌ටීරියා වෛරස්‌ වැනි අහිතකර කොටස්‌ විනාශ කර පෙරණය සිදුකෙරේ.

ලිලීගා සමාගම මගින් අදාළ උපකරණ සවිකිරීමෙන් පසුව දීර්ඝකාලීනව උපදේශන සේවා හා නඩත්තු කටයුතු පිළිබඳව නිරන්තරයෙන් පහසුකම් සැපයීමට බැඳී සිටින අතර අමතර කොටස්‌ සැපයීමේදී විශ්වසනීය සේවයක්‌ සැපයීමට ද ඔවුන් බැඳී සිටී.
Read Post | comments

ඕනෑම විශාල ගුවන් යානයක්‌ මත්තල ගොඩබැස්‌විය හැකියි

Wednesday, March 6, 2013

ලබන 18 වැනිදා විවෘත වීමට නියමිත මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෝකයේ නවීනතම පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ගුවන් තොටුපළක්‌ බවත්, දැනට ලෝකයේ තිබෙන ඕනෑම විශාල ප්‍රමාණයක ගුවන් යානයක්‌ වුවද මෙහි කිසිදු අපහසුවකින් තොරව ගොඩ බැස්‌සවීමට හැකි බවත් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් 11 වැනිදා මෙරට මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ මත්තල ගුවන් තොටුපළේ සංචාරයක නිරත වූ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ හමුවකදී සභාපතිවරයා මේ බව පැවැසීය.

මෙම ගුවන්තොටුපළ විවෘත වීමෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමන බවට පතුරුවා තිබෙන රාවය සම්පූර්ණ අසත්‍යයක්‌ බව ද සභාපතිවරයා කීය.

"ඇත්තටම මේ ගුවන් තොටුපළ අපේ රටට ආශිර්වාදයක්‌. සංචාරක, ආර්ථික වැනි ක්‍ෂේත්‍රවල මෙන්ම අපගේ සමාජ සංස්‌කෘතික සබඳතාවල ද විප්ලවීය වෙනසක්‌ මෙම ගුවන්තොටුපළ ජනතා අයිතියට පැවරීමෙන් පසු සිදුවන බව නිසැක යෑයි ද ඒ මහතා කීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල මෙන්ම ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ ද මෙම මාධ්‍ය චාරිකාවට එක්‌ව සිටියහ.
Read Post | comments

"පරිගණකයෙන් දත්ත විශ්ලේෂණයට SPSS කෘතිය ජනාධිපතිතුමාට පිළිගන්වයි

Sunday, March 3, 2013

පරිගණක විද්‍යා ලේඛක ප්‍රියන්ත නවරත්න විසින් රචිත "පරිගණකයෙන් දත්ත විශ්ලේෂණයට SPSS කෘතිය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිළිගන්වනු ලැබීය. SPSS නමැති පරිගණක මෘදුකාංගය භාවිත කොට දත්ත සමුදායක්‌ ඉතා පහසුවෙන් විශ්ලේෂණය කර ගන්නා අයුරු මුල සිට සරලව මෙම කෘතියෙහි විස්‌තර කර ඇත. දත්ත විශ්ලේෂණ කාර්යයට අලුතින් පිවිසෙන්නකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි පරිදි උදාහරණ සහිතව හා පියවරෙන් පියවර ප්‍රායෝගික අභ්‍යාස ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ප්‍රියන්ත නවරත්න ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සමත් ඔහු නවීන තාක්‌ෂණය පිළිබඳ ආතර් සී ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව හැදැරීය. දත්ත විශේෂණය පිළිබඳව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර මෙය ඔහු විසින් පරිගණක විද්‍යාව ආශ්‍රිතව රචනා කළ සිව් වැනි කෘතියයි.
Read Post | comments (1)

විනාශ කරන්න තිබූ මැකරෝනි තොගයක්‌ වරායෙන් පන්නන්න හදලා

Thursday, February 28, 2013

මිනිස්‌ ආහාරයට නුසුදුසු බවට නිර්දේශ කර විනාශ කර දැමීමට නියමිතව තිබූ ආනයනික මැකරෝනි තොගයක්‌ කොළඹ වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක්‌ වරාය රේගු නිලධාරීන් මැදිහත්වී ව්‍යර්ථ කර තිබේ.

පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමේදී සිදු කෙරෙන රේගු මධ්‍යම අපහරණ අංශයේ සම්මතයන්ගෙන් බැහැරව අංක 41 ශ්‍රී 9039 හා 226-2857 දරන විවෘත ලොරි රථ දෙකක පටවා මෙම මැකරෝනි තොගය වරායෙන් පිටතට රැගෙන යැමට සූදානම් වී ඇත.

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ අයකුට මේවා විනාශ කිරීමේ වගකීම පවරමින් විනාශ කරන බව පවසා මෙසේ වරායෙන් රැගෙන යැමට උත්සාහ දරා ඇතත් අදාළ ආහාර ද්‍රව්‍ය මෙසේ රැගෙන යැමට උත්සාහ කළේ හොර රහසේ වෙළෙඳපළට මුදාහැරීමට විය හැකි බව වරාය රේගු අංශ සඳහන් කරයි.

මෙම සිද්ධිය පසුපස කොළඹ වරායේ එක්‌තරා දූෂිත නිලධාරීන් දෙදෙනකු සිටින බව වරාය අභ්‍යන්තරයෙන් වාර්තාවේ.

විශාල ප්‍රමාණයේ කන්ටේනර් පෙට්‌ටියකින් මෙරටට ආනයනය කර තිබූ මෙම මැකරෝනි තොගයට කිලෝ ග්‍රෑම් දසදහසක්‌ අඩංගුවී තිබී ඇති අතර කොළඹ වරායෙන් මෙලෙස මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පිට කිරීමේ ජාවාරමක්‌ ක්‍රියාත්මක බවට ඉකුත් කාලයේ විටින් විට තොරතුරු අනාවරණය විය.
Read Post | comments

පාසිකුඩා සිද්ධියේදී ඇමැති මෛත්‍රි කිසිම බලපෑමක්‌ කළේ නෑ

Wednesday, February 27, 2013

පොලිසියේ රාජකාරියට හා එහි ඉහළ නිලයන්ට රජය අනිසි බලපෑම් කරන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් වැරැදි අසත්‍ය රූපයක්‌ ලෝකය ඉදිරියේ මැවීමට ඇතැමුන් පහත් උත්සාහයක නිරත වන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතා හා ඔහුගේ මිතුරන් පිරිසක්‌ සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුතා අතර පාසිකුඩා වෙරළේදී පසුගිය සෙනසුරාදා ඇති වූ සිද්ධියේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියේ රාජකාරි කටයුතුවලට කිසිදු බලපෑමක්‌ නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාඊයේ (26 දා) පැවසීය.

අමාත්‍යවරයා අඩුතරමින් එම සිද්ධිය වූ මොහොතේම තමා හෝ දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීමෙන් අමාත්‍යවරයකු වුවත් ඒ මහතා තුළ තිබෙන නිහතමානිකම අගය කළ යුතු බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

පාසිකුඩා වෙරළේදී සිද්ධිය සවස සිදුවී ඇතත් තමා රාත්‍රි 10.30 ට පමණ එය දැනගත්තේ හමුදාවේ බුද්ධි අංශයෙන් තම දුරකථනයට ලද එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් බව සඳහන් කරන රාජපක්‍ෂ මහතා සිද්ධිය ගැන පොලිස්‌පතිතුමාගෙන් තමා විමසූ අවස්‌ථාවේ දෙපිරිස අතර සුළු සිද්ධියක්‌ සිදුවී සමථයකින් විස¹ ගැනීමට කටයුතු කෙරෙමින් තිබෙන බව දැනගත් බවද කීය.

පසුව රාත්‍රී 11.00 ට පමණ අමාත්‍යවරයා මේ පිළිබඳ තමා දැනුවත් කළ බව පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ වනවිට පොලිසිය තුළ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේම පාලනයට යටත් වාලච්ෙච්න රෝහල තුළ ඇමැතිවරයා පැය 6 කට අධික කාලයක්‌ ගත කර මේ සිද්ධියට අදාළ පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධාවක්‌ නොවන ලෙස ක්‍රියා කර තිබෙන බව ද කීය. මෙම ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවට දීර්ඝ කාලයක්‌ ඊට ගත කර තිබෙන බව පෙනී යන්නේ යෑයිද කෙසේ වෙතත් පැය 10 කට අධික කාලයකට පසු පොලිසිය නීතියටම අනුව කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පිරිස පොලිස්‌ ඇප මත මුදා හැර ඇති බවද කීය.

පොලිසියේම ඉහළ නිලධාරියකු මේ සිද්ධියේ එක්‌ පාර්ශ්වයකට සම්බන්ධ නිසා එම සිද්ධියට යම් බලපෑමක්‌ කිසියම් ලෙසකින් එල්ල වෙතැයි සැකයෙන් අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එදින රාත්‍රි 11.30 ට පමණ තමා දැනුවත් කළ පසු ඒ පිළිබඳ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා දැනුවත් කිරීමට තමා ක්‍රියා කළ බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතා ගේ ප්‍රශ්න කිරීමට ලක්‌ව ඇති අමාත්‍යවරයාගේ පුතාගේ පාර්ශ්වයෙන් කිසියම් ඡායාරූප ගත කිරීමක්‌ සිදුවූවේ දැයි පිරික්‌සීමේදී එවැන්නක්‌ ඡායාරූප ගත කිරීමක්‌ ඔවුන් අතින් සිදුව නැති බව ද හෙළි වී තිබේ. එහෙත් දෙපිරිස අතර වූ ඒ උණුසුම් වචන හුවමාරුව නිසා උද්ගත වූ ප්‍රශ්නය පොලිසියේදී මෙතරම් දුරදිග නොයා විස¹ගත හැකිව තිබූ බව ද හෙතෙම කීය.

පොලිසිය නීතිප්‍රකාරව අමාත්‍යවරයාගේ පුතා ඇතුළු මිතුරන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගන්නා තෙක්‌ අමාත්‍යවරයා පැය ගණනක්‌ රෝහලේ සහ පොලිසියේ ගත කර නිහතමානීව ක්‍රියා කර තිබෙන බවත් පොලිසියේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමාට හෝ පොලිස්‌පතිවරයාට හෝ මීට පෙර වතාවල හෝ කිසිදු බලපෑමක්‌ කර නැති බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මීට පෙර නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ලෙස බදුල්ල ප්‍රදේශය භාරව පත් කළ ලතීෆ් මහතා සම්බන්ධ සිද්ධිය ගැනද වැරැදි අර්ථ දැක්‌වීමට ඇතැමුන් ප්‍රයත්න දරා ඇති බව පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා ලතීෆ් මහතා බදුල්ලේ නිල රාජකාරිවලට අමතරව මොණරාගල ප්‍රදේශ භාරව වැඩ බැලීමට පත් කර සිටි බවත් ඔහු පත් කිරීමෙන් පසු වරින්වර ඔහුගේ රාජකාරීන් ගැන ඌව ප්‍රධාන ඇමැතිවරයාගෙන් පවා තමා විමසූ විට ලතීෆ් මහතා ඉතා මැනවින් රාජකාරි ඉටු කරන්නකු බව දැනගත් බව ද කීය.

ලතීෆ් මහතාගෙන් වැඩි සේවයක්‌ ලබා ගැනීමට තමාගේත් පොලිස්‌පතිතුමාගේත් උත්සාහයක්‌ තිබුණු බව පැවසූ රාජපක්‍ෂ මහතා ඒ අනුව ඔහුගේ විශේෂ වෘත්තිය පළපුරුද්ද, උපාධි සුදුසුකම් ද සලකා පොලිස්‌ ඇකඩමියේ කටයුතුවලට උපදේශකත්වය ලබා ගැනීමට එම කටයුතු බාරදීමේ අපේක්‍ෂාවක්‌ තිබුණ බව ද කීහ.

ඒ අතර ඔහු පෞද්ගලික කරුණක්‌ මත කොළඹට මාරුවීමක්‌ ඉල්ලා සිටි බව පොලිස්‌පතිවරයා මගින් තමන් දැනගත් බවත් රාජපක්‍ෂ මහතා කීය.

මේ අතර තුර ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුගේ ප්‍රශ්නයක්‌ මත ඇතිවූ විරෝධතාවක්‌ දියත් වීමක්‌a සිදුව තිබෙන බව තමා දැනගත් බවද රාජපක්‍ෂ මහතා කීය. ලතීෆ් මහතා ඔහුව පත් කළ බදුල්ල ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස තවමත් සේවය කරන බවත් ඊට අමතරව ඔහුට රාජකාරි පැවැරුණ මොණරාගලට පමණක්‌ වෙනත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු පත් කර තිබෙන්නේ පොලිසිය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය හා නීති ප්‍රකාරව මිස වෙනත් හේතුවක්‌ නිසා නොවේ යෑයිද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඇතැම් මාධ්‍ය වාර්තා මගින් එහිලා දේශපාලන බලපෑම් පිළිබඳ චිත්‍රයක්‌ මැවීමට උත්සාහ දැරීම නිසා ඔහුගේ අගනා සේවය පොලිස්‌ ඇකඩමිය වෙත ලබා ගැනීමට තිබූ අවස්‌ථාව ද ගිලිහී ගොස්‌ පොලිසියේ සුපුරුදු පරිදි කිරීමට ගිය මාරුවීම පවා අත්හිටු වූයේ එවැනි ක්‍රියා වැරැදි ලෙස අර්ථ ගැන්වීමට ඇතැමුන් ක්‍රියා කරන නිසා යෑයිද රාජපක්‍ෂ මහතා කීය.

දේශපාලනඥයන් හෝ ප්‍රාදේශීය සභාවල නිලයන් දරනවුන්ගෙන් බලපෑම්වලට නීතිගරුක රාජකාරි කරන කිසිවකු ගොදුරු කර දීමට ජනාධිපතිතුමන් හෝ තමා ක්‍රියා නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Post | comments

සර්ටිස්‌ ලංකා පුහුණු ආයතනය විද්‍යාපීඨයක්‌ ලෙස නවීකරණය වෙයි

Monday, February 25, 2013

පෞද්ගලික ආරක්‍ෂක සේවාවේ සහ ගෘහස්‌ථ හෙද සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් කොළඹ 04, ද ක්‍රෙස්‌ටර් පෙදෙසේ අංක 10 දරන ස්‌ථානයේ පිහිටි සර්ටිස්‌ ලංකා පුහුණු ආයතනය අංග සම්පූර්ණ විද්‍යාපීඨයක්‌ ලෙස නවීකරණය කිරීමෙන් පසුව ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මැතිනිය අතින් නොබෝදා විවෘත විය.

සේවක සේවිකාවන් 7500 කට අධික පිරිසක්‌ සේවය කරන සර්ටිස්‌ ලංකා සමාගම් සමූහය සිංගප්පූරු රජයේ මූල්‍ය සහකරු වන සිස්‌කො සිකියුරිටි පුද්ගලික සමාගම සමග අනුබද්ධිත ඉපැරණි ව්‍යාපාරයකි. ෂීධ 9001 (2008 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට හිමිකම් ලැබූ මෙම සමාගම් සමූහය යටතේ ඇති සියලුම අනුබද්ධිත සමාගම්වල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට අවශ්‍ය පුහුණුව ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවයකින් යුතුව ලබාදීමට මෙමගින් හැකිවේ.

ඒ අනුව සර්ටිස්‌ ලංකා සමාගම් සමූහය මගින් තම සේවා දායකයන්ට සපයන සේවාවල ගුණාත්මකභාවය ඉතා උසස්‌ මට්‌ටමකින් අඛණ්‌ඩව පවත්වා ගැනීමට හැකිවනු ඇති බව සර්ටිස්‌ ලංකා සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ විශ්වාසයයි.
Read Post | comments

ශ්‍රී ලංකාවේ විශාලතම සීනි කම්හල හොරොව්පොතානට

Saturday, February 23, 2013

මෙරට විශාලතම සීනි කර්මාන්ත ශාලාව හොරොව්පොතාන ප්‍රදේශයේ ආරම්භ කිරීමට රජය සැලසුම් කොට ඇති බව ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ හා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා සීනි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත ඉදි කෙරෙන යෝජිත සීනි කර්මාන්ත ශාලාවෙන් මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් සියයට විස්‌සක්‌ නිෂ්පාදනය කිරීම ඉලක්‌කය වී ඇති බවද හෙතෙම කීය.

පසුගිය 17 දා අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

දිවයින පුරා සීනි කර්මාන්ත ශාලා හයක්‌ ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළ නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඉන් ප්‍රධානම සීනි කර්මාන්ත ශාලාව හොරොව්පොතාන ප්‍රදේශයේ ඉදිකිරීමට රජය සැලසුම් කිරීම රජරට ජනතාව ලද ජයග්‍රහණයක්‌ බවද කීවේය.

යෝජිත සීනි කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමගම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන් ලක්‍ෂයකට සෙත සැලසෙනු ඇති බවත් ඇමැතිවරයා කීය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය යාන් ඔයෙන් ලබා ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
Read Post | comments

බැංකුවලට කෝටි 100ක පොල්ලක්‌

Thursday, February 21, 2013

මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි සියයකට (100) අධික ණය ලබාගෙන පාකිස්‌තානු ජාතිකයන් පිරිසක්‌ විසින් පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් පහක්‌ හදිසියේ වසා දමා එම ව්‍යාපාරිකයන් රට හැරගොස්‌ ඇත.

මොවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා "දිවයින"ට පැවැසීය.

මීට පෙරද මේ ආකාරයටම විදේශීය ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ බැංකුවලින් රුපියල් කෝටි ගණනක්‌ ණය ලබාගෙන ඇඟලුම් කම්හල් ආරම්භ කර මාස කීපයක්‌ ගතවීමත් සමඟ ඒවා හදිසියේ වසාදමා පැනගොස්‌ ඇත.

පසුගිය වසර දෙක තුළ එලෙස ණය ලබාගෙන පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්තශාලා 15 ක්‌ පමණ මෙසේ වසා දමා තිබේ.

මෙම කර්මාන් ශාලාවල සේවය කළ දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මේ වනවිට දැඩි දුෂ්කරතාවලට පත්ව සිටින අතර ඒ අතරින් ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්දේසි කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත.

කිසිදු දැනුම්දීමකින් තොරව හිටිහැටියේම ඇඟලුම් කර්මාන්ත ශාලා වසාදමා පැනගොස්‌ සිටින ව්‍යාපාරිකයන් සම්බන්ධව සියලු තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී තිබෙන බවද ඇමැති ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
Read Post | comments

මී මැසි පාලනය ගැන අරණායක ගොවීන්ට දැනුම

Monday, February 18, 2013

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවක වසම් තිස්හතරක් තුළින් තෝරාගත් ගොවීන් අතර විදෙස් ජනපද ඇතිකිරීම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දවස පුරා හත්ගම්පල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ අරනායක ගොවිජනසේවා ප්‍රාදේශීය ලේකම් හා කෘෂිකර්ම කාර්යාලවල අනුග්‍රහයෙනි.

මේ සඳහා ගොවීන් එකසිය පණහකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර අවශ්‍ය පුහුණු පාඨමාලා ලබාදෙන ලද්දේ කෑගල්ල ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී ජගත් කුමාර මහතා විසිනි.

මෙම වැඩමුළුව ආරම්භ කරමින් විශේෂ අනුශාසනාවක් පැවැත්වූ කෑගල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක අමෙරිකාවේ ජේසි බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති හත්ගම්පල ශ්‍රී මහා බෝධි විහාරාධිපති හුංගම්පල සිරිරතන නාහිමියෝ මීපැණි ජනපද අපේ රටේ ඈත අතීතයේ පටන් පැවැති නමුත්, යම් යම් හේතුන් මත අද විශාල අඩුවක් පවතින මෙම වකවානුවේදී දිවිනැඟුම හෝ ගම නැඟුම යටතේ හෝ මෙය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගත් පියවර අගේ කළ යුතු බවත්, මී පැණි භාවිතය අධික රුධිර පීඩන, දියවැඩියාව ආදි රෝග රැසකටම විශේෂ ඖෂධයක් සේම, විදේශිකයින් මෙය ආහාරයක් ලෙස භාවිතයට ගන්නා බවද පැවසූහ. අරනායක ගොවිජන සේවා නිලධාරිනී ජගත් කුමාරි මහත්මිය අදහස් දක්වමින් ඉදිරි කෙටි කාලයක් තුළ මෙසේ තෝරාගත් ගොවීන් එකසිය පණහකට ආසන්න පිරිසකට නොමිලයේ මේ සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි ඇතුළු වෙනත් අවශ්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා හෙයින් මෙයින් ලබාගත හැකි උපරිම ප්‍රතිඵල ලබාගැනීමට හැමෝම උනන්දු විය යුතු බවද පැවසුවා ය.
Read Post | comments

කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට යයි.

ප්‍රථමයෙන් කිලෝ මීටර දෙකහමාරක පමණ දුරින් යුත් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යන්නේ නුවරඑළිය සින්ගල් ට්‍රී කඳු බිමේ සිට ග්‍රෙගරි වැව් ඉවුර දක්‌වාය. ලබන මැයි මාසයේ පමණ මෙහි වැඩකටයුතු ආරම්භ කොට ලබන වසරේ මාර්තු මාසය වන විට නිමා කිරීමට බලාපොරොත්තුවේ.

පෞද්ගලික සමාගමක්‌ මගින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී එම්. එල්. එම්. පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ මිලන්ත ගජනායක මහතා හා නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පෙගමගේ මහතා ගිවිසුමට අත්සන් තැබූ අවස්‌ථාවයි මේ.

මෙම අවස්‌ථාවට එක්‌වූ එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන ලක්‌ෂ්මන් ගුණවර්ධන, මහේෂ් පීරිස්‌ හා නාගරික මන්ත්‍රීන් වන මොහොමඩ් ෂලීල්, රාධා ක්‍රිෂ්ණන්රාජාරාම්, ගණකාධිකාරිනී අයි. විඡේතුංග, නාගරික ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.
Read Post | comments

හන්තාන දැව හොරු හතරක් කොටු

Sunday, February 17, 2013

මහනුවර හන්තාන රක්ෂිතයේ අධි ආරක්ෂක කලාපයේ ගස් කපමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු එම දැව තොගයත් සමග මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් 16 වන දින අත් අඩංගුවට ගෙන ඇත. හන්තාන කඳු මුදුනේ අධිආරක්ෂක කලාපයේ ඡල පෝෂිත ප‍්‍රදේශයක කිසියම් පිරිසක් විසින් ගස් කපන බවට හන්තාන සුරැකීමේ ඡාතික සංවිධානයේ නිලධාරියෙකු විසින් මහනුවර පොලිසියටද පැමිණළි කර තිබේ. 

මෙම ගස් කපන බවට මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයටද ඒවන විට තොරතුරක් ලැබී තිබීම නිසා වහා එම ඒකකයේ පොලිස් නලධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යනවිට එම දැව කන් ලොරියක පටවමින් සිටි බව පොලිසිය කියයි. එම දැව තොගය මාවනැල්ල ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. එම දැව තොගය සමඟ දැව පැටවීමට ගෙනා දොඹකරයක් සහිත ලොරියක්ද, ගස් කැපීමට ගෙනා යන්ත‍්‍ර සහ සැකකරුවන් හතර දෙනෙකුද,පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කරඇත.
Read Post | comments

ANC සමඟ වෛද්‍යවරයකු වීමේ මුල්ම පියවර

Sunday, January 13, 2013

වෛද්‍යවරයකු බවට පත් වීමේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අවස්ථාවක් දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් වන ANC අධ්‍යාපන ආයතනය වෙතින් දැන් ලබා දේ. මෙම වෛද්‍ය විද්‍යා සුදුසුකම, සිසුන් වෙත මෙම සුදුසුකම ලබා දීම සඳහා ANC අධ්‍යාපන ආයතනය, පිලිපීනයේ Angeles University Foundation (AUF)  සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. එසේම මෙහිදී පිරිනැමෙනා වෛද්‍ය විද්‍යා සුදුසුකම ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ඇතුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය Education Commission for Foreign Medical Graduates, General Medical Council සහ Australian Medical Council ආදි ලොව ප්‍රමුඛ පෙළේ වෛද්‍ය කවුන්සිලයන් හරහා ද පිළිගැනීමට ලක්ව ඇත.

ANC අධ්‍යාපන ආයතනය සහ AUF අතර සබඳතාව ස්ථාපිත කිරීම සඳහා AUF හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. ඉතා සාර්ථකව පැවැත්වුණු මෙයට සහභාගි වූ AUF නියෝජිතයින් වූයේ එහි සභාපති ජෝෂප් ඒන්ජල්ස්, කලා සහ විද්‍යා පීඨයේ වැඩ බලන කුලපති ඔල්ගා ටුලබුට්, වෛද්‍ය පීඨයේ කුලපති එව්ලින් බී. යුමිකෝ, පශ්චාත් උපාධි පීඨයේ සහ කලා හා විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්කිමිඩිස් ඩේවිඩ් ය.

AUF වෙතින් පිදෙනා මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව පදනම් වී ඇත්තේ ඇමෙරිකානු අධ්‍යාපන රටාව මතය. එහිදී වෛද්‍ය උපාධිය පශ්චාත් උපාධියක් ලෙසින් සැලකෙන අතර එය හැදෑරීමට පෙර සිසුන් විසින් සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතුය.
Read Post | comments

ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ වලට කරපු ඔපරේෂන් එකෙන් කටානේ තුසිත මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ද

Friday, January 11, 2013

මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී...

මරණය ගැන අපට සැකයි සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න
 
මාත් එක්‌ක හොඳට කතාකර කර හිටිය මගේ සුදු මල්ලියා ශල්‍යාගාරය තුළට ගියේ හොඳට හිනා වෙවී. කතා කර කර. ඒ අපේ ගෙදර මිණි පහන මේ අන්දමින් අවාසනාවන්ත ලෙස අකාලයේ අමුඅමුවට තුරුණු දිවියෙන් සමුගනීවි යෑයි අපි කිසිවෙක්‌ හීනෙකින්වත් හිතුවේ නෑ. 

කාගෙත් හිත් දිනාගත් මල්ලියා පල්ලියේ මෙන්ම ගමේ පොදු කටයුතුවලට පුදුම කැමැත්තක්‌ දැක්‌වූවා. හැමෝගෙම හිත දිනාගෙන හිටියා. මගේ රත්තරන් මල්ලියාට සිදුවූ දේ මේ රටේ වෙනත් කිසිවකුටවත් සිදුවන්න නම් එපා.  

මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනියක් වන ඇපෙන්ඩිසයිටිස්‌ට්‌ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මියගි කටානේ තුසිත සතිස්‌චන්ද්‍රගේ සොයුරිය එසේ පැවසුවා.

මේ මරණය පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා වැරදිකරුවන්ට නීත්‍යානුකූල දඬුවම් ලබා දෙන මෙන් මම රජයෙන් ඉල්ලා සිටින්නේ යෑයි වර්ණකුලසූරිය සන්ධ්‍යා දර්ශනී මහත්මිය ඉල්ලා සිටියා.

නො(130/ඒ, ජයලත් මාතා මාවත, බටහිර කටාන, කටාන ලිපිනයේ පදිංචිව සිටි වර්ණකුලසූරිය තුසිත සතිස්‌චන්ද්‍ර පෙරේරා අවුරුදු 23 තරුණ මහතාගේ හදිසි වියෝවෙන් පසු මාධ්‍යයට කරුණු දක්‌වමින් ඔහුගේ වැඩිමල් සොයුරිය (මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනී) සන්ධ්‍යා දර්ශනී මහත්මිය
මෙසේද ප්‍රකාශ කළා.
 

මම පවුලේ වැඩිමලා. මල්ලි දෙවැන්නා. ජයනි චතුරිකා නංගි. ඇය තවමත් පාසල් යනවා. ඉගෙන ගන්නේ දන්කොටුව බාලිකාවේ. මල්ලි පවුලේ එකම පිරිමියා. පසුගිය 07 දා සවස 6.00 ට 6.30 පමණ වැඩ ඇරී ඇවිත් බඩේ කැක්‌කුමයි කිව්වා. 

කොච්චිකඩේ වෛද්‍යවරයකු ළඟට ගෙනිච්චා. බේත් කරලක්‌ ශරීරගත කරන්න දුන්නා. මල්ලිව ඉක්‌මනින්ම රජයේ රෝහලක්‌ වෙත ගෙනියන්න උපදෙස්‌ දුන්නා. පැය 1/2 ක්‌ ඇතුළත මීගමුව දිස්‌ත්‍රික්‌ රෝහලට ඇතුළු කළා. 

වෛද්‍යවරුන් හොඳින් පරීක්‍ෂා කර බැලුවා. ඔහු උණ්‌ඩුකපුච්ච ප්‍රදාහයෙන් (ඇපෙන්ඩිසයිටිස්‌ට්‌) පෙළෙන බව කිව්වා. ශල්‍යකර්මයක්‌ කළ යුතු බව කීවා. එය හදිසි නොමැති බවත් පසුවදා කිරීම ප්‍රමාණවත් බවත් දැන්වූවා.

2013/01/10 දා උදේ 8.30 ට පමණ මල්ලිව ශල්‍යාගාරය තුළට ගෙනිච්චා. ශල්‍යකර්මය ඉතා සාර්ථක බව වෛද්‍යවරු මට දැන්වූවා. නමුත් මට ඇතුළට යන්න ඉඩ දුන්නේ නෑ.

ශල්‍ය වෛද්‍යවරයා, නිර්වින්දන වෛද්‍යවරයා සහ හෙද හෙදියන් කලබලයෙන් ඒ අත මේ අත දුවන්න ගත්තා.

නොසන්සුන් බවක්‌ දක්‌නට ලැබුණා. දැඩි සත්කාර ඒකකයට මල්ලිව දැමියයුතු බව පැවසුවා. වෙන කිසිම දෙයක්‌ කිව්වේ නෑ. මල්ලිව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළේත් නෑ.

ශල්‍යාගාරය ඇතුළේ කොනක මල්ලිව තියා තිබුණා. මගේ ඥතීන් බලෙන්ම වාගේ ශල්‍යාගාරය ඇතුළට ගියා. මල්ලිගේ කටට බටයක්‌ දමා තිබුණා. කටින් ලේ වහනය වෙමින් තිබුණා. වෛද්‍යවරුන් හෙද හෙදියන් කවුරුවත් අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. වෛද්‍යවරුන් නලාව සාක්‌කුවේ දමාගෙන මගහැර ගියා. අපිට මේ මරණය ගැන සැකයි.

අපිට අවශ්‍ය සාධාරණ පරීක්‍ෂණයක්‌ යෑයි ඇය වැඩිදුරටත් කියා සිටියාය. තුසිත සතිස්‌චන්ද්‍ර පෙරේරා තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 10 දා බ්‍රහස්‌පතින්දා ප. ව. 4.00 ට කටාන - බම්බුකුලිය ශු. ස්‌නාවක ජුවාම් මුනිඳුන්ගේ දේවස්‌ථානයට අයත් බම්බුකුලිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
Read Post | comments

ඉංගිරියේ ජනතාවට මාස්පතා නොමිලේ බෙහෙත්

Thursday, January 10, 2013

නොමිලයේ වෛද්‍ය පරීක්‍ෂණ සිදුකර ඖෂධ නිකුත් කරන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍ය සායන ගැන අප කොතෙකුත් අසා ඇතත්. මාස්පතා නොමිලයේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාදෙන ස්ථානයන් ගැන ඇසීමට ලැබෙන්නේ් ඉතා කලාතුරකිනි.

දැනට වසර ගණනාවක සිට එසේ නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඖෂධ නිකුත් කරමින් දහස් සංඛ්‍යාත රෝගීන්ට සුවසෙත සැලසීමේ මහඟු සමාජ සත්කාරයක යෙදෙන බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය සායන දෙකක් ඉංගිරිය, ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වේ.

කොළඹ කොටුව සිංහ සමාජය සහ අගනුවර වෙළඳ ව්‍යාපාරික උපාලි සෙනරත් මහතා සහ සුජාතා සෙනරත් මහත්මිය විසින් බටහිර ඖෂධ සායනයෙන් රෝගීන් වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන රුපියල් දහස් ගණනක් වටිනා ඖෂධ වෙනුවෙන් අනුග්‍රහය දක්වන අතර, ආයුර්වේද වෛද්‍ය්‍ය සායනය සඳහා අනුග්‍රහය දක්වන්නේ හොරණ ප්‍රාදේශීය සභාව විසිනි.

විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන මෙම වෛද්‍ය සායන සඳහා දවස මුළුල්ලේම සිය කාලය සහ ශ්‍රමය කැපකරමින් විහාරස්ථ සහන සේවා සමිතියේ සාමාජිකයින් කරන කැපකිරීමද විශේෂයෙන් අගය කළ යුතුය.

සෑම සතියකම අඟහරුවාදා දින පැවැත්වෙන ආයුර්වේද වෛද්‍ය සායනයේ රෝගීන් පරීක්‍ෂාව සහ ඖෂධ නියම කිරීම ආයුර්වේද වෛද්‍ය හිමාලි පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලබන අතර, දෙදෙනෙකුගේ කාර්යයන් තනිව ඉටු කරමින් ඖෂධ නිකුත් කරන එම්. ඩී. මල්කාන්ති මහත්මිය රෝගීන් වෙනුවෙන් සිදුකරන සිය කැපවීම ප්‍රසංශනීයයි.

මසකට වරක් පැවැත්වෙන බටහිර වෛද්‍ය සායනයේ කටයුතු වෙනුවෙන් හොරණ මූලික රෝහලේ වෛද්‍ය ආර්. පී. රණතුංග මහතා ස්වේච්ඡාවෙන්ම පැමිණ සිය සේවය දවස මුළුල්ලේම ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු අතර හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල මහතාද රණතුංග මහතාව ඒ වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කර ඇත්තේද මෙම මහඟු සත්කාරයේ වටිනාකම වටහා ගත් නිසාවෙන් විය යුතුමය.
Read Post | comments

කොටුව මගී පාලම උඩදී පොලිස්‌ පෙම්වතා පොලිස්‌ පෙම්වතියගේ ගෙල කපා දැමීමට හේතුව.

Tuesday, January 8, 2013

බිඳී ගිය ප්‍රේමයට පළි ගැනීමක්‌ලු...

 වස පානය කළ පෙම්වතා අසාධ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ... 

ප්‍රේම සම්බන්ධතාවක්‌ බිඳී යැම නිසා කෝපයට පත් වූ පොලිස්‌ කොස්‌තාපල් වරයකු ඊයේ (07 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම උඩදී පොලිස්‌ කොස්‌තාපල්වරියකගේ ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කර පසුව එම කොස්‌තාපල්වරයා ද වස පානය කර තිබෙනවා.

මෙහිදී ඝාතනයට ලක්‌ වූ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8029) නදීෂානි මධුභාෂිනී සමරසිංහ කාන්තා පොලිස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටි නිලධාරිනියකි.
ඇය ඊයේ පෙරවරුවේ සිය පුහුණුවීම් සඳහා පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය වෙත යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්‌වී තිබෙනවා.

සිය හිටපු පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු වස පානය කළ 30 හැවිරිදි පොලිස්‌ කොස්‌තාපල් නිලන්ත පුෂ්පකුමාර අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඝාතනයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් නදීෂානි පොලිස්‌ මූලස්‌ථානයේ නිෂ්කාෂණ අංශයේ රාජකාරි කරන අතර ඇය මාස තුනකට ආසන්න කාලයක සිට
කාන්තා පොලිස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමට අනුයුක්‌ත කර සිට තිබෙනවා.

ඒ අනුව පොලිස්‌ ක්‍රීඩා අංශයට අනුයුක්‌තව ක්‍රිකට්‌ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදුණු නදීෂානි දිනපතාම කොළඹ කොටුව පොලිස්‌ ස්‌ථානයේ භට නිවාසයේ සිට එහි යැමට පුරුදුව සිටියාය.

මෙම ඝාතනය සිදු කළ කොස්‌තාපල් පුෂ්පකුමාර මොනරාගල පොලිසියට අනුයුක්‌තව රාජකාරි කළේය. රාජකාරි කටයුත්තක්‌ සඳහා පොලිස්‌ මූලස්‌ථානයට දුරකථන ඇමතුමක්‌ ලබාදුන් අවස්‌ථාවේ නදීෂානි සමඟ මුලින්ම කතා කළ පුෂ්පකුමාර පසුව ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබිණි.

එම සම්බන්ධතාව ඇති වී ඇත්තේ මීට වසරකට පමණ පෙරය. පෙම්වතුන් ලෙස කාලයක්‌ සිට ඇති නදීෂානි සහ පුෂ්පකුමාර අතර ආරවුල් ඇතිවන්නට පටන්ගෙන ඇත්තේ මීට මාස කීපයකට පෙරය.

පසුව නදීෂානි සිය ප්‍රේමවන්තයා වූ පුෂ්පකුමාරගෙන් ඉවත් වීමට සැලසුම් කළාය. ඇය ඒ බව පුෂ්පකුමාරට දැනුම් දීමෙන් පසු ඔහු ඊට තදින් විරුද්ධ වී තිබෙනවා.

එහෙත් නදීෂානි සිය පෙම්වතා සමඟ පැවැත්වූ සියලු සබඳතා අතහැර දමා තමා සමඟ මින් පසු කතා කිරීමටවත් නොඑන ලෙස ඔහුට දැනුම් දී තිබෙනවා.

ප්‍රේම සම්බන්ධය නතර කිරීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටි පුෂ්පකුමාර පසුගිය 3 වැනිදා නිවාඩු ලබා ගත්තේය. තම මවට අසනීප බව කියමින් මොනරාගල පොලිසියේ ස්‌ථානාධිපතිවරයාගෙන් නිවාඩු ලබාගත් පුෂ්පකුමාර කොළඹට පැමිණ ඇත්තේ නදීෂානිගෙන් පළි ගැනීමේ ෙච්තනාවෙන් බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

නදීෂානි සමඟ එකඟතාවකට ඒමට අපහසු වූවොත් ඇය මරා දැමීමට විශාල මන්නා පිහියක්‌ ද රැගෙන පැමිණි පුෂ්පකුමාර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම මතට වී ඇය එනතුරු බලා සිට තිබෙනවා.

ඊයේ උදේ 6.30 ට පමණ නදීෂානි මගී පාලම මතින් පැමිණ ඇත්තේ පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය වෙත බස්‌ රථයෙන් යැම සඳහාය. ඒ අවස්‌ථාවේ මග රැක සිටි සැකකාර පුෂ්පකුමාර ඇය සමඟ බහින්බස්‌ වීමක්‌ ඇතිකර ගත්තේය.

නදීෂානි පුෂ්පකුමාරගෙන් ඉවත් වී යැමට සැරසෙද්දී එකවරම සඟවා ගෙන සිටි මන්නා පිහිය ඉවතට ගත් සැකකරු ඇගේ කෙස්‌වැටියෙන් අල්ලා ගෙල කපා ඇත. පසුව නදීෂානිගේ සිරුරේ ස්‌ථාන කීපයක්‌ම කපා දැමූ සැකකරු පසුව කලිසම් සාක්‌කුවේ සඟවාගෙන සිටි වස කුප්පිය ඉවතට ගෙන වස පානය කළේය.

මෙම සියලු සිද්ධීන් මගී පාලම මත සිටි යාචක කාන්තාවක්‌ දැක ඇති අතර ඇයගේ කෑගැසීම නිසා පොලිස්‌ නිලධාරීන් එහි පැමිණ තිබෙනවා.

ඒ අවස්‌ථාවේ වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි කොස්‌තාපල් පුෂ්පකුමාර රෝහල වෙත රැගෙන යැමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

සැකකාර කොස්‌තාපල්වරයා වලපනේ පදිංචිකාරයකු වන අතර ඔහු අවිවාහකයෙකි. කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙනවා.
 
සම්බන්ධය නතර කළ තරහට රාළහාමි නංගිට මේ අපරාධය කළා
ඝාතනයට ලක්‌වූ නදීෂානිගේ ඥති සොයුරා.
පොලිසියේ වැඩ කරන නංගිගෙයි ඇයගේ මරණෙට සැකකරන පොලිස්‌ රාළහාමිගේයි සම්බන්ධයට ගෙවල් දෙකෙන්ම කැමති වුණේ නෑ. මේ නිසා ඒ දෙදෙනාට වරින් වර ප්‍රශ්න ඇති වුණා. සැකකාර රාළහාමි මරාගෙන මැරෙන බවට බිබිල ගෙදරට ඇවිත් තර්ජනය කර තිබුණා.

කොළඹ කොටුවේ ගුවන් පාලම උඩදී ඊයේ (7 දා) උදැසන පිහියෙන් ඇන ඝාතනය කළ පොලිස්‌ කොස්‌තාපල්වරියගේ ඥති සොයුරකු වන බිබිලේ ජගත් අබේවර්ධන මහතා කියා සිටියේය.

සැකකරු මේ විදිහට තර්ජනය කරද්දී මියගිය නංගි ගෙදර හිටියේ නැහැ. දෙපාර්ශ්වයම අකමැති වුණත් මේ රාළහාමිට ඕනෑ වුණේ සම්බන්ධය දිගටම ගෙනියන්නයි.

ප්‍රේම සම්බන්ධය නතර කරනවා කියලා නංගි සැකකරුට කලින් කියලා තියෙන්න ඇති. ඒ තරහට ඔහු මේ අපරාධය කරන්න ඇති. පොලිසියේ නංගිට කරදරයක්‌ වෙලා තිබෙන බව මැදගම පොලිසිය මගින් දැන්වූ පසු නංගිගේ අම්මා ඒ මොහොතේම කොළඹ ගියා.

මියගිය නංගිට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. එයාගේ තාත්තා මියගිහින්.
 
කොස්‌තාපල් නිවාඩු ගත්තේ මවට අසනීප බව කියායි
මොනරාගල පොලිසියේ නිලධාරියෙක්.
"අනේ සර් අපේ අම්මාගේ අසනීපය තාමත් හොඳ වුණේ නැහැ. මට තවත් දවස්‌ දෙකක්‌ නිවාඩු ගන්න ඕනෑ" යි කොළඹ කොටුවේ ගුවන් පාලම උඩදී ඊයේ (7 දා) උදේ පොලිස්‌ කාන්තා කොස්‌තාපල් නදීශානි මධුභාෂිනී (26) ඝාතනය කළ පොලිස්‌ කොස්‌තාපල්වරයා තමාට දුරකථනයෙන් එසේ කී බව මොනරාගල පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මීට දින කීපයකට පෙර තම මවට අසනීප බව කියමින් දින දෙකක්‌ නිවාඩු ලබාගෙන ගිය බවත් ඉන් දින දෙකකට පමණ පසු තම මවගේ අසනීපයේ ගුණයක්‌ නැති නිසා තවත් දවස්‌ දෙකක්‌ නිවාඩු ඉල්ලා සිටි නිසා ඔහුට තවත් දවස්‌ දෙකක්‌ නිවාඩු අනුමත කළ බවත් එම පොලිස්‌ නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 
 
Read Post | comments

ගිගා බයිට් අල්ට්‍රා ඩියුරබල් 4 ක්ලැසික් මදර්බෝඩ් මෙරටට

Sunday, January 6, 2013

ඊසි ඉන්ෆොටෙක් විසින් “ගිගා බයිට් අල්ට්‍රා ඩියුරබල් 4 ක්ලැසික්” මදර්බෝඩ් මෙරට පාරිභෝගිකයින් වෙත බෙදා හැරීම අරඹන ලදි. ඒ අනුව ඊසි ඉන්ෆොටෙක් පූර්ණ මදර්බෝඩ් පෙළක් මෙරට බෙදා හරී.

ඊසි ඉන්ෆොටෙක් ලෝකයේ ඉහළම පිළිගැනීම ලැබූ වෙළෙඳ නාමවල දේශීය හවුල්කරුවා වෙමින් මෙරට තරගකාරී තොරතුරු තාක්ෂණයේ සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළේ වඩාත් ආකර්ෂණීය සැපයුම්කරුවා ලෙස වර්ධනය විය.

ඊසි ඉන්ෆොටෙක් සතු දීපව්‍යාප්ත දැවැන්ත බෙදා හැරීමේ ජාලය ප්‍රමුඛ වෙළෙඳ නාම හිමිකරුවන්ට විශාල වාසි රැසක් සලසයි. එය ඔවුන්ගේ නිෂ්පාදන පැය 24 ක් තුළ දිවයින පුරා රැගෙන යයි.

ගිගා බයිට් අල්ට්‍රා ඩියුරබල් 4 ක්ලැසික් ප්‍රධාන තාක්ෂණික කරුණු හතරක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති අතර ඒවා පරිගණක මුහුණදිය හැකි අනතුරු වලින් ආරක්ෂා කරයි. 

ගිගා බයිට් සමාගමේ දකුණු ආසියානු ව්‍යාපාර කළමනාකරු ඇලන් සූ මහතා, බෙදා හැරීමේ සහතිකපත් ඊසි හෝල්ඩිංග්ස් හි සාමාන්‍යාධිකාරී මූල්‍ය සහ මෙහෙයුම් යසිර් නිසාම් මහතාට ලබා දෙමින්.
Read Post | comments

HP නෝට්බුක් පරිගණක පෙළ තවත් පුළුල් වෙයි

HP සමාගම පාරිභෝගික මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වන අති නවීන තාක්ෂණය කැටි කළ සැහැල්ලු සහ සිහින් Ultrabook පද්ධතීන් සහ Sleekbook සමඟ සිය සම්මානනීය නෝට්බුක් පරිගණක මාලාව තවදුරටත් පුළුල් කරයි. 

HP සමාගමේ නැගී එන වෙළෙඳපොළ පිළිබඳ ප්‍රවර්ධන සහ අලෙවිකරණ කළමනාකරු ක්‍රිස්ටියන් රෙයිස් මහතා සඳහන් කළේ” HP Folio සහ HP Envy Spectre සාර්ථකත්වය කරා ගෙන යමින් අපි ක්ෂේත්‍රයේ පුළුල්තම Ultrabook පරිගණක එකතුවක් පාරිභෝගිකයා වෙත ලබා දෙනවා. 

පාරිභෝගිකයින් සඳහා මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් හඳුන්වා දී ඇති අපගේ පුළුල් වූ HP Ultrabook පද්ධතීන් සහ HP Sleekbook පරිගණක විශිෂ්ට නිර්මාණාත්මක සංකල්පයක් තුළ සවිමත් ක්‍රියාකාරීත්වයක්, ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සමඟ වින්දනීය අත්දැකීමක් ලබා දෙනවා” යනුවෙනි.
Read Post | comments

දඹදිව වන්දනාවේ යන්නේ පරෙස්සමෙන්......

Friday, December 28, 2012

දඹදිව වන්දනා චාරිකා සංවිධාන අද සමහරු ප්‍රධාන ව්‍යාපාර බවටත් තවත් සමහරු ව්‍යාපාරික සේවාවක් බවටත් පරිවර්තනය කර ගෙන පවත්වාගෙන යන බව  පැවැසේ. මේ දොකොටස මේ කටයුත්ත  බොහෝ දුරට විශ්වාසවත් වගකීමකින් යුක්තවත් කරන අතර ඒ අතරට මැදි වූ හොර සංවිධායකයන් නිසා වර්තමානයේ දඹදිව වන්දනා වේ යාමට බලා‍පොරොත්තු වන බැතිමතුන් බොහෝමයක් ඉතාමත් කනගාටුදායක ලෙස නොසිතූ අකරතැබ්බවලට හසුවීම ඉතා ඛිෙදජනකය. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ තොරතුරුවලට අනුව අද  දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ලෙස එම අමාත්‍යංශයේ ලියාපදිංචි  වී ඇති සංඛ්‍යාව 200ට ආසන්නය. නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම කටයුත්ත කරගෙන යන සංවිධාන 500ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. 

අමාත්‍යංශයේ ලියාපදිංචි  නොමැතිව බැතිමතුන් දඹදිව වන්දනා කරවීමට රැගෙන යාම එතරම් ප්‍රශ්නයක් වී නොමැති නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා හොර සංවිධායකයන් රැසක් බිහි වී ඇති අතර දිනෙන් දින බිහි වෙමින් ද පවතී. අලුත් සංවිධායකයන් බිහි වන්නේ පළපුරුදු සංවිධායකයන් සමග සේවාවට යන අයවලුන් අතරින්ය. හොර සංවිධායකයන් බිහිවන්නෙත් මේ අතරින්ය. පළපුරුදු සංවිධායකයන් සමග එක්වරක් හෝ දෙවරක් දඹදිව චාරිකාවනට සම්බන්ධ වන විට ඔහුට දැනෙන්නේ මේ සියල්ල ඔහුටත් කළ හැකි බවය. ඔහු ආපසු ලංකාවට එන්නේ මීළඟ චාරිකාවේ ප්‍රධාන සංවිධායක තමා බව ඔළුවේ තබාගෙනය. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේතැරැව්කරුවන් මගින් බැතිමතුන් සොයාගන්නා ඔවුහු සුන්දර චාරිකාවක් මවා පා මුදල් ටික එකතුකර ගනිති. සමහරු පුවත්පත් දැන්වීම් පවා පළකරති. අවසානයේ ඒ අහිංසකයන්ට මුදලුත් නැත වන්දනාවත් නැත. 

මෙවැනි හොර සංවිධායකයන් නිසා මේ රටේ බැටකෑ බැතිමතුන් බොහෝය. සමහරු ලැජ්ජාව වසාගන්න නිහඬව සිටියත් සමහරු එය කෙළවර කරගන්නේ ‍පොලීසියේ පිහිට පතාය. මේ වසරේ මුල් භාගයේදී වැලිඔය ප්‍රදේශයේ සැරිසැරූ තැරැව්කරුවෙක් දඹදිව වන්දනා චාරිකාව සඳහා අයකරනු ලබන්නේ රුපියල් විසිපන්දාහක් පමණක් බවත් ප්‍රදේශයේ දුප්පත්කම හා අසරණ බව සලකා ඉතිරි මුදල රජයෙන් ලබා දෙන බවත් පවසා කිහිප දෙනෙකුගෙන් මුදල් එකතු කර අසවල් දින ගමන යාමට සූදානම් වන ලෙසද ඔවුනට දැන්වීය. හොර සංවිධායකයාට මුදල් ලබාදුන් අසරණයන් දඹදිව වන්දනාව යාම සඳහා නියමිත දිනට කියූ ස්ථානයට අලුයම එකතු වූවත් සවස් වන තුරු ඒ සංවිධායකයා ආවේ නැත. හොරෙකුට තමන් අසු වී ඇති බව අවබෝධවන විට සියල්ල සිදු වී හමාරය. 

වයසක මවුවරුන් හඬා වැළපුණහ. ඇතාවැටුන වැව රජමහ විහාරයේ පූජ්‍ය ධම්මින්න නායක ස්වාමීන් වහන්සේ පැමිණ ඔවුන් අස්වසාලූයේ කරුණු හරිහැටි නොදැන තමන් හසු වූ වංචාවට දැන් කළ හැකි යමක් නොමැති බව පවසමිනි. මේ හා සමාන සිදු වූ තවත් සිද්ධීන් එමටය. වරක් එක් හොර සංවිධායකයෙක් මෙසේ මුදල් එකතුකොට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස බැතිමතුන්ට දන්වා ඔහු ද ගුවන් තොටුපළට පැමිණ ඉතිරි වැඩ කොටස කරගෙන එනතුරු මෙතැන රැඳී සිටින ලෙස දන්වා ඔහු මාරුවිය. බොහෝ වේලාවක් පිරිසක් රැඳී සිටින බව ගුවන්තොටුපළ නිලධාරීන්ට පෙනී ගියෙන් ඒ පිළිබඳව විමසීමේ දී පිරිස පැවැසුවේ දඹදිව වන්දනාවේ යාමට පැමිණි බවත්, සංවිධායකයා ඉතිරි වැඩවගයක් කරගෙන එනතුරු තමන් රැඳී සිටින බවත්ය. ගුවන්තොටුපළ නිලධාරීහු ඒ පිළිබඳව සොයාබැලීමේ දී එවැනි සංවිධායකයෙක් එහි නැති බවත් මේ සියලු පිරිස වංචාකරුවකුට හසු වී ඇති  බවත් පැවැසීමෙන් අනතුරුව බැතිමත්හු දැඩි වේදනාවකින් යුතුව ආපසු තම නිවෙස් බලා ගියහ. 

ඒ අතර කිහිප දෙනෙකු දින කිහිපයක් යනතුරු නිවසින් එළියට නොබැස්සේ ලැජ්ජාව නිසාය. මේ හොර සංවිධායකයන් මිනිසුන් ලංකාව තුළ මෙසේ අතරමං කර පැනයද්දී ඊටත් වඩා භයානක වන්නේ ශ්‍රී ලාංකික බැතිමතුන් ඉන්දියාව තුළ අතරමංකර පලායාමේ දීය. එවැනි සිද්ධීන් ගණනාවක් පසුගිය කාලය පුරාවටම සිදුවිය. නොදන්නා රටක අතරමං වූ විට ඔවුන් කොතරම් නම් අසරණ වන්නේ ද? එවැනි අතරමං කිරීමේ සිද්ධීන් චෙන්නායිවල සිදු වූ සෑම අවස්ථාවකම චෙන්නායි. එග්මෝර්හි පිහිටි ශ්‍රී ලංකා මහා බෝධි විහාරස්ථානයේ වැඩවසන කලවානේ මහානාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැදිහත්ව බැතිමතුන්ට පිහිට වූ අවස්ථා එමටය. 

බැතිමතුන්ගේ විදේශීය ගමන්බලපත්‍ර නැති වූ අවස්ථාවන් හිදී චෙන්නායි ‍පොලීසිය හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපකාරයෙන් ඔවුහු නැවත ශ්‍රී ලංකාවට එවීමට මහානාම නායක හිමියන් කළ සේවාව යහපත් සංවිධායකයන්ගේ සිත් තුළ තවමත් මතකයේ රැඳී ඇත. පසුගිය වසරේ අග භාගයේ දී මෙවැනි අතරමං කිරීමක් සිදුවූයේ බුද්ධගයාවේ දීය. දිනක් සවස බැතිමතුන් පිරිසක් බුද්ධගයා මහාබෝධි විහාරයේ වැඩවසනා මේධාංකර ස්වාමීන් වහන්සේට පැවැසුවේ අද උදෑසන සිට තමන් එක්ක ආ සංවිධායකයා මේ වන තෙක් පැමිණි නැති බවත් උදේ සිට කිසිදු ආහාරයක් නොලැබුණු  බවත්ය. මේධංකර ස්වාමීන් වහන්සේ පළමුව කළේ පිරිසට ආහාර සැපයීමය. අනතුරුව මේ කියන සංවිධායකයා පිළිබඳව තොරතුරු සෙව්වත් රාත්‍රිය වනතුරු ඔහු සොයාගත නොහැකිවිය. 

පිරිස මේධංකර ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ වන්දනාව පසෙක තබා තමන්ට ආපසු ලංකාවට යාමට ක්‍රමයක් සකසා දෙන ලෙසටය. උන්වහන්සේ මිහින් ලංකා ගුවන් සමාගමට කතාකොට එම පිරිස ලංකාවට එවීමට කටයුතු යොදා පිහිටවූහ. හොර සංවිධායකයා බිමත්ව වෙනත් හෝටල් කාමරයක සිටිය දී පසුව සොයාගත හැකි විය. මේ සිද්ධීන් ස්වල්පයක් පමණි. ඉන්දියාවේ සිදු වූ මෙම ආකාරුණික සිද්ධීන්වලදී ශ්‍රී ලාංකික බැතිමතුනට පිහිට වූ බානගල විමලතිස්ස හිමි, නුගගොල්‍ලේ චන්දරතන හිමි, සීවලී හිමි, විජිත හිමි, ජිනරතන හිමි, සද්ධාලෝක හිමි, සුමේධ හිමි, චන්දවිමල හිමි  යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු දඹදිව සමස්ත බෞද්ධ සිද්ධස්ථානවල වැඩවසන ශ්‍රී ලාංකික ගෞරවණීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සේවාව මෙම අකරතැබ්බවලට හසු වූ බැතිමතුන්ටත් ඒ පිළිබඳව දැනගත් ශ්‍රී ලාංකික අපටත් කිසිදා අමතක නොවනු ඇත. දඹදිව හොර සංවිධායකයන් එසේ කරද්දී ඒ අතරට එකතු වන තවත් සංවිධායකයන් පිරිසක් වෙති. ඔවුන් බොරු සංවිධායකයන්ය. 

විවිධ ක්‍රම අනුගමනය කරමින් බැතිමතුන් එකතු කර ගෙන දඹදිව ගිය පසු බොරු කරන සංවිධායකයන් බොහෝවිට කරන්නේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා බොරු කියා බැතිමතුන් රැවැට්ටීමය. දැන්වීම් පත්‍රිකා මගින් හෝ පුවත්පත් දැන්වීම් මගින් ලබා දෙනවා යැයි කියන පහසුකම් සමහරු අඩුකරති. නැතහොත් නැති කරති. නරඹන සිද්ධස්ථාන බොහෝ ලෙස සඳහන් කර ගමනේ දී ඒවා මග හරිති. කිසිවකුත් ඒ පිළිබඳව විමසුවහොත් කුමක් හෝ බොරුවක් පවසති. සිද්ධස්ථාන මගහැරීම සඳහා ඔවුන් ගොතන බොරු අතර, එහේ කුරුලු උණ, ඌරු උණ, දුම්රියක් පීලි පැනලා, දින ගණනක් යනවා පාර හදන්න. අධික වර්ෂාව, පාලම්කැඩිලා, ඒ ප්‍රාන්තයේ ඇඳිරි නීතිය, මාර්ග වහලා, වර්ජනයක්, කලබල යන බේගල් ඇදබා කාලයත් මුදලුත් ඉතිරි කර ගනිති. 

 මෙසේ බොරු ගොතා අත්හරින සුවිශේෂ බෞද්ධ සිද්ධස්ථානයක් නම් ඒ සාංචි යයි. අනුබුදුහිමියන් බුද්ධාගම රැගෙන වැඩම කළෙත්, සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය රැගෙන ලක්දිවට වැඩම කළේත් මේ අති උතුම් සාංචියේ සිටයි. බොහෝ සංවිධායකයන් සාංචිය එතරම් වැදගත් නැති සිද්ධස්ථානයක් ලෙස හුවා දක්වමින් බැතිමතුන් හට එහි වන්දනාමාන කිරීම මග හරවන අතර සමහර සංවිධායකයන් කෝච්චියේ යන ගමන් සාංචිය පෙන්වති. තවත් පිරිසක් ඉන්දියාවේදී කිසිදු මුදලක් අයනොකරන බව පවසා බැතිමතුන් ඉන්දියාවට රැගෙන ගිය පසු දුම්රිය හා බස්රිය ගාස්තු වැඩිවුණා, හෝටල් ගාස්තු වැඩිවුණා, ප්‍රාන්ත ගාස්තු  වැඩිවුණා, ඩොලරයේ අගය වැඩිවෙලා යැයි බොරු කියමින් අමතර මුදල් ගසාකති. චෙන්නායි සිට වන්දනා ආරම්භ කරන විට සිදුවන්නේ දුම්රියේ ගමන් කිරීමටය. බැතිමතුන් බොහෝවිට ගමන් ගන්නා දුම්රියක් වන්නේ. 

ජී.ටී. එක්ස්ප්‍රස්, තමිල්නාඩු එක්ස්ප්‍රස්, සංඝමිත්‍රා වැනි (සුපර් ෆාස්ට්) ශීඝ්‍රගාමී දුම්රියන්ය. මෙම  දුම්රියන් හි ආසන වෙන්කර ගත යුත්තේ මාසයකට දෙකකට කලිනි. එසේ නොමැති වුවහොත් බැතිමතුනට දින ගණනක් හිටගෙන හෝ ඉඩ තිබෙන තැනක වාඩි වී යාමට සිදුවේ. නියම සංවිධායකයා මෙය නියමානුකූලව ඉටුකරගන්නා අතර සමහරු නිර්නායක ප්‍රවේශපත්‍ර (වෙයිටින් ලිස්ට්) හෝ ආදේශක ප්‍රවේශපත්‍ර ලබාගෙන බැතිමතුන් අපහසුවට පත් කරන අවස්ථා බොහෝය. දඹදිව වන්දනා චාරිකාවේ දී ෂොපින් යෑම සාමාන්‍ය දෙයකි. මේ ෂොපින් යාමේ දී විවිධ සංවිධායකයන් විවිධ ක්‍රම අනුගමනය කරති. යහපත් සංවිධායකයා රෙදිපිළි හා වෙනත් භාණ්ඩ මිලදී ගතහැකි සාප්පු පෙන්වා තමන් කැමැති නම් පමණක් අවශ්‍ය දේ මිලදී ගන්නා ලෙසත් මුදලාලිලාගේ කපටිකම්වලට හසු නොවී, ඔවුන් පවසන මිලට වඩා අඩුවෙන් මිලකට භාණ්ඩ ඉල්ලන ලෙසත්, දෙන දේ හොඳ පරීක්ෂාවෙන් බලා කැමැති නම් ගන්නා ලෙසත් බැතිමතුනට උපදෙස් දෙන අතර අනෙක් සංවිධායකයා ඔවුන් පෙන්වන කඩසාප්පු වලින් විතරක්ම (විශේෂයෙන් රෙදිපිළි) භාණ්ඩ ලබාගන්නා ලෙස දන්වති. ඒ අන් කිසිවක් නිසා නොව එවැනි සාප්පුවලින් ඔවුනට වෙනත් ප්‍රතිලාබ ලැබෙන නිසාය. ගුවන් ගමන් චාරිකා යනුවෙන් සඳහන් දැන්වීම්වලදී අප රටේ රැවටෙන බැතිමතුන් බොහෝය. 

ඔවුන් සිතන්නේ මුළු දඹදිව වන්දනාවම ගුවන් ගමනින් කියාය. කිසිම දිනෙක දඹදිව සියලු සිද්ධස්ථාන ගුවනින් ගොස් වැඳපුදා ගත නොහැක. ගුවන් ගමන් යනු නවදිල්ලියට, බරණැසට හා බුද්ධගයාවට සෘජුව යාමත් චෙන්නායි හරහා අන්තර් ගුවන්සේවා (ඩොමැස්ට්‍රික්) මගින් නවදිල්ලියට යාමත්ය. එතැන් පටන් සියලු ගමන් බස් රථයකින්ය. බස්රථ සැපයීමේ දී සාර්ථක සංවිධායකයා ඉන්දියාවේ පිළිගත් බස්රථ සමාගම් සහ පිළිගත් පුද්ගලයින්ගේ බස් ලබාගනී. සමහරු වායුසමනය කරන ලද බස්රථ ලබාදෙන බව පවසා සාමාන්‍ය බස්රථ ලබා දී කුමක් හෝ බොරුවක් ඇදබාති. ආහාරපාන සැපයීමේදී හැකිතරම් හොඳ ආහාරත්, පහසුකම් සහිත නවාතැනුත් ඇතුළු වෙනත් පහසුකම් හැකි සෑම අවස්ථාවකදීම ඉතාමත් හොඳට ලබාදීමට යුහුසුලු වන සංවිධායකයන් අතරට මේ කිසිවක් ලබා නොදෙන සංවිධායකයාගේ ආගමනය නිසා ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුනට මුළු දඹදිව වන්දනාවම තිත්ත වන අතර ඔවුහු ඉන්දියාව ගැන මතක් කිරීමටවත් කැමැති නැත. විදේශීය මත්පැන් සඳහා ඉන්දියාවේ හොඳ ඉල්ලුමක් ඇත. ඉන්දියාව හා ලංකාවඅතර දිනපතා වෙළෙඳාම් කටයුතු පවත්වාගෙන යන පිරිස් ලංකාවේ ගුවන්තොටුපළේ පිහිටා ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් සහ සිගරට් මිලදී ගෙන ඉන්දියාවේ දී අලෙවි කරති. එවැනි දේ මිලදී ගැනීම සඳහා චෙන්නායි ගුවන්තොටුපළ අබියස තැරුව්කරුවෝ පෙළගැසී සිටිති. 

එක් අයකුට ගුවනින් ගෙන යා හැක්කේ මත්පැන් බෝතල දෙකක් සහ සිගරට් කාටූන් දෙකක් පමණි. අද දඹදිව වන්දනා සංවිධායකයන් මේ දේ නොකළත් අතීතයේ එවැනි දේ සිදු වූ බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. ඒ අතරින් මීට වසර කිහිපයකට පෙර එක් කාන්තා සංවිධායකවරියක් විසින් එක් බැතිමතකුට බෝතල දෙක බැගින් ලබා දී මත්පැන් බෝතල් 75ක් ඉන්දියාවට ගෙන යාමේ දී චෙන්නායි ගුවන්තොටුපළ නිලධාරීහු ඒ සියල්ල අත්අඩංගුවට ගෙන රාජසන්තක කර දඩමුදලක් ද අයකිරීමේ සිදුවීම තවමත් අමතක නැත. අප රටේ සිටින සංවිධායකවරුන් අපේ රටේම සහයකයන් හා සහකාර කළමනාකරුවන් යොදාගෙන පිරිස් දඹදිව වන්දනා චාරිකාවේ යොදවන අතර තවත් සංවිධායකවරුන් ඉන්දීය පැකේජ් ක්‍රමයක් සාදාගෙන මෙරට වන්දනාකරුවන් ඉන්දීය ජාතිකයන්ට බාර කරවා වන්දනාව කරවති. එය කිසිසේත් සුබදායක නැත. එවැනි වන්දනා ගමන්වල වගකීමක් නැත. බැතිමතුන්ගේ සියලු අඩුපාඩු විමසා බලා හොඳ සේවාවක් ලබා දීමට ඉන්දීය ජාතිකයන් සමත් නැත. 

දඹදිව වන්දනාව තනිකරම මුදල් උපයන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගත් සංවිධායකයන් කිහිප දෙනෙකු අද මේ පැකේජ් ක්‍රමය අනුගමනය කරති. වන්දනාකරුවන් රැගත් බස් රථ රැය පහන් වනතුරු ධාවනය කිරීම අතිශයින්ම අන්තරාදායකය. ආරක්ෂාකාරී නැත. අනතුරුවලට බොහෝ විට ඉඩ ඇත්තේය. මේ බව දැන දැනත් රැය පහන්වන තුරු බස්රථ ගමන් යෙදෙන කණ්ඩායම් ඉන්දියාවේ දී දැකගත හැකිය. එසේ කරන්නේ ඇයි ? අන් කිසිවක් නිසා නොව හෝටල් ගාස්තු ඉතිරිකර ගැනීමේ අටියෙනි. වර්තමාන සංවිධායකයන් අතරින් ඉතාමත් සහයෝගයෙන් ක්‍රියාකරන සංවිධායකයන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය. ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම, කෙනෙහිලිකම, ඉස්මතුකරගත් සංවිධායකයන් බොහෝය. ඔවුන් සමග වන්දනා ගමනේ යෙදෙන බැතිමතකු වෙනත් සංවිධානයක එන බැතිමතකු සමග කතාකරනවා තබා හිනාවෙනවාටවත් පහත් ගතිගුණවලින් සමන්විත සංවිධායකයා කැමැති නැත. ඔහු නිතර උත්සාහ කරන්නේ අනෙක් සංවිධායකයාගේ කටයුතු අවුල් කිරීමටය. එක් සංවිධායකයකු සමග කලක් ඉවුම්පිහුම් සඳහා ගිය කෝකියෙක් සංවිධායකයා සමග අමනාප වී වෙනත් සංවිධායකයකු වෙත සේවයට ගියේය. ඔවුහු එක් නවාතැනකදී එකට හමුවිය. 

කලින් සංවිධායකයා තමාගේ පරණ කෝකියා වෙනත් අයකු වෙනුවෙන් සේවාව කරන බව දුටුවිට ඔහුගේ හිතට ඇති වූයේ ඊර්ෂ්‍යාවකි. ඔහු අර කෝකියා හඳුනන තමාගේ ගෝලයකු ගෙන්වා කෝකියාට මත්පැන් පෙවීමට සලස්වා අනෙක් සංවිධානයේ බැතිමතුන්ට ආහාර පිසීම ව්‍යාකූලකොට ඔවුනට ආහාර ද නැති කළේය. මෙවැනි පවුකාර දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ඕනෑතරම් සොයා ගත හැක. මෙවැනි කෙනෙහිලිකරුවන් අතර මනුෂ්‍යගතිවලින් පිරි සංවිධායකයන් ද බොහෝ ඇත. ඔවුහු අනුනගේ දුකේ දී හැකි තරම් පිහිටට එති. තම ගෝලබාලයන් චාරිකා සංවිධායකයන් වශයෙන් බිහිවන විට අවංකව සතුටුවන සංවිධායකයන් අතළොස්සක් ඇති අතර වැඩිපිරිසක් එසේ බිහිවන්නන්ට ඊර්ෂ්‍යා කරති. 

විවිධ තාඩනපීඩනවලට ලක්කරති. මේ හා සම්බන්ධ වන ශ්‍රී ලංකික සහ ඉන්දියානු හිතවතුන් ඔවුනට උපකාර කිරීම වැළැක්වීමට උත්සාහ කරති. එපමණක් නොව නව සංවිධායකයන්ට ඉන්දියානු ගෝලබාලයන් ලවා පහර දීමට තැත්කළ අවස්ථා සහ පහරදීම් පිළිබඳවද ඕනෑතරම් සාක්ෂි සැපයිය හැකි අතර ආසන්නම කනගාටුදායක මෙවැනි සිදුවීමක් වූයේ පසුගිය සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රි 10ට පමණ බුද්ධගයාවේ මහාබෝධි විහාරයට ආසන්න හෝටලයක් තුළය. බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ඉන්දියානු මිනිසුන් සිටි නිසා කනගාටුදායක විය යුතු සිද්ධිය මැඩපැවැත්වීමට හැකි වීම කාගෙත් පැසසුමට හේතුවිය. නියම දඹදිව වන්දනා චාරිකා සංවිධානයක සිටිනුයේ නියෝජිතයන්ය. ඔවුහු සෑම වේ‍ලේම තම සේවාව ලබා දෙන ආයතනයටත් පුද්ගලයාටත් අවංකව සේවාවක් ඉටුකරමින් බැතිමතුනට ද සත්‍ය පවසා දඹදිව වන්දනා චාරිකාවට එක්කර ගනිති. කෙනෙහිලිකාර හොරබොරු සංවිධායකයා ළඟ සිටින්නේ තැරැව්කරුවන්ය. 

ඔවුහු සෑම අවස්ථාවකම මිනිසුන් රවටති. මිනිසුන්ගේ මුදල් සහ වෙනත් වත්කම් කොල්ලකති. මිනිසුන් අතරමංය. දඹදිව වන්දනා ගමනක යාමට බලා‍පොරොත්තු වන බැතිමත්හු හොරබොරු වංචාකාර, කපටි, ඊර්ෂ්‍යාකාර සංවිධායකයා කලින් හඳුනාගත යුතුය. පිටුගණන් පළ කරන පුවත්පත් දැන්වීම් පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිය යුතුය. යහපත්  සංවිධායකයා සහ සංවිධානය පිළිබඳ කිසිවකුගෙන් හෝ දැනගෙන දඹදිව වන්දනා ගමන යාමට තීරණය කළහොත් ඔබට සාර්ථක වන්දනා ගමනක යෙදීමට පුළුවන. නැතහොත් අතේ මුදල් නාස්ති කරගෙන සිතෙහි උපන් වෛරයකින් අවසානයේ මියයාමට සිදුවනු ඇත. නීත්‍යනුකූල සංවිධායකයාට  රජයේ වෙළෙඳ ව්‍යාපාර නාම ලියාපදිංචි අංකයකුත්, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ (සේ../වන්දනා/...) ලියාපදිංචි අංකයකුත් ඇත. මෙම ලියාපදිංචිය ලැබුණු පමණින්ම සංවිධායකයා අවංක යහපත් අයෙකු වන්නේද නැත. නීත්‍යනුකූල සංවිධායකයාගේ නම හොරට යොදාගනිමින් වංචා කරන හොර සංවිධායකයා ද හොඳින් හඳුනාගත යුතුය.
Read Post | comments

සිරිපා සමය ඇරැඹේ

Sunday, December 23, 2012

මේ මස 27 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය සමඟ මෙවර සිරිපා වන්දනා සමය ඇරඹේ.

පසුගිය 21දා පැල්මඬුල්ල ගල් පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දී විශේෂ පූජෝත්සව රැසක් සිදු කරන ලදී. එහිදී 25 දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිත අතර 26 දා පෙරවරු 6.00ට දේවාභරණ වැඩමවීමේ පෙරහර ආරම්භ කෙරේ. 

පෙරහර සබරගමුව මහ සමන් දේවාලය දක්වා පැමිණීමෙන් පසු රත්නපුර පලාබද්දල රජ මාවත ඔස්සේ සහ හැටන් නල්ලතන්නි මාර්ග ඔස්සේ ශ්‍රී පාදය දක්වා ගමන් කෙරේ.

ශ්‍රීපාදස්ථානයේ දී පෝ දින පින්කම් සිදුකිරීමෙන් පසු මෙවර ශ්‍රීපාද සමය ඇරඹේ. ශ්‍රීපාද වන්දනා සමය ලබන වසරේ වෙසක්පුර පසළොස්වක පොහෝ දිනය දක්වා පැවැත්වෙයි.
Read Post | comments

කොස්ගොඩට ඩීසල් වැස්සක්

Wednesday, December 19, 2012

කොස්ගොඩ ප්‍රදේශයේ (18) අලුයම 5.30ට පමණ සිදු වූ රිය අනතුරක් නිසා ගාලු පාර පුරා ඩීසල් ගලා යාමට පටන් ගත් අතර, ප්‍රද්ශවාසීන් පැමිණ එම ඩීසල් අපතේ නොයවා එකතුකර ගැනීම නිසා, පාර පුරා ඩීසල් වැටී සිදුවීමට ගිය අනතුරුදායක තත්ත්වය වළක්වා ගැනීමට හැකි විය. 
 
කොස්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාර අයිනේ නතර කර තිබූ ඩීසල් බවුසරයක ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනරයක් හැපීමෙන් මේ අනතුර සිදු වී ඇත.

දහවල් වන විටත් විවිධ පිරිස් මෙම බවුසරයෙන් ඩීසල් එකතු කරමින් සිටින අයුරු දැක ගත හැකි විය. කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බවුසරයක් මේ අනතුරට ලක් වී ඇති අතර, බවුසරයේ හා කන්ටේනරයේ රිය සහායකයන් දෙදෙනා මේ අනතුරෙන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලිසිය පවසයි.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, එම්. බන්දු පත්මලාල් මහතාගේ මෙහෙයවීම යටතේ, පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all