Photobucket

Wednesday, February 27, 2013

පාසිකුඩා සිද්ධියේදී ඇමැති මෛත්‍රි කිසිම බලපෑමක්‌ කළේ නෑ

පොලිසියේ රාජකාරියට හා එහි ඉහළ නිලයන්ට රජය අනිසි බලපෑම් කරන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් වැරැදි අසත්‍ය රූපයක්‌ ලෝකය ඉදිරියේ මැවීමට ඇතැමුන් පහත් උත්සාහයක නිරත වන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතා හා ඔහුගේ මිතුරන් පිරිසක්‌ සහ නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුතා අතර පාසිකුඩා වෙරළේදී පසුගිය සෙනසුරාදා ඇති වූ සිද්ධියේදී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියේ රාජකාරි කටයුතුවලට කිසිදු බලපෑමක්‌ නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාඊයේ (26 දා) පැවසීය.

අමාත්‍යවරයා අඩුතරමින් එම සිද්ධිය වූ මොහොතේම තමා හෝ දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීමෙන් අමාත්‍යවරයකු වුවත් ඒ මහතා තුළ තිබෙන නිහතමානිකම අගය කළ යුතු බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

පාසිකුඩා වෙරළේදී සිද්ධිය සවස සිදුවී ඇතත් තමා රාත්‍රි 10.30 ට පමණ එය දැනගත්තේ හමුදාවේ බුද්ධි අංශයෙන් තම දුරකථනයට ලද එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් බව සඳහන් කරන රාජපක්‍ෂ මහතා සිද්ධිය ගැන පොලිස්‌පතිතුමාගෙන් තමා විමසූ අවස්‌ථාවේ දෙපිරිස අතර සුළු සිද්ධියක්‌ සිදුවී සමථයකින් විස¹ ගැනීමට කටයුතු කෙරෙමින් තිබෙන බව දැනගත් බවද කීය.

පසුව රාත්‍රී 11.00 ට පමණ අමාත්‍යවරයා මේ පිළිබඳ තමා දැනුවත් කළ බව පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ වනවිට පොලිසිය තුළ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේම පාලනයට යටත් වාලච්ෙච්න රෝහල තුළ ඇමැතිවරයා පැය 6 කට අධික කාලයක්‌ ගත කර මේ සිද්ධියට අදාළ පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධාවක්‌ නොවන ලෙස ක්‍රියා කර තිබෙන බව ද කීය. මෙම ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවට දීර්ඝ කාලයක්‌ ඊට ගත කර තිබෙන බව පෙනී යන්නේ යෑයිද කෙසේ වෙතත් පැය 10 කට අධික කාලයකට පසු පොලිසිය නීතියටම අනුව කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පිරිස පොලිස්‌ ඇප මත මුදා හැර ඇති බවද කීය.

පොලිසියේම ඉහළ නිලධාරියකු මේ සිද්ධියේ එක්‌ පාර්ශ්වයකට සම්බන්ධ නිසා එම සිද්ධියට යම් බලපෑමක්‌ කිසියම් ලෙසකින් එල්ල වෙතැයි සැකයෙන් අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එදින රාත්‍රි 11.30 ට පමණ තමා දැනුවත් කළ පසු ඒ පිළිබඳ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා දැනුවත් කිරීමට තමා ක්‍රියා කළ බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතා ගේ ප්‍රශ්න කිරීමට ලක්‌ව ඇති අමාත්‍යවරයාගේ පුතාගේ පාර්ශ්වයෙන් කිසියම් ඡායාරූප ගත කිරීමක්‌ සිදුවූවේ දැයි පිරික්‌සීමේදී එවැන්නක්‌ ඡායාරූප ගත කිරීමක්‌ ඔවුන් අතින් සිදුව නැති බව ද හෙළි වී තිබේ. එහෙත් දෙපිරිස අතර වූ ඒ උණුසුම් වචන හුවමාරුව නිසා උද්ගත වූ ප්‍රශ්නය පොලිසියේදී මෙතරම් දුරදිග නොයා විස¹ගත හැකිව තිබූ බව ද හෙතෙම කීය.

පොලිසිය නීතිප්‍රකාරව අමාත්‍යවරයාගේ පුතා ඇතුළු මිතුරන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගන්නා තෙක්‌ අමාත්‍යවරයා පැය ගණනක්‌ රෝහලේ සහ පොලිසියේ ගත කර නිහතමානීව ක්‍රියා කර තිබෙන බවත් පොලිසියේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමාට හෝ පොලිස්‌පතිවරයාට හෝ මීට පෙර වතාවල හෝ කිසිදු බලපෑමක්‌ කර නැති බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මීට පෙර නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ලෙස බදුල්ල ප්‍රදේශය භාරව පත් කළ ලතීෆ් මහතා සම්බන්ධ සිද්ධිය ගැනද වැරැදි අර්ථ දැක්‌වීමට ඇතැමුන් ප්‍රයත්න දරා ඇති බව පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා ලතීෆ් මහතා බදුල්ලේ නිල රාජකාරිවලට අමතරව මොණරාගල ප්‍රදේශ භාරව වැඩ බැලීමට පත් කර සිටි බවත් ඔහු පත් කිරීමෙන් පසු වරින්වර ඔහුගේ රාජකාරීන් ගැන ඌව ප්‍රධාන ඇමැතිවරයාගෙන් පවා තමා විමසූ විට ලතීෆ් මහතා ඉතා මැනවින් රාජකාරි ඉටු කරන්නකු බව දැනගත් බව ද කීය.

ලතීෆ් මහතාගෙන් වැඩි සේවයක්‌ ලබා ගැනීමට තමාගේත් පොලිස්‌පතිතුමාගේත් උත්සාහයක්‌ තිබුණු බව පැවසූ රාජපක්‍ෂ මහතා ඒ අනුව ඔහුගේ විශේෂ වෘත්තිය පළපුරුද්ද, උපාධි සුදුසුකම් ද සලකා පොලිස්‌ ඇකඩමියේ කටයුතුවලට උපදේශකත්වය ලබා ගැනීමට එම කටයුතු බාරදීමේ අපේක්‍ෂාවක්‌ තිබුණ බව ද කීහ.

ඒ අතර ඔහු පෞද්ගලික කරුණක්‌ මත කොළඹට මාරුවීමක්‌ ඉල්ලා සිටි බව පොලිස්‌පතිවරයා මගින් තමන් දැනගත් බවත් රාජපක්‍ෂ මහතා කීය.

මේ අතර තුර ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුගේ ප්‍රශ්නයක්‌ මත ඇතිවූ විරෝධතාවක්‌ දියත් වීමක්‌a සිදුව තිබෙන බව තමා දැනගත් බවද රාජපක්‍ෂ මහතා කීය. ලතීෆ් මහතා ඔහුව පත් කළ බදුල්ල ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස තවමත් සේවය කරන බවත් ඊට අමතරව ඔහුට රාජකාරි පැවැරුණ මොණරාගලට පමණක්‌ වෙනත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු පත් කර තිබෙන්නේ පොලිසිය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය හා නීති ප්‍රකාරව මිස වෙනත් හේතුවක්‌ නිසා නොවේ යෑයිද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඇතැම් මාධ්‍ය වාර්තා මගින් එහිලා දේශපාලන බලපෑම් පිළිබඳ චිත්‍රයක්‌ මැවීමට උත්සාහ දැරීම නිසා ඔහුගේ අගනා සේවය පොලිස්‌ ඇකඩමිය වෙත ලබා ගැනීමට තිබූ අවස්‌ථාව ද ගිලිහී ගොස්‌ පොලිසියේ සුපුරුදු පරිදි කිරීමට ගිය මාරුවීම පවා අත්හිටු වූයේ එවැනි ක්‍රියා වැරැදි ලෙස අර්ථ ගැන්වීමට ඇතැමුන් ක්‍රියා කරන නිසා යෑයිද රාජපක්‍ෂ මහතා කීය.

දේශපාලනඥයන් හෝ ප්‍රාදේශීය සභාවල නිලයන් දරනවුන්ගෙන් බලපෑම්වලට නීතිගරුක රාජකාරි කරන කිසිවකු ගොදුරු කර දීමට ජනාධිපතිතුමන් හෝ තමා ක්‍රියා නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all