Photobucket

Sunday, January 13, 2013

ANC සමඟ වෛද්‍යවරයකු වීමේ මුල්ම පියවර

වෛද්‍යවරයකු බවට පත් වීමේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අවස්ථාවක් දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් වන ANC අධ්‍යාපන ආයතනය වෙතින් දැන් ලබා දේ. මෙම වෛද්‍ය විද්‍යා සුදුසුකම, සිසුන් වෙත මෙම සුදුසුකම ලබා දීම සඳහා ANC අධ්‍යාපන ආයතනය, පිලිපීනයේ Angeles University Foundation (AUF)  සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. එසේම මෙහිදී පිරිනැමෙනා වෛද්‍ය විද්‍යා සුදුසුකම ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ඇතුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය Education Commission for Foreign Medical Graduates, General Medical Council සහ Australian Medical Council ආදි ලොව ප්‍රමුඛ පෙළේ වෛද්‍ය කවුන්සිලයන් හරහා ද පිළිගැනීමට ලක්ව ඇත.

ANC අධ්‍යාපන ආයතනය සහ AUF අතර සබඳතාව ස්ථාපිත කිරීම සඳහා AUF හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. ඉතා සාර්ථකව පැවැත්වුණු මෙයට සහභාගි වූ AUF නියෝජිතයින් වූයේ එහි සභාපති ජෝෂප් ඒන්ජල්ස්, කලා සහ විද්‍යා පීඨයේ වැඩ බලන කුලපති ඔල්ගා ටුලබුට්, වෛද්‍ය පීඨයේ කුලපති එව්ලින් බී. යුමිකෝ, පශ්චාත් උපාධි පීඨයේ සහ කලා හා විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්කිමිඩිස් ඩේවිඩ් ය.

AUF වෙතින් පිදෙනා මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව පදනම් වී ඇත්තේ ඇමෙරිකානු අධ්‍යාපන රටාව මතය. එහිදී වෛද්‍ය උපාධිය පශ්චාත් උපාධියක් ලෙසින් සැලකෙන අතර එය හැදෑරීමට පෙර සිසුන් විසින් සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතුය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all