හිටපු
අමාත්‍ය වරයෙකු ,මංත්‍රීවරයෙකු මෙන්ම පුත්තලම ජනතා නියෝජිතයෙකු වූ පෙස්ටස්
පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට 82 හැවිරිදි වියේ පසු වූ ඒ
මහතා අවසන් කාලයේ රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රථිකාර ලබා ඇත.
එක්සත්
ජාතික පක්‍ෂයේ රජයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූ ඒ මහතා එම රජයේයේ
විවිධ අමාත්‍යාංශ රැසක වගකීම් දරා ඇත. ධීවර, විදුලිබල හා බලශක්ති, රාජ්‍ය
පරිපාලන හා ස්වදේශ කටයුතු වැනි ප්‍රබල අමාත්‍යාංශ රැසක් හෙබවූ ඒ මහතා 2000
වසරේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත් අතර දිගටම එක්සත් ජාතික පක්‍ෂ
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනු ලැබීය.
මේවනවිට දේහය මහජන ගෞරවය සඳහා එතුමාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන්
කටයුතු බදාදා (16) වෙන්නප්පුවේ දී සිදුකිරීමට නියමිතය.
0 comments:
Post a Comment