Photobucket

Thursday, February 21, 2013

බැංකුවලට කෝටි 100ක පොල්ලක්‌

මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි සියයකට (100) අධික ණය ලබාගෙන පාකිස්‌තානු ජාතිකයන් පිරිසක්‌ විසින් පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් පහක්‌ හදිසියේ වසා දමා එම ව්‍යාපාරිකයන් රට හැරගොස්‌ ඇත.

මොවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා "දිවයින"ට පැවැසීය.

මීට පෙරද මේ ආකාරයටම විදේශීය ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ බැංකුවලින් රුපියල් කෝටි ගණනක්‌ ණය ලබාගෙන ඇඟලුම් කම්හල් ආරම්භ කර මාස කීපයක්‌ ගතවීමත් සමඟ ඒවා හදිසියේ වසාදමා පැනගොස්‌ ඇත.

පසුගිය වසර දෙක තුළ එලෙස ණය ලබාගෙන පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්තශාලා 15 ක්‌ පමණ මෙසේ වසා දමා තිබේ.

මෙම කර්මාන් ශාලාවල සේවය කළ දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මේ වනවිට දැඩි දුෂ්කරතාවලට පත්ව සිටින අතර ඒ අතරින් ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්දේසි කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත.

කිසිදු දැනුම්දීමකින් තොරව හිටිහැටියේම ඇඟලුම් කර්මාන්ත ශාලා වසාදමා පැනගොස්‌ සිටින ව්‍යාපාරිකයන් සම්බන්ධව සියලු තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී තිබෙන බවද ඇමැති ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all