Photobucket

Tuesday, September 22, 2015

වකුගඩු රෝගය හා ආසාත්මිකතා රැසකට පිළියම් කළ ජලය පිරිසිදු කිරීමේ උපකරණ ලිලීගා සමාගම හඳුන්වා දෙයි


මෑත කාලයේදී ශ්‍රී ලාංකීය ජනතාව වඩාත් පීඩාවට පත් කළ වකුගඩු රෝගය ඇතුළු තවත් අසාත්මිකතා රැසකට පිළියමක්‌ ලෙස ජලය පිරිසිදු කිරීමේ උපකරණ නිපදවීමේ ප්‍රමුඛ ආයතනයක්‌ වන ලිලීගා සමාගම (lileega) සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට සැරසේ.

දැනට මෙරට වෙළෙඳපොළේ ඇති වතුර පිරිසිදු කිරීමේ උපකරණ (Water Filters) බොහෝමයකින් අපේක්‍ෂිත අරමුණු ඉටුනොවන බව පෙන්වා දෙන ලිලීගා සමාගමේ සභාපති ලීලානන්ද රණතුංග මහතා සිය නිෂ්පාදන තුළින් ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය ඉතා පිරිසිදු ජලය බවට පත් කිරීමේ ඇති හැකියාව පිළිබඳ සහතික වෙයි.

දැනට වෙළෙඳපොළේ පවතින බොහෝමයක්‌ වතුර පිරිසිදු කිරීමේ උපකරණ මෙරටට ආනයනය කරන ඒවා. ඒ නිසා අපේ රටේ ජලයට මිශ්‍ර වී ඇති අපද්‍රව්‍ය හා බැක්‌ටීරියා නිසි ලෙස අවශෝෂණය කරගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාව එම උපකරණවලට නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ ඉතා ගැඹුරින් පරීක්‍ෂණ පවත්වා විවිධ පළාත්වල ජල නියෑදි පරීක්‍ෂා කොට ඒ ඒ පළාත්වලට අවශ්‍ය පරිදි වතුර µsල්ටර්ස්‌ නිර්මාණය කිරීම ආරම්භ කළා යෑයි ලීලානන්ද මහතා පවසයි.

එසේම දැනට වෙළෙඳපොළේ පවතින µsල්ටර්වල මිල ගණන්වලට වඩා ඉතා සහනදායී මිලකට සිය නිෂ්පාදන ලබාදිය හැකි බවද හෙතෙම පවසයි. විශේෂයෙන්ම දැනට වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන රජරට කලාපයේ රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් හා නිවාස ආදියට සිය සේවාව ඉතා සහනදායී මිලකට ලබාදිය හැකි බව ලිලීගා සමාගම පවසයි. රෝහල්, පාසල් ආදියට මෙම ජලය පිරිසිදු කිරීමේ උපකරණ අවශ්‍ය ධාරිතාව අනුව සකස්‌ කිරීමට ද එම සමාගම සූදානමෙන් සිටී. අදාළ ආයතනයන්හි ජල සාම්පල පරීක්‍ෂා කොට ඊට ගැළපෙන පරිදි මෙම උපකරණ ඉදිකිරීමේ හැකියාව හා තාක්‍ෂණය ලිලීගා සමාගම සතුය.

මට අවශ්‍යයි මේ රටේ ජනතාව පීඩාවට පත්ව සිටින වකුගඩු රෝගය අවම කිරීමට කිසියම් දායකත්වයක්‌ ලබාදීමට. ඒ නිසයි මම මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්ත කරන්න තීරණය කළේ යෑයි ලීලානන්ද මහතා පවසයි.

ලිලීගා සමාගමේ ජලය පිරිසිදු කිරීමේ උපකරණ මගින් අදියර හතරක්‌ යටතේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.

පළමුව සිලිකා වැලි හරහා ජලයට මිශ්‍ර වී ඇති යම් ඝන ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කෙරෙන අතර දෙවනුව සක්‍රියතාවන් පෙරණය මගින් ශරීරයට අහිතකර රසායනිකයන් ඉවත් කිරීම සිදුකරනු ලැබෙන අතර ඉන් අනතුරුව තෙවන අදියර යටතේ ක්‍ෂුද්‍ර පෙරණය මගින් මයික්‍රෝන් 1 සිට 10 දක්‌වා වන ක්‍ෂුද්‍ර කොටස්‌ ඉවත් කෙරෙන අතර අවසාන වශයෙන් පිඟන් මැටි පෙරණය තුළින් මයික්‍රෝන 01 ට වඩා අඩු වඩාත් ක්‍ෂුද්‍ර කොටස්‌ පෙරණය වී දීප්තිමත් ජලය ලබාදීම සිදු වේ.

ඊටත් අමතරව පාරජම්බුල කිරණ පෙරණය මගින් ජලයට මිශ්‍ර වී ඇති ජීවී කොටස්‌ (ඇල්ගී වැනි), බැක්‌ටීරියා වෛරස්‌ වැනි අහිතකර කොටස්‌ විනාශ කර පෙරණය සිදුකෙරේ.

ලිලීගා සමාගම මගින් අදාළ උපකරණ සවිකිරීමෙන් පසුව දීර්ඝකාලීනව උපදේශන සේවා හා නඩත්තු කටයුතු පිළිබඳව නිරන්තරයෙන් පහසුකම් සැපයීමට බැඳී සිටින අතර අමතර කොටස්‌ සැපයීමේදී විශ්වසනීය සේවයක්‌ සැපයීමට ද ඔවුන් බැඳී සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all