Photobucket

Tuesday, September 22, 2015

මහානාමගේ තැන රිචී රිචඩ්සන්ට


ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ හිස්‌ වූ රොෂාන් මහානාමගේ තරග තීරක පුරප්පාඩුව සඳහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක රිචී රිචඩ්සන් පත්කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

රොෂාන් මහානාම පසුගියදා අදාළ ධුරයට සමුදීමත් සමග රිචී රිචඩ්සන්ව මෙම තනතුරට පත්කරන විට ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ පිලේ කළමණාකරු තනතුර දරමින් සිටියේය.

"මේක මට ලැබුණු හොඳ ආරාධනාවක්‌. නමුත් ලබන ජනවාරි මාසය වන තෙක්‌ මම කොදෙව් පිලේ කළමණාකරු ලෙස කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර සිටියා. නමුත් කොදෙව් ක්‍රිකට්‌ ආයතනය මාව ඒ ගිවිසුමෙන් නිදහස්‌ කරලා නව තනතුර භාර ගැනීමට දැක්‌වු සහයෝගය ස්‌තුතියි." යනුවෙන් රිචඩ්සන් පවසා තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all