දඹදිව
වන්දනා චාරිකා සංවිධාන අද සමහරු ප්‍රධාන ව්‍යාපාර බවටත් තවත් සමහරු
ව්‍යාපාරික සේවාවක් බවටත් පරිවර්තනය කර ගෙන පවත්වාගෙන යන බව පැවැසේ. මේ
දොකොටස මේ කටයුත්ත බොහෝ දුරට විශ්වාසවත් වගකීමකින් යුක්තවත් කරන අතර ඒ
අතරට මැදි වූ හොර සංවිධායකයන් නිසා වර්තමානයේ දඹදිව වන්දනා වේ යාමට
බලාපොරොත්තු වන බැතිමතුන් බොහෝමයක් ඉතාමත් කනගාටුදායක ලෙස නොසිතූ
අකරතැබ්බවලට හසුවීම ඉතා ඛිෙදජනකය. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු
අමාත්‍යංශයේ තොරතුරුවලට අනුව අද දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ලෙස එම
අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 200ට ආසන්නය. නමුත් ශ්‍රී ලංකාව
තුළ මෙම කටයුත්ත කරගෙන යන සංවිධාන 500ක් පමණ වේ යැයි ගණන් බලා ඇත.
අමාත්‍යංශයේ ලියාපදිංචි නොමැතිව බැතිමතුන් දඹදිව වන්දනා කරවීමට රැගෙන යාම
එතරම් ප්‍රශ්නයක් වී නොමැති නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා හොර
සංවිධායකයන් රැසක් බිහි වී ඇති අතර දිනෙන් දින බිහි වෙමින් ද පවතී. අලුත්
සංවිධායකයන් බිහි වන්නේ පළපුරුදු සංවිධායකයන් සමග සේවාවට යන අයවලුන්
අතරින්ය. හොර සංවිධායකයන් බිහිවන්නෙත් මේ අතරින්ය. පළපුරුදු සංවිධායකයන්
සමග එක්වරක් හෝ දෙවරක් දඹදිව චාරිකාවනට සම්බන්ධ වන විට ඔහුට දැනෙන්නේ මේ
සියල්ල ඔහුටත් කළ හැකි බවය. ඔහු ආපසු ලංකාවට එන්නේ මීළඟ චාරිකාවේ ප්‍රධාන
සංවිධායක තමා බව ඔළුවේ තබාගෙනය. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේතැරැව්කරුවන් මගින්
බැතිමතුන් සොයාගන්නා ඔවුහු සුන්දර චාරිකාවක් මවා පා මුදල් ටික එකතුකර
ගනිති. සමහරු පුවත්පත් දැන්වීම් පවා පළකරති. අවසානයේ ඒ අහිංසකයන්ට මුදලුත්
නැත වන්දනාවත් නැත.
මෙවැනි හොර සංවිධායකයන් නිසා මේ රටේ බැටකෑ බැතිමතුන්
බොහෝය. සමහරු ලැජ්ජාව වසාගන්න නිහඬව සිටියත් සමහරු එය කෙළවර කරගන්නේ
පොලීසියේ පිහිට පතාය. මේ වසරේ මුල් භාගයේදී වැලිඔය ප්‍රදේශයේ සැරිසැරූ
තැරැව්කරුවෙක් දඹදිව වන්දනා චාරිකාව සඳහා අයකරනු ලබන්නේ රුපියල්
විසිපන්දාහක් පමණක් බවත් ප්‍රදේශයේ දුප්පත්කම හා අසරණ බව සලකා ඉතිරි මුදල
රජයෙන් ලබා දෙන බවත් පවසා කිහිප දෙනෙකුගෙන් මුදල් එකතු කර අසවල් දින ගමන
යාමට සූදානම් වන ලෙසද ඔවුනට දැන්වීය. හොර සංවිධායකයාට මුදල් ලබාදුන්
අසරණයන් දඹදිව වන්දනාව යාම සඳහා නියමිත දිනට කියූ ස්ථානයට අලුයම එකතු වූවත්
සවස් වන තුරු ඒ සංවිධායකයා ආවේ නැත. හොරෙකුට තමන් අසු වී ඇති බව අවබෝධවන
විට සියල්ල සිදු වී හමාරය.
වයසක මවුවරුන් හඬා වැළපුණහ. ඇතාවැටුන වැව රජමහ
විහාරයේ පූජ්‍ය ධම්මින්න නායක ස්වාමීන් වහන්සේ පැමිණ ඔවුන් අස්වසාලූයේ
කරුණු හරිහැටි නොදැන තමන් හසු වූ වංචාවට දැන් කළ හැකි යමක් නොමැති බව
පවසමිනි. මේ හා සමාන සිදු වූ තවත් සිද්ධීන් එමටය. වරක් එක් හොර
සංවිධායකයෙක් මෙසේ මුදල් එකතුකොට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස
බැතිමතුන්ට දන්වා ඔහු ද ගුවන් තොටුපළට පැමිණ ඉතිරි වැඩ කොටස කරගෙන එනතුරු
මෙතැන රැඳී සිටින ලෙස දන්වා ඔහු මාරුවිය. බොහෝ වේලාවක් පිරිසක් රැඳී සිටින
බව ගුවන්තොටුපළ නිලධාරීන්ට පෙනී ගියෙන් ඒ පිළිබඳව විමසීමේ දී පිරිස
පැවැසුවේ දඹදිව වන්දනාවේ යාමට පැමිණි බවත්, සංවිධායකයා ඉතිරි වැඩවගයක්
කරගෙන එනතුරු තමන් රැඳී සිටින බවත්ය. ගුවන්තොටුපළ නිලධාරීහු ඒ පිළිබඳව
සොයාබැලීමේ දී එවැනි සංවිධායකයෙක් එහි නැති බවත් මේ සියලු පිරිස
වංචාකරුවකුට හසු වී ඇති බවත් පැවැසීමෙන් අනතුරුව බැතිමත්හු දැඩි
වේදනාවකින් යුතුව ආපසු තම නිවෙස් බලා ගියහ.
ඒ අතර කිහිප දෙනෙකු දින
කිහිපයක් යනතුරු නිවසින් එළියට නොබැස්සේ ලැජ්ජාව නිසාය. මේ හොර සංවිධායකයන්
මිනිසුන් ලංකාව තුළ මෙසේ අතරමං කර පැනයද්දී ඊටත් වඩා භයානක වන්නේ ශ්‍රී
ලාංකික බැතිමතුන් ඉන්දියාව තුළ අතරමංකර පලායාමේ දීය. එවැනි සිද්ධීන්
ගණනාවක් පසුගිය කාලය පුරාවටම සිදුවිය. නොදන්නා රටක අතරමං වූ විට ඔවුන්
කොතරම් නම් අසරණ වන්නේ ද? එවැනි අතරමං කිරීමේ සිද්ධීන් චෙන්නායිවල සිදු වූ
සෑම අවස්ථාවකම චෙන්නායි. එග්මෝර්හි පිහිටි ශ්‍රී ලංකා මහා බෝධි
විහාරස්ථානයේ වැඩවසන කලවානේ මහානාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැදිහත්ව
බැතිමතුන්ට පිහිට වූ අවස්ථා එමටය.
බැතිමතුන්ගේ විදේශීය ගමන්බලපත්‍ර නැති වූ
අවස්ථාවන් හිදී චෙන්නායි පොලීසිය හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ
උපකාරයෙන් ඔවුහු නැවත ශ්‍රී ලංකාවට එවීමට මහානාම නායක හිමියන් කළ සේවාව
යහපත් සංවිධායකයන්ගේ සිත් තුළ තවමත් මතකයේ රැඳී ඇත. පසුගිය වසරේ අග භාගයේ
දී මෙවැනි අතරමං කිරීමක් සිදුවූයේ බුද්ධගයාවේ දීය. දිනක් සවස බැතිමතුන්
පිරිසක් බුද්ධගයා මහාබෝධි විහාරයේ වැඩවසනා මේධාංකර ස්වාමීන් වහන්සේට
පැවැසුවේ අද උදෑසන සිට තමන් එක්ක ආ සංවිධායකයා මේ වන තෙක් පැමිණි නැති බවත්
උදේ සිට කිසිදු ආහාරයක් නොලැබුණු බවත්ය. මේධංකර ස්වාමීන් වහන්සේ පළමුව
කළේ පිරිසට ආහාර සැපයීමය. අනතුරුව මේ කියන සංවිධායකයා පිළිබඳව තොරතුරු
සෙව්වත් රාත්‍රිය වනතුරු ඔහු සොයාගත නොහැකිවිය.
පිරිස මේධංකර ස්වාමීන්
වහන්සේගෙන් ඉල්ලා සිටියේ වන්දනාව පසෙක තබා තමන්ට ආපසු ලංකාවට යාමට ක්‍රමයක්
සකසා දෙන ලෙසටය. උන්වහන්සේ මිහින් ලංකා ගුවන් සමාගමට කතාකොට එම පිරිස
ලංකාවට එවීමට කටයුතු යොදා පිහිටවූහ. හොර සංවිධායකයා බිමත්ව වෙනත් හෝටල්
කාමරයක සිටිය දී පසුව සොයාගත හැකි විය. මේ සිද්ධීන් ස්වල්පයක් පමණි.
ඉන්දියාවේ සිදු වූ මෙම ආකාරුණික සිද්ධීන්වලදී ශ්‍රී ලාංකික බැතිමතුනට පිහිට
වූ බානගල විමලතිස්ස හිමි, නුගගොල්‍ලේ චන්දරතන හිමි, සීවලී හිමි, විජිත
හිමි, ජිනරතන හිමි, සද්ධාලෝක හිමි, සුමේධ හිමි, චන්දවිමල හිමි යන නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු දඹදිව සමස්ත බෞද්ධ සිද්ධස්ථානවල වැඩවසන
ශ්‍රී ලාංකික ගෞරවණීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සේවාව මෙම අකරතැබ්බවලට
හසු වූ බැතිමතුන්ටත් ඒ පිළිබඳව දැනගත් ශ්‍රී ලාංකික අපටත් කිසිදා අමතක
නොවනු ඇත. දඹදිව හොර සංවිධායකයන් එසේ කරද්දී ඒ අතරට එකතු වන තවත්
සංවිධායකයන් පිරිසක් වෙති. ඔවුන් බොරු සංවිධායකයන්ය.
විවිධ ක්‍රම අනුගමනය
කරමින් බැතිමතුන් එකතු කර ගෙන දඹදිව ගිය පසු බොරු කරන සංවිධායකයන් බොහෝවිට
කරන්නේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා බොරු කියා බැතිමතුන් රැවැට්ටීමය.
දැන්වීම් පත්‍රිකා මගින් හෝ පුවත්පත් දැන්වීම් මගින් ලබා දෙනවා යැයි කියන
පහසුකම් සමහරු අඩුකරති. නැතහොත් නැති කරති. නරඹන සිද්ධස්ථාන බොහෝ ලෙස සඳහන්
කර ගමනේ දී ඒවා මග හරිති. කිසිවකුත් ඒ පිළිබඳව විමසුවහොත් කුමක් හෝ
බොරුවක් පවසති. සිද්ධස්ථාන මගහැරීම සඳහා ඔවුන් ගොතන බොරු අතර, එහේ කුරුලු
උණ, ඌරු උණ, දුම්රියක් පීලි පැනලා, දින ගණනක් යනවා පාර හදන්න. අධික වර්ෂාව,
පාලම්කැඩිලා, ඒ ප්‍රාන්තයේ ඇඳිරි නීතිය, මාර්ග වහලා, වර්ජනයක්, කලබල යන
බේගල් ඇදබා කාලයත් මුදලුත් ඉතිරි කර ගනිති.
මෙසේ බොරු ගොතා අත්හරින සුවිශේෂ
බෞද්ධ සිද්ධස්ථානයක් නම් ඒ සාංචි යයි. අනුබුදුහිමියන් බුද්ධාගම රැගෙන වැඩම
කළෙත්, සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය රැගෙන ලක්දිවට වැඩම කළේත් මේ
අති උතුම් සාංචියේ සිටයි. බොහෝ සංවිධායකයන් සාංචිය එතරම් වැදගත් නැති
සිද්ධස්ථානයක් ලෙස හුවා දක්වමින් බැතිමතුන් හට එහි වන්දනාමාන කිරීම මග හරවන
අතර සමහර සංවිධායකයන් කෝච්චියේ යන ගමන් සාංචිය පෙන්වති. තවත් පිරිසක්
ඉන්දියාවේදී කිසිදු මුදලක් අයනොකරන බව පවසා බැතිමතුන් ඉන්දියාවට රැගෙන ගිය
පසු දුම්රිය හා බස්රිය ගාස්තු වැඩිවුණා, හෝටල් ගාස්තු වැඩිවුණා, ප්‍රාන්ත
ගාස්තු වැඩිවුණා, ඩොලරයේ අගය වැඩිවෙලා යැයි බොරු කියමින් අමතර මුදල්
ගසාකති. චෙන්නායි සිට වන්දනා ආරම්භ කරන විට සිදුවන්නේ දුම්රියේ ගමන්
කිරීමටය. බැතිමතුන් බොහෝවිට ගමන් ගන්නා දුම්රියක් වන්නේ.
ජී.ටී.
එක්ස්ප්‍රස්, තමිල්නාඩු එක්ස්ප්‍රස්, සංඝමිත්‍රා වැනි (සුපර් ෆාස්ට්)
ශීඝ්‍රගාමී දුම්රියන්ය. මෙම දුම්රියන් හි ආසන වෙන්කර ගත යුත්තේ මාසයකට
දෙකකට කලිනි. එසේ නොමැති වුවහොත් බැතිමතුනට දින ගණනක් හිටගෙන හෝ ඉඩ තිබෙන
තැනක වාඩි වී යාමට සිදුවේ. නියම සංවිධායකයා මෙය නියමානුකූලව ඉටුකරගන්නා අතර
සමහරු නිර්නායක ප්‍රවේශපත්‍ර (වෙයිටින් ලිස්ට්) හෝ ආදේශක ප්‍රවේශපත්‍ර
ලබාගෙන බැතිමතුන් අපහසුවට පත් කරන අවස්ථා බොහෝය. දඹදිව වන්දනා චාරිකාවේ දී
ෂොපින් යෑම සාමාන්‍ය දෙයකි. මේ ෂොපින් යාමේ දී විවිධ සංවිධායකයන් විවිධ
ක්‍රම අනුගමනය කරති. යහපත් සංවිධායකයා රෙදිපිළි හා වෙනත් භාණ්ඩ මිලදී
ගතහැකි සාප්පු පෙන්වා තමන් කැමැති නම් පමණක් අවශ්‍ය දේ මිලදී ගන්නා ලෙසත්
මුදලාලිලාගේ කපටිකම්වලට හසු නොවී, ඔවුන් පවසන මිලට වඩා අඩුවෙන් මිලකට භාණ්ඩ
ඉල්ලන ලෙසත්, දෙන දේ හොඳ පරීක්ෂාවෙන් බලා කැමැති නම් ගන්නා ලෙසත්
බැතිමතුනට උපදෙස් දෙන අතර අනෙක් සංවිධායකයා ඔවුන් පෙන්වන කඩසාප්පු වලින්
විතරක්ම (විශේෂයෙන් රෙදිපිළි) භාණ්ඩ ලබාගන්නා ලෙස දන්වති. ඒ අන් කිසිවක්
නිසා නොව එවැනි සාප්පුවලින් ඔවුනට වෙනත් ප්‍රතිලාබ ලැබෙන නිසාය. ගුවන් ගමන්
චාරිකා යනුවෙන් සඳහන් දැන්වීම්වලදී අප රටේ රැවටෙන බැතිමතුන් බොහෝය.
ඔවුන්
සිතන්නේ මුළු දඹදිව වන්දනාවම ගුවන් ගමනින් කියාය. කිසිම දිනෙක දඹදිව සියලු
සිද්ධස්ථාන ගුවනින් ගොස් වැඳපුදා ගත නොහැක. ගුවන් ගමන් යනු නවදිල්ලියට,
බරණැසට හා බුද්ධගයාවට සෘජුව යාමත් චෙන්නායි හරහා අන්තර් ගුවන්සේවා
(ඩොමැස්ට්‍රික්) මගින් නවදිල්ලියට යාමත්ය. එතැන් පටන් සියලු ගමන් බස්
රථයකින්ය. බස්රථ සැපයීමේ දී සාර්ථක සංවිධායකයා ඉන්දියාවේ පිළිගත් බස්රථ
සමාගම් සහ පිළිගත් පුද්ගලයින්ගේ බස් ලබාගනී. සමහරු වායුසමනය කරන ලද බස්රථ
ලබාදෙන බව පවසා සාමාන්‍ය බස්රථ ලබා දී කුමක් හෝ බොරුවක් ඇදබාති. ආහාරපාන
සැපයීමේදී හැකිතරම් හොඳ ආහාරත්, පහසුකම් සහිත නවාතැනුත් ඇතුළු වෙනත්
පහසුකම් හැකි සෑම අවස්ථාවකදීම ඉතාමත් හොඳට ලබාදීමට යුහුසුලු වන සංවිධායකයන්
අතරට මේ කිසිවක් ලබා නොදෙන සංවිධායකයාගේ ආගමනය නිසා ශ්‍රී ලාංකික බෞද්ධ
බැතිමතුනට මුළු දඹදිව වන්දනාවම තිත්ත වන අතර ඔවුහු ඉන්දියාව ගැන මතක්
කිරීමටවත් කැමැති නැත. විදේශීය මත්පැන් සඳහා ඉන්දියාවේ හොඳ ඉල්ලුමක් ඇත.
ඉන්දියාව හා ලංකාවඅතර දිනපතා වෙළෙඳාම් කටයුතු පවත්වාගෙන යන පිරිස් ලංකාවේ
ගුවන්තොටුපළේ පිහිටා ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මත්පැන්
අලෙවිසල්වලින් මත්පැන් සහ සිගරට් මිලදී ගෙන ඉන්දියාවේ දී අලෙවි කරති. එවැනි
දේ මිලදී ගැනීම සඳහා චෙන්නායි ගුවන්තොටුපළ අබියස තැරුව්කරුවෝ පෙළගැසී
සිටිති.
එක් අයකුට ගුවනින් ගෙන යා හැක්කේ මත්පැන් බෝතල දෙකක් සහ සිගරට්
කාටූන් දෙකක් පමණි. අද දඹදිව වන්දනා සංවිධායකයන් මේ දේ නොකළත් අතීතයේ එවැනි
දේ සිදු වූ බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. ඒ අතරින් මීට වසර කිහිපයකට පෙර එක්
කාන්තා සංවිධායකවරියක් විසින් එක් බැතිමතකුට බෝතල දෙක බැගින් ලබා දී
මත්පැන් බෝතල් 75ක් ඉන්දියාවට ගෙන යාමේ දී චෙන්නායි ගුවන්තොටුපළ නිලධාරීහු ඒ
සියල්ල අත්අඩංගුවට ගෙන රාජසන්තක කර දඩමුදලක් ද අයකිරීමේ සිදුවීම තවමත්
අමතක නැත. අප රටේ සිටින සංවිධායකවරුන් අපේ රටේම සහයකයන් හා සහකාර
කළමනාකරුවන් යොදාගෙන පිරිස් දඹදිව වන්දනා චාරිකාවේ යොදවන අතර තවත්
සංවිධායකවරුන් ඉන්දීය පැකේජ් ක්‍රමයක් සාදාගෙන මෙරට වන්දනාකරුවන් ඉන්දීය
ජාතිකයන්ට බාර කරවා වන්දනාව කරවති. එය කිසිසේත් සුබදායක නැත. එවැනි වන්දනා
ගමන්වල වගකීමක් නැත. බැතිමතුන්ගේ සියලු අඩුපාඩු විමසා බලා හොඳ සේවාවක් ලබා
දීමට ඉන්දීය ජාතිකයන් සමත් නැත.
දඹදිව වන්දනාව තනිකරම මුදල් උපයන
ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගත් සංවිධායකයන් කිහිප දෙනෙකු අද මේ පැකේජ්
ක්‍රමය අනුගමනය කරති. වන්දනාකරුවන් රැගත් බස් රථ රැය පහන් වනතුරු ධාවනය
කිරීම අතිශයින්ම අන්තරාදායකය. ආරක්ෂාකාරී නැත. අනතුරුවලට බොහෝ විට ඉඩ
ඇත්තේය. මේ බව දැන දැනත් රැය පහන්වන තුරු බස්රථ ගමන් යෙදෙන කණ්ඩායම්
ඉන්දියාවේ දී දැකගත හැකිය. එසේ කරන්නේ ඇයි ? අන් කිසිවක් නිසා නොව හෝටල්
ගාස්තු ඉතිරිකර ගැනීමේ අටියෙනි. වර්තමාන සංවිධායකයන් අතරින් ඉතාමත්
සහයෝගයෙන් ක්‍රියාකරන සංවිධායකයන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය. ඊර්ෂ්‍යාව,
වෛරය, ගුණමකුකම, කෙනෙහිලිකම, ඉස්මතුකරගත් සංවිධායකයන් බොහෝය. ඔවුන් සමග
වන්දනා ගමනේ යෙදෙන බැතිමතකු වෙනත් සංවිධානයක එන බැතිමතකු සමග කතාකරනවා තබා
හිනාවෙනවාටවත් පහත් ගතිගුණවලින් සමන්විත සංවිධායකයා කැමැති නැත. ඔහු නිතර
උත්සාහ කරන්නේ අනෙක් සංවිධායකයාගේ කටයුතු අවුල් කිරීමටය. එක් සංවිධායකයකු
සමග කලක් ඉවුම්පිහුම් සඳහා ගිය කෝකියෙක් සංවිධායකයා සමග අමනාප වී වෙනත්
සංවිධායකයකු වෙත සේවයට ගියේය. ඔවුහු එක් නවාතැනකදී එකට හමුවිය.
කලින්
සංවිධායකයා තමාගේ පරණ කෝකියා වෙනත් අයකු වෙනුවෙන් සේවාව කරන බව දුටුවිට
ඔහුගේ හිතට ඇති වූයේ ඊර්ෂ්‍යාවකි. ඔහු අර කෝකියා හඳුනන තමාගේ ගෝලයකු ගෙන්වා
කෝකියාට මත්පැන් පෙවීමට සලස්වා අනෙක් සංවිධානයේ බැතිමතුන්ට ආහාර පිසීම
ව්‍යාකූලකොට ඔවුනට ආහාර ද නැති කළේය. මෙවැනි පවුකාර දඹදිව වන්දනා චාරිකා
සංවිධායකයන් ඕනෑතරම්
සොයා ගත හැක. මෙවැනි කෙනෙහිලිකරුවන් අතර මනුෂ්‍යගතිවලින් පිරි සංවිධායකයන්
ද බොහෝ ඇත. ඔවුහු අනුනගේ දුකේ දී හැකි තරම් පිහිටට එති. තම ගෝලබාලයන්
චාරිකා සංවිධායකයන් වශයෙන් බිහිවන විට අවංකව සතුටුවන සංවිධායකයන් අතළොස්සක්
ඇති අතර වැඩිපිරිසක් එසේ බිහිවන්නන්ට ඊර්ෂ්‍යා කරති.
විවිධ තාඩනපීඩනවලට
ලක්කරති. මේ හා සම්බන්ධ වන ශ්‍රී ලංකික සහ ඉන්දියානු හිතවතුන් ඔවුනට උපකාර
කිරීම වැළැක්වීමට උත්සාහ කරති. එපමණක් නොව නව සංවිධායකයන්ට ඉන්දියානු
ගෝලබාලයන් ලවා පහර දීමට තැත්කළ අවස්ථා සහ පහරදීම් පිළිබඳවද ඕනෑතරම් සාක්ෂි
සැපයිය හැකි අතර ආසන්නම කනගාටුදායක මෙවැනි සිදුවීමක් වූයේ පසුගිය
සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රි 10ට පමණ බුද්ධගයාවේ මහාබෝධි විහාරයට
ආසන්න හෝටලයක් තුළය. බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ඉන්දියානු මිනිසුන් සිටි
නිසා කනගාටුදායක විය යුතු සිද්ධිය මැඩපැවැත්වීමට හැකි වීම කාගෙත් පැසසුමට
හේතුවිය. නියම දඹදිව වන්දනා චාරිකා සංවිධානයක සිටිනුයේ නියෝජිතයන්ය. ඔවුහු
සෑම වේලේම තම සේවාව ලබා දෙන ආයතනයටත් පුද්ගලයාටත් අවංකව සේවාවක් ඉටුකරමින්
බැතිමතුනට ද සත්‍ය පවසා දඹදිව වන්දනා චාරිකාවට එක්කර ගනිති. කෙනෙහිලිකාර
හොරබොරු සංවිධායකයා ළඟ සිටින්නේ තැරැව්කරුවන්ය.
ඔවුහු සෑම අවස්ථාවකම
මිනිසුන් රවටති. මිනිසුන්ගේ මුදල් සහ වෙනත් වත්කම් කොල්ලකති. මිනිසුන්
අතරමංය. දඹදිව වන්දනා ගමනක යාමට බලාපොරොත්තු වන බැතිමත්හු හොරබොරු
වංචාකාර, කපටි, ඊර්ෂ්‍යාකාර සංවිධායකයා කලින් හඳුනාගත යුතුය. පිටුගණන් පළ
කරන පුවත්පත් දැන්වීම් පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිය යුතුය. යහපත්
සංවිධායකයා සහ සංවිධානය පිළිබඳ කිසිවකුගෙන් හෝ දැනගෙන දඹදිව වන්දනා ගමන
යාමට තීරණය කළහොත් ඔබට සාර්ථක වන්දනා ගමනක යෙදීමට පුළුවන. නැතහොත් අතේ
මුදල් නාස්ති කරගෙන සිතෙහි උපන් වෛරයකින් අවසානයේ මියයාමට සිදුවනු ඇත.
නීත්‍යනුකූල සංවිධායකයාට රජයේ වෙළෙඳ ව්‍යාපාර නාම ලියාපදිංචි අංකයකුත්,
බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ (සේ../වන්දනා/...) ලියාපදිංචි
අංකයකුත් ඇත. මෙම ලියාපදිංචිය ලැබුණු පමණින්ම සංවිධායකයා අවංක යහපත් අයෙකු
වන්නේද නැත. නීත්‍යනුකූල සංවිධායකයාගේ නම හොරට යොදාගනිමින් වංචා කරන හොර
සංවිධායකයා ද හොඳින් හඳුනාගත යුතුය.
0 comments:
Post a Comment