Photobucket

Friday, December 28, 2012

හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ් (‍‍‍ජ්‍යෙෂ්ඨ) දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි

දැඩි උණ රෝගී තත්ත්වය හේතුවෙන් ඉකුත් ඉරිදා සිට ඇමෙරිකානු හිටපු ජනපතිවරයකු වන ජෝර්ජ් බුෂ් (‍‍‍ජ්‍යෙෂ්ඨ) රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ. 

ඔහුගේ තත්ත්වය එතරම් යහපත් නොවන බවත්, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයක්   ලැබිය යුතු තත්ත්වයක ඔහු පසුවන බවත් පැවැසේ. දැනට අසූඅට වන වියේ පසුවන ජෝර්ජ් බුෂ් (‍‍‍ජ්‍යෙෂ්ඨ) බ්‍රොන්කයිටීස් රෝගයට ප්‍රතිකාර ලැබිම සඳහා ටෙක්සාස්හි පිහිටි ‘මෙතොදිස්ත රෝහලට ඇතුළත් කරන ලද්දේ ඉකුත් නොවැම්බර් 23 දාය. උණ තත්ත්වය පහව නොයාම හේතුවෙන් මේ වන විට ඔහුට පූර්ණ වශයෙන් දියරමය ආහාර පමණක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බව කියැවේ. 1989 දී ඇමෙරිකාවේ හතළිස්් එක්වන ජනපතිවරයා ලෙස තේරී පත් වූ ජෝර්ජ් බුෂ් (‍‍‍ජ්‍යෙෂ්ඨ) දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම හිටපු ජනපතිවරයාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all