Photobucket

Friday, December 28, 2012

ජනවාරි 03 උසාවි යනවාද නැද්ද තවම තීරණයක් නෑ

අගවිනිසුරු ආචාර්‍ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනවා ජනවාරි මස 10 සහ 11 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. 2013 වසර සඳහා පළමුවරට ජනවාරි මස 08 වැනිදා පාර්ලිමේන්තුව කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. 

 දිවිනැගුම පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා සභාව කල් තබන අවස්ථාවේ විවාදයට ගැනීමට ඉකුත්දා රැස් වූ පක්ෂ නායකයින්ගේ හමුවේ දී තීරණය කර තිබේ. අනතුරුව ජනවාරි මස 10 සහ 11 දෝෂාභියෝග චෝදනාව විවාදයට ගැනීමට නියමිතය. දොෂාභියෝග චෝදනා විමර්ෂණ වාර්ථාව මේ වනවිට කතානායකවරයාට භාර දී ඇති අතර එම වාර්තාව පිළිබඳ විවාදයෙන් පසු ජන්ද විමසීමක් සිදු කිරීමට නියමිතය. මේ අතර ලබන මස 03 වැනිදා අධිකරණය හමුවෙහි පෙනී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නැතැයි දොෂාභියෝග තේරීම් කාරක සභා සාමාජික විජිත හේරත් මහතා පවසයි. 

අදාළ තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් කිහිපයක් සලකා බැලීමෙන් පසු කතානායකවරයාට, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ තේරීම් කාරක සභා සාමාජිකයන්ට අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස නියෝග නිකුත් කෙරිණ. තේරීම් කරක සභාවට ජවිපෙන් එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ සිය නීතිඥයින් සමග සාකච්ජා කොට නීතිමය තත්ත්වය විමර්ෂණය කිරීමෙන් පසු අධිකරණය හමුවෙහි පෙනී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ ජවිපෙ තීරණයක් ගන්නා බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all