Photobucket

Monday, January 14, 2013

රිසානා මරණ බව ශ්‍රී ලංකාවට දන්වා නෑ

රිසානා නµSක්‌ නමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට මරණ දඬුවම පමුණුවන බව සෞදි රජය විසින් සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති අහමද් ජවාඩ්ට හෝ ශ්‍රී ලංකා රජයට දැනුම් දී නොතිබූ බව අනාවරණය වේ.

ඇයට මරණ දඬුවම පැමිණවීමට පෙර මියගිය දරුවාගේ පියා වූ නසීප් ජිස්‌යාන් නමැත්තාව මහජන හිමිකම් පිළිබඳ කාර්යාංශයට ගෙන්වා රිසානාට සමාව දෙන්නේද යන්න විමසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ජිස්‌යාන් නමැත්තා තම බිරිය රිසානාට සමාවදීම ප්‍රතික්‌ෂේප කළ බව පවසා තිබේ.

මෙම ප්‍රකාශයෙන් පැය 24 කට පසු සෞදි බලධාරීන් රිසානාට රහසිගත ලෙස මරණ දඬුවම පමුණුවා ඇත.

ඇයට මරණ දඬුවම පැමිණවීමෙන් පසුත් ඒ බව ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා රජය කළ විමර්ශනයකින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් තානාපති අහමද් ජාවඩ් ශ්‍රී ලංකා රජය වෙත පවසා ඇත්තේ රිසානාට මරණ දඬුවම පැමිණවූ සෞදි රජය එය ඔවුන්ගේ වෙබ් අඩවියක පළකර තිබූ බවයි.

මේ අතර තම දියණියගේ සිරුර ලබාදෙන ලෙස රිසානාගේ මව්පියන් කළ ඉල්ලීමද සෞදි බලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත. සෞදි නීතිය අනුව මරණ දඬුවමට පැමිණවූ අයකුගේ සිරුර විගස මිහිදන් කරන අතර එය ඥාතීන්ට භාර නොදේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all