Photobucket

Sunday, December 23, 2012

සිරිපා සමය ඇරැඹේ

මේ මස 27 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය සමඟ මෙවර සිරිපා වන්දනා සමය ඇරඹේ.

පසුගිය 21දා පැල්මඬුල්ල ගල් පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දී විශේෂ පූජෝත්සව රැසක් සිදු කරන ලදී. එහිදී 25 දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිත අතර 26 දා පෙරවරු 6.00ට දේවාභරණ වැඩමවීමේ පෙරහර ආරම්භ කෙරේ. 

පෙරහර සබරගමුව මහ සමන් දේවාලය දක්වා පැමිණීමෙන් පසු රත්නපුර පලාබද්දල රජ මාවත ඔස්සේ සහ හැටන් නල්ලතන්නි මාර්ග ඔස්සේ ශ්‍රී පාදය දක්වා ගමන් කෙරේ.

ශ්‍රීපාදස්ථානයේ දී පෝ දින පින්කම් සිදුකිරීමෙන් පසු මෙවර ශ්‍රීපාද සමය ඇරඹේ. ශ්‍රීපාද වන්දනා සමය ලබන වසරේ වෙසක්පුර පසළොස්වක පොහෝ දිනය දක්වා පැවැත්වෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all