Photobucket

Monday, February 25, 2013

සර්ටිස්‌ ලංකා පුහුණු ආයතනය විද්‍යාපීඨයක්‌ ලෙස නවීකරණය වෙයි

පෞද්ගලික ආරක්‍ෂක සේවාවේ සහ ගෘහස්‌ථ හෙද සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් කොළඹ 04, ද ක්‍රෙස්‌ටර් පෙදෙසේ අංක 10 දරන ස්‌ථානයේ පිහිටි සර්ටිස්‌ ලංකා පුහුණු ආයතනය අංග සම්පූර්ණ විද්‍යාපීඨයක්‌ ලෙස නවීකරණය කිරීමෙන් පසුව ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මැතිනිය අතින් නොබෝදා විවෘත විය.

සේවක සේවිකාවන් 7500 කට අධික පිරිසක්‌ සේවය කරන සර්ටිස්‌ ලංකා සමාගම් සමූහය සිංගප්පූරු රජයේ මූල්‍ය සහකරු වන සිස්‌කො සිකියුරිටි පුද්ගලික සමාගම සමග අනුබද්ධිත ඉපැරණි ව්‍යාපාරයකි. ෂීධ 9001 (2008 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට හිමිකම් ලැබූ මෙම සමාගම් සමූහය යටතේ ඇති සියලුම අනුබද්ධිත සමාගම්වල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට අවශ්‍ය පුහුණුව ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවයකින් යුතුව ලබාදීමට මෙමගින් හැකිවේ.

ඒ අනුව සර්ටිස්‌ ලංකා සමාගම් සමූහය මගින් තම සේවා දායකයන්ට සපයන සේවාවල ගුණාත්මකභාවය ඉතා උසස්‌ මට්‌ටමකින් අඛණ්‌ඩව පවත්වා ගැනීමට හැකිවනු ඇති බව සර්ටිස්‌ ලංකා සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ විශ්වාසයයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all