Photobucket

Monday, February 25, 2013

ග්‍රීසියේ දී මෙරට තරුණයෙක් මරලා

මීට වසර දෙකකට ඉහත දී ග්‍රීසි‍යට ගොස් සිය මව සමඟ රැකියාවක් කළ ශ්‍රී ලංකික තරුණයෙක් ඝාතනයට ලක්වී ඇත. මෙමස 15 මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ කඳාන දකුණු බටගම 357/1 නිවසේ පදිංචි වී සිටි අෂාන් ඩිලංක ෆොන්සේකා (25) නැමති තරුණයෙකි. 

ග්‍රීසියේ සැලෝනෙකි ප්‍රදේශයේ සිය මව හා කීපදෙනෙක් සමඟ ජීවත් වී ඇති මෙම තරුණයා ඉකුත් ‍15 රාත්‍රී ඝාතනය වන විට නිවසේ කිසිවෙකු නොසිට ඇති බව පැවසේ එම නිවසේ සිට කිලෝමීටර් 500 ක් පමණ දුර ඇතැන්ස් ප්‍රදේශයේ රැකියාව කළ තරුණයාගේ මව ලබා දුන් දුරකථන ඇමතුම් වලට පුතා පිළිතුරු නොදීම නිසා අසල්වැසියකුට පිණිවිඩයක් යවා නිවස සෝදිසි කිරීමේ දී තරුණ‍යා මියගොස් සිට ඇතැයි පැවසෙන අතර ග්‍රීසි පොලිසිය මෙය ඝාතනයක් බවට තහවුරුකරගෙන ඇතයි මිය ගිය අයගේ ඥාතියෙක් පැවසීය.

තරුණයාගේ මවද සමඟ රැගෙන ඒමට (24) නියමිතව තිබිණි. මියගිය අයගේ සහෝදරයකු පැවසුයේ තනිව නිවසේ සිට ඇති අෂාන් ඩිලංක ඉකුත් 15 රාත්‍රී නිවසට ඇතුල් වූ නාදුණන පිරිසක් ඔහුව නිවස ඉදිරිපිට ඇති නාන තටාකය වෙත ගෙන ගොස් මියයනතෙක් හිස වතුරට ඔබා තබා ඝාතනය කර ඇති බවට ඔහුගේ මවගෙන් තොරතුරු ලැබී ඇතැයි පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all