කවිය , ගීතය, කෙටිකතාව, නවකතාව, ළමා සහිතය ,
මූර්ථිය, චිත්‍රපටය බදු පුළුල් ශේත්රයක පැතිරුණා වූ අසාමාන්‍ය කලා කෞශලයක්
හිමි කර ගත්ත වූ නිර්මාණ කරුවෙකු හිදියේ නම් ඔහු මහගමසේකරයනය. මහගමසේකරයන්
1929 අප්‍රියෙල් 7 වැනිදා රදාවනයේදී උපත ලැබීය. රදාවාන පිරිමි පාසැල,
කිරිදිවැල සිංහල පිරිමි පාසැල, කිරිදිවැල ශ්‍රී සීලවංස විද්‍යාලය ,ගම්පහ
ලොරෙන්ස් යන විදුහල් ත්‍රිත්වයෙන් ඉගෙනුම ලබා ඔහු කොළබ කාර්මික විදුහලට
ඇතුලත් වී චිත්‍ර කලාව උගත්තේය. 1950-1951 දෙවර්ෂයේ නිට්ටබුව ගුරු විදුහලේ
ගුරු පුහුණුව ලැබූ කාලයේ සේකරයන්ගේ නිර්මාණ ජීවිතයේ ඉමහත් පෙරලියක් සිදු වූ කාලයක් ලෙස හැදින්වේ.
චිත්‍ර හා මූර්ථි කලාව කෙරෙහි නැබුරු වූ ඔහුගේ මනස සාහිත්‍ය නිර්මාණයන් වෙත
ආසක්ත වුයේ මේ ගුරු ඉදුහල් නේවාසික [පුහුණු කාලය තුලදීය.
1952 දී සේකරයන්ගේ ප්‍රථම නාට්‍ය හා ගීත රචනය ඇතුලත් වූ '' ස්වර්ණතිලක
'' බිහි විය. එම ගීතය පසුකලෙක '' අන්න බල සද රන්තැටියෙන් සුදු'' යනුවෙන්
අදත් ඔප මට්ටම් ගීතයක් බවට පරිවර්තනය විය . ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය
මුද්‍රණයෙන් පළකරන්නේ මෙහිදීය. ඒ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ white
Company කෘතියේ පරිවර්තනය වූ '' ධවල සෙනන්කයි.'' පුංචි අපට කයි කතන්දර''
නම් වූ සේකරගේ 2 වන කෘතිය එලි දකින්නේ 1958 දිය . 1960 දී ඔහු රචනා කළ ''
චෝර පබ්බත '' නාටකයට රාජ්‍ය සම්මාන හිමි විය. එම වසරේම සේකර ගුවන් විදුලියේ
නිබඳ සම්පාදකවරයා ලෙස පත් විය. අමරදේව - සේකර සුසංයෝගයෙන් '' මධුවන්ති'' වැනි උසස් වැඩසටහන් තුලින් අපුඋරු නිර්මාණ බිහි විය .
සේකරයන් ඇති ලියවී ප්‍රකාශයට පත් වූ කාව්‍ය කෘතීන් මෙසේ පෙළගැස්විය හැකිය.
'' ව්‍යංගයා'' (1960), ''සක්වාලිහිණි'' (1962), ''රාජතිලක'' ''ලයනල් හා
ප්‍රියන්ත'(19670, '' බෝඩිම'' ( 1970), '' නොමියෙමි'' (1973), ''
ප්‍රබුද්ධ''(1977), (1970 දී බෝඩිම කාව්‍ය සංග්‍රහයට සාහිත්‍ය සම්මාන හිමි
විය.) සාරවිට, ආදරයි කරුණාවයි, රන්සළු, දෙලොවක් අතර , පරසතු මල්, වෙසතුරු
සිරිත, සත් සමුදුර, වෙස් ගත්තෝ බිනරමලී ,සිහින ලොවක් , තුන්මන්හන්දිය සේකර
ගී පද රචනා කළ චිත්‍රපටයෙන්ය.
(තුන්මන්හන්දිය-මහගමසේකර අධ්‍යක්ෂණය කළේ එකම එක චිත්‍රපටයකි. ඒ ‘තුංමංහන්දිය’ යි. එසේ වුවත් සිංහල
සිනමාවේ හොඳම චිත්‍රපට දහය අතරට එය එක්වූයේ ය. මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය
කළේ ද එක ම චිත්‍රපටයකි. ඒ ‘සත් සමුදුර’. එය ද සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට දහය
අතරට එක්ව ඇත.‘තුංමංහන්දිය’ නවකතාවෙන් හා චිත්‍රපටයෙන් කියැවෙන්නේ මහගමසේකරයන්ගේ ජීවිත කතාවෙන් එක්තරා අර්ධයකි. ඒ බව වඩාත් සාක්ෂාත් වන්නේ ඔහුගේ පියා (ජෝන් සිංඤෝ) වරක් පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකිනි.“පුතාගේ ‘තුංමංහන්දිය’ පොතෙත් ‘ මනෝමන්දිර’ පොතෙත් කියැවෙන්නේ මායි පුතයි ගැන. ලොකු මාමා කියන්නේ මං. සිරිසේන කියන්නේ පුතා. මගෙයි එයාගෙයි කෙරුම් කියුම් තමයි ඒ ඔක්කොම.”
‘තුංමංහන්දිය’ නවකතාව ලිවීමෙන් පසු සේකරට එයින් චිත්‍රපටයක් තැනීමේ වුවමනාවක් ඇති විය. ඔහුගේ අභිප්‍රාය වූයේ එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලවා අධ්‍යක්ෂණය කර වීමටය. ඒ අධ්‍යක්ෂණයෙන් ඔහු ආචාර්ය ලෙස්ටර්ගේ සමීපතම මිතුරකු වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී බෙනඩික්ට් දොඩම්පෙගම මුණගැසුණේ ය.
ආචාර්ය ලෙස්ටර්ට ජී.බී. සේනානායකගේ ‘නිධානය’ කෙටිකතාව කෙරෙහි අවධානය යොමු කළේ බෙනඩික්ට් ය. සේකර ‘තුංමංහන්දිය’ නවකතාවේ අත්පිටපත ද රැගෙන ඔහු හමුවන්ට ගියේ ය.ඒ අනුව බෙනඩික්ට් සේකර කැටුව ආචාර්ය ලෙස්ටර් හමුවන්ට ගියේ ය. එහෙත් කිසියම් හේතුවක් මත ‘තුංමංහන්දිය’ ආචාර්ය ලෙස්ටර් අතින් සිනමාවට නොනැඟිණි.‘තුංමං හන්දියේ තිරනාටකය ලීවේ ද සේකරම ය. ඔහු එම තිරනාටකයේ යම් යම් තැන්වල චිත්‍ර සටහන් ද ඇන්දේ ය. එලෙස තම තිර නාටකවල රූ සටහන් ඇඳීම සත්‍යජිත් රායි, අකිර කුරෝසාවා වැනි විශ්ව සිනමාකරුවන් පවා අනුගමනය කළ ක්‍රියාවක් බව අපි දකිමු.
මහගමසේකර සත්‍යජිත් රායිට බෙහෙවින් සමාන සිනමාකරුවෙකි. රායි ද සේකර මෙන් සකල කලා වල්ලභයෙක් වූයේ ය. ඔහු ද චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට අමතරව චිත්‍ර ශිල්පියෙකි. සංගීතඥයෙකි. පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙකි.
‘තුංමංහන්දිය’ ‘පතේර් පංචලී’ වැනි රායිගේ මුල්කාලීන චිත්‍රපට සමඟ සැසඳූ කල ඒ දෙකේ ම යම් යම් සමානතා දැක්ක හැකි ය. මහාචාර්ය විමල් දිසානායක එය ඉතා පැහැදිලිව හඳුනාගත් විචාරකයෙකි. ‘තුංමංහන්දිය’ ට්ත්‍රපටය විචාරය කළ ඔහු මෙසේ කියා ඇත.
‘තුමංහන්දිය’ අධ්‍යක්ෂණය කිරීමේදී මහගමසේකර, සත්‍යජිත් රායිගේ කෘතිවලින් හා සිනමා ශෛලියෙන් නොමඳ එළියක් ලබාදී තිබේ. ගැමි ජීවිතය කලාත්මකව නිරූපණය කිරීමට වෑයම් කිරීම පුද්ගල සම්බන්ධකම්වලට ප්‍රධාන ස්ථානයක් දීම, මානව භක්තියකින් යුතුව දුක සැප කැමරා ගත කිරීම වැනි රායි අගය කරන ලක්ෂණයන්ට මහගමසේකර ද ගරු කරයි. එමතුද නොවේ. ඇතැම් සිද්ධියකට පිටුපසින් ඇති පරිකල්පන ශක්තිය සත්‍යජිත් රායිගේ ‘පතෙර් පංචලී’, ‘අපු සංසාර්’ වැනි කෘති සිහියට නඟයි.”)

සේකරයන් කෙතරම් අපුඋර්ව ලෙස චිත්‍රපට ( සේකර
ගීත රචනයට පිවිසෙන්නේ මුද්‍රා නාටක තුලිනි) ගීතය හදුනාගෙන තිබේද යන්න විශද
කරන එක් ගීතයකි '' හරිච්චි බෝරිච්චි ගීතය.''
සාරවිට සත්සමුදුර, බිනරමලී චිත්‍රපට ගීත සදහා සේකරයන් සරසවි සම්මාන ලබීය.
රන්සළු චිත්‍රපටයේ එන නෙවිල් පෙරේරා ප්‍රමුඛ ලොස් කබෙරෝල්ස් ගයක කණ්ඩායම
ගයන
ගයන ගැයුම් - නටන නැටුම්
ඉවතහෙලයි - සෝක සුසුම්
ඉවතහෙලයි - සෝක සුසුම්
යන ගීතයද සේකර අතින් ලියවී ඇතිබව බොහෝ දෙනෙකු නොදනිති.
මෙසේ සාහිත්‍ය ශේත්රයේ පුළුල් ලෙසින් ප්‍රතිභාවක් පෙන්නුම් කළ සේකර නම් වූ
අද්වීතිය කලාකරුව 1976 ජනවාරි 14 වැනිදා හර්දයබධයකින් මිය ගියේය. එහෙත්
එදත් අදත් හෙටත් චිරාත් කාලයක් මේ අද්විතීය නිර්මාණකරුව ඔහුගේ නිර්මාණ
සමගින් අප අතර අමරණීයව වජබෙනු ඇත.
කර්තෘ:- සංදීප මදුෂාන් අබේසිංහ
ගුරුළුගෝමි මහා විද්‍යාලය
කළුතර
කළුතර
0 comments:
Post a Comment