Photobucket

Friday, October 26, 2012

දියවැඩියාව සහ ඔබේ ආහාරය .....

දියවැඩියාව යනු .......
දියවැඩියාව යනු රුධිරයේ ග්ලුකෝස් මට්ටම හෙවත් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල යයි. එම තත්වය අහාර , ශාරීරික සුවතාවය හා නිසි ප්‍රතිකාර මගින්  පාලනය කර ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කල හැක. රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය නොකළහොත් එය තවදුරටත් මොලය, හර්දය, අස්, වකුගඩු , පද හා ශරීරයේ එනත් අවයව වල සංකූලථා ඇති කරමින් ඔබට සාමාන්‍ය ජීවිතයක් ඇත කීරීමේ අවස්ථාව මගහරවලයි. 
එබැවින් රුධිර පරීක්ෂාවකින් ඔබට දියවැඩියාව වැළදී ඇති බව දැනගත් වහම,
  • ඔබගේ අහාර රටාව සුදුසු පරිදි වෙනස් කර ගන්න. 
  • ශාරීරිකව ක්‍රියාශීලී බව ආදී කරගන්න.
  • වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.
දියවැඩියාව සහිත පුද්ගලයෙකු සදහා සෞඛ්‍ය සම්පන්න අහාර රටාව 
  • ඔබ දියවැඩියව සහිත පුද්ගලයෙකු නම් අහාර ගැනීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවදානය යොමු කල යුතුය. 
  •  
  • නියමිත වෙලාවට අහාර වෙල් ගත යුතු අතර එය ප්‍රධාන අහාර වෙල් 3 කින් සහ කෙටි අහාර වෙල් 2 හෝ 3 යුතු වීම සුදුසුය. එය ඔබගේ රුධිරයේ සීනි මට්ටම දවස පුර සාමාන්‍ය අගයක පවත්වා ගැනීමට උපකරීවෙ. අහාර වෙල් මගහරීමෙන් වන රුධිරයේ සිනි අතටම අහිතකර ලෙස අඩුවීමත් , එක් වේලකට වැඩිපුර අහාර ගැනීමෙන් රුධිරයේ සිනි මට්ටම අධික ලෙස ඉහල යාමත් මින් වලකාලයි.
  •  
  • අහාර සදහා තන්තු වැඩි පිෂ්ඨමය අහාර ,එළවලු, පලතුරු, මාළු, හා පලාවර්ග , තොර ගන්න. සිනි,තෙල්, හා ලුණු වැඩිපුර අඩංගු අහාර , පැණිරස කෑම, කෘතීම කෑම හා රතු පැහැ මස් වර්ග ගෙනීමෙන් වලකින්න.
  •  
  • එක් වේලක් ගතයුතු අහාර ප්‍රමාණයද මැනවින් පාලනය කල යුතුය. එය ශරීරයෙ ස්ථුලතාවය අඩුකරමින්, ශරීරයෙ බර උසට සරිලන පරිදි පවත්වා ගනිඉමට සෙහිය යුතුය.  

ඉහත කරුණු අනුව ඔබ ගන්න අහාර කන්ද කිහිපයය කට වර්ග කල හැක.

බහුලව ගතහැකි අහාර ......
මෙම කාණ්ඩයට අයත් අහාර දිනපතා වැඩි ප්‍රමාණයකින් ගත හැක.

  1. මුකුණුවැන්න ,කන්කුන්, ගොටුකොළ, වැනි පලා වර්ග , සහ ගෝව ,ලිඉක්ස් , වැනි කොළ වර්ග .
    වැටකොළු , පහොල ,මුරුංග, වම්බටු, කොහිල, කෙසෙල් මුව, කරිල, තක්කාලි වැනි පිෂ්ටය අඩු එළවලු වර්ග
  2. මුං ඇට ,කඩල, කවුපි සෝය, පරිප්පු, වැනි පියලි අහාර,
  3. මේද රහිත කිරි හා කිරි නිෂ්පාදන
  4. බිත්තර සුදුමදය

 මධ්‍යස්තව ගත හැකි අහාර.........
මෙම කාණ්ඩයට අයත් අහාර ප්‍රමාණය ඉක්මවා නොගත යුතුය.

පිෂ්ඨමය අහ්හර බත් , පන්, සහල්, හා ඉරිගු, හෝ කුරක්කන් ,පිටි වලින් සෑදු ඉදිඅප්ප , පිට්ටු වැනි  අහාර
කොස් ,දෙල්, අර්තාපල් , අළු කෙසෙල් , කෙරට් , වැනි පිෂ්ටය බහුල එලවළුද මෙයට අයත් වේ.

මෙම කාණ්ඩයේ අහාර වල තන්තු ප්‍රමාණය අධික වීම රුධිරයේ සිනි ප්‍රමාණය ක්‍රමානුකුලව පාලනය කිරීමට වැදගත් වේ.

නොගත යුතු අහාර..........
  • පැණි , සිනි ,හකුරු, සහ ,උක්සිනි, එකතු කරන ලද අහාර හෝ බීම වර්ග
  • පුඩින් , වටලප්පන් , අයිස්ක්‍රීම් ,වැනි අතුරුපස වර්ග 
  • රට ඉදි  චොකලට් , වියලි මිදී  
  • තෙල් අධික ටින් කල අහාර නොගත් යුතු අතර අධික ලුණු අඩංගු අහාර වන බේකන් , සොසේජස්,අච්චාරු වැනි අහාර වලින්ද වැළකිය යුතුය.
  •  මස් වර්ග වලට අමතරව කොලෙස්ටරෝල් අධික ඇහැරවන බිත්තර කහමදය , බටර් , චීස්, පීකුදු, වැනි අහාර වලින් වැළකිය යුතුය.
 ව්‍යංජන පිළියෙළ කිරීමේදී මේදය හා මිටි කිරි අවම වශයෙන් පාවිච්චි කල යුතුය .

Gurugedara කර්තෘ:- සංදීප මදුෂාන් අබේසිංහ 
ගුරුළුගෝමි මහා විද්‍යාලය
කළුතර 






Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all