Photobucket

Monday, December 10, 2012

ඕස්ට්‍රේලියානු එෆ්. එම්. නාලිකාවට මහජන විරෝධය පළ වේ

බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි දෙවැන්නා ලෙස සැලැකෙන විලියම් කුමරු හෙවත් කේම්බ්‍රිජ්හි ආදිපාදවරයාගේ බිරිය වන කේට් කුමරියගේ ගර්භනී තත්ත්වය පිළිබඳ සැබෑ තතු දැනගැනීම සඳහා ඕස්ට්‍රේලියානු එෆ්.එම්. නාලිකාවක් ඇටැවූ උගුලක පැටැලුණු 46 හැවිරිදි හෙදියක මරණයට පත්වීමත් සමගම එම නිවේදකයන් දෙදෙනාත් එම නාලිකාවත් බලවත් ජනතා විරෝධයට ලක්වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ලන්ඩනයේ හත්වන එඩ්වඩ් රජු අනුස්මරණ රෝහලේ බලධාරීහු ඕස්ට්‍රේලියානු රජයට හා සදර්න් ක්‍රොස් ඕස්ටේරියෝ ගුවන් විදුලියේ 2 ඩේ එෆ් එම් නාලිකාවට බලවත් හා උපරිම විරෝධය පළ කරමින් ලිපියක් යවා තිබේ. 

එම ලිපියට පිළිතුරු සැපැයුම හා නිවේදකයන් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නේද යන්න හා මෙවැනි සිද්ධීන් මතුවට තහනම් කරන්නේද යන්න පාලන හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව තීරණය කරන බව එම ගුවන් විදුලි බලධාරීහු පුවත්පත්වලට පැවැසූහ. 

බ්‍රිතාන්‍යයේ හත්වන එඩ්වඩ් රජු අනුස්මරණ රෝහල වෙතින් එවුණු ලිපියට පිළිතුරු සැපැයුමද එම සාකච්ඡාවෙන් අනතුරුව සිදු කරන බව එම බලධාරීහු වැඩිදුරත් කීහ. එම සිද්ධිය සම්බන්ධව විරෝධය පාමින් බොහෝ දැන්වීම්කරුවන් එම ගුවන් විදුලියට දැන්වීම ලබාදීමද නවතා දමා ඇත.

ජසින්තා සල්දානාහ් නම් 46 හැවිරිදි දෙදරු මවක වූ මාධ්‍ය උගුලේ පැටැලුණු හෙදිය ඉකුත් සිකුරාදා එම රෝහල අසලම පිහිටි ඇගේ නවාතැනේ මිය ගොස් සිටි අතර ඇගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් බව සැක කෙරේ. ගැබිනි බවට පත්වීමෙන් පසු දැඩි ලෙස ඔක්කාර රෝගී තත්ත්වයට පත්වූ කේට් කුමරිය දින කිහිපයක් තිස්සේ පස්වන එඩ්වඩ් රජු අනුස්මරණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන ලදී. දෙවන එළිසබෙත් මහ රැජින හා ඇගේ පුත් චාල්ස් කුමරු ලෙස පෙනී සිටි 
මෙල් ග්‍රීග් හා මයිකල් ක්‍රිස්ටියන් නම් නිවේදිකාව හා නිවේදකයා ජසින්තා සලදාහා නම් හෙදිය හරහා කේට් කුමරිය අසල සිටි හෙදියක අමතා ඇගේ් සුවදුක් අසා පටි ගත කර ගත් බව කියැවේ. 

පටි ගත කිරීමෙන් අනතුරුව නීති උපදෙස් වෙත යොමු කිරීමෙන් අනතුරුව එම දෙබස් ගුවන් විදුලි ඔස්සේ විසුරුවා හැරුණි. හෙදියගේ මරණයත් සමග මහජන විරෝධයට ලක් වූ මෙල් හා මයිකල් ගුවන් මගින් පදිංචි ප්‍රදේශයෙන් ඉවතට ගෙනගොස් රහසිගත ස්ථානයක සඟවා තබා ඇති බව පැවැසේ.

සිඩ්නි ඒ.එෆ්.පී.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all