Photobucket

Saturday, December 8, 2012

නවසීලන්ත ක්‍රිකට්‌ ඔටුන්න බ්‍රෙන්ඩන් මැකලම්ට

එළැඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ සිට නවසීලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව නායකයා ලෙස බ්‍රෙන්ඩන් මැකලම් පත්කර තිබේ.

31 හැවිරිදි මැකලම් ටෙස්‌ට්‌ තරග 70 කදී ශතක 6 ක්‌ සහ අර්ධ ශතක 24 ක්‌ සමග ලකුණු 4098 ක්‌ද එක්‌දින තරග 206 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක 22 ක්‌ සමග ලකුණු 4597 ක්‌ ලබා සිටී.

"මට නායකත්වය ලැබීමෙන් පසු හිටපු නායක රෝස්‌ ටේලර් සමග කතා කළා. ඔහු මට සුබ පැතුවා. ඔහුගේ උපරිම සහයෝගය දෙන බව පවසා සිටියා" යනුවෙන් මැකලම් පවසයි.

දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all