Photobucket

Saturday, December 8, 2012

උස්සපු බයිසිකලේට ණයට තෙල් ගහලා

මාතරින් සොරකම් කරන ලද යතුරු පැදියට ණයට ඉන්ධන ගැසීමට ගොස් ප්‍රසිද්ධ මංකොල්ලකරුවකු හුංගම පොලිසිය අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට භාර දී ඇත.
මාතර වෙරදුවේ පදිංචි (30) හැවිරිදි මේ සැකකරු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මාතර වේරදුවේ පදිංචි පුද්ගලයකුට අයත් රුපියල් 44500/-ක් වටිනා මේ යතුරු පැදිය මිදුලේ නතර කර තිබිය දී පැහැර ගොස් ඇත.

මේ සැකකරු යතුරු පැදිය පදවාගෙන ඇඹිලිපිටිය ප්‍රදේශයට යන අතර මගදී ඉන්ධන අවසාන වීම නිසා හුංගම ඉන්ධන පිරවුම්හලට ගොස් ණයට රුපියල් 100/- ක ඉන්ධන ලබා දෙන ලෙස සේවකයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

මේ පුද්ගලයා සම්බන්ධයෙන් සැක සිතූ සේවකයා හුංගම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මීට පෙරද හොරකම් රැසකට සම්බන්ධ වී ඇති අයෙකි. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all