Photobucket

Monday, December 10, 2012

කුඩු පැකට්‌ 22ක්‌ සමග බඩෝවිට කත දැලේ

ගල්කිස්‌ස බඩෝවිට ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම කරගෙන ගිය කාන්තාවක්‌ ඊයේ (09 වැනිදා) ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව බඩෝවිට තුන්වැනි අදියරේ පදිංචි කාරියක්‌වන අතර මත්කුඩු අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක්‌ මත නිවස වටලා පරීක්‌ෂා කිරීමේදී මත්කුඩු පැකට්‌ 22 ක්‌ සහ මත්කුඩු අලෙවි කළ මුදල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මීට පෙරද මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇපමත සිටින බවද ප්‍රශ්න කිරීමේදී හෙළි කරගෙන ඇත. ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත වැඩ බලන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එම්. ගුණරත්න මහතාගේ උපදෙස්‌ මත කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ මහතාගේ මෙහෙයවීමෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරති.

චමින්ද සිල්වා  
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all