කෝකිලානි රැකියා විරහිත දිළිඳු තරුණියකි. සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපනයක් ලබා
සිටි ඇය රැකියා සඳහා ඉල්ලුම් පත්‍ර සිය ගණනක් දමා ඇත. එදිනද ඇය රැකියාවකට
ඉල්ලුම් පතක් යැවීමට සූදානම් කරගෙන ඒ බව සිය පෙම්වතාටද පවසා නගරයට ගියේ
අයදුම්පත තැපැල් කිරීමටය.
තැපැල් කාර්යාලයට ගිය ඇය ලිපිය ලියාපදිංචි කිරීමට මුද්දර අලවනවාත් සමඟම
ජංගම දුරකථනය නාද විය.
ඇමතුම පෙම්වතාගෙනි. ඇය ඊට පිළිතුරු දෙමින්ම කාර්යාලයේ කෙළවරක තබා තිබූ මල්
ගස දෙසට කිට්ටු වූවාය. දුරකථන සංවාදය අතරතුරදී ඇය හෙමින් සීරුවේ මල් ගසේ කොළ
මල් ස්පර්ශ කරන්නට වූවාය. තවත් මොහොතකින් ගසේ කොළ මල් සහ පොහොට්ටු කඩමින්
දුරකථන ඇමතුම දිගටම කරගෙන ගියහ. සංවාදය දිගින් දිගටම යද්දි මල් ගස ටිකෙන්
ටික නිරුවත් වන්නට විය. මෙය දුටු ආරක්ෂක නිලධාරියෙක් අනිත් නිලධාරියකුට මේ
සිද්ධිය පෙන්වූයේය.
දැන් මල් ගස ගලවන්නත් හදයි. දෙදෙනා කතිකා කර ගත්තෝය.
“අපි මොකද කරන්නෙ”
“පොඩ්ඩක් බලමුකො මොකද වෙන්නෙ කියලා. දෙදෙනා බලා සිටියහ. ගසේ එකම මලක් කොළයක් නෑර
ගැලවී බිම වැටී ගියේය. ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඇයට ළංවූවෝය.
“මිස් ගසේ මල් කොළ ඉවරයි නේද දැන් මොකද කරන්නෙ”
ඇය බිම බලා ගත්තාය.
“අපි ලොකු මහත්තයා හමුවෙලා බලමු” කියා ඇය ආයතනාධිපති තුමාගේ කාමරයට
කැඳවාගෙන ගියේය.
“සර් මේ මිස් කියමින් සිද්ධිය විස්තර කළේය. විස්තරය අසා සිටි හෙතෙම “දැන් කරන්න
දෙයක් නෑ. අපිට හෙටත් මල් සැරසිල්ලක් හදාගන්න එපායැ නේද?”
“සර් ඔය මල් සැරසිල්ලට රුපියල් 2000 /- වියදම් වුණා.
අපි කෝල් එකක් දාලා මල් ගසක් ගෙන්වා ගනිමු” කියමින් දුරකථනයට ළං විය.
කෝකිලානි නෙත් කෙවෙනි පිස දමමින් කරේ එල්ලා තිබූ බෑගය අතට ගත්තාය
බර්ටි ලයනල්
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment