Photobucket

Friday, October 26, 2012

අඟහරු මත ජීවයක බලාපොරොත්තු…

ස්පාඤයේ තාරකා ජීව විද්යා් මධ්යීස්ථානයේ [Center of Astrobiology (CAB) ]සහ උතුරු චිලී කතෝලික සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් ඇටකාමා කාන්තාරයේ පොළවේ සිට මීටර 2ක් පමණ ගැඹුරේ තිබී “oasis” නම් ක්ෂුද්රේ ජීවී විශේෂයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. ඇටකාමා කාන්තාරය සලකන්නේ පෘතුවියේ ඇති වියළිම ප්ර”දේශය ලෙසයි.
තාරක විද්‍යාව
චිලීහි ඇටකාමා කාන්තාරයේ සාමාන්යි වාර්ෂික වර්ශාපතනය 0.01 සෙ.මී (0.004 අඟල්) ටත් වඩා අඩු අගයක් ගනී.මෙහි සමහර ප්ර1දේශ වලට වසර 400 කින් වර්ශාව ලැබී නැහැ.

මේ සඳහා CAB විසින් වැඩි දියුණු කරන ලද  SOLID (Signs Of LIfe Detection) නම් උපකරණය භාවිතා කර තිබෙනවා.මතුපිටට යටින් ඇති ලවණමය උප ස්ථරයේ ඉතා සියුම් ජල පටල වල තිබී මේ ක්ෂුද්රල ජීවීන් හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
තාරක විද්‍යාව
මෙම උපස්ථරයේ ඇති පාෂාණ වලට වාතයේ ඇති තෙතමනය අවශෝෂනය කරගෙන එය මයික්රෝේන කිහිපයක ඝනකම ඇති ජල පටල වල සාන්ද්රප කිරීමේ හැකියාවක් පවතී.එය ක්ෂුද්රg ජීවීන්ට මීටර කිහිපයක් ගැඹුරු පොලවේ ජීවත් වීමට අවශ්යප සියළු සැප පහසුකම් ලබාදීමට සමත්.

උපස්ථරයේ ඇති පාෂාණ වල ඇති ලවණතාවය නිසා ජල වාෂ්ප උරාගැනීමේ හැකියාව කිහිප ගුණයකින් වැඩිකරන අතර ජලයේ හිමාංකයද අඩු අගයක පවත්වා ගන්නවා.මේ නිසා සෙල්සියස් අංශක සෘණ 20 ක තරම් උෂ්ණත්වයේදී පවා ජලය ද්රාව තත්වයේ පවත්වාගත හැකියි.
තාරක විද්‍යාව

මෙම ප්රතදේශයේ ඇති උෂ්ණත්වය වැනි පාරිසරික සාධකද අඟහරු වල බොහෝ ප්රශදේශයන් වල ඇති තත්වයන්ට බොහෝ සෙයින් සමාන වේ.මේ නිසා පර්යේෂකයන් අදහස් කරන්නේ  SOLID වැනි දියුණු කරන ලද උපකරණ ආධාරයෙන් අඟහරු වලද මෙසේ ජීවය පිළිබඳ සාර්ථක පර්යේෂන සිදු කල හැකි බවයි.එමගින් අවම වශයෙන් අඟහරු වල අතීත ජීවය පැවතුණි නම් ඒ පිළිබඳ සාධක සොයාගත හැකි වනු ඇති.

 SOLID හී වැඩි දියුනු කරන ලද උපාංග  ESA’s ExoMars වැඩසටහනේ දී භාවිතයට ගැනීමට නියමිතයි.
Gurugedara
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all