Photobucket

Saturday, October 27, 2012

කුහුබුවෝ...........

පොහොසත් හදවත හා දෑත දෙපය මිසක ඔවුන්ගේයි අන්යමක් ඔවුන් සතු නොවීය. උපන් ගෙයි මරාදැමු වරප්‍රසාද හෝ අයිතිවාසිකම් පිළිබද දන්නා අයෙකු ජීවිත කාලයට ඔවුනට හමුවී නැති බව සහ එවුන් වරප්‍රසාද ලත් අයෙකු ඔවුන්ගේ පරපුරෙවත් නොසිටි බව අරමසියක් නොවන්නේමය.
මන්ද රැජිනට මන්දිර තැන දිවිය පුරා දහදිය හෙළා එකී මාලිගයේ සීමැදුරු කවුළුවෙන් ආලෝක බිදක් ලබන්නට නොහී තැවුණු ''කුහුබුවෝ'' ඔවුන්ය.
එකී කුහුබුවෝ
  • විවෘත ආර්ථිකයේ අතරමන් වූ කදපනුවන් ගෙන්, තම හිස් කුස යනාදිය සහල් ඇටයක් පිලිබදව නොවිමසූවො වෙත්.....
  • තම දෑත නිමවූ, තම දහදියෙන් පෙගුණු දහසක් නිමැවුම් අද්දර කළුගලක රන් අකුරින් බඩමහත කදපනුවෙකුගේ ශ්‍රී නාමය ලියැවුණේ මන්දැයි නොවිමසුවෝ වෙත්........
  •  නීච දිනයන්ගේ පමණ ඉක්මවූ පටු බරසාර සිහිනය වෙත යන මාවතේ තිබී තැලී පොඩිව ගිය තම ශුද්‍ර බලාපොරොත්තුව ගැන දෙස් නොතබුවෝ වෙත්.....
  • කරගැට හා රේඛා දහසක් ඇදී නොවියකුණු රුහිරු පැල්ලම් සහිත දෑත් විසිකරමින් වේදිකා මත්තෙහි නැග හිස් වාග් ප්‍රලාප වලින් ආයාචනා කරමින් ඉච්චා බස් නොදෙඩුවෝ වෙත්.......
ඔවුහූ 
කදපනුවන් හෙට ගැන හීනලෝකය තනනා විට තම ධෛර්යමත් දෑසින් අනාගතය විනිවිද ගියහ. කදපණුවන් මුවින් ''හෙට'' මවා දක්වන විට තම ශක්තිමත් දෑතින් ''හෙට''නිමවූහ.
අවසනදී.....

කුහුබුවන් සතු වේදනාබර මුව තෘප්තිමත් මුහුණු හා ප්‍රාණය නොසිදී ඍජු අරමුණු නොඉවසූ කදපනුවා තම ඔපදැමූ සපත්තු අඩියෙන් ඔවුන්ව පාගා දමනවිට ද  ආත්මය හෝ ප්‍රතිපත්ති මිල නොකළ කුහුබුවන් සදිසි අයවලුන් පත්ඉරු හෝ  සෙල් කුළුණු මත නම් ගම නොලියවී වුව තම කුහුබු දෑත් උපන්බිමට පවුරක් සේ නැගෙන්නට දැන් දී තිබේ.

gurugedara
තක්ෂිලා විජේසුන්දර
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල
මහනුවර

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all