Photobucket

Sunday, October 28, 2012

ශාකයෙන් බලශක්තිය

ලන්ඩන් ක්වීන් මෙරී සරසවියේ ජිම් උට්ලි ඇතුළු මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් ලිග්නින් (Lignin) රසයනිකයෙන් හයිඩ්රොක්සින් බෙන්සැල්ඩිපයිඩ් (Hydroxy Benzaldehyde) නැමෙති රසායනික ය නිපදව ඇත. ශාකවල කෂ්ටිය පටකවල විශේෂයෙන් තිබෙන සංකීර්ණ ද්‍රව්‍යකින් සොයාගෙන ඇත. ගසෙක බෙහෙවින් ඇත්තේ සෙලියුලෝස් නැමෙති රසායනිකයි. ඒ අතර ටර්පන්ටයින් වැනි තෙල් වර්ගයක්ද අන්තර්ගතය.
energy in trees

විද්‍යානුකුලව දැව වලින් වර්තමානයේ ලබාගන්නා ප්‍රධාන රසායනිකය වන්නේ සෙලියුලෝස් වන අතර රෙයෝන් , කෙදි නිපදවීම , සෙලොෆෙන් නම් වෙළද නාමයෙන් හදුන්වන ද්‍රව්‍යය ද නිෂ්පාදනය කිරීමට වසර 90ක පමණ කාලයක් තිස්සේ සෙලියුලෝස් භාවිතා කර ඇත.

සෙලියුලෝස් හැරුනවිට ගසෙක ඉතා වැදගත් රසායනිකය වනුයේ ලිග්නින් වන අතර එයින් ලිග්නොසල්ෆෙට් නිපදවිය හැක. පොලිස්ටයිරින් හා ඩයි වර්ග නිපදවන රසායනික කිහිපයක් නිෂ්පාදනයට ලිග්නින් බෙහෙවින් උපයෝගී කර ගැනීමට මහාචාර්යවරුන් අපේක්ෂා කරති. කෘතීම රබර් නිෂ්පාදනය සදහා අවශ්‍ය වන බියුරඩින් ලබා ගන්නේ මේ ලියුනොල් මගිනි. කැනේඩියානු මහාචාර්යවරුන් පිරිසකගේ අලුත් පර්යේෂණ වල දී ටර්පන්ටයිල් වැනි තෙල් පමණක් නොව , ඩීසල් වැනි තෙල් වර්ග ද ගස්වලින් ලබාගැනීමට අනාගතයේදී මහාචාර්යවරුන් සමත්වනු ඇත .
gurugedara 
( International) ඇසුරිනි 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all