Photobucket

Sunday, October 28, 2012

ලංකාවේ ප්‍රථම දැඩි රක්ෂිතය රිටිගල.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව හා පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි රිටිගල කදුවැටිය මුහුදු මට්ටමේ සිට 765 ක් උසින් පිහිටා  ඇත. උතුරු මැද පළාතේ ඇති උසම කන්ද රිටිගලය. මෙය ආඩිය කන්ද, පලතුරු කන්ද , උණ කන්ද, සහ ඖශධ කන්ද යන න වලින් හදුන්වනු ලැබේ.

ritigala forest in srilanka
   ශ්‍රීලංකාවේ වනජීවී කලාප පිහිටුවීමේදී රිටිගල කන්ද දැඩි රක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. හග්ගල , යාල-ii යන අප රටේ පවතින අනෙකුත් දැඩි රක්ෂිත කලාප අතරින් පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ රිටිගල කන්දයි. 
 
විශේෂිත පරිසර පද්ධතියකින් හෙබි රිටිගල , මෙරට විශේෂිත වූ ස්වභාවික ලක්ෂණ පෙන්නුම් කරන කදුවටියකි. අප රටට අවේනික හා රිටිගලට අවේනික සත්ත්ව විශේෂ රැසක් මෙහි දක්නට හැකිය. රිටිගල පුරා විද්‍යාත්මකව ද වැදගත් ස්ථානයකි. මෙරට ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී.බෙල් මහතා ප්‍රථම වරට රිටිගල ගවේෂණය කර තිබේ. ජේම්ස් මැන්ටල් නම් පුරාවිද්‍යාතුමා මෙහි පවතින පුරාවිද්‍යාත්මක සාධක තහුරුකරගෙන තිබේ . මෙහි පුරාවිද්‍යාත්මක සාධක 140 ක් මේවන විට සොයාගෙන තිබේ.
ritigala forest in srilanka
 පෙත් මග 
 පෙත් මගෙහි ඇති කවාකාර ගලින් කරන ලද පියස්සක්
ritigala forest in srilanka
රක්ෂිත පෙදෙස 
 ස්වභාවික දැඩි රක්ෂිතයක් ලෙස පවතින මෙහි පවතින ජිව විවිධත්වය නිසාම මෙරටට අවේනික හා දුර්ලභ ජීවින් රැසකගේ වාසභූමි බවට රිටිගල පත්ව ඇත. පලු,වීර,කළුවර,බුරුත,මී , මාවේවැල් , වැනි ශාක මෙන්ම අලියා , වලහා, දිවියා, තිත්මුවා, ආදී සත්ත්ව විශේෂත්ව නයා , තිත්පොළග, මාපිල, මල්සරා, තලගොයා , කටුස්සා, ආදී උරග විශේෂත්ව දක්නට හැකිය. ඒ අතරම වැලි කුකුළා , හබන් කුකුළා , මහා මිනිවිත්ත , වඩු කුරුල්ලා , ලංකා සැළලිහිණිය , අළු දැකත්ත, වැනි පක්ෂි විශේෂ ද දක්නට හැකිවේ. 

gurugedara
(අන්තර්ජාලය ඇසුරින්  )

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all