ඉන්දියාවේ
සිට හොර රහසේ මෙරටට ගෙන්වන කේරල ගංජා කිලෝ ග්රෑම් 48 ක් සමග සැකකරුවන්
තිදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති
සැකකරුවන් අතර සමෘද්ධි නියාමක වරයෙකුද වේ. ඉකුත් 01
වැනි දින රාත්රීයේ මෙම වැටලීම සිදු කර ඇත. අත්අංඩංගුවට ගන්නා ලද කේරල
ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 86 ක් පමණ වන බව පොලීසිය කියයි.
ත්රී
රෝද රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරන බවට කල්පිටිය පොලීසියේ බුද්ධි
අංශයේ නිළධාරීන්ට තොරතුරක් ලැබී ඇත.ඒ අනුව කල්පිටිය නගරයේදී සැකකටයුතු
ත්රී රෝද රථය නවතා පරීක්ෂා කරණ විට එහි තිබී කේරල ගංජා කිලෝ ග්රෑම් 02 ක්
පොලීසිය විසින් සොයා ගෙන ඇත.ත්රී රෝද රථයේ සිටි බව කියන සමෘද්ධි
නියමකවරයාව සහ ත්රී රෝද රථ රියදුරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩි
දුර ප්රශ්ණ කිරීම් සිදු කර ඇත.
එහිදී
අනාවරණය වීඇත්තේ කල්පිටිය කලපුවේ ලාම්පු දුව දුපතේ තවත් ගංජා තොගයක් සගවා
ඇති බවකි.ඒ අනුව පොලිස් කණ්ඩායමක් කල්පිටියේ සිට සැතපුම් 05 ක් පමණ දුරින්
කලපුවේ පිහිටි ලාම්පු දුව දුපතට ගොස් පරීක්ෂා කර ඇත.එම දුපතේ සගවා තිබු
තවත් කේරල ගංජා කිලෝ ග්රෑම් 46 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ
සමගම තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.
අත්අඩංගුවට
ගෙන ඇති සමෘද්ධි නියමකවරයා පුත්තලමේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කල්පිටිය
ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කර ඇත.සෙසු සැකකරුවන් දෙදෙනා
කල්පිටිය - පුදිකුඩිරිප්පුව ප්රදේශයේ පදිංචිකරුවන්ය.
ඉන්දියාවේ
සිට හොර රහසේ බෝට්ටු මගින් කේරල ගංජා කල්පිටියට ගෙනවිත් මේ ආකාරයට කල්පිටි
කලපුවේ ඇති දුපත් වල සගවා තබා පසුව විවිධ ක්රම මගින් පිට පළාත් වලට
ප්රවාහනය කිරීම් කාලය පටන් කරන්නටඇති බවට සැක කළ හැකි යැයිපොලීසිය කියයි.
මේ
ආකාරයට කල්පිටියේ සිට ලංගම බස් රථයකින් මන්නාරම දක්වා ගෙන යමින් තිබු ගංජා
ග්රෑම් 400 ක් සමග සැකකරුවෙකුව කල්පිටිය - නාරක්කල්ලිය පොලිස් මාර්ග
බාධකයේදී පසුගිය සතියේ පොලීසිය විසින් අත්ඩඅංගුවට ගෙන තිබුණි.
0 comments:
Post a Comment