ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරග
5කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආර්.ප්‍රේමදාස
ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට
බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.
ලකුණු 88 ජයග්‍රාහී ඉලක්කය හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ඉනිමේ
අවසන් පන්දුවේ දී ජයග්‍රහණය අත්කර ගත්තේය. එම පන්දුවේදී කොදෙව් පිලට තරගය
ජයගැනීම සඳහා ලකුණු 2ක් අවශ්‍යව තිබූ අතර නායිකා මිරිස්සා අගුලෙයිරා එල්ල කළ
හතරේ පහරකින් එය සම්පූර්ණ විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන පළමුවෙන් පන්දුවට
පහරදීමට තීරණය කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 87ක් රැස් කළාය. දෙරට
අතර දෙවන විස්සයි 20 තරග හෙට (3) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව-87/7 (ඕවර 20) ඒෂානි කෞෂල්‍යා 25, ඩිලානි මනෝදරා නොදැවී 17 (ශකිරා
සෙල්මන් 14/2)
කොදෙව්-90/8 (ඕවර 20) මිරිස්සා අගුලෙයිරා නොදැවී 34, ස්ටෙෆානි ටේලර් 25 (ඒෂානි
කෞෂල්‍යා 18/3)
.
0 comments:
Post a Comment