මාතලේ
නාවුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ රථවාහන අංශයේ නිලධාරියෙකුගේ
රාජකාරී ගිනිඅවිය හා උණ්ඩ අතුරුදන් වී ඇති බව වාර්තාවේ. (02) පස්වරු රාජකාරි අතුරතුර ඔහු ශරීරකෘත්‍ය සඳහා අසල විහාරස්ථානයකට ගොස් වැසිකිලියේ කවුලුව මත ගිනිඅවිය හා උණ්ඩ තබා සිය කාර්ය ඉටුකිරීමෙන් පසු ඔහුඉන් පිටව ගොස් ඇත්තේ ඒවා අමතක කොටය.
නැවත පැමිණ බලන විට එම ආයුධ අතුරුදහන්ව තිබූ බව වාර්තාවේ.
මේ පිළිබඳව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මූළිකත්වයෙන් පරික්ෂණයක් අරඹා තිබේ.
0 comments:
Post a Comment