ලොකු
ඉස්‌කෝලේ මහත්තයාලගේ ගෙදර තමයි ඉස්‌සර පාන් බෙදන්නේ.
එක්‌කෙනෙකුට දෙන්නේ පාන් කාලයි. පෝළිමේ ගිහින් තමයි පාන් කාල
ගන්නේ. සතියකට දවස් දෙකක් හරි තුනක් හරි තමයි ගමට පාන්
ගේන්නේ. ලොකු ඉස්‌කෝලේ මහත්තයා උදෙන්ම ඉස්‌කෝලෙට යන නිසා මමයි
නිහාල්, නන්දන, උදය යාළුවෝ ටික පාන් එනකන් ඉඳලා පානුත් අරගෙන
මගදිගට කකා තමයි ඉස්aකෝලෙට යන්නේ. ඒ හැම දවසකම වගේ ඉස්‌කෝලේ
පටන් අරගෙන. පරක්‌කු වුණේ ඇයි කියලා ඇහුවහම පාන් එන්න පරක්‌කු
වුණා කියලා බොරු කියලා පන්තියට දුවනවා...
ඉස්‌කෝලේ ජීවිතේනම් ඒ වගේ සුන්දර වූ මතකයන් පෙළක් සිහිකරන්න පුළුවන්. එතරම් රසබර වූ අතීත මතකයන් තමයි මගේ කුඩා කල තිබුණේ. මගේ නම සරත් කොතලාවල වුණාට ඉස්‌කෝලේ යාළුවෝ මට කතා කළේ සරා කියලා. අපි අතර තිබුණු තවත් පුරුද්දක් තමයි ඉස්‌කෝලේ ගිය හැම දවසකම වගේ දීපන්ගොඩ ඇළෙන් නාලා හවස තමයි ගෙදර එන්aනේ. හැබැයි හය පහුවෙන්න කලින් කොහොම හරි ගෙදර එනවා. මොකද හය පහුවුණොත් තාත්තාගෙන් ගුටි කන්න වෙන නිසා.
තාත්තා රස්‌සාවට කළේ රබර් ආශ්‍රිත ව්‍යාපාරයක්. අම්මා උදේට රබර් කිරි කපනවා. මට මතකයි අවුරුදු දහය වෙද්දි රබර් කිලෝ පනහ හැට පුට් සයිකලේ තියාගෙන හෝමාගම පිහිටි මාගම්මන අපේ ගමේ ඉඳලා කිලේ මීටර් හතරක් විතර එහා තියෙන කහතුඩුවට ගෙනියනවා. වැඩිමනක් උවමනාවෙන් බයිසිකලේ පැද්දේ තාත්තා දෙන රුපියල් පහ අරන් ඉස්‌කෝලේ යන දවසට කඩචෝරු කන්න.
මගේ කුඩා කාලේ බොහෝ විට ගතවුණේ රබර් වතු, කුඹුරු, පොල් වතු මැද්දේ. මට මතකයි රබර් ඇට එකතුකරලා කරත්ත හදනවා. මට ඉන්නේ අක්‌කා කෙනෙක් විතරයි. ඉස්‌කෝලේ චන්ඩියෙක් නොවුණට අක්‌කත් එක්‌ක උපරිම රණ්‌ඩු අල්ලනවා. දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය තමයි මගේ මුල්ම පාසල වුණේ. මට මතකයි ඉස්‌කෝලේ ගිය මුල්ම දවසේ හොඳටම ඇඬුවා. පස්‌වෙනි පන්තියෙදි බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයට මාරු වුණා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ඒ ඉස්‌කෝලෙන්. ඒ කාලේ උපරිමයෙන්ම ඉගෙනීමට තමයි යොමු වෙලා හිටියේ.
ගොයම් කපන කාලෙට අපිට පුදුම සතුටක් තිබුණේ. මඩවනවා, ඉපනැල්ලේ එල්ලේ ගහනවා. මට හොඳට මතකයි රබර් වත්තේ බඹ තුනක් විතර උස රබර් ගහක් තිබුණා. පුරුද්දට වගේ හැමදාම ඔය ගහේ නැගලා සෙල්ලම් කරනවා. දවසක් අත්තක් ගඩාගෙන බිමට වැටිලා හක්‌ක පැනලා බාප්පා කෙනෙක් තමයි වෙදකම් කරලා හක්‌ක දැම්මේ. මෑතක් වෙනකම් කට කට ගාන සද්දේ තිබුණා.
මේධානන්ද ඉස්‌කෝලෙට යද්දි හවස එනගමන් අවට තිබුණු වතු සුද්ද කරගෙන තමයි ගෙදර එන්නේ. හැමදාම වගේ වරකා නම් කරන්න ලැබෙනවා. ගෙදරට කොච්චර චණ්‌ඩි පාට් දැම්මත් ඉස්‌කෝලේදි මම හරි ලැඡ්ජයි. සිකුරාදට තමයි ඉස්‌කෝලේ සාහිත්‍ය රුස්‌වීම තියෙන්නේ. කවදාවත් කිසිම ඉදිරිපත් කිරීමක් කරන්නේ නැති නිසා මට හොරෙන් පන්ති භාර ගුරුතුමිය මගේ නම දාලා තිබුණා සිංදුවක් කියන්න. නම කිව්ව නිසා ස්‌ටේඡ් එකට උඩට නැගලා විනාඩි පහක් විතර ඇඹරි ඇඹරි ඉඳලා බලන් හිටපු හැමෝම හිනාවෙන නිසා බැහැලා ගියා. එදා ඉඳලා හැම සිකුරාදටම වගේ මම ස්‌කෝලේ ගියේ නැහැ. ඒ කට හරියන්න සඳුදට ගිහින් ගුටිකෑවා. ඒ තරම් සබකෝලයක් තිබුණු ළමයෙක් මම. නමුත් ක්‍රීඩාවට පොඩි කැමැත්තක් තිබුණා. උස පැනලා තමයි වැඩිම සහතික තිබුණේ.
සාමාන්‍ය පෙළ එක විෂයක් ඇරෙන්න අනෙක් විෂයන් හතම පාස්‌වුණ නිසා 1987 දී උසස් පෙළ කරන්න නුගේගොඩ සුභද්‍රරාම පිරිවෙනේ පටන් ගත්ත උදේ ඉස්‌කෝලෙට ගියා. වාණිජ විෂයන් තමයි මම තෝරගත්තේ. මට මතකයි ඉකෝන් ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන. පිරිවෙනේ තිබුණ උත්සවයකට එවකට අධ්‍යාපන ඇමැතිව හිටිය ආනන්ද තිස්‌ස අල්විස් මහතාට ආරාධනා කරලා තිබුණා. ලොකු උත්සවයක් නිසා උත්සවය තිබුණු දවසට කලින් දවසේ රෑ එළිවෙනකම් උසස් පෙළ පන්තිවල හිටිය ළමයි එකතුවෙලා තොරණක් ගැහුවා. පිරිවෙන් වත්තට ඉස්‌සරහා පොල් වත්තක් තිබුණේ. කොහොමහරි රෑ හොර පොල් කඩන්න ගිහින් ජීවිතේ පළවෙනි වතාවට පොලිසියට අහුවුණා. වාසනාවට පොඩි ළමයි වුණ නිසා අවවාද කරලා පොලීසියට යන්න කලින් අපිව මගදි බැස්‌සුවා.
පොඩි කාලේ ඉඳලම චිත්‍රපට බලන පිස්‌සුවක් තිබුණා. උසස් පෙළ පන්තිවල ඉන්න කාලෙදි යාළුවොත් එක්‌ක චිත්‍රපට බලන්න යනවා. ජෝ මහත්තයාගේ චිත්‍රපට නම් බලන්න අමතක කරන්නෙ නැහැ.
උසස් පෙළ විභාගෙ ලිව්වට විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු දෙකක් මදිවුණ නිසා ගෙදර ඉඳන් රස්‌සාවල් හොයපු කාලයක් මගේ ජීවිතේ තිබුණා. ඔය අතරේ පුද්ගලික ආයතනයක ඩිලවරි කරන රස්‌සාවක් ලැබුණා. සුදුසුකම් අනුව ඒ රස්‌සාව ලැබෙන එකක් නැතිවෙයි කියලා හත පාස් කියලා තමයි ඒ රස්‌සාවට ගියේ. ටික කාලයක් යද්දී මගේ ඇත්ත සුදුසුකම් ආයතනයෙන් දැනගෙන ස්‌ටෝ කීපර් කෙනෙක් හැටියට පත්කළා. අවුරුදු තුනක් ඒ රස්‌සාව කළා. ඔය අතරේ තමයි ගමේ පන්සලේ පුස්‌තකාලයක් හදන්න මුදල් හොයාගන්න නාට්‍යයක් හදලා පෙන්නමු කියලා ගමේ තරුණයෝ ටික එකතුවුණේ. අන්තිමේදි "යක්‌ෂාභි භවනය" කියලා නාට්‍යයක් අපි නිර්මාණය කරලා රඟදැක්‌වුවා. මමත් ඒ නාට්‍යයේ එක චරිතයක් කළා. නොකිව්වට මොකද රඟපාන්න පුංචි ආසාවක් ටික කාලෙක ඉඳලා හිතේ තිබුණට අවස්‌ථාවක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. අන්තිමේදි ඒ චරිතය ලැබීමත් එක්‌ක රංගනය ගැන හදාරන්න අසාවක් ඇතිවුණා. 1990 වෙනකම් තරුණ සේවා සභාව, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින් මෙහෙයවපු වැඩමුළු හොයාගෙන ගිහින් ඉගෙන ගත්තා.
ඒ අතරේ ආරංචියක් ලැබුණා ජයලාල් රෝහණයන්ගේ අලුත් වීදි නාටය කණ්‌ඩායමට සාමාජිකයන් බඳවා ගන්නවා කියලා. "දිරිය කැදල්ල" නමින් පටන්ගත්ත ඒ වීදි නාට්‍යය කණ්‌ඩායමට එකතුවෙලා අවුරුදු හයක් විතර මම වැඩ කළා. 1994 දී රාජ්‍ය කෙටි නාට්‍යය උළෙලට සම්බන්ධ වෙන්න ලැබුණා මලගම වේදිකා නාටය හරහා. එතැනදි මේ ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පිරිසක් මට හඳුනගන්න ලැබුණා. ඔය අතරේ රාජ්‍ය නාට්‍යය උළෙලට ඉදිරිපත් කරපු හේමන්ත ප්‍රසාද්ගේ වේදිකා නාට්‍යය තුළින් හොඳම නළුවා සම්මානය ජීවිතේ පළවෙනි වතාවට ලැබුණා. ඒ සමගම වගේ ෂෙල්ටන් පයාගල මහත්මා මුණගැහුණා. ඔහුගේ මගපෙන්වීම මතින් කලාව තුළ සියලු තතු ඉගෙන ගත්තා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ජයලත් මනෝරත්නයන්ගේ මිනිස්‌සු ඒකාංගික ටෙලිනාට්‍යය.
ඒ වෙනකොට කරපු හැම රස්‌සාවකින්ම අයින් වෙලා රංගනය මගේ වෘත්තිය කරගෙන තිබුණා. ඔය අතරේ තමයි 2002 අවුරුද්දේදි යෝජිත විවාහයක් මගින් පුෂ්පා සමන්ති මගේ බිරිඳ දැන ඇඳිනගෙන අපේ විවාහය සිද්ද වුණේ. අද අපිට දුවයි පුතුයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
ජීවිතේ ගැන සන්තෝෂයි. මේ විෂය තුළ අලුත් අලුත් දේ හොයමින් ආවේ. ඒ තූළ ඉගෙන ගෙන තියෙනවා සහ මගේ ජීවිතේ ටාගට් තියෙනවා. එහෙම කියලා කවුරුවත් තල්ලු කරගෙන ආපු ගමන් මට නැහැ. අද වෙනකම් කරපු හැම දෙයක්‌ම උපරිමයෙන් කළා කියලා හිතනවා.

0 comments:
Post a Comment