Photobucket

Sunday, November 4, 2012

ඖෂධිය ශාකයක් වන පොල්පල .........

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන ඝර්ම කලාපිය රටවලත් රුසියාව , ජර්මනිය අනි රටවලත් දක්නට ලැබේ. Aerva lanata යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වන පොල්පලා පොල්කුඩුපලා යනුවෙන්ද හැදින්වේ. දෙමළ බසට අනුව සිරුපුලෙයි , හේන්ගායිපු යනුවෙන්ද සංස්කෘත බසට අනුව අටිමබේද  යනුවෙන්ද හැදින්වේ. 
Aerva lanata
Aerva lanata
සෙ.මි. 60-75 අතර උසට වැඩෙන මේ ඖෂධිය පැලෑටියේ කදේ කෙලින් ඉහල නගින සේ බිම බැවුමේ කදේ බුව සහිත අතු රාශියක් වෙයි. පත්‍ර කුඩාය. පළල්ය . ඉලිප්සාකාර හැඩයක් ගනී. මල් කොළ  මිශ්‍ර සුදු පැහැයක් ගනී . කුඩාය. ද්වි ලිංගිකය. 

ඖෂධ වශයෙන් මුළු පැළෑටියම යොදා ගනී . මුත්‍ර රෝග සදහා කදිම ඔසුවකි. පොල්පලා පැලෑටිය ම තම්බා බීමෙන් මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර අඩස්සිය සුව වේ. අමු පොල්පලා , පලාවක් ලෙසත් මැල්ලුමක් ලෙසත් ආහාරයට ගත හැකිය. උදැසන ආහාරයට පොල්පල කැද  ගුණදායක මෙන්ම පෝෂ්‍යදායකය. දේශීය විද්‍යාවේ  මුත්‍ර ගල් දිය කර හැරීමේ හැකියාවක් පොල්පලා සතුව ඇතැයි පෙන්වා දේ. ගෙදර දොරේ පහසුවෙන් වග කර ගත හැකි පොල්පලා මල් පැළයක් ලෙස වග කිරීමද කල හැක.
gurugedara 
ගුරුගෙදර සමග ඔබත් එකතු වන්න .


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all