Photobucket

Friday, November 9, 2012

ළමා ලෝකය විනාශ නොකරමු !

ළමා දිනය යනු අප රටේ සැණකෙළි දිනයකි. එදින මෙලවකි. වෙළෙන්දන්, විවිධ ආයතන, තම නම ප්‍රසිද්ධ කර ගැනීමට  තරගයට ලෝක ළමා දිනය සැමරුහ. ලෝක ළමා දිනය සමරන අප රටේ දරුවන් සුරක්ෂිතද?

අනාගත පරපුර සුරක්ෂිත කිරීම පොදු වගකීමකි. එහෙත් දරුවන් ආරක්ෂා කිරීමට ඇති රාජ්‍ය ආයතන වන පරිවාස වල පවා දරුවන් අපයෝජනයට ලක්වන බව අප දනිමු.

දිනකට ළමා දුෂණ පිළිබද 6 ක් වාර්තා වන අතර මසකට ළමා අපචාර පිළිබද පැමිණිලි 120ක් පමණ වාර්තා වේ. නොයෙකුත් බලපෑම් මත වාර්තා වන්නේ සිද්ධීන් ඉතා අතලොස්සකි.
ළමා අපචාර වලට ප්‍රධාන හේතුව වන්නේ දෙමාපියන් පළමු පෙළ භාරකරුවන් වන ගතින් , දෙවන පෙළ භාරකරුවන් වන ගුරුවරුන් දරුවන් නොසලකා හරිම නිසා ඔවුන් අනාරක්ෂිත බවට පත් වීමයි.නෑදෑන් සහ ගුරුඅරුන් අතින් දරුවන් අපයෝජනයට ලක්වීමද බහුලව සිදුවේ. විදි දරුවන්, ළමා ශ්‍රමිකත්වය , ළමා ගණිකා වෘත්තිය ළමා හිංසනය සහ කුට්ඨනය කිරීම අප රටේ බහුලව සිදු වේ.



අද සමාජයේ ළමයා යනු හොද ඉල්ලුමක් ඇති වෙළද භාණ්ඩයකි. ලෝක ළමා දිනයේදී ළමයින් ඉතා හොද ප්‍රචාරණ මාධ්‍යයක් වූ අයුරු අප දුටුවෙමු. දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩා සහ විනෝදාංශ සදහාද අවස්ථාව ලබා දිය යුතු බව ළමා ප්‍රඝ්ප්තියේ සදහන්ව ඇත. එහෙත් දෙමාපියන් ඔවුනට දැඩි බලපෑම් කර ක්‍රීඩා සහ විනෝදාංශ ඔවුන්ට තහනම් කර ඔවුන් පොත පතට පමණක් සිමා කරයි.

දරුවන්ට වන ලිංගික අපයෝජනයන්ට වැඩ ඔවුන්ට මවුපියන්, නෑදෑයින් සහ ගුරුවරුන්ගෙන් වන මානසික සහ ශාරීරික අපයෝජනය වැඩිය. දරුවන්ගේ අද්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ විට ඔවුන් සමච්චලයට ලක් කරයි. මේවා දරුවන්ගේ පෞරුශත්වයට කරන දැඩි බලපෑමකි.

එසේම බීමත් පියාගේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන මව ඇයගේ පීඩනය දරුවන් හරහා පිට කරයි. එයින්ද දරුවන් හිංසනයට ලක්වේ. පවුලේ න්‍යෂ්ටිය එන මව විදේශ ගත වීමත් සමග පවුල් ඒකකය විසිරි යයි. ඒ සමගම දරුවන් අනාරක්ෂිත තත්වයකට පත් වී ඔවුන් විවිධ අපයෝජනයන්ට ගොදුරු වීමේ ප්‍රවනතාවක් අප රට තුල නිර්මාණය වී ඇත.
Children day

අතීතයේ තිබු ගුණ නැණ දෙකම පිරි අධ්‍යාපන ක්‍රමය වෙනුවට අද පවතින්නේ ගුණ අතහැර නැණ පමණක් දෙන අධ්‍යාපන ක්‍රමයකි. අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති අප රටේ දරුවන් හැදුවේ ඉතා වගකීමෙනි. අද සිගිත්තන් මිත්තනියන් ලග හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ තබා ම පියන් දෙදෙනාම රැකියාවට යති. 

දරුවන්ට මාපිය සෙනෙහස අහිමි වේ. ළමා දුෂණය, අපයෝජන, කෘරත්වයට පත් කිරීමට සහ ගෘහස්ත හිංසනය වැළැක්වීමට වරින් අර සංශෝධනය වූ ඉතා ශක්තිමත් නීති පද්ධතියක් ඇත. ලෝක ළමා දිනය හෙටත් ලාබෙට විකිනෙනු ඇත. එහෙත් මේ විගඩම් , කෝලම් නවත්වා දරුවන්ගේ ලෝකය තනිය යුතුය . නැතහොත් ඔවුන් වැඩිහිටියන් වී අපට දරුණු ලෙස ප්‍රති උත්තර අනාගතයේදී ලබා දෙවි.
ලංකාදීප පුවත්පත ඇසුරිනි
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all