Photobucket

Tuesday, December 11, 2012

වෙ‍ලේ සුදා සමග සබඳතා පැවැත්වූ කොස්තාපල් රිමාන්ඩ්

රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'වෙ‍ලේ් සුදා' සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකුව අත්අඩංගුවට ගත් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කඩුවෙල අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත. 

එම ‍පොලිස් කොස්තාපල්වරයා ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේම සේවය කරන ඇති නිලධාරියෙකි. මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙ‍ලේ සුදාගෙන් මුදල් සහ ත්‍යාග ලබාගනිමින් ඔහුට එරෙහිව කළ ‍පොලිස් මෙහෙයුම්වල තොරතුරු පවා මෙම නිලධාරියා වෙ‍ලේසුදාට ලබාදී ඇතැයි ‍පොලීසිය සැකකරයි. වෙළේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සඳහන් කෝටි ගණනක දේපළ පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම්කොට ඇත.

ඉන්දියාවට පලාගොස් සිටින වෙ‍ලේ සුදා එරට රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව ‍පොලීසිය කියයි. එම ජාවාරම ගැන විමර්ශන පැවැත්වීමේදී ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ ‍පොලිස් කොස්තාපල්වරයා ගැන තොරතුරු හෙළි වී තිබෙන බව සඳහන්ය. ඒ අනුව එම නිලධාරියාව මෙයට සතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
 
ගයාන් කුමාර වීරසිංහ
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all