Photobucket

Tuesday, December 11, 2012

සම්බන්ධන්ගේ ප්‍රකාශයට කොටි ඩයස්‍පෝරාවේ විරෝධය

එල්.ටී.ටී.ඊ. ය මානව හිමිකම්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකළ නිසා විනාශ වූවායැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව ජාත්‍යන්තර කොටි සංවිධාන විරෝධය පළ කිරීමට පටන්ගෙන ඇත. 

සිංහල රජයට එරෙහි ජාත්‍යන්තර බලපෑම් මර්දනය කිරීමට මෙම ප්‍රකාශය හේතුවක් වනු ඇතැයි සඳහන් කරමින් සෙයිදි වෙබ් අඩවිය ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී වෙබ් අඩවි කිහිපයක් ආර්. සම්බන්ධන් මහතාට විරෝධය පළකරමින් විවිධ ප්‍රවෘත්ති පළකර තිබේ. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධව ආර්. සම්බන්ධන් මහතාගේ මෙම ප්‍රකාශය හෙළා දකින බව අදාළ කොටි හිතවාදී වෙබ් අඩවි සඳහන් කර ඇත. 

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ විවාදයකට එක්වෙමින් ඉකුත් 7දා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා මෙම ප්‍රකාශය කර ඇති අතර, ඔහුගේ මිතුරන් පවා එල්.ටී.ටී.ඊ.ය ඝාතනය කළ බවද සඳහන් කර තිබේ. මෙයට අමතවර එල්.ටී.ටී.ඊ.ය ඉවර කළ පමණින් දෙමළ ජකතාවගේ ගැටලු ඉවත් නොවන බවද ආර්. සම්බන්ධන් මහතා එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
 
රමේෂ් වරල්‍ලේගම
 ලක්බිම ඇසුරින් පලකරන ලදී
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all