Photobucket

Tuesday, December 11, 2012

භික්ෂුන්ට තුවාල වීම ගැන මියන්මාරය සමාව යදී

චීනයේ සහායෙන් ක්‍රියාත්මක තඹ ආකරයකට එරෙහිව පැවැති ජන රැලියක් මර්දනය කිරීමේදි භික්ෂුන් වහන්සේට තුවාල සිදුවීම සම්බන්ධයෙන් මියන්මාර රජය නායක භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා ඇති බව රාජ්‍ය මාධ්‍යය පසුගියදා වාර්තා කළේය.

උතුරු මියන්මාරයේ මොනිවා ආකරය අසලදි ඇතිවූ මේ සිද්ධියේදී භික්ෂුන් වහන්සේලා 99 නමක් හා තවත් 11 දෙනකු දරුණු පිළිස්සුම් තුවාල හා වෙනත් තුවාල ලැබීම සම්බන්ධයෙන් රජය දැඩි සේ කනගාටුවට පත් වන බව ආගමික කටයුතු ඇමැති මයින්ට් මෝන් පවසා ඇත. 

එය මේ තුවාල සිදුවිම් සම්බන්ධයෙන් නැඟී ඇති ජනතා කෝපය සමනය කිරිමට දරන ලද ප්‍රයත්නයක් ලෙස සැලකේ.

නායක හිමිවරුන් සහභාගි වූ උත්සවයකදි , තුවාල ලත් භික්ෂුන් හා සාමනේර වහන්සේලා සම්බන්ධයෙන් සමා වන ලෙස ඔහු ඉල්ලා තිබුණේ බලධාරින්ගේ අකාර්යක්ෂමතාව ගැන දෝෂාරෝපණය කරමිනි.

එහෙත් මර්දන ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු සමාවක් ඉල්ලා නොතිබුණු අතර උද්ඝෝෂණ රැලිය දේශපාලන අරමුණු පෙරදැරි කරගත්තක් බව පවසා තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all