Photobucket

Tuesday, December 11, 2012

මාතලේ ඇට සැකිලි 53ක්,තවමත් නිගමනයක් නෑ

මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහල් භූමියේ සමූහ මිනී වලෙන් ( 11 ) දහවල් වනවිට මිනිස් ඇටසැකිලි කොටස් ඇති බවට සැලකෙන ස්ථාන 53 ක් සොයා ගෙන තිබේ. අද ( 11 ) දවසේද ඇටසැකිලි සෙවීමේ කැණිම් කළ අතර සමූහ මිනී වලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක පරීක්‍ෂණයක් සදහා කොළඹ සිට පැමිණි කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලූ කණ්ඩායම 11 දා අලූයම වනවිට ද පරීක්‍ෂණ පවත්වා කොළඹ බලා පිටත්ව ගොස් ඇති බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි. 

මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහලේ කසළ කළමනාකරණ ඒකකයේ නව ජීව වායු ඒකකය ඉදි කිරීමට කැණීමක් කරමින් තිබියදී 26 දා උදේ මෙම සමූහ මිණි වල සොයා ගැනීමට හැකිවූ අතර දිරාපත්වූ මිනිස් ඇට සැකිලි රැුසක ඇටකටු දක්නට හැකිවූ බැවින් සමූහ මිනී වල පිළිබදව වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා විසින් පොලිසියට කළ පැමිණිල්ල අනුව ස්ථානීය පරීක්‍ෂාවක් කළ මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත‍්‍රාත් මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝගය අනුව කැණීම් සිදු වෙමින් තිබේ. ඇටකටු සහිතව සමූහ මිනී වලෙන් ගොඩට ගත් පස් කදු 09,10 දිනවල සුදුගගට ගෙන ගොස් දත් වැනි ඇට කැබලි සෙවීම කළ බවත් අධිකරණ නියෝගය අනුව කැණිම් කටයුතු නොකඩවා නොනවත්වා කරන බවත් කැණිම් කටයුතු භාර අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා 11 දා උදේ ලක්බිමට පැවසීය. 

ඇටසැකිලිවල සංඛ්‍යාත්මක අගය හෝ මෙම සිරුරු මිහිදන් කළ කාලවකවානුව පිළිබදව හෝ මෙතෙක් නිශ්චිත නිගමනයකට එළඹ නැති බව පැවසූ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා විධිමත් විද්‍යාත්මක පරීක්‍ෂණයකට පෙර එවැනි අනාවැකි පළ කිරීම අනුමත කළ නොහැකි බවද කීය. උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙම සමූහ මිනී වල සම්බන්ධයෙන් ලක්බිම වගකීමෙන් පුවත් පළ කළ බවත් ඇතැම් මාධ්‍ය මගින් පළ කරන සාවද්‍ය පුවත් ගැටලූ සහගත බවයි.

හේවා පී . කරුණාරත්න - මාතලේ
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all