Photobucket

Tuesday, December 11, 2012

ඇ‍ෆ්ගනිස්තානයේ දී පැහැර ගත් දොස්තර බේරා ගැනෙති

නැඟෙනහිර ඇ‍ෆ්ගනිස්තානයේ දී පැහැරගෙන යනු ලැබූ අමෙරිකා වෛද්‍යවරයකු බේරා ගැනී මට අමෙරිකා සෙබළුන් පෙරේදා සමත්වු බව නේටෝ හමුදාවෙන් ප්‍රකාශ කරයි. 

මෙහිදි ඔවුන් තලේබාන් සටන්කාමින් 7 දෙනකු ඝාතනය කර ඇති අතර අමෙරිකානු විශේෂ බළකායේ කොමාන්ඩෝ භටයකු ද ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ බේරා ගැනීමේ මෙහෙයුම පවත්වා ඇත්තේ පෙරේදා අලුයම් කාලයට පෙරාතුවය.

දිලිප් ජෝශප් නම් මේ වෛද්‍යවරයාගේ ජීවිතයට ක්ෂණිකව ම අනතුරක් වීමේ හෝ ඔහුට තුවාල සිදු කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම මෙහෙයුම දියත් කරන ලද බව නේටෝ අන්තර්ජාතික ආරක්ෂක සහායක බළකාය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

තලේබාන් සටන්කාමින් විසින් මේ වෛද්‍යවරයා පැහැර ගෙන යන ලද්දේ දෙසැම්බර් 5 දා කාබුල් පළාතේ සුරෝබි දිස්ත්‍රික්කයේදිය.

ඇෆ්ගනිස්තානයේ සායන ‍පැවැත්වීමේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සමඟ ඔහුගේ ඇෆ්ගන් සගයකු ද පැහැරගෙන ගොස් තිබුණු නමුදු පසුගියදා කප්පම් මුදලක් ගෙවීමෙන් පසු මුදා හැර තිබිණ. ඔවුන් පැහැරගෙන ගොස් තිබුණේ සායනයක් නැරඹීමට යාමේදීය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all