Photobucket

Tuesday, December 11, 2012

ගලිගමුව ඉන්ධන පිරවුම් හලෙන් ලක්‍ෂ 4 1 / 2 ක් කොල්ල කාලා

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලකට ඊයේ (10) අලුයම 2ට පමණ පැමිණි සොරුන් දෙදෙනෙකු විසින් එහි මුදල් සේප්පුවේ තිබූ රුපියල් හාරලක්‍ෂ හැත්තෑ හතර දහසක මුදලක් (474000/-) මංකොල්ල කා පලාගොස් තිබේ.

මේ තෙල් පිරවුම්හල ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පවත්වාගෙන යන්නකි. මෙයට පෙර අවස්ථා දෙකකදී මුදල් සොරකම් සිදුවූ අතර 2010 වසරේ ජුනි මාසයේ පොම්පකරුවකු කපාකොට ඝාතනය කර ද තිබුණි. මුදල් සේප්පුව තබා තිබූ කාමරයේ ජනේලය ගලවා ඇතුළු වූ සොරුන් නිදා සිටි සේවකයින් දෙදෙනාට පහරදී දෑත් පිටුපසට කර බැඳ දමා මේ සොරකම කර ඇත.

‘ගලිගමුව නගරයේ ඇති මේ ඉන්ධන පිරවුම්හලට නිසි ආරක්ෂාවක් නැති බව වසර ගණනක සිට ගලිගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළද අද තුන්වන වතාවටත් ලොකුම හොරකම සිදුවුණද අද වන තෙක් නිසි ආරක්ෂාවක් නොලැබී ඇති බව‘ ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති වජිර ප්‍රභාත් ජයසූරිය මහතා දිනමිණට කීය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all