අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ කිවුලේකඩ වැවේ
බැම්ම අඩි සියයක් පමණ ඊයේ (27) සවස කැඩී ගියේය.
මෙවර අධික වර්ෂාව නිසා කැඩී බිඳී ගිය පළමු වැනි වැව මෙය වේ. මේ හේතුවෙන් වැව යටතේ
ඇති නිවාස සහ කුඹුරු ජලයෙන් යටවී ඇත.
අක්කර අඩි හත් දහසක ජල ධාරිතාවකින් යුතු කුඹුරු අක්කර දහසකට ආසන්න
ප්‍රමාණයක් මෙම වැව යටතේ වගා කෙරේ.
මේ වන විට කිවුලේකඩ වැව් බැම්මේ අඩි සියයක් පමණ ප්‍රමාණයක් කැඩී ගොස් ඇති අතර,
බැම්ම සම්පූර්ණයෙන් කැඩී යාමට පෙර ඊයේ (27) උදේ එහි ගිය උතුරු මැද පළාත් ප්‍රධාන
ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා වැව නිරීක්ෂණය කෙළේය. වාරිමාර්ග
දෙපාර්තමේන්තුව, යුද හමුදාව හා ජනතාව එක් වී වැලිකොට්ට අතුරා වැව් බැම්ම
ආරක්ෂා කැර ගැනීමට පියවර ගනිමින් සිටිති. මේ සඳහා තවත් යුද හමුදා සෙබළුන් යොදවා
ගැනීමට කටයුතු යොදන ලෙස ප්‍රධාන ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිතුමාත්, වාරිමාර්ග හා ගොවිජන සේවා ඇමැතිවරුනුත් දැනුවත් කොට
කිවුලේකඩ වැව හැකි ඉක්මණින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය
ප්‍රතිපාදන ලබා ගැනීමට අදහස් කරන බව ප්‍රධාන ඇමැතිවරයා කියයි.
කැඩී ගිය වැව හේතුවෙන් අවතැන් වන ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන තෙක්
සහන සැලසීමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ප්‍රධාන ඇමැතිවරයා දිනමිණ ට
පැවැසීය. මේ වැව 2011 වසරේ පෙබරවාරියේ දී කැඩී ගිය අතර, ඒ සඳහා ඇමැති එස්. එම්.
චන්ද්‍රස්න මහතා කරන ලද ඉල්ලීම මත ආණ්ඩුව මඟින් රුපියල් කෝටි දහයක් පමණ මුදලක්
වැය කොට නවීකරණය කරන ලදී.
0 comments:
Post a Comment