ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්
කිරීමට තමා ගත් තීරණයේ නිවැරැදිභාවය තව දුරටත් සනාථ කරමින් ඔස්ට්‍රේලියාව
සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයට එය කිසිදු ආකාරයක බාධාවක් නොවන බව ශ්‍රී
ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කියා සිටියි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මහේල කියා සිටියේ තමා මීට පෙර ක්‍රිකට්
ආයතනය වෙත යැවූ පෞද්ගලික ලිපිය පිළිබඳ තොරතුරු මාධ්‍යයට අනාවරණය වීමෙන්
ක්‍රිකට් ආයතනය සම්බන්ධව තිබූ විශ්වාසය පළුදු වූ බවය.
කෙසේවුවත් මහේලගේ මේ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය සමග ඔහු ඇතිකරගත් ගිවිසුමට
අනුකූල නොවන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ සම්බන්ධව මෙල්බර්න් ටෙස්ට් තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා
ක්‍රිකට් නායකයා පැවැසුවේ එම සිදුවීම ටෙස්ට් තරගයට බලාපාන්නේ නැති බවය.
'ක්‍රිකට් ආයතනය සමග මෙවැනි දෙයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මම කළ වැරැද්ද
කුමක්දැයි අවංකවම මම දන්නේ නෑ. මගේ ලිපිය ප්‍රසිද්ධියට පත්කළේ ඔවුනුයි. මම
කළේ එහෙම වුණේ ඇයි කියා ඔවුන්ගෙන් විමසීම විතරයි.
කොහොමවුනත් මම වැරැද්දක්
නොකළ බව ඔවුන්ට අවබෝධ වුනාට පස්සේ මම හිතනවා මේ ගැටලුව ඉක්මනින්ම අපිට
විසඳගන්න පුළුවන් වේවි කියලා. මේ මොහොතේ මගේ අවධානය යොමුවන්නේ ටෙස්ට්
තරගමාලාව කෙරෙහියි.
මේ සංචාරයේ දී කණ්ඩායමට මගේ උපරිම සේවය ලබාදීම ගැනයි මම හිතන්නේ.' මහේල
පැවසීය.
0 comments:
Post a Comment