දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍ර ධේනුවක පැටවුන් දෙදෙනකු
පසුගිය 24දා ප්‍රසූත කළාය.
ශ්‍රී ලංකා – චීන සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ චීනයේ ෂියැං - සියැං සෆාරි
උද්‍යානයෙන් 2009 වර්ෂයේ මේ සුදු ව්‍යාඝ්‍ර යුවළ දෙහිවල සත්වෝද්‍යානය වෙත
රැගෙන එනු ලැබූ අතර මීට මාස කිහිපයකට පෙර ව්‍යාඝ්‍ර ධේනුව පැටවුන් තිදෙනකු
බිහිකලද වගකිව යුතු සත්වෝද්‍යාන බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන්
ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මිය ගොස් තිබුණි.
කෙසේ වූවද අලුත උපන් සුදු ව්‍යාඝ්‍ර පැටවුන් සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්
පසුවන බවත්, සත්වෝද්‍යානයේ වගකිව යුතු සියලු අංශ එක්ව සාකච්ඡා කර ගත්
තීරණයන්ට අනුව මෙවර පැටවුන් රැකබලා ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවත්නා බව
සත්වෝද්‍යාන ආරංචිමාර්ග සඳහන් කරයි.
0 comments:
Post a Comment