පාප්තුමා නත්තල් දින පණිවුඩයෙන් කියයි
සිරියාවේ සිදුවන ලේ හැලීම් නවත්වන ලෙසත් අප්‍රිකාවේ සිදුවන ම්ලේච්ඡ
ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් 16 වන බෙනඩික් පාප්තුමා පෙරේදා ප්‍රකාශ කළේය.
සිය සම්ප්‍රදායික නත්තල් දින පණිවුඩයේදී මෙබව ප්‍රකාශ කළ පාප්තුමා එහිදි ලොව
පවත්නා වෙනත් ගැටුම් කෙරේද අවධානය යොමුකළේය.
'නගරයට හා ලෝකයට 'යනුවෙන් 85
හැවිරිදි පාප්තුමා නිකුත්පණිවුඩය ශ්‍රවණය කිරිමට 40000 කට වැඩි බැතිමතුන්
පිරිසක් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රොක්ව සිටියහ.
ශාන්ත පීතර
බැසිලිකාවේ සඳළුතලයේ සිට පැවැත් වූ කතාවේදි නයිජීරියාවේ සිදුවන ත්‍රස්ත
ම්ලේච්ඡ ක්‍රියා නිසා විශේෂයෙන්ම ක්‍රිස්තියානින් වින්දිතයන් බවට පත්වන බව
කියා සිටියේය.
මේ දේශනය පවත්වද්දීත් නයිජිරියාවේ ක්‍රිස්තියානින්ට එරෙහිව
සිදුකළ දරුණු ප්‍රහාරයක් ගැන ආරංචි ලැබෙමින් පැවතිණ.
මෙහිදි සිරියාවේ සාමය වෙනුවෙන් යාඥා කළ පාප්තුමා එහි ලේ හැලීම් නවත්වන ලෙසත්
දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා පවත්වන ලෙසත් ඉල්ලා සිටියේය. තවද මැද පෙරදිග
සාම ප්‍රයත්නය කඩිනම් කළ යුතු බව පැවසූ පාප්තුමා චින නව නායකත්වයෙන් ආගමික
නිදහසට ගරුකරන ලෙස ඉල්ලා තිබිණ.
0 comments:
Post a Comment