Photobucket

Tuesday, December 11, 2012

සිවිල් ආරක්ෂක එල්ලය නිසා ලකෂ ගානක කොල්ලය වරදී

රුපියල් 2,88,672 ක මුදලක් කොල්ලකා පලා යාමට ගත් උත්සාහයක් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ මැදිහත්වීම නිසා වැළකී ගිය පුවතක් කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ. කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් හාල්දඬුවනදී ඉකුත් 10 වැනි දින දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ල‍ය සිදුකිරීමට කොල්ලකරුවන් උත්සහ කර ඇත. 

දංකොටුව -බුබුල ප්‍රදේශයේ පවත්වාගෙන යන මසුන් සකස් කර විදේශ ගත කරන කර්මාන්ත ශාලාවක පුද්ගලින ආරක්ෂක අංශයක සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා අදාල නිළධාරීන් බස් රථයකින් පැමිණ ඇත.ආරක්ෂක නිළධාරීන්ට වැටුප් ගෙවීමෙන් පසුව ඉතිරි මුදල්ද සමගින් අදාල නිළධාරීන් පිටත්ව පැමිණ බස් රථයක් පැමිනෙන තුරු හාල්දඬුවන මංසන්ධියට පැමිණ ඇත.

මෙම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මුදල් සහිත බෑගය කොල්ලකා පලා යාමට උත්සහ කර ඇත.එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති සිවිල් ආරක්ෂක කමිටුවට අනුබන්ධිත ත්‍රී රෝද රථ රියදුරන් එම ස්ථානයට ක්ෂණිකව කඩා වැදී එක් කොල්ලකරුවෙකුව අත් අඩංගුවට ගෙන ඇත.යතුරු පැදියේ සිටි කොල්ලකරු පලා ගොස් ඇත.

පසුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ අත්අඩංගුවට පත් සැකකරු කොල්ල කෑ මුදල් බෑගයද සමග කොස්වත්ත පොලීසියට බාර දී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි නාවුක හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු බවට පොලීසිය තහවුරු කරගෙන ඇත‍.යතුරු පැදිය පැදවූ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්වත්ත පොලීසිය පරීක්ෂණ කරගෙන යයි.

හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී චන්ද්‍ර කුමාර රණසිංහ,හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වීරසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඕෂිත සිල්වා,පොලිස් පරීක්ෂක ජයමහ උප පොලිස් පරීක්ෂක ජයනාත යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all